Tuesday, February 5, 2019

කාලය අවකාශය හා ජ්‍යොතිෂය -12

කාල චක්‍රය 




කාලචක්‍රය යනු පුරාණ මහායාන බුදු දහමින් බිහිවූ ඉතා පුළුල් ලෙස විහිදී ඇති දර්ශනාත්මක සංකල්පයකි. මූලාශ්‍ර වල සඳහන් ආකාරයට ශාක්‍ය මුණී බුදු රඳුන් විසින් ඉදිරිපත් කර ඇති කාලචක්‍රය පැරණී ටිබෙට් දේශයේ පිහිටියැයි කියන ශම්බාලා(ශම්හාලා) රජධානියේ විසූ සුචන්ද්‍ර නම්වූ මහා අධිරජු විසින් ප්‍රථමයෙන්ම රාජ අනුග්‍රහය ඇතිව ලෞකික හා ලෝකෝත්තර කටයුතු සඳහා ආගමික පුර්වාදර්ශණයක් ලෙස භාවිතා කර ඇත.(සුචන්ද්‍ර රජුගේ කාලය අනුව එය ගෞතම සම්මා සම්බුදුන්ගේ උප්පත්ති කාලයටත් පෙර නිසා කාලචක්‍රය හදුන්වා දි ඇත්තේ පසේ බුදු හිමි නමක් බවට මතයක්ද ඇත.)




සුචන්ද්‍ර රජුගෙන් පසුවද තවත් ශම්බාලා රජවරුන් සත් දෙනෙක්(සප්ත ධර්මා රාජ්) කාලචක්‍රය ස්වකීය ආගමික මූලය ලෙස භාවිතා කර ඇති බවට මූලාශ්‍ර සාක්ෂි ඇත.වර්තමානය වනවිට මහායාන බුදු දහමේ ප්‍රධාන ධර්ම සංකේතයක් ලෙස භාවිතා කරන කාලචක්‍රය දලයි ලාමා හිමියන් ප්‍රමුඛ මහායානික භික්ෂූන් ප්‍රධාන ආගමික දර්ශනයක් ලෙස භාවිතා කරන්නේ “කාලචක්‍ර පූජාව“ නම්වූ වාර්ෂික මහා පූජෝත්සවයක්ද සිදු කරමිනි.කාලචක්‍රය පිළිබඳ මූලික ඉගැන්වීම් ආදිය ලෝකය පුරා සිදු කරන්නේද දලයි ලාමා හිමිගේ මූලිකත්වය ඇතුවය.

   කාල චක්‍රය ජ්‍යොතිෂ කටයුතු වලට යොදා ගැනීමද ප්‍රථමවරට සිදු කර ඇත්තේ ශමිබාලා වරුය.සුභ කටයුතු සඳහා වේලාවන් තෝරා ගැනීමේදී හා වෙනත් ජ්‍යොතිෂ කටයුතු සඳහා භාවිතා වන එදිනෙදා රාහු කාලය ,මරු හා යෝගිනී සිටින දිශාව,සහාම්ශ,ත්‍රිස්‍ඵුථ සරලව ගනනය ආදී සිද්ධාන්ත බොහොමයක් සැකසි ඇත්තේ මහායාන දහමින් ලැබුනු කාලචක්‍රය අනුවය.“ප්‍රශ්න මාර්ගය“ “ජාතක පරිජාත“ වැනි මූල ග්‍රන්ථ තුලත් “ජගන්නාථ හෝරා“ වැනි පරිගණක ජ්‍යොතිෂ මෘදුකාංග වලද මෙම කාලචක්‍රය ජ්‍යොතිෂ කටයුතු වලට යොදා ගන්නා ආකාරය දක්වා ඇත.

