Tuesday, November 15, 2011

ඒකාවලී යෝගය හා එහි දොලොස් ආකාර මාලිකා යෝග, වීණා යෝගය

 ඒකාවලී යෝගය හා එහි දොලොස් ආකාර මාලිකා යෝග පිළිබදව ජ්යොතිෂ පුවත්පත් සඟරා ආදියෙහි විස්තර ලිපි කලින් කලට එලි දැක්වී ඇතත් ඒකාවලීයෝගය කේන්ද්රයක යෙදෙන ආකාරය පිළිබදවත් ඒකාවලී යෝගය හා වීණා යෝගය පටලවා වැරදි අර්ථ කථන දක්වා ඇති පොත්පත් ලේඛනද වර්තමානයේඑළිදැක්වී ඇත."කලියුගයේදී ජ්යොතිෂය මියයයි.නමුත් අන්ධව යළි ඉපදේයනුවෙන් බෘහත් පරාශරයේ දැක්වෙන පාඨය සිහිගන්වන මෙම වැරදි ලිපි ලේඛන වලඅයහපත් බලපෑමෙන් මතු ජ්යොතිෂ පරපුර බේරාගනු වස් "ඒකාවලී යෝගයයෝගය හා මාලිකා යෝග  පිළිබදවත් වීණා යෝගය පිළිබදවත් සවිස්තරයක් මෙමලිපියෙන් ලිවීමට සිතුවේ හතු පිපෙන්නාක් මෙන් එළිදැක්වෙන සිංහළ ජ්යොතිෂ පොත්පත්වල දැක්වෙන විස්තර ඔළුවට ගැනීමට ප්රථම පුරාණ පොත්පත්වල පිළිබදව දක්වා ඇති විස්තරද හොදින් විමර්ශනය කිරීම හා වැඩිහිටි ජ්යොතිෂ උගතුන්ගේ ගුරු හරුකම්ද ලැබිය යුතුය යන කරුණද මතක් කරමිනි.


                        ඒකාවලී යෝගය
    යෙදෙන ආකාරය -
                    එකපෙළට වූ අනුයාත රාශි හතක රාහු කේතු හැර අන් ප්රධාන ග්රහයන්(රවි,සදු.කුජ,බුධ,ගුරු,සිකුරු,ශනිහත් දෙනා එක් රාශියක එක් ග්රහයාබැගින තැන්පත් වීමයි.

     ඵල විපාක
           ඒකාවලී යෝගයේ පොදු ඵල විපාක ලෙස සතුරන් මැඩ ජය ලබයි.පාලනයට යෝග්යවේ.උත්සාහවන්ත කාර්යක්ෂම ගතිය ඇත.අන්අයට යටත් වීමටඅකමැතිය.කීර්තිය ගෞරවය ලබයි.උත්සාහයෙන් දියුණුව ලබා සුවපහසු දිවියක් ලැබීම දැක්විය හැකියිනමුත් ඒකාවලී යෝගයේ නියම ඵල විපාක විමසා බැලියයුත්තේ යෝගය යෙදෙන අනුයාත රාශි හත අනුව බෙදා ඇති දොළොස් ආකාර වූ මාලිකා යෝග අනුව ඵල විපාක විමසීමයි.
  1) ලග්න මාලිකා යෝගය
              ලග්නයේ සිට හත්වැන්න දක්වා එක් භාවයක එක් ග්රහයා බැගින් තැන්පත් වීමයි.බලවත් දේශාධිපතියකු හෝ පාලකයකු වන්නේය

  2) ධන මාලිකා යෝගය
              දෙවන භාවයේ සිට රාශි හතක පිළිවෙලින් ග්රහයන් තැන්පත් වීමයි.මහා ධනවතකුවේ.

  3) වික්රම මාලිකා යෝගය
              තුන් වැන්නේ සිට රාශි හතක පිළිවෙලින් තැන්පත් වීමයි.කීර්තිමත් තේජස් වික්රම ඇත්තෙක්වේ.

