Sunday, December 5, 2010

2012 World end (2012 ලෝක විනාශය)

  2012 දෙසැම්බර් 21 දිනය ගැන සදහන් කරන විටම සෑම දෙනාටම සිහිවෙන්නේ ලෝක විනාශයයි.සිනමා පට අන්තර්ජාලය හා වෙනත් ජනමාධ්‍ය ඔස්සේ පසුගිය කාලයේ විශාල වශයෙන් ප්‍රචාරය වූ මෙම 2012 ලෝක විනාශය සිද්ධිය මේ වනවිට යල්පැනගිය තත්ත්වයකට පත්වී තිබේ.ලියන්න තියා කථා කරන්නවත් වටින්නැති මෝඩ මාතෘකාවක් හැටියට තමයි බොහෝ දෙනා මෙයට ප්‍රතිචාර දක්වන්නේ.
ජ්‍යොතිෂය සම්බන්ධ මෙම බ්ලොගයට හරවත් ලිපි ලිවීමේ අරමුණින් මාතෘකාවන් සොයන අතරතුරේදී මෙම 2012 දෙසැම්බර් 21 සිද්ධිය හදිසියේම කල්පනාවට ආවේ දැනට සති කීපයකට පෙරදීය.ඉතින් ලෝක විනාසේ ගැන ලියන්න කලින් ඒ ගැන විස්තර කරුණු කාරණා හොදින් දැනගෙන එපැයි ලියන්න.නැත්නම් නොදන්න දේවල් ගැන එහෙන් මෙහෙන් උඩින් පල්ලෙන් දැනගෙන ලියන්න කියන්න ගියොත් පල් වෙන්න තමයි වෙන්නේ.එහෙම හිතලා මමත් අන්තර්ජාලයෙන් තොරතුරු ටිකක් හොයන්න ගූගල් හරහා පොඩි සර්ච් පාරක් දැම්මා.2012 ලියන්න 2ඉලක්කම ඔබලා අත ගන්න කොටම ආපු ලිස්ට් එකේ දෙවැනියට තියෙනවා "2012 world end"   කියලා ඒ ඔස්සේ ගිහින් බැලුවා.ම්......ලින්ක්ස් ගොඩක් තියෙනවනේ,ලෝක විනාසේ ගැන ලේඛන,පින්තූර,වීඩියෝ ක්ලිප් දහස්ගනනක් තිබෙනවා.කොතනින් පටන් ගන්නද කියලා හිතන්න බැහැ.කෝමත් එකයි කියලා මුලින්ම තිබුනු ඒවයින් දෙක තුනකට ගිහින් බැලුවා.ඉංග්‍රීසි කියවීමේ සාමාන්‍ය දැනුමක් තිබුනත් එම ලිපි ලේඛන වල සිද්ධාන්ත කරුනු ඉතාමත් හොදින් වටහා ගැනීමට මගේ ඉංග්‍රීසි ප්‍රමානවත් මදි විය.කියවා තේරුම් ගත් ලිපි කීපයෙන් මනසට ඇතුල්වූ අලුත් දැනුම් කරුණුද විවිධාකාරයෙන් කරණම් පිණුම් ගසමින් මනස තුල යකා නටන්නට විය...............
               "අන්තර්ජාලය=පඹගාල" කවුදෝ කොතැනකදෝ මෙය ලියා තිබුණා මතකය.මෙය නම් කටේ මසුරං දැමිය යුතු අපූරු කියමණකි.අන්තර්ජාලය හරහා ලෝක විනාශය ගැන විස්තර සොයන්නට ගිය මාහට මෙම අර්ථයට සැබැවින්ම මුහුණ දීමට සිදුවිය.අන්තර්ජාලය නැමැති පඹගාලේ පැටලී දින කීපයක්ම ගත කිරීමට මාහට සිදුවිය.වැඩේ අල්ලා දැමිය යුතුයැයි සිතුණු නමුත් අවසානයේ ලෝක විනාශය ගැන සිංහල ලිපි අන්තර්ජාලයෙන්ම සෙවීමට උත්සුක විය.ලෝක විනාශය ගැන සිංහල ලිපි ලේඛනද සිය ගනනක් විය.විහිළු කොලොප්පන් උපහාස අපහාස කිරීමට, වෙළඳ අවශ්‍යතාවන් සපුරා ගැනීමට හා වෙනත් විවිධාකාරවූ බාල අරමුණු ආතල් ලබා ගැනීමට ලියූ ලිපි අතරට හරබර කාලීන වැදගත් බුද්ධි ගෝචරවූ වටිනා ලිපිද විය.එවැනි වැදගත් ලිපි 30ක් පමණ දෙපාරක් තුන්පාරක්ම කියවා බැලූවෙමි.සිංහල බ්ලොග් වල සටහන්වූ හා පුවත්පත් වල පලවී තිබූ එම ලිපි වලින් විශාල දැනුමක් ලබා ගත්තෙමි. ගූගල් හා සස්රූත, සින්ඩිකේටර සිංහල ගවේශක ජාල මේ සදහා උදවු විය.  අනුන්ගේ ලිපි සබැදියකින් තොරව තම නිර්මානසේ දක්වා අපකීර්තියට පත්  sinhalamag.com අඩවියද අක්‍රිය කොට තිබීම පාඩුවක් විය.2012 දෙසැම්බරා 21 සිද්ධිය ගැන ලියවුනු වටිනා ලේඛන කිහිපයක් එම ලිපි දැක්වුණු අඩවිවල සබැදි ඔස්සේම මෙම ලිපියේ අවසන දක්වා ඇත.මෙම ඔබ මීට පෙර කියවා තිබිය හැක.කියවා නැති ඒවාද තිබිය හැක.2012 දෙසැම්බර් 21 සංසිද්ධිය පිළිබදව ජ්‍යොතිෂ හා තාරකා විද්‍යාත්මක විග්‍රහ ලිපියක් මේ දිනවල සම්පාදනය කෙරෙමින් සිටී.ඉදිරියේදී එය මෙම බ්ලොගය හරහා ඉදිරිපත් කරමි.මාගේ ලිපියට ප්‍රාරම්භයක් ලෙස දැක්වූ මෙම සටහන ඔස්සේ දක්වා ඇති වෙනත් අයගේ ලිපි කියවා අදාල දැනුම වැඩි දියුණු කර ගන්න.මගේ බ්ලොගය හරහා එම ලිපි දැක්වීමේදී එම ලිපිවල බුද්ධි දේපල අයිතිය සුරැකෙන අයුරින් ඉදිරිපත්කර ඇත.ඔවුන්ගෙන් ලිඛිත අවසරයක් නොගෙන ලිපි පළ කිරීම සම්බන්ධව සමාව අයදිමි.එම ලිපි වල අඩංගු කරුණු වටහා ගැනීමට සංක්ෂිප්තයක් ලෙස මා විසින් කෙටි සටහනක් පහත ඉදිරිපත් කර ඇත.එය හුදෙක් පාඨකයන්ට ලිපිවල අඩංගු කරුණු වටහා ගැනීමට ලියන ලද්දකි.එය මාගේ ඉදිරි ලිපියේ දැක්වීමට අදහස් කර ඇති කරුණු ලෙස වැරදියට වටහා නොගත යුතුය.


