Friday, March 29, 2013

විවාහය අතරමඟ බිඳ දමන යෝග හා බහු විවාහ යෝග

 විවාහ දිවිය අතරමඟදී බිඳ දමන හා විවාහ කීපයක් (බහු විවාහ) සිදු කරවන ජන්ම කේන්ද්‍රෙය් පිහිටා ඇති යෝග පිළිබඳව ජ්‍යොතිෂ පොත්පත්වල සඳහන්ය මෙවැනි යෝග කේන්ද්‍රවල පිහිටන ආකාරයත් ඒවා බල පැවැත්වෙන ආකාරය,යෝගයේ දෝෂ භංග වන ආකාරයත් ජ්‍යොත්ෂ මූල ග්‍රන්ථවල විස්තරාත්මකව සඳහන්ව ඇත.මෙවැනි යෝග පිහිටා ඇති කේන්ද්‍ර දුටු පමනින් ජන්මියාට ඒ පිළිබඳව දැන්වීමට පෙර හොදින් පරීක්ෂා කල යුතුය.ස්වාමි පුරුෂයා හෝ භාර්්‍යාවගේ උපන් කේන්ද්‍ර ග්‍රහ පිහිටීම අනුවද මෙම දෝෂ යෝග භංග වන අවස්ථා ඇත.එමෙන්ම මෙම දෝෂ ඉස්මතු වන කාලසීමාවන් ගැනද අවබෝධයක් වැටහීමක් ඇතිව ප්‍රකාශ කිරීමටද ජ්‍යොතිෂවේදියා  ප්‍රෙව්ශම් විය යුතුය.

 
 විවාහය අතරමඟ බිඳ දමන යෝග හා බහු විවාහ යෝග
    * හත් වැන්නේ පාප ග්‍රහයන් තිදෙනෙකුට වැඩියෙන් සිටීම බහු විවාහ යෝගයකි.
    * හත්වැන්න හා අටවැන්න අධිපති ග්‍රහයන් යෝග වීම හෝ පරිවර්තනය වීම විවාහය ප්‍රමාද කරවන යෝගයකි.හත් වැන්නේ පාපීන් සමඟ සිටින විට මෙය පළමු විවාහය බිඳ දැමීමට තරම් නරක්වේ.
   * පාප ග්‍රහයන් හතේ හෝ අටේ සංයෝගව සිටියදී අඟහරු(කුජ) 12 වැන්නේ සිටීම පළමු විවාහය වැඩි කාලයක් නොපවතී.මෙලෙස පිහිටි අඟහරු සමඟ රාහුද සංයෝගව සිටින විට මෙම අයහපත් තත්ත්වය ඉතා ඉක්මනින් ඉස්මතුවේ.
   * සත්වැන්නේ සිකුරු නීචවීම හෝ සතුරුව පාප ග්‍රහ දෘෂ්ටියට ලක්ව තිබීමද පළමු විවාහය බිඳ දමන යෝගයකි.
   * දෙවැන්නාධිපති ග්‍රහයා 2,6,8 ස්ථානයක පාපයන් සමඟ යෝගව හෝ පාප දාෂ්ටියට ලක්ව සිටීම බහු විවාහ යෝගයකි.
  * හත අධිපතියා හෝ කුජ හෝ සිකුරු මිථුන ධනු මීන වැනි ද්විත්ව රාශියක සිටීමද බහු විවාහ යෝගයකි.


 මෙවැනි බහු විවාහ යෝග හා විවාහය අතරමඟ බිඳ දමන යෝග රාශියක් ජ්‍යොතිෂ පොත්පත්වල දක්වා ඇත.ඉහත දැක්වූයේ වඩාත්ම විශේෂ ලෙස දක්වා ඇති හා පහසුවෙන් වටහා ගත හැකි යෝග කීපයක් පමනි.

5 comments:

kumara said...

මගේ වයස 31. අවිවාහකයි. මගේ කේන්දරයේ බහු විවාහ දෝශය ඉදිරියටත් බලපායිද ? පිලිතුරක් ලබාදෙන මෙන් කාරුණිකව ඉල්ලමි . ස්තුතියි.

ලග්නය - මීන

3 - රවි කුජ
4 - සඳු බුධ සිකුරු
5 - රාහු
7 - ගුරු ශනි
11 - කේතු

1981.06.5 01.26 (පාන්දර ) කුරුණෑගල

jhothishalanka said...

ඔබගේ කේන්ද්‍රයේ විවාහ ප්‍රමාද,බහු විවාහ යෝග ඇතත් හත අධ්පති බුධ උච්චව භද්‍රා යෝගයෙන් සිටින නිසා දෝෂ භංගවේ.2013 වසර අගදී විවාහයට දැඩි බාධාවක් වූ සෙනසුරු මහ දශාව ගෙවී හත අධිපති බුධ මහ දශාව ලැබීම මංගල යෝග උදා කරයි..

kumara said...

බොහොම ස්තුතුයි. වසර දෙකක පමණ කාලයක සිටම ඔබතුමාගේ බ්ලොගය කියවීමෙන් ජෝතිෂ්යය පිලිබඳ විශාල දැනුමක් ලබාගතිමි.ඔබතුමා කරන සේවය ඉතා අගනේය.

PRABATH KUMARASIRI said...

1983/08/21 ragama hospital 9,15 PM

ලග්නය - මීන

3 රාහු
5 කුජ
6රවි සිකුරු
7බුධ
8 ශනි
9ගුරු කේතු
11සඳු

මගේ කේන්දරයේ විවාහ දෝශ ඇත්ද ඒ ?

jhothishalanka said...

ඔබේ කේන්ද්‍රෙය් දරුණූ විවාහ දෝෂ නැත.ශනි අටේ සිටියත් උච්චවයි ඉන්නේ..හත අධිපති බුධ හත් වැන්නේ උච්චව (බලවත් භද්‍රා යෝගයෙන්) සිටීම හොඳයි.ඔබට හොඳ විවාහයක් කෙරේවි.සතුටින් ඉන්න.මේ දවස්වල තියෙන් ශනි ඒරාශ්ථකේ තමයි ටිකක් අවුල්.විවාහය සිදු වීමට වඩාත් ඉඩ කඩ තියෙන්නේ 2016 අවුරුද්ද..

Related Posts Plugin for WordPress, Blogger...