Thursday, January 13, 2011

විවාහ දෝෂ 2

    පොරොන්දම් පරීක්ෂාවේදී 20 පොරොන්දම් හා වෙනත් පොරොන්දම් ක්‍රම වලට අමතරව විශේෂයෙන් සලකා බැලිය යුතු විවාහ දෝෂ කීපයක් පහත දැක්වේ.



      1) අඟහරු දෝෂය (කුජ දෝෂය,අංගාර දෝෂය,මංගල දෝෂය, භෞම දෝෂය යනුවෙන් හැදින්නේනේද මෙම දෝෂයමය)
      2) ශනි මංගල දෝෂය
      3)කඩහංදි මාරක දෝෂ
      4) විෂ කන්‍යා දෝෂ
      5)වැන්දඹු,බහු විවාහ,අවිවාහක,සරාගී දෝෂ,වඳ දෝෂ
      6)නශාංශක දෝෂ
      7) කළුකුමාර දෝෂ
      8) පිළිසඳ ගැනීමේ දෝෂ
      9)ප්‍රසූත්‍ර දෝෂ
    10)සෘතු දෝෂ
    11)තුන් කුළුදුල් දෝෂ
    12)ලේ නෑකම් දෝෂ
    13)චාරිත්‍ර දෝෂ
  
      ඉහත සදහන් විවාහ දෝෂ පිළිබදව දැන සිටීම ජ්‍යොතිෂවේදීන්ට අදාළ කටයුත්තක් මිස සාමාන්‍ය ජනතාවට අවැසි නොවන බවට පාඨක ඔබට එකවර සිතිය හැකි නමුත් ඒ පිළිබදව යම් තරමකින් හෝ දැනුවත්වී සිටීම කවදා හෝ දිනෙක ප්‍රයෝජනවත් විය හැක.එමෙන්ම ජ්‍යොතිෂය සම්බන්ධ ලිපි ලිවීමේදී ඇතැම් සිද්ධාන්ත සරලව ලියා දැක්වීම කළ නොහැකි බවද කිව යුතුමය.ජ්‍යොතිෂය ගැන එතරම් දැනුවත් කමක් නැති අයකු මෙම ලිපිය කියවන්නේ නම් මෙහි ඇති සිද්ධාන්ත නොවැටහුනත් මෙවැනි දෙයක් පවතින බව හෝ දැනුවත් වීම ප්‍රමාණවත් බව ප්‍රථමයෙන්ම කිව යුතුය.
    ඉහත දැක්වූ විවාහ දෝෂ ඇතිවන අයුරු මෙන්ම එම දෝෂ භංග වන අයුරු හා දෝෂ හරන පිළිවෙත් පිළිබදවද දැනුවත් විය යුතුය. නමුත් මේ සියල්ල එකම පෝස්ට් එකක් තුල ලිවීමට ගියහොත් ලිපිය අච්චාරුවක් බවට පත්වේ.එසේ වීම වලකනු පිණිස මෙන්ම මෙහි දැක්වෙන   සිද්ධාන්ත කොටස් ඔබගේ දිගුකාලීන මතකයට කාවැද්දීම උදෙසාම දෝෂ භංග හා දෝෂ හරණය ගැන විමසීම ඊලග ලිපියට කල් දමා ඇත.


  1) අඟහරු දෝෂය
               ජන්ම කේන්ද්‍රයේ 1,2,4,7,8,12 ස්ථානයක කුජ(අඟහරු) තැන්පත් වීම මෙම දෝෂයයි. ඇතැම් පොත්පත්වල ලග්නයෙන් පමනක් නොව චන්ද්‍රයාගෙන් හෝ සිකුරුගෙන් 1,,4,7,8,12 යන ස්ථානයක කුජ පිහිටන විටද මෙම දෝෂය යෙදෙන බව සදහන්ය(එහෙම බැලුවොත් අඟහරු දෝෂය නැති කෙනෙක් හොයා ගන්නත් නැහැ වගේ.)නමුත් බහුලව සදහන් වන්නේ ලග්නයෙන් යෙදෙන බවයි.කේන්ද්‍ර දෙකේම දෝෂය යෙදීමෙන් දෝෂ භංගවේ.
   2) ශනි මංගල දෝෂය
           මංගල යනු කුජ(අගහරු) ග්‍රහයායි. ඒ අනුව ශනි මංගල දෝෂය යනු ශනි කුජ ග්‍රහයන්ගෙන් යෙදෙන්නකි.ශනි කුජ ග්‍රහයන් කේන්ද්‍රයේ සංයෝග වීම හෝ අන්‍යොන්‍ය දෘෂථියෙන් සිටීමෙන්(ශනිගෙන් 7 හෝ 10 කුජ සිටීම) මෙම දෝෂය සෑදේ.කේන්ද්‍ර දෙකේම දෝෂය යෙදෙන විට දෝෂ භංග වේ.


   3)කඩහංදි මාරක දෝෂ
            ස්ත්‍රී පුරුෂ දෙදෙනාටම විවාහයේ මුල් වසර දෙක තුළ ශනි,කුජ,රාහු වැනි තද පාප ග්‍රහයකුගේ(දෛනාටම එකම ග්‍රහයා) මහ දශාවන් තිබීම.
   
   4) විෂ කන්‍යා දෝෂ
         ස්ත්‍රී කේන්ද්‍රයක විෂ කන්‍යා දෝෂ ඇති විට පුරුෂයාට අගුණයි.
        දිනය,තිථිය,නැකත අනුවත් ලග්නය හා ග්‍රහ පිහිටීම අනුවත් විෂ කන්‍යා දෝෂ යෙදෙන අයුරු පහත දැක්වේ.  


