Friday, December 30, 2011

හත අධිපති සිටින ස්ථානය අනුව සහකරු සහකාරියගේ ස්වභාවය

  යම් අයකුගේ ජන්ම කේන්ද්‍රයේ හත්වැන්න ඔහුගේ හෝ ඇයගේ විවාහයට වැඩිම බලපෑමක් ඇති කරන ස්ථානයයි.මෙම හත්වැන්නට අධිපති ග්‍රහයාගේ පිහිටීම හා එම ග්‍රහයා සම්බන්ධවන යෝග සංයෝග දෘෂ්ඨි හා කාරක අනුව විවාහය සිදුවන ආකරය හා විවාහ සහකරුගේ ස්වභාවය ඔහු සිටින දිශාව තත්ත්වය හා වෙනත් ලක්‍ෂණ ජ්‍යොතිෂ ආචාරීන් දක්වා ඇත.මෙම ලිපියෙන් හත අධිපති ග්‍රහයා සිටින ස්ථානය අනුව සහකරු හා සහකාරියගේ ස්වභාවය දක්වා ඇති ආකරය ඉදිරිපත් කර ඇත.මෙම විස්තර බොහෝ දුරට නිවැරදි නමුත් ග්‍රහයන්ගේ බල දුබලතා සංයෝග දෘෂ්ඨි හා කාරකත්වය අනුව තරමක් වෙනස් වන අවස්ථ්ද ඇත.

  ප්‍රථමයෙන්ම තමන්ගේ කේන්ද්‍රයො හත අධිපති ග්‍රහයා කවුරුන්ද යන්න දැන ගනිමු.ඔබගේ ලග්නය අනුව හත අධිපති ග්‍රහයා කවුරුන්ද යන්න පහතින් බලා ගන්න.

2012 ජනවාරි 15, 16 දිනවල කලාතුරකින් යෙදෙන වීණා යෝගයක්..

        ඉතා කලාතුරකින් උදාවන යෝගයක් වන වීණා(වල්ලකී) යෝගයක් 2012 ජනවාරි 14 ,  15 හා 16  තෙදින තුල උදාවේ.බොහෝ ජ්‍යොතිෂ පුවත්පත් වල මෙය ඒකාවලී යෝගය ලෙස වරදවා දක්වා තිබුණත් මෙදින උදාවන්නේ වීණා යෝගය මිස ඒකාවලී යෝගය නොවේ.ඒකාවලී යෝගයේදී රාහු කේතු හැර අනිත් ප්‍රධාන ග්‍රහයන් හත්දෙනා අනුයාත රාශී හතක එක රාශියක එක් ග්‍රහයා බැගින් තැන්පත් වීම විශේෂ වේ.නමුත් වීණා යෝගයේදී මෙම ග්‍රහයන් හත්දෙනා ඕනෑම රාශි හතක(අනුයාත රාශී වීමක් නැතිව වුවත්) තැන්පත් වීම සලකයි.ඒ අනුව ඒකාවලී යෝගය ඇති අයට අනිවාර්යෙන් වීණා යෝගය පිහිටන නමුත් වීණා යෝගය සමඟ ඒකාවලී යෝගයද යෙදීමට ග්‍රහයන් අනුයාත රාශි හතක පිහිටිය යුතුය(එක් රාශියක එක ග්‍රහයා බැගින්.මෙම ඒකාවලී හා වීණා යෝගය ගැන තවත් විස්තර දැන ගැනීමට පහත ලිපිය බලන්න.



    වීණා යෝගයෙන් උපදින දරුවන් ඉතා ධෛර්ය හා උත්සාහ ඇත්තන් වන බව ජ්‍යොතිෂයේ සදහන්ය.එඩිතරය.පරෝපකාරීය.මිය ගියද නම රැදෙන බව කියති.

   2012 ජනවාරි 14 රාත්‍රී (15 දාට එළිවෙන) 12.58 ට පමණ රවිගේ මකර රාශි ගත විමත් සමඟ යෙදෙන මෙම වීණා යෝගය ජනවාරි 16 වැනි දින දවල් 11 54 ට පමණ සිදුවන සදුගේ තුලා රාශි ගත වීමත් සමඟ අවසන් වේ.මෙම කාලසීමාව අතරතුර උපදින දරුවන්ට මෙම බලවත් වීණා යෝගය උදාවේ. 
   මෙම කාල සීමාවේ උපදින දරුවන් සෑම දෙනාටම වීණා යෝගය යෙදීම නිසා මේ දිනවල උපදින සියළුම කොල්ලන් කෙල්ලන් හා බල්ලන් සෑම දෙනාටම මෙම වීණා යෝගයෙන් දක්වා ඇති සුභඵල උදාවිය  යුතු බවට ජ්‍යොතිෂය ප්‍රතික්ෂේප කරන්නන් තර්ක මතු කල හැකිය.දරුවා ජාතියෙන් කුලයෙන් තත්ත්වයෙන් කුමන තත්ත්වයක සිටියත් මෙම වීණා යෝගයේ සුභඵල යම් තරමින් හෝ ඉස්මතුවේ.උපන් ලග්නය හා ග්‍රහයන් පිහිටන අංශක අනුව සුභඵල උදවීම අඩුවැඩි විය හැකිය.වීණා යෝගය යෙදුණා කියා මෙම දින දෙකේ උපදින ළමයින් අතර ශාරීරික හා මානසික ආබාධ මෙන්ම වෙනත් දුර්වලතා පිහිටි අය සිටිය හැකිය.මේ දින දෙක තුල ධනවත් දෙමාපියන්ට මෙන්ම හිඟන පවුල් වලද දරුවන් ඉපදිය හැකිය.නමුත් මොන අයුරකින් හෝ එවැන්නන්ටද වීණා යෝගයේ ඵල උදාවේ.මේෂ,වෘෂභ ,මිථුන කටක ලග්න හතරට වීණා යෝගයට අමතරව තවත දුලභ යෝගයක් වන ලග්න අධි යෝගයක්ද යෙදෙන නිසා එම ලග්න වල උපන් දරුවන්ට වැඩි සුභදායක ඵල යෙදේ.

