ජ්‍යොතිෂය පිලිබඳ වැටහීමක් ඇති හා නැති සියළු ලාංකීය හා විදේශීය සිංහල ජනයා වෙනුවෙන් සකසන ලද මෙම බ්ලොග් අඩවියේ සැරිසැරීමට ඔබ සැමට සුහද ආරාධනා.

Thursday, April 14, 2011

හීතලයි මල්ලියේ මාවත් ඇතුලට ගනින්කෝ

  
  ******************************************************
හීතලයි මල්ලියේ මාවත් ඇතුලට ගනින්කෝ
   මේ සිද්ධිය උනේ කැම්පස් එකේ පළමු වසරෙදි විතර.අපි හිටියේ එලියකන්ද හොස්ටල් එකේ.පළමු වසර ගතවුනේ හරිම විනෝදයෙන්.හොස්ටල් එක තිබුනේ මුහුද ලගමයි.ඔය කියන දවස්වල හොර පාරෙන් ඉතාලි යන්න ගිය කට්ටියකගේ බෝට්ටුවක්  පෙරලිලා අනතුරකට ලක්වුනා.
එම අනතුරෙන් මියගිය දෙදෙනකුගේම මළසිරුරු ගොඩ ගැහුවේ අපි හිටිය හොස්ටල් එක ලගම මුහුදු වෙරලට.අපේ නාන කාමර වැසිකිළි පිහිටල තිබුනේ නිදන කාමර වලට එහාට වෙන්න මුහුද පැත්තේ.කන්ද පල්ලෙහා මුහුද . අපිත් එක්ක හිටිය යාළුවෙකුට ඔය සිද්ධිය වෙච්ච දවස්වල මහරැක එළි බහින්න උවමනා වෙලා හිමින් සැරේ ටොයිලට් තියෙන පැත්තට ගියාලු.මිනිහ ටිකක් බයෙන් බයෙන් තමයි ගිහිල්ල තියෙන්නේ.මුහුදු වෙරලට මිනී ගොඩ ගහල තියෙන හැටි බලන්නත් ගිය කෙනෙක් තමයි මේ.අපි හිටපු හොස්ටල් එකේ කොල්ලො හුගක් හිටිය.ඉතින් ඔය මොකෙක් හරි එකෙක් මොනව හරි වැඩකට ඇහැරිල ඉන්නවමයි.ඔහොම එදා ඇහැරිල හිටිය කොල්ලො සෙට් එකක් දැක්කා අර මුලින් කිව්ව යාළුවා ටොයිලට් පැත්තට යනවා.ඇහැරිල හිටිය කොල්ලො අතරෙ හිටියා ධනුෂ්ක කියල කොල්ලෙක් මේ ධනුෂ්ක අනිත් අයට ලනු දෙන්න කෝස් දෙන්න හරි සූරයා.ඉතින් මිනිහ අනිත් කොල්ලො කිහිප දෙනත් එක්ක (එදා ඇහැරිලා හිටිය කොල්ලො සෙට් එකේ මමත් හිටියා.ඒ හින්ද සිද්ධිය මමත් හොදට දැක්කා) අරූට නොපෙනෙන්න ගියා. දැන් එළි බහින්න ගිය එකා ඇතුලට ගිහින් දොර වහගෙන අදාළ කාර්යය කරනවා.ධනුෂ්ක හෙමිහිට ලගට ගිහින් දොරට තට්ටුවක් දාලා කටහඩ වෙනස් කරල ඇතුලෙ ඉන්න එකාට ඇහෙන්න හීන් හඩින් මෙන්න මෙහෙම කියනවා.
   " මල්ලී....ඔයා ඇතුලෙද මල්ලී..."