       දිනය                තිථිය                නැකත
       ඉරිදා                12                    කැති,අස්ලිස,විසා,සියාවස
       ඉරිදා                02                    අස්ලිස,සියාවස
       අගහරුවාදා       02,12               සියාවස
       අගහරුවාදා       07                    විසා,සියාවස
       සෙනසුරාදා       02                    අස්ලිස
       සෙනසුරාදා       07                    කැති
 මීට අමතරව 
      * මේෂ ලග්නයෙන් ඉපිද ශනි 1,  කුජ කේතු  6 සිටින විට හෝ කුජ 1, රවි රාහු 6 සිටින විට හෝ රාහු1, කුජ ශනි 6 සිටින විටද
      * සිංහ ලග්නයෙන් ඉපිද ශනි 1, රවි කේතු 6 සිටින විටද කුජ රාහු 1, රවි ශනි 10 සිටින විටද 
      * ලග්නය කුමක් වුවත් ශනි 1, රවි 5, කුජ 9 සිටින විටද 
               විෂ කන්‍යා යෝගය යෙදේ


      5)වැන්දඹු,බහු විවාහ,අවිවාහක,සරාගී දෝෂ,වඳ දෝෂ
             මෙම දෝෂ යෙදෙන ආකාර රාශියක් ඇත.ඒවා සියල්ල දැක්වීම ලිපියේ සීමාව ඉක්මවා යයි.එබැවින් ප්‍රධාන වශයෙන් දක්වා ඇති අවස්ථා කීපයක් දක්වා ඇත.
          වැන්දඹු දෝෂ
                * ස්ත්‍රී කේන්ද්‍රයේ 7,8 ස්ථාන වල කුජ,ශනි,රාහු,කේතු වැනි පාප ග්‍රහයන් වැඩි ප්‍රමාණයක් සිටීමත් පුරුෂ කේන්ද්‍රයේ 7,8 ස්ථානවල පාපීන් නැතිවීම හා පාපී ග්‍රහ දෘෂ්ථි නැතිවීම පුරුෂ මාරක යෝගයකි.
                * කේන්ද්‍රයක හත අට අධිපති ග්‍රහයන් දෙදෙනා යෝගව හෝ පරිවර්ථනය වී(හත අධිපති අටේත් අට අධිපති හතේත් සිටීම) සිටින කේන්ද්‍රවලට එලෙසම ඇති කේන්ද්‍ර විවාහයට ගත යුතුය.නැත්නම් වැන්දඹුවේ.
                * මේෂ හෝ වෘශ්චික රාශිගත චන්ද්‍රයා පාප ග්‍රහයන්ට මැදිවී(චන්ද්‍රයාගේ අංශකයට දෙපසින් ආසන්නයේ පාප ග්‍රහයන් සිටීම) සිටීම වැන්දඹු දෝෂයකි.
                * ස්ත්‍රී කේන්ද්‍රයේ හත අධිපති ග්‍රහයා දුබලව පාපීන් සමග යෝගව හෝ පාප දෘෂ්ථිව හය අට හෝ දොළහේ පිහිටීම වැන්දඹු දෝෂයකි.


   බහු විවාහ දෝෂ
           * කේන්ද්‍රයක හත් වැන්නාධිපතියා සිකුරු සමග යෝගව (හත අධිපති සිකුරු වන විට සිකුරු ග්‍රහයාව සලකයි.) මිථුන,ධනු, මීන යන ද්විත්ව රාශියක තැන්පත් වීම
           * හතේ පාප ග්‍රහයන් තිදෙනෙකුට වැඩි ප්‍රමාණයක් සිටීම.


   සරාගී යෝග
           * සිකුරු කුජ යෝගය රවි සිකුරු යෝගය රාහු සිකුරු යෝගය කාම යෝග ලෙස සැලකේ.එවැනිම කේන්ද්‍ර ගැලපිය යුතුය.


   අවිවාහක දෝෂ
         * හත අධිපතියා හා සිකුරු ග්‍රහයන් දෙදෙනාම නීච වීම(හත අධිපති සිකුරු වන විට සිකුරු නීච වීම)
         * ශනි මංගල දෝෂය(ඉහත සදහන්කළ ) හතේ හෝ ලග්නයේ යෙදීම
         * කුජ රාහු යෝගය හතේ හෝ අටේ යෙදීම


   වඳ දෝෂ
         *පහ අධිපති හා බ්‍රහස්පති ග්‍රහයන් දෙදනාම නීච වීම 
         *පස්වැන්නාධිපති ශනි සමග යෝග වීම.
         *පස්වැන්නාධිපතද හා ගුරු ග්‍රහයන් දෙදෙනාම මේෂ,මිථුන,සිංහ,කන්‍යා යන වඳ රාශි වල තැන්පත් වීම
         *ස්ත්‍රී පුරුෂ දෙදෙනාගේම කේන්ද්‍රවල පහේ රාහු සිටීම
         * පහ හය ස්ථාන වල දුර්වල පාප ග්‍රහයන් තැන්පත් වීම.


    6)නශාංශක දෝෂ
       යම් කෙනෙකුගේ උපතේදී
            * ගුරු(බ්‍රහස්පති) ග්‍රහයා තමාට හිමි පුනාවස,විසා,පුවපුටුප යන නැකැත්වල ප්‍රථම පාදයේ ගමන් කරන විටද
            * ශනි(සෙනසුරු) තම නැකැත් වූ පුෂ,අනුර,උත්‍රපුටුප නැකැත් වල දෙවන පාදයේ ගමන් කරන විටද  
            * ශුක්‍ර(සිකුරු) තම බෙරණ,පුවපල්,පුවසල නැකැත් වල තුන්වන පාදයේ ගමන් කරන විට.
            * රවි තමාගේ නැකැත් වන කැති,උත්‍රපල්,උත්‍රසල නැකැත්වල සිවුවන පාදයේ ගමන්  කරන විටද
                     එම ග්‍රහයන් නශාංශක දෝෂයට පත්වේ.හත හා පහ අධිපති නශාංශක වී හෝ හතේ පහේ නශාංශක ග්‍රහයන් තැන්පත් වී ඇත්නම් දෝෂ සහිතයි.