  4) ශුභ මාලිකා යෝගය
                සිව්වැන්නේ සිට රාශි හතක පිළිවෙලින් තැන්පත් වීමයි.අධික ලෙස සැප සම්පත් විඳින්නාවූ දේශයේ මෙන්ම විදේශයේද ධනය වස්තු ඇත්තකු වේ.

  5) පුත් මාලිකා යෝගය
              පස් වැන්නේ සිට රාශි හතක පිළිවෙලින් තැන්පත් වීමයි.උතුම් පුත් සම්පත් ඇත්තකු වේ.ඉගෙනීමෙහි සූරවේදරුවන්ගෙන් සැප සම්පත් විදීමේ භාග්ලබයි.

  6) ශතෘ මාලිකා යෝගය
         සයවැන්නේ සිට රාශි හතක පිළිවෙලින් තැන්පත් වීමයි.මාලිකා යෝගයන්ගෙන් අසුභ ඵල ඇති කරවන යෝගයකි.අතිශයින් දිළිදුව සැප සම්පත් අඩුවාසස්ථාන අහිමිවන යෝගයකි.ආහාර වලට කෑදර ගති ඇතැයි කියයි.

  7) කලත් මාලිකා යෝගය
          සත්වැන්නේ සිට රාශි හතක පිළිවෙලින් තැන්පත් වීමයි.උසස් යහපත් විවාහ සහකරු/සහකාරියක් හිමිවේ.විවාහයෙන් පසු සැප සම්පත් ලැබීම විඳීමතවතවත් වැඩිවේ.

  8) රන්ධ් මාලිකා
          අටවැන්නේ සිට රාශි හතක පිළිවෙලින් තැන්පත් වීමයි.මාලිකා යෝගය පිහිටන තවත් අසුභ ආකාරයකි.දුර්වලවූ හීන දීන ගති ඇති අයෙකු බව සදහන්ය.

 9) භාග් මාලිකා යෝගය
        නවවැන්නේ සිට රාශි හතක පිළිවෙලින් තැන්පත් වීමයි.ආගමික කටයුතු වලට නැඹුරු වූ විවිධ ධර්ම ශාස්ත් පිළිබදව දැනුම ඇත්තාවූ  ධාර්මික අයෙකි.

 10) කර්ම මාලිකා යෝගය
          දසවැන්නේ සිට රාශි හතක පිළිවෙලින් තැන්පත් වීමයි.යුක්තිගරුක නීති අංශ වලට සම්බන්ධ වූ යහපත් පුර වැසියෙකි.අන්යයන්ගේ ගෞරවයට ප්රාත්රවේ.

 11) ලාභ මාලිකා යෝගය
         එකොළොස්වැන්නේ සිට රාශි හතක පිළිවෙලින් තැන්පත් වීමයි.කුමාර දිවියක් හිමිය.ව්යාපාරවලට හොදයි.අන්සතු ධනය පවා හිමිවේ.රූමත් ලදුනගේසමාගමය ලබයි.යහපත් භාර්්යාවක්ද ලබයි.කාර්යක්ෂම දක් අයෙකි.

 12) ව්යාස මාලිකා යෝගය
          දොළොස්වැන්නේ සිට රාශි හතක පිළිවෙලින් තැන්පත් වීමයි.ඇතැම් පොත්පත් වල යහපත් යෝගයක් ලෙස දක්වා ඇත්තේ ලැබීමට හොද යෝගයක්බැවිනි.නමුත් ඒවා රදවාගැනීමට අසමත්ය.ධනය විනාශ කර ගනී.සල්ලාල ගති පිහිටයි.