   "ඔව් අයියෙ ඔව් පොඩ්ඩක් ඉන්න.ඇයි බන් අයියෙ තව ටොයිලට් තියෙද්දි මේකටම රිංගන්න හදන්නේ."
   " අනේ මල්ලි.. අපිට හරි වැඩේනෙ මල්ලි වුනේ."
   "මොකක්ද මොකක්ද උනේ."
    " අනේ මල්ලි අපි මේ බෝට්ටුවක නැගල ඉතාලි යන්න හදනකොට බෝට්ටුව පෙරලුනානේ .මට හරි හීතලයි වගේ බන්.අනේ බං මල්ලියේ මාවත් ඕක ඇතුලට ගනින්කෝ "
  මම මෙතන මේක මෙහෙම ලිව්වට ඔය කතාව එතනදි වෙච්ච විදිය ඔයිට වඩා තාත්ත්විකයි.ඒක එහෙම කඩදාසි වලවත්  බ්ලොග් වලවත් ලියල පෙන්නන්න අමාරුයි.ඒ තරමටම ධනුෂ්කයා ඒක ලස්සනට කිව්වා.තරුණ වයසේ සරසවි සිසුවෙකුගෙ කටහඩට වඩා ඒ කටහඩ සමීපවූයේ ගම්මානෙක ඉන්න තලතුනා වයසෙ මිනිහෙක්ගෙ කටහඩට. මෙහෙම කියල ධනුෂ්කයා හෙමිහිට එතනින් අයින් වුනා.දැන් අපි හැමෝම පැත්තකට වෙලා හැංගිලා බලන් ඉන්නවා මොකද වෙන්නෙ කියලා.ඇතුලෙ ඉන්න එකා දැන් කලබලෙන් හෝදනවා ඇහෙනවා.ඔන්න එක පාරටම මේකා දොර ඇරගෙන විදුලි වේගයෙන් කාමර පැත්තට දිව්වා.අපිට හරි හිනා.ඒත් අපි ඒ වෙලාවෙම උගේ ගාවට ගිහින් ඒක කලේ අපියි කිව්වා.නැත්නම් මිනිහ එදා බයවෙච්ච හැටියට නූල් බදින්නත් වෙනවා.
  ******************************************************
  මල්වර ජ්‍යෙතිෂ පන්තිය
   කාලයක් තිබුනා "ජ්‍යොතිෂ පන්ති" රැල්ලක්.දැකල ඇතිනෙ ඔය පසුගිය කාලෙ පෝස්ටර් එහෙම ගහල හෙන ප්‍රචාරයක් දීල කරගෙන ගියේ.මේවට වැඩිපුර සහභාගි වෙන්නෙ තරුණ තරුණියන්ට වඩා ෆැන්ෂන් යන්න ආසන්න මැදි වයසෙ අයයි.ෆැන්ෂන් ගියාම අමතර ආදායමක් ලබා ගැනීමේ පර(ආ)ත්මාර්ථ කාමී සිතුවිල්ලෙන් යුතුව තමයි බොහෝ අය මේවට සහභාගි වෙන්නෙ.මේ ක්ලාස් කරන අයගෙන් බොහෝ දෙනා ඊට නුසුදුසු අය.පියසේන රතුවිතාන මහතා වගේ ටික දෙනෙක් විතරයි එම කටයුතු නිසියාකාරව කරන්නේ.ඇත්තටම ජ්‍යොතිෂය ගැන දැනුවත් අය එම ශාස්ත්‍රයට දක්වන්නේ ඉමහත් ගෞරවයක්.ඒක කොල්ලටයි බල්ලටයි හැමෝටම ලාබෙට දීල හෑල්ලුවට පත්වෙනවට කැමති නැහැ.ඒ අය තමන්ගෙ පරම්පරාවේ අයට විතරක් ශාස්ත්‍රීය දැනුම ලබා දුන්නේ ඒකයි.එහෙම වුනැයි කියල ජ්‍යොතිෂය ඉගෙනීම සුළු පිරිසකට පමනක් සීමා විය යුතු යැයි මා අදහස් කරන්නේ නැහැ.ජ්‍යොතිෂය ඉගෙන ගත යුත්තේ ඊට සුදුසු අයයි.මුදල් වලට කෑදර අයට මෙය සුදුසු නැහැ. 