   7) කළුකුමාර දෝෂ
          මෙම දෝෂය ශරීරයේ රස කොටස් පහ වීමෙන්, සිහින දෝෂ ,ලිංගාශ්‍රිත රෝග පීඩා අනුව ඇතිවන දෝෂ තත්වයකි.ජලාශ ආශිතව ක්‍රියාත්මක කළුකුමාර අමනුෂ්‍ය දෝෂය මගින් කාන්තාවන් තුළ ක්‍රියාත්මක වන බවට මතයක් ඇත.ජන්ම කේන්ද්‍රයේ කුජ(අගහරු) දුබල විට අගහරු මහ දශාවේදී ඇතිවිය හැකි බවට ජ්‍යෙතිෂ මතයක් ඇත.


   8)  ,  9) ප්‍රසූත්‍ර හා සෘතු දෝෂද කළුකුමාර දෝෂයේම කොටස් ලෙස දැක්වේ.


   10) තුන් කුළුදුල් දෝෂය
                  පවුලේ වැඩිමල් ස්ත්‍රී පුරුෂ අය විවාහ වීම තුන් කුළුදුල් දෝෂයයි.


    11)  ලේ ඥාති දෝෂ
        ලේ ඥාති සම්බන්ධකම් ඇති ස්ත්‍රී පුරුෂ අය විවාහ වීම දරුවන්ට අගුණයි.


    12) චාරිත්‍ර දෝෂ
             * විවාහයට දින නියමව සිටියදී දෙපාර්ශ්වයෙන් එක් පවුලක ලගම ඥාතියකු මිය ගියහොත් විවාහය මාස 6කට වැඩි කාලයක් කල් දැමිය යුතුය.
             * එක්කුස උපන් අයගේ විවාහ එකම දිනයේ කිරීමද අසුභයි.මාසයක්වත් ඉක්මවිය යුතුය.
             

48 comments:

jhothiratna said...

1)මම අහල තියෙනව ග්‍රහයෙකු වර්ගෝත්තම උනහම සුබ පල ඇති කරනවා කියල මේ කතාව හරිද? එහෙමනම් හත අදිපති පාපී ග්‍රහයෙක් වෙලා වර්ගොත්තම නම් ප්‍රතිපල කොය් ආකාරද?

2)මෙතනට අදාළ නැති උනත් මේ ප්‍රශ්න අහන්නැතුව ඉන්නම බැහැ ;) ග්‍රහ යෝගයක(උදා: රාජයෝගයක ) ප්‍රබලතව මනින්නේ කොහොමද?

3)ජෝතිශ්යයේ එක තැනක කියන කාරණයක් තව තැනකදී නිශේදනය වෙලා යනවා නේද?

උදා:සිකුරු බුද චන්ද්‍ර ගුරැ සුබ ග්‍රහයින් හැටියට ගණන් ගත්තත් එම ග්රයෝ කේන්ද්‍රස්ථාන අදිපතියෝනම් අසුබ ග්‍රහයෝ හැටියට ගණන් ගන්න ඕන කියල කියනවා.නමුත් ප්‍රශ්නය තියන්නේ එකම ග්‍රහය කේන්ද්‍රස්ථාන සහ කේන්ද්‍රස්ථාන නොවන ස්ථාන අදිපතියන් වෙන්න පුළුවන්.අනික ඔය කියන විදිහට කිසිම ග්‍රහයෙක් සුබත් නැහැ අසුබත් නැහැ.....

"සින්ඩි ලංකා" said...

සතියේ ජනප්‍රියම බ්ලොග් අඩවිය තේරීම සදහා ඔබේ තේරීම ලකුණු කරන්න
සතියේ ජනප්‍රියම බ්ලොග් අඩවිය ඔබේ බ්ලොග් අඩවියද?
විස්තර "සින්ඩි ලංකා" හි
"සතියේ ජනප්‍රියම බ්ලොග් අඩවිය තේරීම" පිටුවේ.

Anonymous said...

මචන් මට මගේ කේන්දරය බලාගන්න ඕන වෙලා තියෙනවා...මම එවුවොත් හොදට අනාගතය ගැන බලා ගන්න පුළුවන්ද. ගාන ප්‍රශ්ණයක් නෑ. ලොකු උදවුවක් මචන් මට mail එකක් දාපන්.

subash.priyankara@gmail.com

jhothishalanka said...

@jhothiratna
1) ග්‍රහයකු වර්ගෝත්තම වන්නේ ලග්න කුණ්ඩලියේ හා නවාංශක කුණ්ඩලියේ එකම රාශීන් තුළ ග්‍රහයා පිහිටන විටයි.(මෙම අර්ථ දැක්වීම 100%ක් නිවැරදි නොවුනත් සරල අර්ථය එයයි.ග්‍රහයාගේ වර්ගෝත්තම බව ෙසෙද්ධාන්තිකව අර්ථ දැක්වෙන්නේ ග්‍රහයාගේ ස්ඵුටය(ග්‍රහස්ඵුටය) ඇසුරෙනි.) යම් අයකුගේ උපතේදී ග්‍රහයකු වර්ගෝත්තම වන විට එම ග්‍රහයාගේ සුභඵල ඉස්මතු වීම වැඩි කර අසුභ ඵල යටපත් කරන බවට මතයක් ඇත.උදාහරණයකට උපතේදී ගුරු ග්‍රහයා ලග්න හා නවාංශක කොටුවල කටක රාශියේ තැන්පත් වන විට ගුරුගේ උච්ච බලය හොදින් ඉස්මතුවන අතර ලග්න හා නවාංශක දෙකේම මකරයේ වන විට නීච දුබලය යටපත් කරයි.හත අධිපති ග්‍රහයාටද මෙම තත්ත්වය එසේමය.

