Saturday, February 2, 2019

කාලය අවකාශය හා ජ්‍යොතිෂය 10

නමෝ බුද්ධාය!
නමෝ ධම්මාය!
නමෝ සංඝාය!

නිවනට බාධා කරන අකාලය හා අනවකාශය
1)“ම‍හණෙනි,තථාගතයන් වහන්සේ නමක් ලොව පහලවී නිවන් මඟ හෙළි කරන ධර්මය දේශනා කලත් නිවන ප්‍රාරථනා කරන බොහෝ සත්ත්වයන් එම කාලයේදී නිරයේ දුක්විඳි නම් ඔවුන්ට ක්ෂණ සම්පත්තිය අහිමි වී නිවන දුරස් කරනවා..මන්ද ඇතැම් නිරයන්වල දුක්විඳින සත්ත්වයන්ගේ ආයුෂ මනුෂ්‍ය ලොවේ ආයුෂින් කල්ප ගනනකි.එම කාලය තුල මනුෂ්‍ය ලොවේ බුදුවරුන් කිහිපදෙනෙකු පහල වුවත් නිරයේ සිටින්නා එම මුළු කාලය පුරාම නිරයේ දුක්විදියි.


2) “මහණෙනි  තථාගතයන් වහන්සේ නමක් ලොව පහලවී නිවන් මඟ හෙළි කරන ධර්මය දේශනා කලත් නිවන ප්‍රාරථනා කරන බොහෝ සත්ත්වයන් එම කාලයේදී තිරිසන්ව ඉපදී දුක්විඳි නම් ඔවුන්ට ක්ෂණ සම්පත්තිය අහිමි වී නිවන දුරස් කරනවා..මන්ද තිරිසන් අපායට වැටුනු සත්ත්වයකු ඉන් මිදීමට ගතවන කාලය ස්ථිර නැත යලි මනුෂ්‍ය ආත්මයක් ලැබීමට කල්ප ගනන් ගතවන අවස්ථාද ඇත.එම කාලය තුල මනුෂ්‍ය ලොවේ බුදුවරුන් කිහිපදෙනෙකු පහල වුවත් තිරිසන්ව සිටින්නා එම මුළු කාලය පුරාම තිරිසන්ව ඉපිද දුක්විදියි.

3)“මහණෙනි  තථාගතයන් වහන්සේ නමක් ලොව පහලවී නිවන් මඟ හෙළි කරන ධර්මය දේශනා කලත් නිවන ප්‍රාරථනා කරන බොහෝ සත්ත්වයන් එම කාලයේදී ප්‍රේත හා අමනුෂ්‍යව ඉපදී දුක්විඳි නම් ඔවුන්ට ක්ෂණ සම්පත්තිය අහිමි වී නිවන දුරස් කරනවා..මන්ද ප්‍රේත අපායට වැටුනු සත්ත්වයකු ඉන් මිදීමට ගතවන කාලය ස්ථිර නැත යලි මනුෂ්‍ය ආත්මයක් ලැබීමට කල්ප ගනන් ගතවන අවස්ථාද ඇත.එම කාලය තුල මනුෂ්‍ය ලොවේ බුදුවරුන් කිහිපදෙනෙකු පහල වුවත් ප්‍රේත අමනුස්‍යව සිටින්නා එම මුළු කාලය පුරාම එලෙස ඉපිද දුක්විදියි.“

4) “මහණෙනි  තථාගතයන් වහන්සේ නමක් ලොව පහලවී නිවන් මඟ හෙළි කරන ධර්මය දේශනා කලත් නිවන ප්‍රාරථනා කරන බොහෝ සත්ත්වයන් එම කාලයේදී බ්‍රහ්ම වැනි අසංඥතලවල ඉපදී සිටීනම් ඔවුන්ටද ක්ෂණ සම්පත්තිය අහිමි වී නිවන දුරස් කරනවා..මන්ද මහා කල්ප ගනනින් ආයුෂ ඇති එවැනි අසංඥතලවල ඉපදුනු සත්ත්වයකු ඉන් මිදීමට ගතවන කාලය ස්ථිර නැත.යලි මනුෂ්‍ය ආත්මයක් ලැබීමට ඉතා විශාල කාලයක් ගතවේ.එම කාලය තුල මනුෂ්‍ය ලොවේ බුදුවරුන් කිහිපදෙනෙකු පහල වුවත් අසංඥතලවල උපන් එවැනි සත්තවයන් එම මුළු කාලය පුරාම අසංඥතලවල ගත කරයි“

5) “මහණෙනි  තථාගතයන් වහන්සේ නමක් ලොව පහලවී නිවන් මඟ හෙළි කරන ධර්මය දේශනා කලත් නිවන ප්‍රාරථනා කරන බොහෝ සත්ත්වයන් එම කාලයේදී මනුෂ්‍ය ලොව ඉපදුනත් ඔවුන් සිටින්නේ සිව්වනක් පිරිස ගැන අහලාවත් නැති දැකලාවත් නැති දහමක් ගැන අවබෝධයක් නැති මිලෙජ්ජයන් වැනි පිරිසක් අතරනම් ඔවුන්ටද ක්ෂණ සම්පත්තිය අහිමි වී නිවන දුරස් වනු ඇත“

6) “මහණෙනි  තථාගතයන් වහන්සේ නමක් ලොව පහලවී නිවන් මඟ හෙළි කරන ධර්මය දේශනා කලත් නිවන ප්‍රාරථනා කරන බොහෝ සත්ත්වයන් එම කාලයේදී මනුෂ්‍ය ලොව ඉපදුනත් ඔවුන් සිටින්නේ මිත්‍යා දෘෂ්ඨික මත එල්බී කටයුතු කරන පිරිසක් අතරනම් ඔවුන්ටද ක්ෂණ සම්පත්තිය අහිමි වී නිවන දුරස් වනු ඇත“

7) “මහණෙනි  තථාගතයන් වහන්සේ නමක් ලොව පහලවී නිවන් මඟ හෙළි කරන ධර්මය දේශනා කලත් නිවන ප්‍රාරථනා කරන බොහෝ සත්ත්වයන් එම කාලයේදී මනුෂ්‍ය ලොව ඉපදුනත් ඔවුන් සිටින්නේ උමතුව ප්‍රඥා හීනව මන්දබුද්ධික වැනි තත්ත්වයක නම් ඔවුන්ටද ක්ෂණ සම්පත්තිය අහිමි වී නිවන දුරස් වනු ඇත“

8) “ මහණෙනි ඇතැම් බොහෝ සත්ත්වයන් ප්‍රඥාව අවබෝධය මනා ලෙස ඇතිව මනුෂ්‍ය ලොව ඉපදී සිටියත් එම කාලයේ ධර්මය යටපත්වී බුද්ධෝපත්තියක් නැති කාලයක් වන විටද එම සත්තවයන්ටද ක්ෂණ සම්පත්තිය අහිමි වී නිවන දුරස්වේ..“


මෙහි මුල් ලිපි බැලීමට මෙතනින් යන්න



No comments:

Related Posts Plugin for WordPress, Blogger...