    කතාව දිග්ගැස්සුනු නිසා කියන්න ගිය කතාව පිට පැන්නා.ඔය කලින් කිව්ව නුසුදුසු ජාතියේ කෙනෙක් ජ්‍යොතිෂ පන්තියක් කරගෙන යනවලු.මුලින් හිටි සෙනග ටික දිනක් යනකොට නැතිළු.අන්තිමට ඉතිරි උනේ ශිෂ්‍යයෝ හතරක් පහක් වගේ ගනනක්.ඒගොල්ලොත් ෆැන්ෂන් කාරයො ටිකක්.මෙයින් එක්කෙනෙක් දවසක් මට හම්භ වුනා ගමනක් යනකොට බස් එකකදි.එයා ආන්ඩුවේ ජොබ් එකක් කරල ෆෙන්ෂන් ගිය කෙනෙක්.එයානම් හොද කෙනෙක්.ඉතින් ආගිය විස්තර එහෙම කතා කරන ගමන් එයා ජ්‍යොතිෂ පන්තිය ගැනත් කිව්වා බලන කොට මිනිහ පන්තියට ගිහිල්ල එනගමන් තමයි මට හමුවෙලා තියෙන්නේ.අතේ ජ්‍යොතිෂ පන්තියේ පාඩම් වලට අදාළ පොත් පතුත් තිබුනා.අපි දෙන්නම හිටියෙ එක සීට්එකේ වාඩිවෙලා.මාත් ඉතින් එයින් එකක් බලන්න ඉල්ල ගත්තා.අප්පට සිරි ඒක නිකං ටියුට් එකක් වගේ.ඒක දැක්ක ගමන් මට මතක් වුනේ ඒ ලෙවල් කරන කාලේ බද්දෙවිතාන සර්ගෙ කෙමෙස්ට්‍රි ටියුෂන් ක්ලාස් එකේ සතියෙන් සතියට වගේ දෙන පොඩි ටියුට්.පිටකවරෙනම් මරු.ඔප කඩදාසියේ ,එතකොට පුස්කොළ පොතක් අතේ තියාගෙන පන්හිදකින් ලියන රැවුල වවාගත්තු ඉසිවරයෙකුත් රූපයක්.ඇතුලෙ තිබුනෙ පැය විනාඩි තත්පර ආශිත ගණිත සටහන් වගයක්.ජන්ම කේන්ද්‍රයක් සාදන කොට දක්වන ගණිත සටහන් වගේම තමයි.මම ඇහුවා."අද පාඩමෙන් ඉගැන්නුවෙ මොකක් ගැනද?"
  "ගෑනු ළමයෙක් වැඩිවිය පැමිනෙන දිනය ගැන කියන්න ගණිත ක්‍රමයක්" මිනිහ උත්තර දුන්නෙත් නොසතුටෙන් වගේ.
  "මොකක් කිව්වා මාමේ .ගෑනු ළමයෙක් වැඩිවිය පැමිනෙන දිනය කියන්න ගණිත ක්‍රමයක්"
 "ඔව් පුතේ මටත් පුදුම හිතුන.අද පන්තියේ ඒ ගැන ගණිත ක්‍රමයක් කියා දුන්නා.මට එච්චරම තේරුනේ නැහැ.ගෙදර ගිහින් බලන්න ඕන."
 " ඉතින් මාමේ ඔහොම ගණිත ක්‍රමයක් ගැන අපි අහලවත් නෑනේ." මම කිව්වේ එපමනකි.


