ජ්‍යොතිෂය පිලිබඳ වැටහීමක් ඇති හා නැති සියළු ලාංකීය හා විදේශීය සිංහල ජනයා වෙනුවෙන් සකසන ලද මෙම බ්ලොග් අඩවියේ සැරිසැරීමට ඔබ සැමට සුහද ආරාධනා.

Wednesday, April 3, 2013

Taboo Subject -3 (කාම නිල ශාස්ත්‍රය)

  චන්ද්‍රයාගේ බලපෑම ස්ත්‍රී ශරීරය කෙරෙහි විශේෂ බලපෑමක් ඇති කරයි.මල්වරය,ඹපස් චක්‍රය ආදියට සම්බන්ධ ජ්‍යොතිෂ සිද්ධාන්ත ගොඩ නැගී ඇත්තේ චන්ද්‍රයා මුල් කොට ගෙනය.ස්ත්‍රියගේ කාම නිල සංකෝචනය ප්‍රසාරනය වීම සිදු වීමත් චන්ද්‍ර ගමන අනුව සිදුවේ.විවාහ දිවියේ ආරම්භක අවධියට වඩා කල් ගතවීමේදී තම සහකාරිය ලිංගික ඇසුරට යොමු කර ගැනීමට මහත් වෙහෙසක් ගත යුතු බවට බොහෝ ස්වාමි පුරුෂයන් මැසිවිලි නගති.චන්ද්‍ර ගමන අනුව ස්ත්‍රී සිරුරේ වඩාත් උද්චේදිත කාම නිල හදුනාගෙන පිරිමැදීමෙන් ස්පර්ශ කිරීමෙන් අප්‍රානික අකර්මන්‍ය ස්වභාවය වෙනස්කොට ලිංගික ඇසුරට අවනත බවක් කායික මානසික වශයෙන් වැඩි සතුටක් තෘප්තියක් ලැබිය හැකි බව ජ්‍යොතිෂය හා බැදී ඇති කාම නිල ශාස්ත්‍රෙය් දක්වා ඇත.

    කාම නිලය ස්පර්ශ කිරීම පිරිමැදීම කල යුතු ආකාරය,කාල සීමාව ස්ත්‍රිය අනුව වෙනස්වේ.එය හදුනා ගැනීම පුරුෂයා සතු කාර්්‍යයකි. පසලොස්වක දිනයට පසු යෙදෙන අව පෑලවිය තිථියත් අමාවක දිනයට පසු යෙදෙන පුර පෑලවිය දිනයත් අනුව දිනයට යෙදී ඇති තිථිය සරලව හදුනා ගත හැක.තිථි අනුව කාම නිල වෙනස් වන ආකාරය පහත දැක්වේ.
   තිථිය                                      පුර පක්ෂය                          අව පක්ෂය

1   පෑලවිය                                පයේ මාපටඇඟිල්ල             හිසේ දකුණු පැත්ත
2   දියවක                                  යටි පතුල                            කන
3   තියවක                                 විලුඹ                                   ඇස පිට
4   ජලවක                                  දණහිස                               කම්මුල
5   විසේනිය                               කලවා                                 උඩු තොල
6   සැටවක                                තුනටිය                                පපුව මැද
7   සතවක                                 යෝනිය                               පියවුරු
8   අටවක                                  කොඳු ඇට                           කොඳු ඇට
9   නවවක                                 පියවුරු                                යෝනිය
10 දසවක                                  පපුව මැද                             තුනටිය
11 එකොලොස්වක                    යටි තොල                            කලවා
12 දොලොස්වක                        කම්මුල                                දණහිස
13 තෙලෙස්වක                          කන                                    විලුඹ
14 තුදුස්වක                                ඇස පිට                               යටි පතුල
15 පසලොස්වක                         ඉස පිට                               පයේ මාපටඇඟිල්ල 

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...