Thursday, December 29, 2011

"2012 වසර ඔබේ ලග්නයට කොහොමද?"


  2011 වසර අවසන් විමට ඇත්තේ තවත් දින කිහිපයක් පමණි.බොහෝ දෙනා තව දින කිහිපයකින් උදාවන 2012 වසරට මුහුණ දීමට දැන් සිටම සූදානම් වෙති.වසර ආරම්භයේ සිටම සුභවාදී උද්‍යාගයෙන් නව වසර තමන් වෙත ලඟාකර ගැනීමට සෑම දෙනාම වැඩි කැමැත්තක් දක්වන අතර ඉදිරියට ලබන 2012 වසර ජ්‍යොතිෂමය වශයෙන් තමන්ට බලපාන්නේ කෙසේදැයි දැන ගැනීමට උනන්දුවක් දක්වති.

Wednesday, December 28, 2011

රාවණායනය -2 (හෙළ රජවරු)



"ඩුං..... ඩුං .....ඩුං....."

 "අසවු ..අසවු....අපගේ හෙළ රාජ්‍යය පාලනය කිරීමට සමතෙක් තෝරා ගැනීමට හෙළයන් වන අප රටවැසියන් සාකඡ්චා කිරීමකින් තීරණය කොට ඇත.එබැවන් සියළු ආකරයේ "අංගම්" හා වෙනත් සටන් ආරක්‍ෂා ක්‍රම උගත් ආයුර්වේදය ජ්‍යොතිෂය ..ආදී ශාස්ත්‍රද උගත් සියළු කරදර වලින් අපගේ හෙළ රට බේරා ගත හැකි ධෛර්යයෙන් දැහැමින් බලයෙන් රාජ්‍ය කිරීමට හැකි අයෙක් ඉන්නවානම් වරෙල්ලා....."

Thursday, December 22, 2011

මහ දශා පද්ධති 2 ( මහ දශාවෙන් අතුරු දශාවට )


විංශෝත්තරී මහ දශා ක්‍රමය පිළිබද මූලික හැදින්වීමක් පෙර ලිපියෙන් සිදු කරන ලදී.එම ලිපියෙන් දැක්වූ ආකාරයට අවු 120 පරමායුෂ කාල සීමාව ග්‍රහයන් නව දෙනාට කාල සීමා නවයක් වෙන් කොට ඇත.පෙර ලිපියෙන් දැක්වූ එම ග්‍රහයන්ට වෙන් කල කාල සීමාවන් නැවත මතක් කල විට

Tuesday, December 20, 2011

මහ දශා පද්ධති -1 (විංශෝත්තරී මහා දශා ක්‍රමය)

 ජ්‍යොතිෂය ගැන අසා ඇති ඔබ මහ දශාව ගැනද අසා ඇතැයි සිතමි.විංශෝත්තරී දශාව,අශ්ටෝත්තරී දශාව,යෝගිණී දශාව,කාලචක්‍ර දශාව,පංචෝත්තරී දශාව,......ආදී ලෙස පෙරදිග ජ්‍යොතිෂයේදී මහදශා ක්‍රම 43 ක් ගැන සදහන්ය.

Saturday, December 17, 2011

වෙශි,වොශි හා උභයචාරී යෝග (රවිගෙන් දෙපස ග්‍රහ පිහිටීම)

 යෝග ගැන දැක්වුනු පසුගිය ලිපියෙන් සදුගෙන් දෙපස රාශී වල ග්‍රහ පිහිටීම අනුව යෙදෙන සුනඵා,අනඵා,ධුරාධුර හා කේමද්‍රැම යෝග පිළිබදව දක්වන ලදී.මීට අනුරූප අයුරින් රවිගෙන් දෙපස රාශීවල ග්‍රහ පිහිටීම අනුව යෙදෙන "වෙශි,වොශි හා උභයචාරී යෝග පිළිබදව මෙම ලිපියෙන් දැන ගනිමු.

Thursday, December 15, 2011

මේ කවුද මොනවද කරන්නේ.....