02)ජ්‍යොතිෂයේ රාජ යෝග වලින් රාජ්‍ය බලය හිමිවීම යන්නම අදහස් තිරණය කොට නැත.ඒ ඒ ක්‍ෂෙත්‍රවල ඉහලම හිනිපෙත්තට ලගා වීමේ බලය එම යෝග වලින් දක්වා ඇත.ඔය කතාවට කියන්නේ අහලා නැද්ද "හෙළ සිනමාවේ නිළි රැජින" ,"විකට රජා" , "බයිල රජා" වගේ වචන.රාජ යෝගයක් කේන්ද්‍රයක පිහිටියත් ඒවා "රාජ යෝග භංග යෝග" ,"රේක යෝග" මගින් නිශේධනය වන අවස්ථාද ඇත.එම නිසා රාජ යෝගයක ප්‍රභලතාව "රාජයෝග භංග යෝග" හා "රේක යෝග" පිහිටීම නොපිහිටීම අනුව තීරණයවේ.

03) ඔබ කියන කතාවේ ඇත්තක් තිබෙනවා.නමුත් ඊට පිළිතුරු දීම මා උවමනාවෙන් මගහරිනවා.සමාවෙන්න.සමහර විට ඒ සදහා මගේ දැනුම ප්‍රමාණවත් මදි නොවෙන්නත් පුළුවන්.

jhothishalanka said...

@subash
ඇත්තම කියනවනම් සුභාෂ් මම මේ බ්ලොග් එක හැදුවෙ වෙලඳ ලාභ ප්‍රයෝජන බලාගෙන නෙවෙයි.මගේ විස්තර ප්‍රොපයිල් එකට දාල නැත්තෙත් ඒකයි.ඔයා ඉතින් යාළුවෙක් වගේ ලෙන්ගතුව කිව්ව හින්ද බැහැයි කියන්නත් බැහැ.ඔන්න මම ඊමේල් එකක් එව්වා.(හැබැයි ඔන්න මේ බ්ලොග් එක කියවන හැමෝගෙම කේන්දර බලන්න මට බැහැ.)

jhothiratna said...

ඒකියන්නේ කෙනෙක් දේශපාලනිකව හෝ වෙනත් ශේෂ්ත්‍රයක රජ වෙන බව කේන්ද්‍රය බලල sure එකටම කියන්න බැරි බවද?

jhothishalanka said...

@jhothiratna
කියන්න පුළුවන් දෛවඥයෝ ඉන්නවා. මට නම් ඒ සදහා ප්‍රමානවත් දැනුමක් නැහැ.කොහොමත් මම පලාඵල බලනකොට රාජ යෝග ගැන බලන්නෙම නැහැ වගේ.ඔය දේශපාලනය සම්බන්ධ අය ආපුවාම නම් ඉල්ලීම අනුව අදාළ යෝග පිළිබදව විමසා බලනවා.මම අවංකම උත්තරේ තමයි දුන්නේ.

jhothiratna said...

ඔබේ අවංක බාවය ගැන සතුටුය්. රාජ යෝග ගැන අන්තර්ජාලය හරහා මම ගොඩක් විස්තර හෙව්වා. ඒත් පැහැදිලි නිගමනයකට එන්න තරම්
කරුණු හොයාගන්න බැරි උනා. ලෝකේ ඕනෑම වෙලාවක ඕනම තැනක උපදින කෙනෙකුගේ කේන්දරයක රාජ යෝග පිහිටනවා.රාජ යෝග පහ හයක් වත් එක කේන්ද්‍රයක පිහිටනවා. මම දන්නා තරමින් රාජ යෝග වර්ග ලක්ෂයකටත් වැඩිය තියෙනව.ඊලගට මම විස්තර හොයපු කාරණය උනේ කෙනෙක්ගේ රැකියාව ගැන නිගමනය කරන්නේ කොහොමද කියන එක.මේකත් ඒවගේම අව්ල් ජාලයක් .රැකියාව සම්බන්දයෙන් තීරණය කරන්නේ කොහොමද කියන එක පැහැදිලි කරනවද?

jhothishalanka said...

@jhothiratna
ජගන්නාත් හෝරා මෘදුකාංගයෙන් සෑදෙන ජන්ම කේන්ද්‍රවල Strengths menu එකේ යටින්ම ඇති Other Strengths වලට යන්න එහි ජන්ම කේන්ද්‍රයේ පිහිටන යෝග ගැන සිද්ධාන්ත සමග විස්තරයක් ලැබෙනවා.

jhothiratna said...

Jagannatha hora මෘදුකාංගය මම කාලයක ඉඳන් පාවිච්චි කරනවා.ඔබ කියන කාරණය පිළිබඳව මම දනුවත්. ප්‍රශ්නය තියෙන්නේ මේ ග්‍රහ යෝග වල බලපෑම කොතරම් ප්‍රමනයකින් අදාළ පුද්ගලයාට බලපානවද කියන කාරණය.මේ ගැන මට නොතේරෙන්නේ සමහරවිට් මගේ ජොතිශය පිලිබඳ අඩු න්‍යායික දැනීම නිසා වෙන්න පුළුවන්.

Anonymous said...

බොහොම වටිනා ලිපියක්...
මේ ගැන දැනුවත් කරාට බොහොම ස්තුතියි.