   නාභස යෝග යටතේ සංඛ්යා යෝගයක් ලෙස දක්වා ඇති "වීණා යෝගයහා ඉහත දැක්වූ ඒකාවලී යෝගය දෙක බොහෝ දෙනා පටලවා ගනී.යෝගයන් දෙකඅතර වෙනස මෙතැනම දැක්වීමට සිතුවේ එබැවිනි.

    වීණා යෝගය
        රාහු කේතු හැර අන් ප්රධාන ග්රහයන් සත්දෙනා ඕනෑම රාශී හතක පිහිටීමයි.ඒකාවලී යෝගයෙන් මේ යෝගය වෙනස් වන්නේ ග්රහයන් එකපෙලට වූඅනුයාත රාශි හතක තිබීම මෙහිදී අවශ් නොවීමයි.එක පෙළට සිටියද යෙදේ. අනුව බලන කල ඒකාවලී යෝගය යෙදීමත් සමඟ වීණා යෝගයද අනිවාර්යෙන්යෙදෙන නමුත් වීණා යෝගය ඇති සෑම විටම ඒකාවලී යෝගය නොයෙදේ.

 වීණා යෝගයේ ඵල විපාක.
      තමාට හිතවත්වූ කල්යාන මිතුරන් ලබයි.කතාවෙහි දක් කලා හැකියාවන් ඇති අයෙකි.උගත් කමින් ප්රසිද්ධවේ.විවිධාකාර කටයුතු බොහොමයකට සමත්කම්දක්වයි.මිය ගියද නම රැදේ.

 * විශේෂ සටහන්
      ඒකාවලී යෝග හා වීණා යෝගය කේන්ද්රයක පිහිටන ආකාරය තෝරා ගැනීම හා ඵලාපල දැක්වීම විමසිල්ලෙන් කළ යුතුය.සුභ මෙන්ම අසුභ ප්රභේදඒකාවලී යෝගය බෙදා ඇති ප්රභේද හදුනාගෙන  ආකාරව කටයුතු කල යුතුමය.මෙම යෝගයන් ඉතා කලාතුරකින් යෙදෙන දුර්ලභ යෝගයන්ය.
  ලංකාවේ සිටි ප්රභල දේශපාලඥයකු වූ රන්ජන් විජේරත්න මහතාගේ ජන්ම කේන්ද්රයේ වීණා යෝගය පිහිටා ඇත.
   1931 අප්රේල් 4 දා රාත්රී (5 වෙනිදාට එළිවෙන) 2.30 

20 comments:

Chanaka Aruna Munasinghe said...

[[ එකපෙළට වූ අනුයාත රාශි හතක රාහු කේතු හැර අන් ප්‍රධාන ග්‍රහයන්(රවි,සදු.කුජ,බුධ,ගුරු,සිකුරු,ශනි) හත් දෙනා එක් රාශියක එක් ග්‍රහයාබැගින තැන්පත් වීමයි. ]]

ඒකාවලි යෝගයක් උදා විය හැක්කේ අවුරුදු කීයකට වතාවක්ද ?

jhothishalanka said...

@Chanaka Aruna Munasinghe
ඒකාවලී යෝගය උදාවීම ඉතා කලාතුරකින් සිදු වන දෙයක්.එය උදාවන කාල සීමාව ගැන නිශ්චිතව කිව නොහැකියි.( ආවර්තීය ලෙස උදාවන කාල සීමාවක් නැත.)

Chanaka Aruna Munasinghe said...

ඒකාවලි යෝගයක් උදා වූ අවස්ථාවක් (අතීතයේ හෝ අනාගතයේ) දිනය පෙන්විය හැකිද ?

jhothishalanka said...

හරි අමාරු ඒ වගොම බුද්ධි ඝෝචර ප්‍රශ්ණයක්.මට මේකට උත්තර දෙන්න තව ටිකක් කල් දෙන්න මම උදාහරණයක් දෙන්න බලන්නම්.ජගන්නාත මෘදුකාංගය ඇසුරින් උදාහරණ වෙලාවක් හොයා ගන්න පුළුවන් වේවි.