කාලචක්‍රය තුලින් පැරණී ඉන්දීය වේද ස්වරූපයක් දිස්වීමක් බැලූ බැල්මට පෙනීම සහ බුදු දහමේ මූලික දර්ශණය වූ චතුරාර්ය සතයය පිළිබදව ප්‍රධාන ලෙස විදහා දැක්වීමක් නොමැති වීම ථෙරවාදී අප අතර කාලචක්‍රයට ආගමික පිළිගැනීමක් නොලැබීමට හේතු වූවා විය හැක.නමුත් ගෞතම බුදු දහමෙන් දැක්වෙන “දස පාරමිතා“ “අටලෝ දහම“ ,..වැනි ප්‍රධාන ආගමික න්‍යායන් කාලචක්‍රය තුලද ඇත.  
ලේඛකයා කාලචක්‍රය පිළිබඳව එහෙන් මෙහෙන් කරුණු කාරණා අසා දැන සිටියත් ප්‍රථම වරට කාලචක්‍රය පිළිබඳව විස්තරාත්මක සටහනක් කියවූයේ මීට දින කිහිපයකට පෙර කරූ හින්කෙන්ද මහතාගේ “පාරම්පරික ජ්‍යොතිෂ රහස්“ කෘතියෙනි.හීන්කෙන්ද මහතා ස්වකීය කාතියෙන් කාලචක්‍රය ගැන දක්වා තිබු කාලචක්‍රය යනු ප්‍රවේශමෙන් භාවිතා කල යුතු ආයුධයක් බදු දෙයක් යන්න සැමදෙනාටම විශේෂයෙන් කිව යුතුය.

“කාල චක්‍රය“ වචනයේ අර්ථයෙන්ම දැක්වෙන පරිදි කාලය හෙවත් වේලාවන් දැක්වෙන වෘත්තයක් හෙවත් රෝදයකි.කාලචක්‍රය ප්‍රධාන ලෙස කොටස් 3කි
·         බාහිර(Outer) කාලචක්‍රය
·         අභ්‍යන්තර(Inner) කාලචක්‍රය
·         විකල්ප(Other)(Alternative)කාලචක්‍රය
බාහිර(Outer) කාලචක්‍රය
බාහිර අවකාශය තුල වූ අපේ සෞර ග්රහ මණ්ඩලය, සඳ, සූර්ය, තාරකා සහ තාරකා වැනි ග්රහයන්ගෙන් සමන්විත වු විශ්වය හා එහි ස්වභාවය හැසිරීම ක්‍රියාව දැක්විම මින් සිදු කරයි.

අභ්‍යන්තර(Inner) කාලචක්‍රය
අපගේ ශරීර අවයව,සිතුවිලි,මානසික තත්ත්වය,ජීවන ස්වරූපය,අනාගතය ආදිය නිරූපනය කරයි

විකල්ප කාලචක්‍රය
බාහිර හා අභ්‍යන්තර කාලචක්‍රයන් එකිනෙක සම්බන්ධ කිරීම මෙමගින් දක්වා ඇත.(අපගේ ශරීරය සිතුවිලි සමඟ විශ්වය සම්බන්ධ කිරීම)යෝග හා භාවනා ක්‍රම ඇතුලත්ය

කාලචක්‍රයේ මධ්‍ය කොටස හැදින්වෙන්නේ “දුර්ගා බලකොටුව යනුවෙනි.මෙය ප්‍රධාන ලෙස මණ්ඩල කොටස් තුනකට බෙදේ.මැද මණ්ඩලයේ අට පෙති නෙළුම් මලක විශ්වමාතා ලෙස සිටිනා දුර්ගා දේවියයි.ඇය සිටින්නේ ශ්‍රී කාලචක්‍ර ලෙස සිටින ශිව සමඟිනි.ඊලඟ මණ්ඩලය කුළුණු 16 කින් සැදුනු මණ්ඩලයකි. ඒ වටා තුන්වෙනි මණ්ඩලය වූ මහා ඛන්සාගේ මන්ඩලයයි. මෙම මණ්ඩල වලින් සෑදුනු කාලචක්‍රයේ මධ්‍ය කොටස සෑදී ඇති ආකාරය හොදින් අවබෝධකරගත හැකි 3D රූප සටහන් සහිත වීඩියෝවක් මෙතනින් බලන්න




කාලචක්‍රයේ ඉතිරි කොටස් අතරින් ජ්‍යොතිෂයට භාවිතා කෙරෙන කාලචක්‍රයේ විශේෂ කොටස් පිළිබඳව ඊලඟ ලිපියෙන් විමසමු.

No comments:

Related Posts Plugin for WordPress, Blogger...