Anonymous said...

මගේ මිතුරියගේ සොයුරිය විවාහ වන අවස්ථාවේ ඔවුන් දෙපලගේ කේන්ද්‍ර පරීක්ෂා කිරීමේ දී ඒවා ගෑලපෙන බව දෛවඥ මහතුන් කීප දෙනෙක් ම පෑවෑසුහ.

නමුත් මේ වන විට (මාස කීපයකට පසූ) විවාහය බිඳ වැටී ඈත. දෑනුදු මෙම ජන්ම පත්‍ර පරීක්ෂා කරන සමහර දෛවඥ මහතුන් එම කේන්ද්‍ර ගෑලපෙන බව පවසයි

මෙසේ වීමත හේතුව කුමක් ද ?

jhothishalanka said...

@Anonymous
ඇත්තටම අදාළ කේන්ද්‍ර දෙක පරීක්‍ෂා නොකොට ඔබ ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දීමට නොහැකියි.කේන්ද්‍ර බලන්නන් කිහිප දෙනෙකුම පොරොන්දම් ගැලපීම හොද යැයි පැවසුවත් කුමන හෝ සැගවුනු දෝෂයක් තිබිය හැකියි.තව දෙයක් කිව යුතුයි.ඒකට සමහරු නම් එකග නැහැ.ඇත්තටම මේ ලෝකේ සිද්ධවෙන සමහර දේවල්(හොද හෝ නරක වේවා) ඒ විදියටම සිද්ධ වෙනවා.ඒවාට බලපෑම ඇති කිරීම කළ නොහැකි දෙයක්.සේවාදායකයාගේ නරකට හෝ හොදට සමහර අවස්ථාවල හොද පළපුරුදු දෛවඥයන්ටත් වැරදීම් සිදුවන අවස්ථා ඇත.අනික ජ්‍යොතිෂය යනු දිවැසින් දකින්නාක් මෙන් අනාගතය කිව හැකි සාස්ත්‍රයක් නොවේ.එය භාවිතා කළ යුත්තේ අනිවාර්ය අයුරින් නොව ප්‍රමාණවත් අයුරින්ය.බොහෝ දෙනා මෙය පටලවාගන්නා දෙයක්.ජ්‍යොතිෂය අනුව වැඩ කටයුතු කිරීමෙන් 100% ක් සාර්ථක ප්‍රතිඵල ලැබිය නොහැකියි.හැබැයි ඉන් කියන්නේ නැහැ පොරොන්දම් පරීක්‍ෂාව අසාර්ථක ක්‍රමයක් කියලා. 95% කටත් එහා සාර්ථක ප්‍රතිඵල ලබා ගත හැකියි.
ජ්‍යොතිෂය ගැන හොද වැටහීමක් තියෙන වෙනත් අයටත් අසන්නාගේ ප්‍රශ්ණයට මේ හරහා පිළිතුරු දිය හැකියි.හැබැයි කොමොන්ටු පබ්ලිෂ් කරන්නේ සුදුසුනම් විතරයි.

M. M. Rohana Wasantha said...

මෙම ලිපිය ට සබැඳියක් ලෙසින් මම ලියා ඇති "විසි පොරොන්දම්වල විද්‍යාත්මක පැතිකඩ..."නමැති ලිපිය මදක් බලන ලෙසට ඔබට යෝජනා කරන්න කැමතියි.
url එක මෙන්න...
http://kendaralk.blogspot.com/2009/06/blog-post_12.html

Anonymous said...

wedagath lipiyak. joyathisaya gena adu denumak thiyena api wage ayata godakma watinawa.

තරු said...

ඔබ තුමාගේ බ්ලොගයේ ලිපි රාශියක්ම කියෙව්වා.මේ ලිපිය කියවගෙන යනකොට මට ඔබ තුමාට කියල හදහන බලවා ගැනීමේ කැමැත්තක් ඇති වුනා.ඒ වුනත් ඉහත සුභාශ් යන අයට ඔබ තුමා විසින් දී ඇති කොමෙන්ටුව දුටු විට අදහස වෙනස් කරගත්තා...
ඉතාමත් වටිනා ලිපි රාශියක් ..
සුභ පතනවා දිගටම ලියන්න වාසනාව ශක්තිය ලැබේවා කියලා.

Anonymous said...

මේකේ තියෙන විදිහට සෙනසුරු 7 තියෙන කෙනෙක්ට 7 වෙනි කොටුවේ පාපී ග්‍රහයෙක් නැති කෙනෙක් සුදුසුම නැත්ද? මේ කියන පුරුෂ මාරක යෝගය මග හරවා ගන්න විකල්ප විසදුමක් නැත්ද? මගේ සහ මගේ මිතුරාගේ පොරොන්දම් ගැලපීමෙදී මෙමෙ දෝෂය තිබෙන බව පවසා තිබෙනවා.මේ නිසා අපගේ සම්බන්දයට අපේ ගෙදරින් විරුද්දයි. මේ නිසා අපි බලවත් පීඩාවකට පත් වෙලා. මෙයට විසදුමක් ජ්‍යෝතිෂයේ නැත්ද?

Anonymous said...

ඉහත සදහන් පරිදි පුරුෂ මාරක යෝගය යම්තාක් දුරකට හෝ මගහරවා ගැනීමට හැකි විකල්ප විසදුමක් ජ්‍යෝතිෂයේ ඇත්නම් ඒ පිළිබද බ්ලොග් ලිපියක් මගින් අප දැනුවත් කරනවානම් ගොඩක් වටිනවා.ඔබතුමාගේ ලිපි ගොඩක් වැදගත්.දැනට තරුණ තරුණියන් බහුතරය මේ දේවල් පිළිගන්න අකමැති වී තිබෙන්නේ ඉහත සදහන් ආකාරයේ ගැටලු මතුවීම නිසා. එහෙයින් මේ පිලිබදව සවිස්තරාත්මකව ලියන මෙන් ඉල්ලා සිටිනවා.