  මා හට මතක අයුරින් එය 1990 වසර පමන විය .එකල "ගම්උදාව" නම් වූ වැඩසටහන යටතේ නිවාස නොමැතිව සිටි අසරණ පවුල් සදහා නිවාස සාදා දීම රටපුරා සිදුවිය.එකළ රටේ ජනාධිපතිව සිටි ආර්.ප්‍රේමදාස මහතාගේ අනුග්‍රහයෙන් සිදුවූ මෙහි එක් පියවරක් ලෙස අප ගමට ආසන්න කොස්ගොඩ ප්‍රදේශයේ විශේෂ ගමක නිවාස සෑදීමේ වැඩපිළිවෙලකි.ප්‍රේමදාස මහතාගේ පියාගේ ගම වූ නිසා "පියගම" ලෙස අළුතින් නම්කල එම ගමේ නිවාස වැඩි ප්‍රමානයක් "ගම්උදාව" යටතේ ඉදිකළ නිවාස විය.මගේ පාසැල් මිතුරකුගේ පවුලටත් එලෙස නිවසක් හිමි විය.දිනක් තවත් මිතුරන් කිහිප දෙනෙකු සමඟ එම මිතුරාගේ නිවසට ගිය විට එහි තිබූ අරුම පුදුම වෙනසක් දැක ඒ පිළිබදව ඔහුගෙන් විමසීය.එම නිවසේ බිත්තියේ සවි කර තිබූ බුදු පිළිමයට ඉහළ මට්ටමින් ප්‍රේමදාස මහතාගේ විශාල ඡායා රුවක් එල්ලා තිබුනි.හය වසරේ පමණ සිටි කුඩා දරුවන් වුවත් බුදු පිළිමයට ඉහළින් ප්‍රේමදාස රුව එල්ලා තිබීම අපගේද පිළිකුලට ලක් විය.ඒ පිළදබදව මිතුරාගෙන් විමසූ විට

Wednesday, December 14, 2011

කාලය අවකාශය හා ජ්‍යොතිෂය - 9

                  
කාලය අවකාශය පිළිබද විද්‍යා සංකල්ප 
කාලය හා අවකාශය පිළිබද පෞරාණික නිව්ටෝනියානු යාන්ත්‍ර විද්‍යාවේ සංකල්පය
  *නිව්ටන් විසින් කාලය හා අවකාශය දෙකම නිරපේක්‍ෂ නිරපේක්‍ෂ රාශීන් ලෙස දක්වන ලදී.මිනිසාගෙන් හා වස්තූන්ගෙන "ස්වායක්ත හිස් අවකාශයක්" හා ස්වාධීන  කාලයක් පැවතීම විස්තර කෙරෙන නිසා මෙම සංකල්පය අධිභෞතික ස්වරූපයක් දරයි.නිව්ටන් මතය කාලය හා අවකාශය පරම රාශීන් වන වගයි.මෙම සංකල්පය සරලව දැක්වූ විට

Tuesday, December 13, 2011

කාලය අවකාශය හා ජ්‍යොතිෂය - 8

    කාලය සාපේක්‍ෂද එසේත් නැත්නම් නිරපේක්‍ෂද කාලය චක්‍රීයද රේඛීයද යන්න උභතෝකෝටික ගැටළුවක්ව තිබුනි.20 වැනි සියවස මුල් කාලය වනතුරුම කාලය නිරපේක්‍ෂ රාශියක් ලෙස භාවිතා විය.එනම් එතෙක් භාවිතා කල නිව්ටෝනියානු යාන්ත්‍රිකය අනුව කාලය යනු ඉදිරියට ගමන් කරන ඊතලයක් බදු විය.එය එකිනෙකට වෙනස් සමුද්දේශ රාමු තුලදි එක සමාන අයුරින් භාවිතාවේ.නමුත් 1905 දී ඇල්බට් අයින්ස්ටයින් විසින් "විශේෂ සාපේක්‍ෂතාවාදය" හදුන්වා දෙමින් කාලය සාපේක්‍ෂ බව පෙන්වා දුන්නේය.කිසියම් මොහොතකදී ඈත අවකාශයේ සිදුවන තාරුකාවක පිපිරී විනාශ වීමක් සෞර ග්‍රහ මණ්ඩල දෙකක වූ ග්‍රහලෝක දෙකකට දර්ශනය වීම සිදුවීම අනුව කාලයේ නිරපේක්‍ෂ බව පෙන්වා දුන්නේය.මේ මොහොතේ (2011 දෙසැම්බර් 13 යැයි සිතන්න) සිදුවන තාරුකාවේ පිපිරීම ඊට ආලෝක වර්ෂ 10 ක් ඈතින් ඇති ග්‍රහ ලොවකට පෙනෙන්නේ 2021 වසරේ දෙසැම්බර් මසදීය.නමුත් පිපිරුම වූ තැනට ආලෝක වර්ෂ 25ක් ඈතින් පිහිටි ග්‍රහ ලොවකට දර්ශනය වන්නේ 2036 වසරේ දෙසැම්බර් මස දිනකදීය.

