Tuesday, February 17, 2015

මාර්තු 20 ෆාරෝ දූපත්වලට පූර්ණ සූර්ය ග්‍රහණයක්...අප රටටද අර්ධ ග්‍රහණ බලපෑමක්...

 ශ්‍රී ලාංකිකයන්ට තම ජීවිතය කුල අත්විඳිය හැකි සුවිශේෂී අත්දැකීමක් එක් කරමින් 2015 මාර්තු මස 20 වෙනි සිකුරාදා දින පූර්ණ සූර්ය ග්‍රහණයක් සිදුවේ.සම්පූර්ණ අදුරු වීමක් මෙවරද අප රටට සිදු නොවුවත් අර්ධ සූර්ය ග්‍රහණයක් ලෙස මෙම සූර්ය ග්‍රහණයේ දර්ශන පථය අපට සැලකිය යුතු බලපෑමක් ඇති කරවයි.
          ලේඛකයාද ඇතුළුව ඔබ අප බොහෝ දෙනෙකු මින් පෙර පූර්ණ සූරය ග්‍රහණයක අත්දැකීම් ලබා නැති නමුත් 55 සිදුවූ සූර්ය ග්‍රහණයේදී  අත්දැකීම් ලැබූ අපගේ වැඩිහිටියන් පවසන පරිදි එම මතකයන් හාස්‍යජනක මෙන්ම භයාණක හා සානුකම්පිත ස්වරූපයක් දරා ඇත.රූපවාහිණිය නොතිබූ එකල මාධ්‍ය කෙෂත්‍රය සම්පූර්ණයෙන්ම පිරිවසා තිබුනේ ගුවන් විදුලිය හා ජාතික පුවත්පත් කිහිපයක් පමණි.පූර්ණ සූර්ය ග්‍රහණ වේලාවේදී වදකහ මිශ්‍රිත ඖෂධ පානයකින් රූප සොභාව හා ස්මරණ ශක්තිය වැඩිගර ගත හැකි බව මාධ්‍ය කිහිපයකින්ම ජනතාව වෙත පණිවුඩයක් ලැබුණි.අද කාලයටත් වඩා පාරම්පරික ගති පැවතුම් තිබ එකල සිටියවුන් නියමිත මාත්‍රාවන් ගැනවත් සිතා බැලීමක් නොමැතිව බත් කන්නාක්, තේ බොන්නාක් මෙන් සූර්ය ග්‍රහණ වෙලාවේදී වදකහ කන්නට බොන්නට වූයේ වැඩිපුර රූප සොභාවක් හා වැඩි ස්මරණ ශක්තියක් ලබා ගැනීමේ අභිලාශය ඇතිවය.නමුත් ප්‍රතිඵලය වූයේ ලංකාව පුරාම රෝහල් පිරී ඉතිරී යන අයුරින් වදකහ බිවූ ජනතාව බඩේ අජීර්ණ, උණ සන්නිපාත ,පාචනය ,වමනය වැනි රෝගවලට ලක් වීමය.ජීවිත කිහිපයක් අහිමි වූ බවටද වාර්තා වී ඇත.
    1955 ජුනි 20 වැනි දින මිථුන රාශිය තුල මුවසිරස නැකතින් සිදුවූ මීට පෙර සිදුවූ පූර්ණ හිරු ග්‍රහණයේ උපරිමය විනාඩි 7ක් පමණ විය(මෙතන ක්ලික් කරන්න)
     මෙවර පූර්ණ සූර්ය ග්‍රහණය මාර්තු මස 20 වැනි දින මින රාශියේ උතුපුටුප නැකතේ පලමු පාදයේ සිදුවේ.ෆාරෝ දිවයින් දූපත්වලට ඇතිවන පූර්ණ ග්‍රහණයේ උපරිම කාලය විනාඩි 2යි තත්පර 47 කි.(මෙතන ක්ලික් කරන්න)

 ලෝකායත ජ්‍යොත්ෂය අනුව සූර්ය ග්‍රහණයක පලාඵල බැලීම ඉතා සියුම්ව හා ප්‍රව්ශමෙන් කල යුතුය.අතීතයේ විසූ බොහෝ රාජකීය දෛවඥයන්ට සූර්ය ග්‍රහණ පලාඵල වැරදීමෙන් හිස් ගැසුම් කෑමට සිදුවී ඇත.
  සූර්ය ග්‍රහණයකදී ප්‍රධාන වශයෙන් සලකා බැලෙන්නේ සූර්ය ග්‍රහණ කේන්ද්‍රයයි.මෙය සාදා ගන්නේ ග්‍රහණය සිදුවන අවස්ථාවේදී නොව අමාවක යෙදෙන මොහොතේදීය.ග්‍රහනයේ වැඩි බලපෑම ඇතිවන්නේ ග්‍රහණය දර්ශණය වන රටවලට සහ ග්‍රහණය සිදුවන රාශියට අයත් රටවල් වලටය.චන්ද්‍ර ග්‍රහණයක ඵල විපාක කල් නොඉක්මවා ඇති වුවත් සූර්ය ග්‍රහණයක ඵල ලැබෙන්නේ මාස කීපයක් ගත වීමෙන් පසුවය.ග්‍රහණය සිදුවන රාශිය ,ග්‍රහණය සිදුවන කාලය,දෙර්කාණ සතිස(36) ආදිය පුළුල්ව විමසමින් සූර්ය ග්‍රහණයකදී ලෝකායත අනාවැකි පවසයි.

* මාර්තු 20 පූර්ණ සූර්ය ග්‍රහණය අප රටට බලපාන අාකාරය පිළිබඳ ලෝකායන අනාවැකි ලිපියක් ඉදිරියේදී මෙම අඩවියෙන් බලාපොරොත්තු වන්න.
     














No comments:

Related Posts Plugin for WordPress, Blogger...