Friday, January 13, 2012

අභාවයට යන ලාංකීය බලි ශාන්තිකර්ම කලාව


                                          
  "අලි බැලිල්ල හා  බලි බැලිල්ල කොච්ර කලත් එපා වෙන්නේ නෑ "  යනුවෙන් වචන මෙන්ම අදහසද විකෘති කරන ලද කතාවක් අප අතර ඇත.ඇත්තෙන්ම මින් අලි බැලීම හා බලි බැලීම ඇසට ප්‍රිය දසුනක් යන්න අදහස් කිරීමක් නිරූපනයවේ.සාහිත්‍ය විචිත්‍රභාවය අනුව සලකන විට මෙහි සත්‍යතාවක් ඇතත් නියම වචනය "අලි බැලිල්ල හා බලි ඇරිල්ල ප්‍රවේශමෙන් කල යුතුය." යන්නයි.ඇත් ගොව්වකු විසින් අලියා බලා කියා ගැනීම හෙවත් අලි බැලීම හා  බලි ඇදුරකු විසින් කඩතුරාවෙන් වසන ලද බලි රූපයේ කඩතිරය විවෘත කිරීම හෙවත් "බලි ඇරීම"  ප්‍රවේශමෙන් කල යුතු බව මින් අදහස් කෙරේ.දස්‌කොන් අදිකාරම හා රාජ දේය අතර පැවතුන ප්‍රේම සම්බන්ධය පිළිබඳ පුවත ද සෙංකඩගල බලියාගය පිළිබඳ තොරතුරු සපයයි. රජ කුමරිය වෙනුවෙන් කෙරුණු බලි ශාන්තිකර්මයක්‌ සඳහා තනන ලද ප්‍රතිරූප බලි රුවෙහි කිසියම් අඩුපාඩුවක්‌((( (උපන්ලපයක්) පෙන්වීම නිසා රාජ උදහසට ලක්‌ වූ අදිකාරම රජු වෙතින් මැරුම් කෑමේ සිද්ධියත් සමඟ මෙම කියමන මිනිසුන් අතර ප්‍රචලිත වූ බව ඉතිහාසයේ සදහන්ය. 

Monday, January 2, 2012

සංඛ්‍යා යෝග

                                                 රාහු කේතු හැර අනිත් ග්‍රහයන් හත් දෙනා (රවි,චන්ද්‍ර,කුජ,බුධ,ගුරු,ශූක්‍ර,ශනි) එකම රාශියක,රාශී දෙකක,තුනක ආදී ලෙස රාශීන් වල එක් රැස් වී පිහිටීම අනුව යෝග හතක් යෙදේ.මෙම යෝග හත එක් ලිපියකින් දැක්වූ විට පාඨකයාට අවබෝධ කර ගැනීමට හා වටහා ගැනීමට පහසු නිසා මෙම යෝග හත පිළිබදව මෙම ලිපියෙන් දැක්වේ.
Related Posts Plugin for WordPress, Blogger...