Saturday, December 10, 2011

සුනඵා,අනඵා,ධුරාධුර,කේමද්‍රැම යෝග (සදුගෙන් දෙපස රාශිවල ග්‍රහ පිහිටීම)

 සදුගෙන් දෙපස රාශීන් වල ග්‍රහ පිහිටීම අනුව යෙදෙන සුභ අසුභ යෝග කිහිපයක් මෙම ලිපියෙන් දැක්වේ.යෝග ගැන උනන්දුවක් දක්වන පාඨකයන්ට මතක තබා ගැනීම හා වටහා ගැනීම පහසු වීම පිණිස මෙම යෝග එක් ලිපියකින් දැක්වීමට අදහස් කර ඇත.

Thursday, December 8, 2011

"භරණ ගණිතයා "

         හමිබන්තොට දිස්ත්‍රික්කයේ බටහිර ගිරිවාපත්තුවේ පල්ලත්තර නම් ග්‍රාමයේ සාමාන්‍ය ගොවි පවුලක උපන් ඔහුගේ මුල් නාමය "සේදා" නම් විය.පවුලේ අනිත් පිරිමි දරුවන්ට වඩා බුද්ධිමත් ක්‍රියාශ්‍රීලී ගතියක් සේදාගෙන් කුඩා කල සිටම දිස් විය.ලක්දිව විසූ ශේෂ්ඨ පඩිරුවනක් වූ සිටිනාමළුවේ ධම්මජෝති හිමියන් සේදාට මව් පාර්ශ්වයෙන් මාමා කෙනෙකු විය.මෙම ඥාතී සම්බන්ධය නිසාම කුඩා කල සිටම ධම්මජෝති හිමියන්ගේ ප්‍රධාන ගෝලයකු ලෙස ශාස්ත්‍ර ඉගෙනීමට සේදාට වාසනාව උදා විය.ශාස්ත්‍ර ඉගෙනීමෙහි මහත් දක්‍ෂයකු වීම නිසාම සේදා මහනාහිමිගේ විශේෂ අවධානයට ලක්ව තිබුණි.සේදාගේ ජන්ම කේන්දයය පරීක්‍ෂා කිරීමේදී දුටු විශේෂ කරුණක් නිසා ඔහුව ගුප්ත ශ්‍රාස්ත්‍ර ඉගෙනීමෙන් ඉවත් කොට සාමාන්‍ය ධර්ම හා ආයුර්වේද ශාස්ත්‍රීය කරුණු පමනක් ඉගැන්වීමට ධම්මජෝති හිමියන් ප්‍රවේශම් විය.නමුත් කොළුවාගේ සිත ගුප්ත විද්‍යා ශාස්ත්‍ර අධ්‍යාපනයට වැඩි කැමැත්තක් දැක්වීය.

Monday, December 5, 2011

සාමාන්‍ය පෙළ විභාගයේ ආරම්භක දින නිවසින් පිටත්වීමට සුභ නැකතක්

      මෙවර අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය 2011 දෙසැම්බර් 12 වෙනි සදුදා උදේ 8.30 ට ආගම විෂයෙන් ආරම්භවේ.
  විභාගයේ මුල් දවසේ පිළිතුරු හොදින් ලියා සාර්ථක ආරම්භයක් ලැබුණ හොත් එය ඉදිරි විෂයයන් වලටද යහපත් අයුරින් බලපායි.ඒ ගැන සලකා විභාගය ආරම්භ වන මුල් දිනයේ නිවසින් පිටත්ව යාමට සුභ වේලාවන් කිහිපයක් පහත දක්වා ඇත.

Sunday, December 4, 2011

Saturday, December 3, 2011

සරත් ෆොන්සේකා හා 2013

    මේ දිනවල බොහෝ දෙදෙනක් ජනරාල් සරත් ෆොන්සේකා මහතා පිළිබදව කතාබහ කරති.ෆොන්සේකා මහතාගේ ජන්ම කේන්ද්‍රය අනුව ඉදිරියේදී එතුමා මුහුණ දිය හැකි යැයි අනුමාන කල හැකි දේවල් කුමක්දැයි බොහෝ දෙනා මාගෙන්ද විමසා ඇත.ප්‍රථමයෙන්ම කිව යුත්තේ බ්ලොග් එකක් ලිව්වත් මා ප්‍රවීනම ජ්‍යොතිෂවේදියකු නොවන බවය.වයසින් මුහුකුරා යන විට විවිධාකාර අත්දැකීම් හා බලවේග අනුව ජ්‍යොතිෂවේදියාගේ හැකියාවන් වර්ධනය විය හැකි වුවත් ජ්‍යොතිෂය යනු ප්‍රමාණවත් අයුරින් මිස අනිවාර්ය අයුරින් භාවිතා කල යුතු ශාස්ත්‍රයක් නොවේ.ඇත්තටම මා දන්න අයුරින් ජ්‍යොතිෂයෙන් 100% ක් සාර්ථක අනාවැකි පල කල හැකි නමුත් ජ්‍යොතිෂවේදියකුට 100% ක් සාර්ථකව අනාවැකි පල කල නොහැකිය.ජ්‍යොතිෂවේදියාගේ වරදින් බොහෝ අනාවැකි වරදී.බොහෝ ජ්‍යොතිෂවේදීන් මෙම සත්‍ය සඟවා තමන් වැඩකරු බව පෙන්වීමට ගොස් තමාවත් ජ්‍යොතිෂයත් දෙකම අගෞරවයට පත් කරති.අනුන්ට මාරක අපල කරදර ගැන කියන බොහෝ ජ්‍යොතිෂවේදීන්ට තමුන්ට හෙට දිනයේ කුමක් සිදුවේද යන්න පවා දැන ගත නොහැකි බව කිව යුතුය.