  මල්වර පරික්‍ෂාවේදී මල්වර ඵල ඇසීමට පැමිනීම, ප්‍රශ්ණ තත්කාලය ,හෝරා තත්කාලය ආදියත් මල්වර තත්කාලය සම්බන්ධ සිද්ධාන්තත් සලකා බලා මල්වරය සිදුවූ ආකරය මල්වර ඵල කථනය පිළිබද සිද්ධාන්ත ජ්‍යොතිෂයේ දක්වා ඇත.එම සිද්ධාන්ත ක්‍රියාත්මක කරන්නේ හා කරවන්නේ මල්වරය සිදුවූ බව දැනගත් විට හෝ ඒ පිළිබදව සැකයක් මතුවූ විට ඒ ආසන්නවය.මල්වර යෝග ගැන සදහන් කර ඇත්තේද විවාහ යෝග මෙන් කාල වකවානුවක් මිස ස්ථිර දිනයක් ලෙස නොවේ.

 ******************************************************
 මහා සර්ව ජන වශී යන්ත්‍ර රාජයා 
      එක් දිනක් කොළඹ ප්‍රදේශයේ සිට ධනවත් ව්‍යාපාරිකයකු මා හමුවට පැමිණියේය.තාත්තා හදහන් වැඩ කරන කාලයේ සිටම ඔහු අප වෙත පැමිනේ.කේන්ද්‍රය පරීක්‍ෂා කිරීමෙන් පසු මා ඔහුට පැවසුවේ එතරම් තදබල ග්‍රහ අපල ඒ වන විට නැති බවයි.
   "මල්ලි බිස්නස් කරන අපි ලගට අනිත් අයව ලං කරගන්න සර්ව ජන වශී යන්ත්‍රවල බලයෙන් පුළුවන් කියල මම අහල තියෙනවා.බැරිද මටත් ඒ වගේ යන්ත්‍රයක් දාන්න හොද දන්න කෙනෙක්ව කියන්න."
    "මහත්තයට යන්ත්‍රයක් දාන්න තරම්ම ලොකු අපලයක් නැහැ.අනිත් එක දැන් ඉන්න යන්ත්‍ර දාන අයගෙන් ගොඩක් අය බොරු කාරයෝ.සමහර සෙත් කවි කාරයෝ ඉන්නවනේ නම අනුව එකම සෙත් කවිය දෙන.ඒ අය "නිමල්,කමල්,පියල්,විමල්" වගේ නම් තියෙන අයට එක සෙත් කවියක්, එතකොට "සිරිපාල,ජයපාල,යසපාල,.."වගේ නම් තියෙන පාලල හැමෝටම එක සෙත් කවියක් තව එතකොට "විමලාවතී,කමලාවතී,සිරියවතී.... " වගේ එක ස්වරූපය් නම් තියෙන කලින් හදා ගත්ත සෙත්කවි හැමෝටම දෙනවා.ගෙවල් ප්ලෑන් අදින අයත් එහෙමනේ ඒ අය කරන්නෙත් එකම ප්ලෑන් එක ඔය මොකක් හරි පොඩි වෙනසක් කරල කිහිප දෙනෙකුටම දෙනවා.බොරුවට මුලින් ගිහින් ඉඩම පරීක්‍ෂා කලාට ප්ලෑන් අදින්නේ එහෙම තමයි.යන්ත්‍ර කාරයොත් වැඩි දෙනා ඔය වගේ තමයි."
   මම කොච්චර කරුනු කිව්වත් මිනිහට ඕන කම තිබුනෙම යන්ත්‍රයක් දාන්නමයි.මම කිව්ව මම දන්න හොද කෙනෙක් නම් නැහැ කියලා.
  ව්‍යාපාරිකයා යන්න ගියා ටික කාලයකට පස්සෙ එයා වෙන වැඩකට ආපහු ආවා. මම ඇහුවා යන්තරේ දැම්මද කියලා.
     "ඔව් මල්ලි මගේ යාළුවෙක්ගෙ අදුරන මාර්ගයෙන් යන්ත්‍ර දාන කෙනෙක් ලව්ව යන්තරේ දැම්මා.මේ තියෙන්නේ ඒක(යන්ත්‍රය මට පෙන්වයි.).මේකෙන් ගුනයක් තියෙනවා."
    "කීයක් ගියාද?" මා ලියන වැඩක් කරන ගමන්ම ඇසීය.
    " රු 60000 ක් ගියා" මිනිහා ගානක් නැතිවම කීවේය.
    මාව උඩ ගොස් බිම වැටුණි.(එවැනි තත්ත්වයකට පත්විය)

   "ලැබුවා වූ අළුත් අවුරුද්ද ඔබ සැමට බලාපොරොත්තු සඵල වන සුභ   අළුත් අවුරුද්දක් වේවා."
******************************************************

20 comments:

  1. ඔය ධනුෂ්ක බොටනි ස්පෙෂල් එකක් කරපු නුවර ධනුෂ්ක ද?

