Saturday, October 5, 2013

2013 ඔක්තෝම්බර් 05 දින අඟහරු කටකයෙන් සිංහ රාශියට...ලග්න රැසකට සුභඵල


  2013 අගෝස්තු 19 දිනෙන් කටක රාශිය තුල නීචව ගමන් කල අඟහරු ග්‍රහයා 2013 ඔක්තෝම්බර් 05 වැනි දින එනම් අද දින රාත්‍රී 7.41 ට පමණ ස්වකීය නීච ගමන නවතා සිංහ රාශියට පිවිසේ.ඇතැම් මූල ග්‍රන්ථ වල සිංහ රාශිය අඟහරු හෙවත් කුජට සතුරු රාශියක් ලෙස දක්වා ඇතත් සාමාන්‍ය පෙරදිග මතය අනුව අඟහරුට සිංහ රාශිය මිත්‍ර රාශියක් ලෙස සැලකේ.
   ග්‍රහ ලොව සෙන්පති ලෙස හදුන්වන සටන්කාමී අඟහරු ග්‍රහයා බලවත් වූ විට නිර්භීතකම,බලය,ශක්තිය අධිෂ්ඨානය නායකත්ව හැකියාව වර්ධනය කරන අතර දුබල වූ විට කෝපය,දීන කම,ප්‍රචන්ඩත්වය,මුරණ්ඩුකම වර්ධනය කරයි.
   මිතුරන්,සතුරන්,බාල සොයුරන්,පියාගේ ඥාතීන්,ආරක්ෂාව හා විපත් ,ආශාව, පුරුෂ ශක්තිය ,රුධිර ගත රෝග ආදියේ දියුණුව හෝ පිරිහීම කුජ නිසා ඇතිවන බව කියයි.
    තේජෝ රාශියක් වන සිංහයට තේජෝ ග්‍රහයකු වන කුජගේ පැමිණීම කුජ බලය මනාව ඉස්මතු කරයි.
 කෙසේ වුවත් කුජ සිංහ රාශි ගත වීම වෘෂභ,කන්‍යා,මකර ලග්න හිමියන්ට අසුභ දායකය.සෞඛ්‍ය හා තුවාල අනතුරු පීඩා වලින් මෙන්ම සතුරු කරදර හා නීති ප්‍රශ්ණ වලින්ද එම ලග්න හිමියන්ට අපලවේ.වෙනත් ග්‍රහයන්ගේ බල දුබලතා අනුව මෙම අපල විෂ අඩු වැඩි වේ.
    2013 නොවැම්බර් 26 දක්වා අඟහරු සිංහ රාශියේ ගමන් කරයි..

No comments:

Related Posts Plugin for WordPress, Blogger...