Thursday, December 1, 2011

සිරිපාලව කඩේ යැවීම(පොරොන්දම් බැලීමට යැවීම)

 සිරිපාලව කඩේ යැවීම(පොරොන්දම් බැලීමට යැවීම)  
    "මම අහවල් මහත්තයාලගේ ගෙදර වැඩ කරන්නේ මහත්තයාගේ නෝනා මේ කේන්දර දෙකේ පොරොන්දම් බලාගෙන එන්න කියලා මට දුන්නා"
  සරමකින් හා කමිසයකින් සැරසුණු බයාදු පෙනුමැති මැදිවයසේ මාමා කෙනෙක් දිනක් මා හමුවට පැමිණ කේන්ද්‍ර දෙකක් මා වෙත දැක්වීය.
 කේන්ද්‍ර දෙක අතට ගෙන මදක් පරීක්‍ෂා කර බලා
  " මේ පොරොන්දම බලන්නේ නෝනලගේ කාට හරිද?"
  " මම හරියටම දන්නේ නැහැ.නෝනගේ දුවට මනමාලයෝ සොයනවා.එයාට වෙන්න ඇති පොරොන්දම බලන්නේ.

අධි යෝගය

  අධි යෝගය පිහිටීම පිළිබදව ජ්‍යොතිෂ ආචාරී මත හා මූල ග්‍රන්ථ වල විවිධාකාර මත ඇතත් එම විවිධතා වැඩි වශයෙන් මතුවන්නේ යෝගයේ බල අඩු වැඩි වීම පිළිබදවය.භාරතීය ජ්‍යොතිෂයේ අධි යෝගය
                1) සුභ අධි යෝගය
                2) පාපාධියෝගය
                3) මිශ්‍රම අධි යෝගය

Tuesday, November 29, 2011

ජ්‍යොතිෂය භාවිතා කිරීම හා නොකිරීම .


 ජ්‍යොතිෂය භාවිතා කිරීම හා නොකිරීම
 ජ්‍යොතිෂය යනු ජාති කුල ආගම් භේදයකින් තොරව එකසේ ප්‍රයෝජනයට ගත හැකි ශාස්ත්‍රයකි.ලොවපුරා විවිධ ජාතීන් ජ්‍යොතිෂයෙන් වැඩ ප්‍රයෝජන ගන්නා අකාරයෙන් මෙය මොනවට පැහැදිලිවේ.
    ජ්‍යොතිෂය පිළිගන්නා අය අතර දේශපාලඥයන්ද ඉදිරියෙන්ම සිටී.එදා මෙදා තුර මෙරට පාලනය කළ ජන නායකයින් රාශියක් ජ්‍යොතිෂය විශ්වාස කලෝය.වර්තමාන ජනාධිපති තුමාද විටින් විට 
     "අනේ මම ඔය කේන්දර කාරයෝ කියන දේවල් ගනන් ගන්නේ නෑ.ග්‍රහයන්ට පුළුවන්ද අපේ වැඩ නවත්වන්න" 
         වගේ කතා මූනිච්චාවට කිව්වත් එතුමාද ජ්‍යොතිෂය ඉතා හොදින් පිළිපදින බවට සාක්‍ෂි එමට ඇත.මෙහි සත්‍ය අසත්‍ය බව විමසා බැලීමට අවශ්‍යනම් ඔබගේ බ්ලොග් හෝ වෙබ් අඩවියේ 1945 නොවැම්බර් 18 දින පාන්දර 2ත් 4ත් අතර වේලාවක් සිතා එය ජනාධිපති තුමාගේ උපන් වේලාව ලෙස දක්වා පෝස්ට් එකක් දමා බලන්න.ඔබගේ අඩවිය නිසැකවම රහස් පොලිසියේ අවධානයට ලක්වනු ඇත.සිරිමාවෝ බණ්ඩාරණායක,ජේ.ආර් ජයවර්ධන ,ආර් ප්‍රේමදාස ,ඩී.බී විජේතුංග,චන්ද්‍රිකා කුමාරතුංග,මහින්ද රාජපක්‍ෂ යන ජනනායකයන්ගේ උපන් දින ලග්න සොයා ගැනීම අසීරු නොවුනත් ඔවුන්ගේ නිවැරදි උපන් වේලාවන් සොයා ගැනීම අසීරු වන්නේ එය ප්‍රසිද්ධ කිරීම අනතුරුදායක බව එම ජන නායකයින්ට ජ්‍යොතිෂ උපදෙස් ලැබී තිබුනු නිසාමය.