    ReplyDelete
  2. දැන ගියොත් කතරගම නොදැන ගියොත් අතරමග!!!

    ඔබටත් සුභ අලුත් අවුරැද්දක් වේවා!!!!!

    ReplyDelete
  3. මම ජ්‍යොතිෂය විශ්වාස කරනවා.හෑබයි යන්තර දෑමීම වගේ දේවල් නම් කිසිසේත්ම විශ්වාස කරන්නේ නෑහෑ.හෑබයි ඉතින් මම ඒක හෙලා දකින්නෙත් නෑහෑ.

    මොකද අපි මෙහෙම හිතමුකෝ,යමෙක් තමාගේ දියුනුව වෑඩි වෙන්න කියා යන්තරයක් දෑම්මා කියා.මෙම යන්තරය දෑමීමෙන් ලෑබෙන මානසික උත්තේජනය නිසා ඔහුට වෑඩිපුර උනන්දුවක් ඈතිවිය හෑකියි.එය දියුනුවට හේතු වෙනවානේ.

    ඔබ ඉහත සදහන් කර තිබෙනවා විශ්‍රාම ගිය පිරිස් ජ්‍යොතිෂය හෑදෑරීමට පෙලබෙනවා කියා.එයට නම් මමත් එකග වෙනවා.
    නමුත් මෙහෙම කරුනක් තියෙනවා,බොහෝ දෙනෙක් තරුන ජ්‍යොතිෂයවිදීන් ලගට යාමට පෑකිලෙනවා.එයට හේතුව නම් ඔවුන් සිතන්නේ තරුන ජ්‍යොතිෂයවෙදීන්ට එතරම් දෑනුමක් නෑතයි කියා සිතීමයි.

    නමුත් පිලිගත් රෑකියවක් කොට විශ්‍රාම ගත් කෙනෙක් ජ්‍යොතිෂය කරනවිට සෙනග වෑල නොකෑඩී පෑමිනෙනවා.

    උදාහරණයක් ලෙස,දෑන් බෝහෝ විශ්‍රාමික විදුහල්පතිවරු ජ්‍යොතිෂයවේදීන් ලෙස කටයුතු කරනවා.එවිට ඔහුගේ වයස,කලින් කල රෑකියාව නිසා මිනිසුන් එවෑනි ජ්‍යොතිෂයවෙදීන් ලගට යනවා කියා යෑයි මගේ හෑගීම.

    ඈතම් විට මෙම විශ්‍රාමික අයට වඩා ජ්‍යොතිෂය ගෑන දෑනුමක් ඈති තරුණ ජ්‍යොතිෂයවේදීන් සිටිනවා.එනමුත් සාම්ප්‍රදායික ජනයා අතරේ ඔවුන්ට එතරම් පිලි ගෑනීමක් ලෑබෙන්නේ නෑහෑ..

    ReplyDelete
  4. @සොඳුරු සිත
    ඔව් ඔව් එයා තමයි.ඔයත් රුහුනෙද?

    ReplyDelete
  5. ආයෙත් අහල.. මාත් එහේ තමයි.. වත් පොතේ ඉන්නව ද ඔයා.

    ReplyDelete
  6. @සොඳුරු සිත
    මම මූනු පොතේ නැහැ.ඒ දවස්වල BBC කියල ෆිසිකල් කරපු කොල්ලෙක් හිටිය මතකද? අන්න එයා තමයි මම

    ReplyDelete
  7. අනේ මතක නැහැ නෙ...මම කළේ බයෝ... අනික මම උඩ කැන්ටින්.. හිහි මවුන්ටල් ල එහෙම තමයි ටිකක් හරි අදුරන්නෙ...