APW said...

hatha adipathi sathuruwa sitheema gena mokada jyothishaye kiyanne.?

karuna karala pahadanna.
sthuthie!

EG. KATAKA LAGNAYE SHANI 2 (SINGHA) SITIEMA.

APW said...

THULA LAGNAYE 7 WENNE KUJA,SIKURU EKATA SITEEMEN RUCHAKA YOGAYA ATHIWENAWADA?
EVITA KUJA DOSHAYA NETHI WENAWA DA ?

THANKS.

APW said...

GURU GRAHAYA KATAKAYE HARIYATAMA UCHCHA WENA ANSHAKAYA KUMAKDA ?

PAHADA DENNA.

jhothishalanka said...

@APW
ඔයාගේ ගැටළු දැක්කේ පස්සේ.
1) හත අධිපතියා සතුරු ර්ශියක තැන්පත් වීමේ ගුණාගුණ එම රාශිය හා ස්ථානය(කේන්ද්‍රයේ කී වැන්නද යන්න) අනුව අඩු වැඩිවේ.හත අධිපතිගේ පිහිටීම සැලකීමේදී මුල් තැන දෙන්නේ ස්ථානයටයි.(ලග්නය,දෙවැන්න ආදී) ආර්.එච් විලියම් මහතාගේ "පොරොන්දම් බලන හැටි" පොතේ 86-87 පිටු හා හෙන්ද්‍රක් සිල්වා හෙට්ටිගොඩ මහතාගේ "ජීවිතය හා ග්‍රහයෝ" පොතේ 180-181 පිටු (මෙම පිටු අංක පොත් වල සංස්කරණ අනුව සුළු වශයෙන් වෙනස් විය හැක) බලන්න
2) තුලා ලග්නයේ 7 වැන්න මේෂය කුජට ක්‍ෂෙත්‍ර නිසා රුචක යෝගය පිහිටයි.නමුත් කුජ දෝෂය භංග වීමට අනිත් කේන්ද්‍රයේද කුජ දෝෂය තිබිය යුතුය එසේ නැතහොත් අනිත් කේන්ද්‍රයේ ශනි 1,4,7,9,12 ස්ථානයක සිටිය යුතුය.කුජ දෝෂ භංග වන තවත් ක්‍රම ඇත.ඒවා කමෙන්ටුවකින් දැක්විය නොහැක.
3) ගුරු ග්‍රහයා කටකයේ 5වෙනි අංශකය තුල පරම උච්චවේ.මෙය පහදා දීම තරමක් සංකීර්ණය.පෘථිවිය හා ගුරු අතර ගුරුත්වාකර්ශනය වැඩිම වීම කටක රාශියේ මෙම අංශකයේදී සිදුවේ.

APW said...

Thanks for ur comments.

Anonymous said...

මගේ ගර්ල් ගේ 7 වෙනි කොටුවේ කුජ සිකුරු රවී 3 ම ඉන්නවා . මගේ 7 වෙනි කොටුව හිස.
කුජ 7 කෙන්දරයකට කුජ 7 කේන්දරයක් ම ලැබිය යුතුයි කියල මන් අහල තියෙනවා . මේක
ටිකක් පැහැදිලි කරන්න පුළුවන් ද

jhothishalanka said...

@Anonymous
ස්ත්‍රී කේන්ද්‍රයේ කුජ හත සිටින විට පුරුෂ කේන්ද්‍රයේත් හත්වැන්නේ අටවැන්නේ පාපීන් සිටීම වඩාත් සුභයි.කුජ 7 ම සිටිය යුතු යැයි නියමයක් නැත.මෙම ගැටළුවට පිළිතුර කෙටියෙන් ලබා දිය නොහැකියි.පළපුරුදු දෛවඥයන් දෙදෙනෙකු ලවා වත් පොරොන්දම් පරීක්‍ෂා කර බැලීම වඩාත් සුදුසුයි.

Anonymous said...

බොහොම ස්තුතියි

Anonymous said...

වැදගත් ලිපියක්.......මගේ ගෑනුළමයාගේ කුජ 7,මගේ කෙන්දරෙටත් කුජ 7 පේනවාකියල කියල තිබුන,,,එහෙම උනාම දෝෂ කැපිල යනවද?
කුජ 7 කෙනෙක්ට කුජ 7 කෙනෙක්ම හොයා ගන්න ඕනෙද?
7 පේන අයට කුජ 7 අය ගැටළුවක් නැද්ද?
කරුණාකර පහදල දෙන්න ,ගොඩක් අයට වැදගත් වේවි
බොහොම ස්තුතියි

jhothishalanka said...

@Anonymous
කුජ 7 සිටින ස්ත්‍රී කේන්ද්‍රයකට කුජට හත පෙනෙන පුරුෂ කේන්ද්‍ර ගැලපීමක් යම්කිසි මට්ටමකට තිබෙනවා.ස්ත්‍රියගේ කුජ හත සිටීම පුරුෂ මාරක යෝගයක් කියන නිසා එවැනි කේන්ද්‍ර වලට වඩාත් හොදින් ගැලපෙන්නේ කුජ 7 කේන්ද්‍රයි.( විෂට විෂ නැසීමක් ලෙස) කුජට හත පෙනෙන පුරුෂ කේන්ද්‍ර වල ග්‍රහ පිහිටීම තවත් සුදුසු අයුරින් සිටීනම් කුජ 7 ස්ත්‍රී කේන්ද්‍ර වලට ගැලපේ.

Anonymous said...