Monday, November 21, 2011

ලක්‍ෂ්මී යෝගය

  ලක්‍ෂ්මී යෝගය යෙදෙන ආකරය පිළිබද ඉන්දියානු ජ්‍යොතිෂ ගුරු කුල වල අර්ථ දැක්වීම් කිහිපයක් දක්වා ඇතත් ඒ සියල්ලේ ආසන්න සමාන තත්ත්වයක් දැකිය හැකිය.
 හින්දු ආගමික විශ්වාසය අනුව ලක්‍ෂමි දෙවඟන ධනයට අධිපති ලෙස සලකයි.ධනය දියුණුව සැලසීම ලක්‍ෂ්මී දෙවඟන විසින් සිදු කරන බව හින්දු බැතිමතුන්ගේ විශ්වාසයයි."ලක්‍ෂ්මී" යන හින්දු දෙවඟනගේ නාමය භාවිතා කර ඇත්තේ යෝගයේ ස්වභාවය දැක්වීමටය.එසේ නොමැතිව එම යෝගය යෙදෙන ආකාරය වටහා ගැනීම අධ්‍යනය කිරීම අන්‍ය ආගමිකයන්ට අකැප වීමක් නොවේ.ආගමික විශ්වාස හා ජ්‍යොතිෂ සිද්ධාන්ත පටලැවීමක් කර ගත යුතු නැත.

Sunday, November 20, 2011

Mathematical Background of computer astrology - part 7( නැකත, නැකැත් පාදය ,විංශෝත්තරී මහ දශාව හා එම මහ දශා ශේෂය සෙවීම)

7 නැකත, නැකැත් පාදය ,විංශෝත්තරී මහ දශාව හා එම මහ දශා ශේෂය සෙවීම.

 මීට පෙර ලිපියෙන් යම් වේලාවක  චන්ද්‍ර,රාහු කේතු ග්‍රහස්ඵුථ හා එම ග්‍රහයන් පිහිටන රාශින් සෙවීමට ගණිත සිද්ධාන්ත ඉදිරිපත් කරන ලදී.

Mathematical Background of computer astrology - part 6 ( චන්ද්‍ර ස්ඵුථය හා රාහු කේතු ග්‍රහස්ථුට ගනනය සදහා සමීකරණ)

  මීට පෙර ලිපි මගින් චන්ද්‍රයාගේ පිහිටීම ගනනය සදහා සිද්ධාන්ත පද්ධතිය විස්තර කරන ලදී.මෙම ලිපියෙන් චන්ද්‍රයාගේ හා රාහු කේතු ග්‍රහයන්ගේ ග්‍රහස්ඵුට හා එමගින් එම ග්‍රහයන් පිහිටි රාශීන් සෙවීමට අදාළ සමීකරණ ඉදිරිපත් කෙරේ.

Thursday, November 17, 2011

"දෑවැද්ද"

    මෙම සතියේ සුබසෙත ජ්‍යොතිෂායුර්වේද පුවත්පතේ කතුවැකියේ කාලෝචිත මෙන්ම සමාජ විමර්ශණාත්මක කරුණක් පිළිබදව සදහනක් විය.ඉතා ඈත අතීතයේ සිටම ලාංකීය ජනසමාජය තුල ඉතා තදින් මුල්බැස ඇති "දෑවැද්ද" සංකල්පයේ වර්තමාන ගමන් මග පිළිබද පාඨක අවබෝධාත්මක විස්තරයක් එහි ඉතා රසවත් අයුරින් ලියා දක්වා තිබුනි.

Tuesday, November 15, 2011

ඒකාවලී යෝගය හා එහි දොලොස් ආකාර මාලිකා යෝග, වීණා යෝගය

 ඒකාවලී යෝගය හා එහි දොලොස් ආකාර මාලිකා යෝග පිළිබදව ජ්යොතිෂ පුවත්පත් සඟරා ආදියෙහි විස්තර ලිපි කලින් කලට එලි දැක්වී ඇතත් ඒකාවලීයෝගය කේන්ද්රයක යෙදෙන ආකාරය පිළිබදවත් ඒකාවලී යෝගය හා වීණා යෝගය පටලවා වැරදි අර්ථ කථන දක්වා ඇති පොත්පත් ලේඛනද වර්තමානයේඑළිදැක්වී ඇත."කලියුගයේදී ජ්යොතිෂය මියයයි.නමුත් අන්ධව යළි ඉපදේයනුවෙන් බෘහත් පරාශරයේ දැක්වෙන පාඨය සිහිගන්වන මෙම වැරදි ලිපි ලේඛන වලඅයහපත් බලපෑමෙන් මතු ජ්යොතිෂ පරපුර බේරාගනු වස් "ඒකාවලී යෝගයයෝගය හා මාලිකා යෝග  පිළිබදවත් වීණා යෝගය පිළිබදවත් සවිස්තරයක් මෙමලිපියෙන් ලිවීමට සිතුවේ හතු පිපෙන්නාක් මෙන් එළිදැක්වෙන සිංහළ ජ්යොතිෂ පොත්පත්වල දැක්වෙන විස්තර ඔළුවට ගැනීමට ප්රථම පුරාණ පොත්පත්වල පිළිබදව දක්වා ඇති විස්තරද හොදින් විමර්ශනය කිරීම හා වැඩිහිටි ජ්යොතිෂ උගතුන්ගේ ගුරු හරුකම්ද ලැබිය යුතුය යන කරුණද මතක් කරමිනි.