    බබී ගේ යාලුවො නිසයි ධනිෂ්ක වුනත් මතක.බබී, අනුෂා. දණ්ඩි, ඇපල්, එයාල එක්ක තමයි මම හිටියේ..

    හසන්ති (රත්නපුර) ... ඔයාව නම් යාලු මට මතක නැහැ. මොකද මම වැඩිය කැම්පස් ආපු ළමයෙක් නෙමෙයි. ධනිෂ්ක නම් ඉතින් අඳුරන්නෙ නැත්තෙ කවුද හිහි.

    කොහොම වුනත් ඔයාව බ්ලොග් අවකාශයේ දකින්න ලැබීම සතුටක්...

    ReplyDelete
  8. @සොඳුරු සිත
    ඔය කියන සෙට් එකම මම දන්නවා. ඔයාගෙ නමත් කියන්න

    ReplyDelete
  9. වෙලාවට තමයි යාළුවා හෝදගෙන ඉවර වෙලා දිවුවේ....

    ReplyDelete
  10. ෂා.... මරු කතා ටික. ඔයාටත් වාසනාවන්ත අළුත් අවුරුද්දක් වේවා....

    ReplyDelete
  11. Anonymous වෙන්න ඕන නෑ මට නම් මේ දේවල් ගැන කිසිම විස්වාශයක් නෑ... ඒත් මේ සමාජයේ ජීවත් වෙද්දි අපිට ඒවා මගාරින්න බැරි අවස්තා එනවා.. ඒ වෙලාවට වැඩිහිටියන්ට ඕන විදිහට ඒව කරගන්න දීල කරබාගෙන ඉන්නවා.. මට මේව කරන අයත් එක්ක අමනාපයක් නෑ..
    ඒත්...
    තුණුරුවනට වඩා උතුම් කිසිත් මට නැතේ..

    ReplyDelete
  12. ඉතින් යාළු... මම හසන්ති නෙමෙයි.. රත්නපුරේ මැණිකකුත් නෙමෙයි. මගේ බ්ලොගයේ මම ලියන දේවල් කියෙවුවට, කියවල විතරක් නෙමෙයි , අදහස් ලියල කමෙන්ටු ලීවටත් ස්තූතියි... කලකින් එකම කැම්පස් එකේ එකට ඉගෙන ගත්ත නමුත් නාඳුනනා කෙනෙක් හමු විම සතුටක්....

    ReplyDelete
  13. සොඳුරු සිතගේ නම: වත්සලා ;-)

    ReplyDelete
  14. මටත් ජ්‍යෝතිෂ්‍ය පන්තියකට යන්ඩ ඕනෙ.අර ලංකා පඤ්ඤාංග ලිත කරන සිසිර කුමාරගෙ පන්තිය කොහොමද දන්නේ නෑ නේද?

    ReplyDelete
  15. "ඇතුලෙ ඉන්න එකා දැන් කලබලෙන් හෝදනවා ඇහෙනවා.ඔන්න එක පාරටම මේකා දොර ඇරගෙන විදුලි වේගයෙන් කාමර පැත්තට දිව්වා"
    යාලුවට ඉබේම වැසිකිලියට ගිය අවශ්‍යතාවය කෙරෙන්න ඇති. ඒ නිසා තමයි විදුලි වේගයෙන්ම ගියේ.

    ReplyDelete
  16. Anonymous
    ඔය කියන ජ්‍යොතිෂ පන්තිය ගැන විස්තර කියන්න මම දන්නේ නැහැ.ඔයා ගිහින් ඇවිත් අපිටත් හොද නරක කියන්න

    ReplyDelete
  17. Sisira kumara is tution - he is not teaching nowadays only his daughter and some other fellow. Can't comment abt their quality as unaware abt it.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...