බොහොම ස්තුතියි

Kumar Wellalage said...

Comment for comment 29

1) Vargotthama nam janmiyata ema grahayage lakshana pitanava eg: Sukra nam Hadata fight back karana janmiyek
2)Raja yoga kriyathmaka wenne Karaka Yange Prabalathawa matha
3)Subayan Asubayan Jothishayedi sadahan wanne neha. Eya veradhi bavithyak, Kroorayan ha Saumyayan siti. Oba kiyanne kendra adipathiyan saumyanam Kroorayanse Kriyakariwana bawai ema bawithaya niwaredei.

Anonymous said...

මගේ කන්‍යා ලග්නයේ 7 වැන්නේ (මීනයේ) ගුරු සිකුරු රාහු 3 දෙනාම ඉන්නවා . ගුරු ස්වක්ෂේත්‍ර වෙද්දී සිකුරු උච්චයි , නමුත් සුබ ග්‍රහයෝ කේන්ද්‍රස්ථාන වලට අසුබයි කියනවා. එටකොට රාහුත් ඉන්නවා.
ඊලගට ශනි 3 චන්ද්‍ර කුජ 9 එතැන ශනි මංගල යෝගේත් එනවා.
ලග්නාදධිපති රවිත් එක්ක ඉන්නේ මේශයේ උනාට 8 වෙනි භාවයේ.
අහන අහන කෙනා වෙනස් උත්තර දෙන්නේ..
මේ අය විදියට ඉන්නකොට ඒක කෝමද පැහැදිලි කර ගන්නේ ..
ඔය දෝෂ ඔක්කොටම හරියන කෙනෙක් හොයන්න බෑනේ.
එතකොට වඩා සුදුසු කොහොමද ?
කරදරයක් නම් සමාවෙන්න ...
පොස්ට් දැකල විස්වාස කරන්න පුළුවන් තරමට හිත හැදුන නිසයි අහන්න හිතුනේ...
ලොකු උදව්වක්.....

jhothishalanka said...

@Anonymous
මෙවැනි කේන්ද්‍රයකට ගැලපෙන කේන්ද්‍ර තේරීම ඔය කියන තරම් අසීරු වෙන්නේ නැහැ.මුලින්ම තැන දෙන්න ඕන ග්‍රහ හා නැකැත් ගැලපෙන අයුරින් තිබීමට.7 වැන්නේ තිබෙන ගුරු සිකුරු රාහු යෝගය පාපාංශක විෂ අඩු වැඩි කිරීමේදී යම් පටලැවිලි බවක් ඇති කරන නමුත් ඔබ ස්ත්‍රියක් නම් වඩාත් හොද 7,8 ස්ථාන වල පාපී ග්‍රහයන් සිටින පුරුෂ කේන්දයකි.ඔබ පුරුෂයෙක් නම් ඔබට ගැලපෙන්නේ අහවල් අයුරින් පාපීන් සිටින හෝ නොසිටන ස්ත්‍රී කේන්දයයි එකවර කිව නොහැකිය.ඒක නම් ස්ත්‍රී කේන්දරේ අනුව සැලකිය යුතුය.ශනි මංගල දෝෂයට ගැලපෙන කේන්ද්‍ර තෝරන හැටද මේ ලිපි පෙලේම කියලා තියෙනවනේ.

Anonymous said...

මම විවාහ වෙන්න සිටින පෙම්වතාගේ කුජ දෝෂය බලපාල තියෙන්නේ චන්ද්‍රයාගෙන්. ලග්නයෙන් නොවේ. මට කුජ දෝෂය නැත. ඔහුගේ එම දෝෂය මගේ කේන්ද්‍රයෙන් කැපී යන්නේද නැත.අප දෙදෙනාගේ විවාහ ජීවිතය සාර්ථක වේද? චන්ද්‍රයාගෙන් ඇති වෙන කුජ දෝෂය බලවත්ද? අනේ මට උදව් කරන්න

Unknown said...

මගේ කෙන්දරේ කුජ ඉන්නේ 8ටේ, මගේ ගෑනු ලමයට කේන්දරයක් නෑ... ඉපදුන වෙලාව විතරය් තියෙන්නේ අපේ ගෙදර අය බොහෝම තදට කේන්දර විශ්වාස කරනවා..
අපේ කේන්දර ගැලපෙන්න නම් එයගේ කෙන්දරෙත් කුජ 8ම ඉන්න ඔනෙද? එහෙම නැති උනොත් කරන්නම දෙයක් නැද්ද? ගෙවල් වලට කියන්නත් බයය්.. එහෙම කියන්නේ නැතුව කේන්දර බලන්න යන්නත් බෑ...සමහර සය්ට් වල බලුවා, ඒත් මම ඉපදුන වෙලාව දැම්මාම ලැබෙන කේන්දරේ, මගේ ලග තියෙන එකට ගැල පෙන්නේ නෑ නේ.. මේක හිතට මහා වදයක්... පොඩි උපදේශයක් දෙන්න පුලුවන් නම් ගොඩාක් පින්..

Unknown said...

මගේ කෙන්දරේ කුජ ඉන්නේ 8ටේ, මගේ ගෑනු ලමයට කේන්දරයක් නෑ... ඉපදුන වෙලාව විතරය් තියෙන්නේ අපේ ගෙදර අය බොහෝම තදට කේන්දර විශ්වාස කරනවා..
අපේ කේන්දර ගැලපෙන්න නම් එයගේ කෙන්දරෙත් කුජ 8ම ඉන්න ඔනෙද? එහෙම නැති උනොත් කරන්නම දෙයක් නැද්ද? ගෙවල් වලට කියන්නත් බයය්.. එහෙම කියන්නේ නැතුව කේන්දර බලන්න යන්නත් බෑ...සමහර සය්ට් වල බලුවා, ඒත් මම ඉපදුන වෙලාව දැම්මාම ලැබෙන කේන්දරේ, මගේ ලග තියෙන එකට ගැල පෙන්නේ නෑ නේ.. මේක හිතට මහා වදයක්... පොඩි උපදේශයක් දෙන්න පුලුවන් නම් ගොඩාක් පින්..