     * 2012 ලෝක විනාශය අපේ ඔළු ගෙඩිවලට ඇතුල් වුනේ කොහොමද?කවදාද?
     * මෑත කාලයේ සිදුවිය හැකි ලෝක විනාශය පිළිබදව උනන්දු වීමට හා උනන්දු නොවීමට අපව පොලොඹවන ප්‍රධාන කරුණු මොනවාද?
     *2012 විනාශය ගැන අනාවැකි පලකලෝ කවුරුන්ද?
     *මායා ශිෂ්ථාචරය කුමක්ද?එය තිබුනේ කොහේද?එහි ආරම්භය,අවසානය සිදුවූයේ කෙලෙසද?එහි ස්වර්ණමය යුගය කුමක්ද?මායා වැසියන් සතු විශේෂත්ව මොනවාද?
     * පාකල් වෝල්ටන් හා නොත්‍රදාමුස් යනු කවුරුන්ද?
     * මායා වරුන් භාවිතා කළ කැලැන්ඩර
           (1) වර්තමාන ජෝර්ජියානු කැළැන්ඩරයට සමාන දින 365 කැළැන්ඩරය
           (2) ආගමික උත්සව හා බැදුනු දින 260 කැළැන්ඩරය
           (3) පෘථිවිය,සූරයයා හා ක්‍ෂිරපථ කේන්ද්‍රය යන ත්‍රිත්වය අතර පිහිටීම සම්බන්ධ කළ 2012 සංසිද්ධියට බලපෑම ඇති කරන කැළැන්ඩරය.
           (මෙම තුන්වන කැළැන්ඩරයට පාදක වූ සිද්ධාන්තයන් සියුම්ව සෑලකීමේදී පෘථිවියේ භ්‍රමන හා පරිභ්‍රමන අක්‍ෂ,කක්‍ෂ පිළිබදවත් චන්ද්‍ර ගමන පිළිබදවත් පෘථිවියේ භ්‍රමන හා පරිභ්‍රමන අක්‍ෂවල,කක්‍ෂවල පූර්වායනය හා එම පූර්වායන ආවර්ත කාලයන් කැළන්ඩරයේ කාළ වකවාණු වලට සම්බන්ධ කොට ඇති අයුරුත් නවින තාරකා විද්‍යා නියම අනුව එම පූර්වායන ආවර්ත කාලයන් සදහා ලැබෙන අගයන් සමග සැසදීමේදී  මායා වරුන්ගේ සාස්තීය දැනුම විශ්මිතය.අදාල තාරකා විද්‍යා ගනනය කිරීම ඇල්බට් අයින්ස්ටයින්  විසින් ප්‍රථමයෙන්ම නිවැරදිව ඉදිරිපත් කලේ 20 වන සියවසේ මුල් භාගයේදීය.
    (පූර්වායනය පිළිබද වැටහීමක්- පොලොවේ ලක්‍ෂයක් මත භ්‍රමනය වන බඹරයක් භ්‍රමනය අවසන් වන විට එහි භ්‍රමන අක්‍ෂය කේතුවක් අයුරින් වෙනස්වේ.පෘථිවියද මෙලෙස තම භ්‍රමන දිශාවට විරුද්ධ දිශාවට තම අක්‍ෂය වෙනස් වන(කේතුවක) පූර්වායන චලිතයක යෙදේ කේතුව සම්පූර්ණ වීමට එනම් වටයක් සම්පූර්ණ කිරීමට ගතවන කාලය පූර්වායනයේ ආවර්ත කාලයයි.)