Mathematical Background of computer astrology - part 5( චන්ද්‍රයාගේ පිහිටීමට සූර්ය ගුරුත්වයේ බලපෑම සෙවීම )

 චන්ද්‍රයාගේ භූ කේන්ද්‍රීය පිහිටීම සොයන අයුරු පසුගිය ලිපියෙන් දැක්වීය.එහිදී අපගේ ගනනයෙන් ලත් අගයත් චන්ද්‍රිකා දත්ත අනුව ලැබෙන අගයත් අතර වෙනසක් ඇති වූයේ සූර්යයාගේ ගුරුත්ව බලපෑම එහිදී සැලකීම නොකළ බැවිනි. චන්ද්‍රයා මත සූර්ය  හා වෙනත් ගුරුත්වාකර්ෂණ කැලැඹීම (Perturbations) නිසා එහි පිහිටීම දැක්වෙන දෛශිකයේ සංරචක වලට එකතු විය යුතු අගයයන් ගනණය කිරීම මෙම ලිපියෙන් දැක්වේ.

Saturday, November 12, 2011

ශනි මාරුව කොහොම වේවිද?

                              ශනි මාරුව ?

1) 2011 නොවැම්බර් 15 දින ලංකාව ආශ්‍රිතව ශනි තුලා රාශියට පිවිසෙන නිවැරදි වේලාව කුමක්ද?


    i)  උදේ 9.26 (ලංකා පඤ්චාංග ලිත)
    ii)  උදේ 10.15 (ඈපා පඤ්චාංග ලිත.)
    iii) උදේ 8.45 (ජගන්නාත හෝරා ජ්‍යොතිෂ මෘදුකාංගය)
    1v) උදේ 11.11

Wednesday, November 9, 2011

Mathematical Background of computer astrology - part 4 ( චන්ද්‍රයාගේ භූකේන්ද්‍රීය පිහිටීම සෙවීම )


 චන්ද්‍රයාගේ භූකේන්ද්‍රීය පිහිටීම සෙවීම

 සූර්යයා= S
 පෘථිවිය= E
 චන්ද්‍රයා= M
      ලෙස අංකනය කල විට චන්ද්‍රයාගේ පෘථිවිය වටා කක්‍ෂීය චලිතය පහත දැක්වෙන රූපයේ පරිදි දැක්විය හැකිය.
       

Thursday, November 3, 2011

Mathematical Background of computer astrology - part 3 (ලග්න ස්ඵුථය හා ලග්නය සෙවීම )

 ලග්නය සෙවීම

     මේ සදහා ප්‍රධාන වශයෙන්
         *උපන් දිනය
         *උපන් වේලාව
         *උපන් ස්ථානය (අක්‍ෂාංශය හා දේශාංශය)

Wednesday, November 2, 2011

Mathematical Background of computer astrology - part 2

    
Planetary Position (ග්‍රහ පිහිටීම)

කෙප්ලර් නියම 

   1)  පලමු නියමය -
                 සෑම ග්‍රහ ලෝකයක්ම සූර්යයා එක් නාභියක් වූ ඉලිප්සාකාර පථයක ගමන් කරයි.



       
   2)දෙවන නියමය
              සූර්යයා කෙරෙන් ග්‍රහයකු කරා අඳින ලද දෛශික අරය සෑම සමාන කාල ප්‍රාන්තරයකදීම සමාන ක්‍ෂෙත්‍රඵල ගෙවයි.

Mathematical Background of computer astrology - part 1

 Julian Day Number
 කාලය සම්බන්ධ ගනනය කිරීම් වලදී පරිගනක වැඩසටහන් ක්‍රියාත්මක වීම ජූලියන් දිනය නම්වූ මූලික සංකල්පය මත ගොඩ නැංවී ඇත.

  අන්තර් ජාතික අර්ථ දැක්වීම අනුව  "ජූලියන් දින අංකය" අර්ථ දක්වා ඇත්තේ කි.පූ 4713 ජනවාරි 1 දින ග්‍රිනිච් මධ්‍යාහ්න දවල් 12.00 සිට ඇති දින ගනනින්ය.
 
  ඒ අනුව කි.පූ 4801 මාර්තු 1 ග්‍රිනිච් 12.00 වේලාවේ සිට පසුවට ඕනෑම කාලයක් සදහා වලංගු වන පරිදි පහත දැක්වෙන සමීකරණ පද්ධතියෙන් වර්තමානයේ භාවිතාවන සම්මත ජෝර්ජියන් කැලැන්ඩර දිනයක් සදහා  ජූලියන් දින අංකය අර්ථ දැක්වේ.ඒ අනුව

