Saturday, March 30, 2013

අවුරුදු කෝණ මාසය තුල නිවාස නැකැත් ගැනීම හොඳද?


සූර්යයා මිථුන,කන්‍යා,ධනු,මීන යන ද්විස්වභා(උභය) රාශිවල ගමන් කරන කාලය කෝණ දෝෂයෙන් යුක්තවේ.මෙම කෝණ දෝෂ ඇති මාසවල නිවාස ඉදිකිරීම් සම්බන්ධ කටයුතු විවාහ කටයුතු ආදී ශුභ කටයුතු කිරීම අසුභ බව පුරාණ ජ්‍යොතිෂආචාර්්‍ය මතයයි.
   සාමාන්‍යයෙන් සෑම වර්ෂයකම කෝණ මාස යෙදෙන ආකරය පහත දැක්වේ සමහර විට එය දවසක් දෙකක් අඩු වැඩි විය හැක.පංචාංග ලිත් මගින් අදාල වර්ෂය තුල කෝණ මාස යෙදෙන හැටි හරියටම බලා ගත හැක.

  මිථුන රවිය -  ජුනි 15 සිට ජූලද 15 දක්වා.
  කන්‍යා රවිය - සැප්තැම්බර් 15 සිට ඔක්තේම්බර් 15 දක්වා.
  ධනු රවිය  - දෙසැම්බර් 15 සිට ජනවාරි 15 දක්වා.
  මීන රවිය  - මාර්තු 15 සිට අප්‍රේල් 15 දක්වා

 මින් සූර්යයා මිනයේ ගමන් කරන කෝණ මාසය (අවුරුදු කෝණය) වඩාත්ම අසුභ කාලය ලෙස දැක්වේ. මෙවර (2013) අවුරුදු කෝණය මාර්තු 14 සිට අප්‍රේල් 14 දක්වා ඇත.

 කෝණ මාසය තුල නිවාස නැකැත් හා විවාහ නැකැත් ගැනීම අසුභ ලෙස ජ්‍යොතිෂයේ දක්වා ඇතත් විවාහ කටයුතු වලදී කෙසේ වෙතත් නිවාස ඉදිකිරීම් සම්බන්ධ කටයුතුවලදී කෝණ මාස මඟහැර කටයුතු කිරීමේ ප්‍රායෝගික අපහසුතා දක්නට ඇත.උදාහරනයක් ලෙස අළුත් අවුරුද්දට පෙර යෙදෙන අවුරුදු කෝණය තුලදී යටලී උළුවහු තැබීම්,ගෙට ගෙවදීම් නොකලහොත් වැඩ අවසන්වීමට ඔන්න මෙන්න ඇති හා පදිංචි වීමට තරමටම වැඩ අවසන් නිවාස වල ගෙවදීම් කටයුතු අළුත් අවුරුද්ද පසුවන තුරු කල නොහැකි වන බවට ‍බොහෝ දෙනා මැසිවිලි නගති.
    අළුතින්ම නිවසකට අත්තිවාරම් දැමීමක් හෝ අළුතින් ඉදිවන නිවසක ප්‍රධාන යටලී තැබීමක් හෝ නොමැතිව නිවසක කොටසක අත්තිවාරමක් අනු යටලී තැබීමකදී සේවා ලාභියාගේ හදිසි අවශ්‍යතාවය මත අවුරුදු කෝණ මාසය තුල නැකතක් දීම අප විසින් කලාතුරකින් සිදුවුවත් කෝණ මාසය මඟහැර නැකැත් ගත යුතු බව පුරාණයේ සිට පැවත එන ජ්‍යොතිෂ මතයකි.ඈපා පංචාංග ලිතේ මෑත කාලයක සිට අවුරුදු කෝණ මාසය තුල නිවාස නැකැත් සඳහන් කර තිබීම පිළිබඳව බොහෝ දෙනා අපගෙන් ප්‍රශ්ණ කරන නමුත් කෝණ මාසය තුල නිවාස ඉදිකිරීමට සුභ නැකැත් දීම අශාස්ත්‍රීයමවේ. 

5 comments:

Imantha said...

අප දකිනවා බොහෝ විට සෙනසුරු අපලයට ප්‍රතිකර්ම කරන දේවාලවල සෙනසුරු කියා දෙවි කෙනෙකුගේ රූප සහ සෙනසුරුගේ වාහනය කියා කපුටකුගේ රූපයක් ඇද තිබෙනවා.ඇත්තටම මෙහෙම දෙවි කෙනෙක් නෑ නේද?තිබෙන්නේ ග්‍රහයෙක් පමණයි නේද? මේ ගැන පැහැදිලි කර දෙන්න.

මුතු said...

ධනු රවියේ වැඩ ඇරඹු අපේ නිවස වසර 17 ක් ගෙවී ඇතත් මුදල් තිබී වුවද තවම වැඩ අවසන් කර නැත. තවද මම දන්නා අඩක් සාදා වැඩ අවසන් කර නැති එමෙන්ම තවම පදිංචියටවත් පැමිණ නැති නිවාස කිහිපයක්ම අත්තිවාරම් දමා ඇත්තේ මේ කෝණ මාස වලදීය. එය නම් සත්‍ය කාරණයකි.

වීපොකුරෙ වීයා said...

මගේ පුද්ගලික අත්දැකීම නම් නිවස ඉදිකිරීමට බොහෝ බදා වේ.පමාවේ සමහර අයට බිත්ති ටික ඕසවා ගැනීමටත් අමාරුවේ.කෝණ මාසයේ නැකැත් ගැනීමෙන්.

නැකත් ආවත් මම නම් ප්‍රතික්ෂේප කරමි ලණු ඇදීම.

Sagara said...

වැදගත් තොරතුරක්.

දසුන් සමීර වීරසිංහ said...

කෝන මාසය ලෙස මාසයක්ම අත ඇරීම වැරදි දෙයක් ලෙසයි මම ඉගනගෙන තියෙන්නේ. ඇත්තටම ක්ශීණ නැකත් 4ක් තමයි අයින් වෙන්නේ. කෙසේ වෙතත් යම් මට්ටයමකින් මාසයම අයින් කිරීම සාධාරනය කළ හැකියි, ඒ මාස මාස දෙකක් අතර ඇති වෙන දොෂ ආදිය ඉවත් කළ විට එම මාස වල නැකැත් ගත හැකි දින ඉතිරි වන්නේ අතලොස්සයි.

Related Posts Plugin for WordPress, Blogger...