Tuesday, February 26, 2013

තොටගමු ගුරු හිමියනි මා මූසිලයකු නොවෙමි -වෑත්තෑවේ හිමි

    පුරාණ ලංකාවේ සත්කෝරළේ දිසාවේ කටුගම්පළ හත්පත්තුවේ මැදපත්තු කෝරළේ වෑත්තෑව නම් ගමකි.මේ ගමෙහි දුග්ගන්නා වලව්වේ දුග්ගන්නා රාළට දරුවන් කිහිප දෙනෙකි.පවුලේ බාල දරුවා වූ "අප්පුහාමි"කුඩා කල සිටම වැඩි කලබලයක් නැති කීකරු දරුවෙක් විය.ඉගෙනීමටද දක්ෂ‍කම් පෑ අප්පුහාමි පුතුගේ වැඩිදුර ඉගෙනුමට වඩාත් සුදුසු ස්ථානය එකල රටේ පමනක් නොව වෙනත් දේශ වලද ජාත්‍යන්තර සරසවියක් මෙන් ප්‍රසිද්ධ "විජයබා" පිරිවෙන බව වටහා ගත් දුග්ගන්නා රාල තම පුතුව තොටගමුවේ ශ්‍රී රාහුල හිමිගේ පරිවෙණාධිපතිත්වයෙන් යුක්ත වූ "විජයබා"පිරිවෙනට ඇතුලත් කලේය. ඉගෙනුමෙහි අති දක්ෂයෙකු වූ අප්පුහාම් වැඩි කල් නොගොස් රාහුල හිමියන්ගේ ප්‍රධානම ගිහි ගෝලයන් කිහිප දෙනා අතරට එක් විය.අනතුරුව රාහුල හිමිගේ ගුරු තත්ත්වයෙන් පැවිදි විය.පැවිදි වීමෙන් පසු "වෑත්තෑවේ හිමි" නාමය ලැබ රාහුල ගුරු හිමිගේ සමීපතම ගෝලයා බවට පත් විය. 
Related Posts Plugin for WordPress, Blogger...