Thursday, April 7, 2011

2011 සංවත්සර පලාඵල

 මෙවර අළුත් අවුරුදු උදාව 2011 අප්‍රේල් 14 වැනි බ්‍රහස්පතින්දා ප.ව. 1.01 ට උදාවේ.මේ අසිරිමත් අවස්ථාවේ සදු හිමි කටක ලග්නයත් සිකුරු හිමි තුලා නවාංශකයත් මා නැකත හා එහි දෙවන පාදයත් යෙදී ඇත.

  මෙය වනාහී විශ්ණු විංසතියට අයත් බ්‍රහ්ම යුග පංචාබ්දයෙහි පස්වන ඉත්වත්සර භේද නාමධාරී "ශිව" දේවතාධිපති "ඛර" නම් සංවත්සරයවේ.රාජාධිපති රවිය.ගුරු මීන මේෂ රාශිවලද ශනි කන්‍යා තුලා රාශි වලද රාහු ධනු ,වෘශ්චික රාශිවලද කේතු මිථුන වෘෂභ රාශි වලද ගමන් කරන අතර ප්‍රධාන වශයෙන් සංවත්සර උදාවේ තත්කාලයත් සංවත්සරය තුල සෙසු ග්‍රහයන්ගේ ගමන් විලාශය හැසිරීම හා සිදුවන ග්‍රහණ ආදිය සලකා "ඛර" නම් සංවත්සරයේ සංවත්සර පලාඵල අප රටට හා ලෝකයට බලපාන අයුරුපහත දක්වා ඇත.
  සංවත්සරය ආරම්භ කාල සීමාවේ ලෝකය පුරාම ස්වභාවික විපත් අනතුරු බහුලවේ.මහජනයා අතර ලෙඩ රෝග අසමගිකම් අපරාධ වැඩිවේ.යුධ හමුදාවල හදිසි කැළඹිම් ඇති විය හැක.
   සංවත්සරය උදාවන විට ලංකා කුම්භ කේන්ද්‍රයේ ග්‍රහ පිහිටීම ලග්නයේ සිකුරු,නැප්චූන් දෙකේ කුජ,බුධ,ගුරු,යුරේනස් තුනේ රවි,පහේ කේතු, හතේ සදු,අටේ ශනි හා එකොලොස් වැන්නේ රාහු වේ.නව වසර ආරම්භයේදී පෘථිවියට වඩාත්ම බලපෑම් ඇති කරන සදු වඩාත් ලගින් පිහිටීමත් අප්‍රේල් 19 බුධ කුජ ග්‍රහයන් යුධ වැදීමත් ලංකා කුම්භ කේන්ද්‍රයේ ලග්නාධිපති ශනි වසර ආරම්භයේ අටවැන්නේ ගමනත් නිසා නොවැම්බර් දක්වා කාලය ලංකාවට වැඩි වශයෙන් අපලය.වසර ආරම්භයේදීම නොසිතූ විරූ ස්වභාවික විපත් කරදර බාධක වලට මුහුණ දීමට රට වැසියන්ට සිදුවනු ඇත.රාජ්‍ය විරෝධී ක්‍රියා කුමන්ත්‍රණ,උද්ඝෝෂණ ,විරෝධතා වරින් වර මතු වුවත් ඒවාට සාර්ථකව මුහුණ දීමට රජයට ශක්තිය ලැබේ.දේශපාලන පක්‍ෂ තුල ආරවුල් වැඩි වන අතර දේශපාලඥයන්ගේ පිල් මාරු කිරීම් වැඩි වසරකි.විශ්ව විද්‍යාල වල සිසු ගැටුම් ආරවුල් වෙනදාට වඩා අසන්න ලැබෙන කාලයකි.ආගමික ප්‍රබෝධය වැඩි වන අතර නව නිර්මාණ සොයා ගැනීම් ආදියට ශ්‍රි ලාංකිකයන් වැඩිපුර දායක වන වසරකි.
   සාමාන්‍ය ජනතාවගේ ආදයම් තත්වය පහල තත්ත්වයට වැටීම නොවැම්බර් දක්වාම ඇති අතර බඩු මිල වැඩි වීම් වරින් වර ඇති වන අතර බදු බර වැඩි වීමද ඇතිවේ.
  මහා මාර්ග ප්‍රවාහන කටයුතු වල පැහැදිලි දියුණුවක් දැකිය හැකි වසරකි.සංවර්ධන කටයුතු සැලකිය යුතු මට්ටමින් සිදු වුවත් වසර අගදී සංවර්ධන මුදල් යටිමඩි ගැසීම් ගැන තොරතුරු හෙළිවේ.සෞඛ්‍ය සේවාවේ දරුණු කඩා වැටීමක් පැහැදිලිව දැකිය හැකි අතර සෞඛ්‍ය සේවය ඉතා තදින් මුදලට විකිනීමක් දැකිය හැකි වසරකි.
   නව වසර උදාව ලග්න වලට බලපාන අන්දම ඉදිරියේදී සලකා බලමු.

2 comments:

හිස් අහස said...

මල කෙලියයි එහෙනම් මෙදාපාර අවුරුදු කාලා හමාරයි ...

jhothishalanka said...

@හිස් අහස
එච්චරම දරුණු නැහැ.

Related Posts Plugin for WordPress, Blogger...