Saturday, October 5, 2013

ශුන්‍යයයෙන් නවීන විද්‍යාවට - 7

 එම්බා ශුන්‍යය !
             නූඹ නම් ලොවට මහා ප්‍රශ්ණයකි.වෙස් පෙරලන නළුවෙකි..
             නුඹ කුමන ආකාරයක්ද?නොවිසදුනු ගැටළු රාශියකි.
             නුඹ ඉරට්ටේද?නුඹගේම බලයේ අගය කීයද?
             විද්‍යා ලොවේ පෙරදිගින් පායපු හිරු නුඹලු....
             නුඹ නැත්නම් සුදදන්ටත් වැඩ බැරි වෙනවලු....

             එක් තැනක නුඹ ආරම්භයයි..
             තව තැනක නුඹ මධ්‍යයයි..
             තවත් තැනක නුඹ අවසානයයි..
             භෞතික විද්‍යාවෙදි උඹ හරි හැඩලු..
             කෙල්වින් උස්නෙදි..ඩෙසිබල් සද්දෙදි... අගයක් නැති උඹටත් අගයක් තියෙනවලු....
             රසායන විජ්ජෙත් උඹ වැඩ කාරයි පරමානුක ක්‍රමාංක උඹ නැතිව කරන්න බැරිලු....
             කම්පීතරෙත් විජ්ජා පෙන්නන්නෙ උඹලු...සීරෝ වන් බේස්ලු....
             ටෙලිපෝන් කරනකොටත් නගරෙ වෙනස් කරන්න උඹව මුලට දානවලු...
             රට වෙනස් කරන්න..උඹව දෙපාරක් ඉස්සරහට දාන්න ඕනලු..
             උඹව ඉසසරහට තුන් පාරක් දාලා වෙනින් ග්‍රහලෝක වලටත් කතා කරාවිද?....
             DVD  , Region Free කරන්නෙ උඹලු...
             කැසිනෝ වල උඹටත් තැනක්ලු.....
             පියානෝ න්‍යායෙ මුල් එක උඹගෙලු...
             අනේ මන්ද...තව කොච්චර ඇත්ද?....
            

No comments:

Related Posts Plugin for WordPress, Blogger...