ජ්‍යොතිෂය යනු ජාති කුල ආගම් භේදයකින් තොරව එකසේ ප්‍රයෝජනයට ගත හැකි ශාස්ත්රයකි.ලොවපුරා විවිධ ජාතීන් ජ්‍යොතිෂයෙන් වැඩ ප්‍රයෝජන ගන්නා අකාරයෙන් මෙය මොනවට පැහැදිලිවේ.
ජ්‍යොතිෂය පිළිගන්නා අය අතර දේශපාලඥයන්ද ඉදිරියෙන්ම සිටී.එදා මෙදා තුර මෙරට පාලනය කළ ජන නායකයින් රාශියක් ජ්‍යොතිෂය විශ්වාස කලෝය.වර්තමාන ජනාධිපති තුමාද විටින් විට
"අනේ මම ඔය කේන්දර කාරයෝ කියන දේවල් ගනන් ගන්නේ නෑ.ග්‍රහයන්ට පුළුවන්ද අපේ වැඩ නවත්වන්න"
වගේ කතා මූනිච්චාවට කිව්වත් එතුමාද ජ්‍යොතිෂය ඉතා හොදින් පිළිපදින බවට සාක්ෂි එමට ඇත.මෙහි සත්‍ය අසත්‍ය බව විමසා බැලීමට අවශ්‍යනම් ඔබගේ බ්ලොග් හෝ වෙබ් අඩවියේ 1945 නොවැම්බර් 18 දින පාන්දර 2ත් 4ත් අතර වේලාවක් සිතා එය ජනාධිපති තුමාගේ උපන් වේලාව ලෙස දක්වා පෝස්ට් එකක් දමා බලන්න.ඔබගේ අඩවිය නිසැකවම රහස් පොලිසියේ අවධානයට ලක්වනු ඇත.සිරිමාවෝ බණ්ඩාරණායක,ජේ.ආර් ජයවර්ධන ,ආර් ප්‍රේමදාස ,ඩී.බී විජේතුංග,චන්ද්‍රිකා කුමාරතුංග,මහින්ද රාජපක්ෂ යන ජනනායකයන්ගේ උපන් දින ලග්න සොයා ගැනීම අසීරු නොවුනත් ඔවුන්ගේ නිවැරදි උපන් වේලාවන් සොයා ගැනීම අසීරු වන්නේ එය ප්‍රසිද්ධ කිරීම අනතුරුදායක බව එම ජන නායකයින්ට ජ්‍යොතිෂ උපදෙස් ලැබී තිබුනු නිසාමය.