       පෘථිවි අක්‍ෂයේ පූර්වායන ආවර්ත කාලය තාරකා විද්‍යා දත්ත අනුව වසර 26000කි.
       මායා වරුන්ද පෘථිවියට වසර 26000 ක යුග කාල පරාසයක් දක්වා ඇති අතර එය වසර 5125 කොටස් පහකට බෙදා ඇති අතර එම වසර 5125 කාලයද සදුගේ ගමන අනුව වසර 394 කින් සමන්විත බක්ටූන් 13කට බෙදා ඇත.
     ක්‍රි.පූ.3144 අගෝස්තු 01 සිට ක්‍රි.ව. 2012 දෙසැම්බර් 21 දක්වා ඇති වසර 5125 කාලය මායාවරුන්ගේ එක් යුග කාලයක් අවසන්වේ බොහෝ දෙනා බයවී ඇත්තේ මෙයටයි.පසුකාලීනව අනාවැකි පලකළ පාකල් වෝල්ටන් වැන්නවුන් මිස මායාවරුන් 2012 දෙසැම්බර් 21 ලෝක විනාශයක් වේයැයි දක්වා නැතැයි සදහන්ය.


       * පලවී ඇති අනාවැකිය හා පසුකාලීනව ඉදිරිපත් වී ඇති කරුනු අනුව 2011 දෙසැම්බර් 21 දින පෙ.ව.11.11 වේලාවට පෘථිවිය,සූරයයා හා ක්‍ෂිරපථ කේන්ද්‍රය එකම සරල රේඛාවක පිහිටයි.එම මොහොතේදී සිදුවිය හැකියැයි අනුමාන කරන ව්‍යසන හා වෙනත් සංසිද්ධි මොනවාද?.
         (1)පෘථිවි අක්‍ෂය ක්‍ෂණික භ්‍රමනයක් වී චුම්භක ධ්‍රැව වෙනස් වීම හා ඒ සමගම චුම්භක ධ්‍රැව හා ඒවායේ ක්‍රියාකාරිත්වයෙන් එතෙක් කල් ක්‍රමානුකූලව සිදුවූ සූරය කිරණ වලින් ආරක්‍ෂාවීම වායුගෝලය රදා පැවතීම,සෘතු විපරයාස හා පෘථිවියේ විවිධ ස්ථාන වල දේශගුනික වෙනස්කම් එකවරම අවුල් වී පෘථිවිය විනාශවේ.
         (2)උත්තර හා දක්‍ෂිණ ධ්‍රැව වල අයිස් දියවී මහා ජලගැල්මක් ඇතිවී විනාශ වීම.
         (3)ක්‍ෂිරපථ මධ්‍යයේ ඇති විශාල කලු කුහරයක අධික ගුරුත්වාකර්ෂණයට පෘථිවිය හසුවී විනාශ වීම.
         (4)විශාල ඇස්ටොරයිඩයක් පෘථිවියට වැටී පෘථිවිය විනාශ වීම
         (5) භූමි කම්පා හා ගිණිකදු පිපිරීම විශාල වශයෙන් එකවර සිදුවී පෘථිවිය විනාශ වීම
         (6)ජීවින්ගේ ජීව විද්‍යාත්මක ක්‍රියාවන් වෙනස් වීම(අධ්‍යාත්මික ශක්තිය,ගැහැනුන් වඳ වීම)


     * 2012 සංසිද්ධියට තාරකා විද්‍යාඥයන් දක්වන අදහස් මොනවාද?


     * ලෝක විනාශය පිළිබඳව බුදුදහමේ හා වෙනත් ආගම් වල දැක්වෙන විස්තර මොනවාද?


     මෙන්න හොදම ලිපි ටික. 
           Balangoda ananda maittriya tero e book
           Budda Rashmi
                 www.srisongs.com
           Sisira Manchanayaka
           Thapovanaye sumedha himi
           Dasun sameera Weerasinghe         
           sellipiya.blogspot.com
           Hector padmasiri
           http://lyfstyleblog.blogspot.com
           Thissa Gunathilaka
           Thissa gunathilaka & M.W.K.Dharmaratne
           Mapalagama Wimalaratne

1 comment:

dinesh said...

කොහොමත් ඔයාගෙ සබැඳි ටිකනම් වැදගත්.නිවාඩුව බලන්න ඕනෙ.

Related Posts Plugin for WordPress, Blogger...