මුතු said...

මම දිනයක් හොයාගත්තා. ඒක හරිද බලන්න ඔබට බාරයි.
1878-06-20
මකර - ගුරු , රාහු
කුම්භ - චන්ද්‍ර
මීන - ශනි
මේෂ - ශුක්‍ර
වෘෂභ - බුධ
මිථුන - රවී
කටක - කුජ , කේතු

මුතු said...

රාහු කේතු එම ග්‍රහයන් සමගම සිටීම නිසා එය වැරදි ද නොදනිමි.

මුතු said...

එය වැරදි විය නොහැක. අනුයාත රාශි 7 ක් ගත් කල ඉන් එකක රාහු හෝ කේතු පිහිටීම අනිවාර්ය විය යුතුය.

jhothishalanka said...

1878 ජුනි 20 දවල් 10.00 වෙලාවට මම ගහලා බැලුවා. වැඩේ හරි. එක පෙලට ග්‍රහයෝ ටික(රාහු කේතු හැර) එක රාශියක එක ග්‍රහයා බැගින් රාශි හතක ඉන්නවා.මරේ මරු මේ වෙලාව ඉස්සරහට තිබුනනනම් මම නැකතකට ගන්නවා.මුතු කොහොමද මේ වෙලාව හොයා ගත්තේ..මෙන්න මකරෝ ප්‍රශ්නෙට උත්තරේ මුතූ දීලා.

Chanaka Aruna Munasinghe said...

@ මුතු

ස්තූතියි.

1. චන්ද්‍රයා මාරු වෙනතුරු ඔය යෝගය දවස් 2ක් වැනි කාලයක් පවතිනවා නේද ?

2. 1ට උත්තරේ ඔවුනම් ඒ දවස් දෙකේ මේ ලෝකේ ඉපදිච්ච හැම කෙනාටම ඒ යෝගයත් පිහිටනව නේද ?

මම හරිද ?

jhothishalanka said...

@Chanaka Aruna Munasinghe
ජගන්නාත හොරා මෘදුකාංගය අනුව 1878 ජුනි 19 වෙනිදා හවස 6.30 සිට ජුනි 22 වෙනිදා උදේ 6.30 දක්වා කාලය තුල උපදින සෑම අයකුටම වාගේ ඒකාවලී යෝගය පිහිටනවා තමයි.(මිනිස්සු,බල්ලෝ,පූසෝ...සත්තු හැමෝටම හික්..)අපරාදේ මකරා ඒ දවස්වල උපන්නනම් ඒකාවලී යෝගය තියෙන පූසෙක් හොයා ගන්නත් තිබුනා නේද? මේ ටික මම කිව්වේ ජ්‍යොතිෂ සිද්ධාන්ත උපහාසයට ලක් කරන්න නෙවෙයි.චානක අහල තියෙන දේ විමර්ශණශීලි බව පෙන්වන්න.අර කිව්වා වගේ මේ දවස් කීපයේ ලෝකයේ සිදුවුනු විශේෂ සිදුවීම් මොනවාද කියල හොයන්න වටිනවා.

jhothishalanka said...

එම දවස්වල උපදින අයගේ ලග්න අනුව ඒකාවලී යෝගය දොලොස් ආකාරය යෙදෙන නිසා ඒකාවලී යෝගයේ විවිධ ආකාර යෙදීම ගැනත් හිතන්න ඕන.කොහොමද ඒ දවස්වල ඉපදුනු ධන මාලිකා යෝගය තියෙන කට්ටිය ගැන හිතන්න.යෝගය ගැන දන්න අය හිටියනම් ඒ වගේ අයව උස්සලා ගෙදර ගෙනිහින් තියාගන්නත් ඉඩ තිබුනා.

මුතු said...

