Sunday, October 31, 2010

ගොවිතැන් සදහා කරණ

        අපේ හිතවත් ගොවි මහත්වරුන්ට නිතර නිතර මුහුණදෙන්න වෙන ගැටළුවක් තමයි තමන්ගේ ගොවිතැන් වගාවන්ට සතුන්ගෙන් කරදර හානි සිදුවීම.
ඌරන් මීයන්,හරක් එළුවන් කුරුල්ලන් මෙන්ම අලි ඇතුන් වැනි සතුන්ගෙන් බෝග වගාවන්ට හානි සිදුවන බවත් කොපමණ වැට කඩොලු බැන්දත් එම සතුන්ගෙන් තමන්ගේ වගාවන්ට සිදුවන කරදර නවත්වන්න බැහැයි කියල තමයි ගොවියන් නිතර මැසිවිළි නගන්නේ.සතුන්ගෙන් තම වගාව ආරක්‍ෂා කර ගැනීමට පැරැණ්නන් භාවිතා කල ක්‍රමයක් ගැන තමයි අද බ්ලොග් එකට ලියන්න හිතුවේ. මේකට කියන්නේ ගොවිතැන් සදහා සුදුසු කරණ කියල මෙම කරණ සුදුසු අයුරින් යොදාගෙන වගාවේ වැට බැදීම,පැළ සිටුවීම,බීජ වැපිරීම සිදු කිරීමෙන් වගාව සතුන්ගෙන් ආරක්‍ෂාවන බව සදහන්වේ.ඔයාලත් ගොවිතැන් කරන අයනම් එහෙම නැත්නම් ගොවිතැන් කරන ඔයාලගේ හිතවත්,ඥාතීන්වත් මේ ගැන දැනුවත් කරන්න. අනිවාර්යෙන්ම සාර්ථක ප්‍රතිඵල ලැබේවි.මෙම කරණ භාවිතා කරන්නට පෙර ඒ ගැන දැක්වෙන විස්තරත් කියවන්න.



  * දිවි කරණය හා සිංහ කරණය පවතින දිනවල ගොවිතැන් වැඩ  ආරම්භ කලොත් වගාව හරක්,ඌරන් වැනි සිවුපා සතුන්ගෙන් ආරක්‍ෂාවේ.ඌරු කරණයෙන් සිදුකරන වගාවන්ට ඌරන්ගෙන් කරදර පැමිනෙන නමුත් ඌරු කරණයෙන් සිටුවන අල ජාති ඉතා විශාලව හැදෙන නිසා ඔබ ප්‍රදේශයේ ඌරු කරදර නැත්නම් ඌරු කරණයෙන් අල සිටුවීම යෝග්‍යවේ.
  *  ගජ කරණයෙන් කරන ගොවිතැන් අලිඇතුන්ගෙන් විනාශවේ.
   පහත රූපය ක්ලික් කරන්න.

3 comments:

gatawaraya said...

me karana thiyena kalayan dana ganne kohomada

jhothishalanka said...

@gatawaraya
මේ ලේඛනයේ තියෙන විදියට එදාට තියෙන තියෙන තිථිය අනුව කරනය හොයා ගන්න පුළුවන්
උදා පුර පසලොස්වක සිංහ කරණය
අමාවක ඌරු කරණය

තිථිය දැනගන්නනම් ලිත බලන්න ඕන.පසලොස්වක දවසේ ඉදලා ගැනගෙන දැනගන්නත් පළුවන්.
කරණය තියෙන කාලය එම තිථිය ඇති කාලයමයි.

wickramasingha18 said...

mata danaganna ona uma jothisaya gena

Related Posts Plugin for WordPress, Blogger...