Anonymous said...

තුලා ලග්නයේ, අට වැන්නේ කුජ සිටින පිරිමි කේන්ද්‍රයක, සතර වැන්නේ ශනි සහ රාහු සිටී නම්, කුජ දෝශය භන්ග වෙනවාද?
දොලොස් වැන්නේ ශනි සිටින ස්ත්‍රී කෙන්ද්‍රයක් එයට ගැලපෙනවාද?

Anonymous said...

කේන්දර බලද්දී කියනවා නේද කෙනෙක් පතාගෙන එනවයි කියල සමහර අයට, අන්න ඒ සාස්තරේ බලන්නේ කොහොමද කියල කියන්න පුළුවන් ද :)

Anonymous said...

මම විවාහ වීමට සිටින තරුණියගෙ කේන්දරයට අනුව ලග්නය මේශ වේ.
6 වැන්නේ කෙතු ද, 7 වැන්නේ බුඪ,කුජ,චන්ද්‍ර ද, 8 වැන්නෙ සිකුරු,රවි,ශනි ද, 12 වැන්නේ ගුරු,රහුද වේ. මෙහි ශනි මංගල යෝගය පවතිද?
මගේ කේන්ද්‍රයට අනුව ලග්නය මිතුන වේ. 5-කෙතු, 6-ශනි, 8-ගුරු, 9-චන්ද්‍ර 10-බුධ,සිකුරු, 11-රවි,රාහු,කුජ වේ. අප විවාහයට නොගලපේද?
විදෙශ් ගත වීමෙන් දෝශ වලක්වා ගත හකිද? කාරුණිකවී පිළිතුරක් අපේක්ෂා කරමි.
ඇය උපන්නේ 1987-11-20 සවස 04.05 ට. මහනුවරදී.

jhothishalanka said...

ස්ත්‍රී කේන්ද්‍රයේ 7,8 ස්ථාන වල පාපාංශක පුරුෂ කේන්ද්‍රයට වඩා වැඩිය.
ස්ත්‍රී කේන්ද්‍රයේ ශනි මංගල දෝෂය 100% ක් නැති නමුත් ශනි කුජ දෙදෙනා ආසන්නව සිටීම පුරුෂ කේන්ද්‍රයේ ශනි කුජ සප්තම වීමට ගැලපේ.ග්‍රහ පොරොන්දමේ ගැලපීමනම් මදියි.

Anonymous said...

ඔබතුමාට බොහොම ස්තුතියි. විදෙශ් ගත වීම තුලින් අසුබ අඩු කර ගත හකිද? අපට පිළිතුරක් ලබා දිය හකිනම් ඉතා අගය කරමි.

Anonymous said...

කුජ 7 දෝෂය කැපී යන අවශ්ථා පහත වෙබ් ලිපිනයේ දක්වා ඇත. එය නිවරදිද?
http://www.divaina.com/2011/10/28/naka04.html

Anonymous said...

EKAMA NAKATHEN UPAN AYATA PORONDAM BALIMA AWASHYA NOWEDHA?

Anonymous said...

මෙම විවාහය සිදුවුණොත් අතිවිය හැකි තත්වයන් මොනවාද?
මෙහි වැන්දඹු දෝෂය තිබේද?

Anonymous said...

මෙහි කුජ දෝෂය භංග වී ඇත්තේද?

Anonymous said...

බොහොම වටිනා දුර්ලභ ලිපියක්.කුජ දෝශය භන්ග වන ක්‍රම තියෙනවා කියල දනුවත් වීම ලොකු දෙයක්.මගේ ලග්නය තුලා ,කේන්දරේ 1-ප්ලුටො 3-චන්ද්‍ර,යුරේ,නෙප් 4-ශනි,රාහු 5-රවි, 6-බුධ,සිකුරු 8-කුජ 10-ගුරු,කේතු
මට කුජදෝශය යෙදෙනවාද? කාරුණිකව පහදිලි කර දෙන්න.
බොහෝම ස්තුතිය්

Unknown said...

‍කේන්දරේ අතට ගන්නේ දුකක් වුනහම...... එහෙම අයට හිත හැදෙන්න වදනක් හරි කියන්න තරම් කාරුණික ඔබ අති උත්තරීතර හදවතක් ඇත්තෙක්..ඔබට බුදුසරණයි.මගෙත් ගොඩක් ගැටළු වලට විසදුම් මෙ ලිපිවල තියනවා.මගේ ලග්නය තුලා ගුරු 4 ඉන්නේ. මගේ මහත්තයගේ ලග්නේ සිංහ ගුරු 6 ඉන්නේ..දෙදෙනාගේම 5 ග්‍රහයෝ නෑ.අපිට දරු සම්පත් අඩුද,

Unknown said...

මුදලට යටවන ලෝකයේ ඔබ තුමාගේ සේවය ඉතාම වටිනවා..... ඔබට බුදුසරණයි

jhothishalanka said...

ස්ත්‍රී පුරුෂ දෙදෙනාගේම ගුරු මකරයේ නීච වීම හා පුරුෂයාගේ එම ගුරු පහ අධිපති වීම දරුවන්ට අසුභ යෝග තමයි.නමුත් දක්වා ඇති විස්තර වලින් පිළිතුරු දීම අසීරුයි.

Related Posts Plugin for WordPress, Blogger...