1920.01.14 දින පෙරවරු 10.00 ට විතර ඒකාවලි යෝගය යෙදිලා තියනවා නේද?

jhothishalanka said...

@මුතු
1920 ජනවාරි 14 වෙනිදා උදේ 10.28 ත් 12.30ත් අතර පැය දෙකයි විනාඩි දෙක තුල ඒකාවලී යෝගයක් තියෙනවා.මටනම් හරි පුදුමයි ඔයා මේ වෙලාවන් කියන්නේ කොහොමද කියලා.

මුතු said...

1978.04.22 දින පස්වරු 03.00 ට විතර

jhothishalanka said...

මුතූ.. චානක ප්‍රශ්නේ අහලා තියෙන්නේ ඔයාගෙන් ඒකටත් උත්තර දෙන්න.

jhothishalanka said...

@මුතූ..
ඒ වෙලාවත් හරි(1978.04.22 දින පස්වරු 03.00 ට විතර ).මේක හරියට උත්තරේ ආදේශ කරලා විචල්‍යයට අගය ගන්නවා වගේනේ.බලන්න මුතූ ඉස්සරහට ඒකාවලී යෝගය යෙදෙන දින කීපයකුත්

මුතු said...

ඒකටත් උත්සහයක් ගන්නම් අදහසක් අවොත්. මට ජ්‍යෝතිෂ ගැන ලොකු දැනුමක් නෑ.
මම පොඩි කපටි වැඩක් කලේ. ඒකාවලි යෝගය google වලින් search කලාම ආපු මේ link එකේ
( Be Your Own Astrologer Ascendant - Libra - Google Books Result
books.google.lk/books?isbn=8128808389... )
ඒ යෝගය යෙදෙන්න පුළුවන් කියල දැක්කම හිතෙන හදහන් වල දින අරගෙන
Horoscope Explorer software එකේ Visual Transits වල Run කරලා බලාගෙන හිටියා.

මුතු said...

මගේ අරමුණ වූයේ ලේඛකයාට කාලය ඉතුරු කර දීම පමණි.
නමුත් ඒ ගැන සෙවීමේදී මට ඇති වූ ගැටලුව නම් ඒ දිනයන් මම ලබාගත් ආසන්න දිනවල ලෝක ප්‍රසිද්ධ පුද්ගලයන් බිහි වී ඇතත් නියමාකාරයෙන් ඒකාවලි යෝගය යෙදී ඇති දින වලදී එවැන්නන් බිහි වී නැතිද යන්නයි. එම ගැටලුව ලේඛකයා වෙත ඉදිරිපත් කරමි.

මුතු said...

ලබාගත් දින 3 සලකා වසර 100කට වරක් ඒකාවලී යෝගය උදා වන්නේ යයි අනුමාන කර 2020 වසර ආසන්න කාලය බැලූ විට 2019.02.25 දින පෙරවරු 10.00 ට ආසන්නව එම යෝගය යෙදේ. මෙය නිවැරදි දැයි සොයා බලනු මැනවි.

JIJJIE(ජිජ්ජී) said...

nabasa yoga yatathe ena arkruthi yogayak vana "KUUTA" yogaya dakva aththe,4vannen patan ganena yabadha baava sathehi ena 4,5,6,7,8,9,10 siyalu grahayin thanpath weemai. ehi prathipala nam pawata bara,anun rawatana boru kiyana arthmarathakami pudagala lakshana athi wiemai.namuth ema yogayama enam "SUKA MALIKA" yogayada 4 vannen patan gena yabada baava 7hi grahyin pihitiemen pana nagie yay pawasai, namuth ehi vipaka nam DHARMISHTA<DHANAVATH<MANA CHARITHAWATH pahath kriya pilikul karana lakshana athi wiemai. meya 100% viriddha adahasak athi karana nisa mee pilibadhawa thavaduratath vimarshanaya kara obage adhahas danwanna.

Related Posts Plugin for WordPress, Blogger...