Wednesday, October 5, 2011

ජ්‍යොතිෂය හා බැදී ඇති දුර්මත කිහිපයක්

   
  * පෙබරවාරි මාසය සුභ නැකැත් සදහා සුදුසු නැත.
       මෙය බොහෝ දෙනා අතර ඇති පදනම් විරහිත වූ මතයකි.පෙබරවාරි මාසය අඩු දින මාසයක් වීම නිසා මෙම මතය පුරාතනයේ සිටම සාමාන්‍ය ජනයා අතර පවතී. පෙබරවාරි මාසයට දින 28 ,29 ක් යෙදීම නිසා එයට අඩු දින මාසයක් ලෙස නම් කිරීම ඉංග්‍රීසි කැලැන්ඩර ක්‍රමය අනුව සලකන විට යම් වලංගුතාවයක් ඇත.නමුත් ජ්‍යොතිෂයේදී භාවිතා කෙරෙන සූර්ය හා චන්ද්‍ර මාස ක්‍රමය ඉංග්‍රීසි ක්‍රමයට වඩා යම් ක්‍රමවත් බවක් ඇත.ඉංග්‍රීසි ක්‍රමයේදී රවි සදු පාදක කිරීමක් නොමැතිව සම්මත අංකනයක් අනුව එක් එක් මාසයන්ට දින සංඛ්‍යාවක් ලබා දී ඇත.(ජනවාරී 31, පෙබරවාරි 28 හෝ 29 ,මාර්තු 31 ,අප්‍රේල් 30,..... ආදී වශයෙන්) නමුත් සූර්ය චන්ද්‍ර මාස ක්‍රමවලදී සූර්යයාගේ හා සදුගේ චලිතය සලකා ඇත.ඒ සූර්ය මාස අනුව බලන විට දළ වශයෙන් පෙබරවාරි 1 සිට පෙබරවාරි 12,13 දක්වා රවි මකර රාශියේත්(මකර රවි) පෙබරවාරි 13,14 සිට පෙබරවාරි මාසය අවසන් වනතුරුත් රවි කුම්භ රාශියේ(කුම්භ රවි) ගමන් කරයි.ජ්‍යොතිෂයේදී නිවාස විවාහ ආදී සුභ නැකැත් සදහා යෝග්‍ය නොවන කෝණ මාස ලෙස ලකුණු කොට ඇත්තේ රවි මිථුන,කන්‍යා,ධනු මින රාශි වල ගමන් කරන කාල සීමාවන්ය.( මෙම කෝණ මාස අතුරින් මීන රවිය වැඩිම අසුභ බවත් ඊලගට ධනු රවිය වැඩි අසුභ බවත් සලකයි.)ඒ අනුව පෙබරවාරි මාසයේ දිනයන් කෝණ මාසයන්ට අසුවන්නේද නැත.චන්ද්‍ර මාස ක්‍රමය අනුව බලන කල පෙබරවාරි මාසයේ වැඩි දින ප්‍රමාණයක් හසුවන්නේ නවම් චන්ද්‍ර මාසයටය.නවම් හෙවත් නැවුම් (තවත් විදියකින් කිවහොත් "අළුත්") මාසය වචනයේ අර්ථයෙන්ම සුභ මාසයකි. ඒඅනුව බලන විට නැකැත් සීහුම පංචාංග සුභවීම තත්කාල ග්‍රහ බලය සුභ වීම ආදී සුභ මුහුර්තයකට අදාළ කරුණු හොදින් ඇත්නම් පෙබරවාරි මාසය තුල ගෙවල් සෑදීම විවාහ කටයුතු ආදී සුභ කටයුතු යොදා ගැනීමේ වරදක් නැත.මෙය කෙතරම් කිව්වත් බොහෝ දෙනා වැරදි මතය තුලම රැදී සිටීම කනගාටුවට කරුණකි.

චන්ද්‍ර මංගල යෝගය

       "මංගල" යනු කුජ(අඟහරු) ග්‍රහයා හදුන්වන නමයි.ඒ අනුව "චන්ද්‍ර මංගල යෝගය" යන්න කුජ හා සදු ග්‍රහයන් සම්බන්ධ වූවක් බව වටහා ගත හැකිය."ශනි මංගල යෝගය" කියා තවත් යෝගයක් ඇත.එයද වචනයෙන් දැක්වෙන පරිදි ශනි හා කුජ සම්බන්ධවීමෙනි.නමුත් මෙම යෝගදෙකේ ප්‍රතිඵල වෙනස්ය."චන්ද්‍ර මංගල යෝගය" සුභඵල ගෙනදෙන යෝගයක් ලෙසත් "ශනි මංගල යෝගය" අසුභ(විවාහය සම්බන්ධ දෝෂයක් ලෙස) යෝගයක් ලෙසත් දක්වා ඇත.පටලැවීම් ඇති වීම වැලැක්වීමට යෝග දෙකම යෙදෙන ආකාරය මෙහි කෙටියෙන් සදහන් කරමි.ශනි මංගල යෝගය විවාහය කෙරෙහි දෝෂයක් ලෙස බලපාන අයුරු විවාහ දේෂ 2 ලිපියෙන් සවිස්තරව දක්වා ඇත.

Saturday, October 1, 2011

චීන ෆෙන්ෂුයි කලාව ධනවත්වීමේ ක්‍රමයක් නොවේ.

                                          
    අපේ රටේ අයට එක එක කාලෙට එක එක ජාතියේ පිස්සු හැදේ.කාලෙකට ක්‍රිකට් පිස්සුවය.තවත් කාලෙකට සුපර් ස්ටාර් පිස්සුවය.බාල තරුණ මහළු සෑම දෙනා අතර වයස,තත්ත්වය දැන උගත්කම වත් පොහොසත් කම් අනුව කලින් කලට විවිධාකාර පිස්සු වසංගතයන් ලෙස පැතිර යයි.මින් සමහරක් ඒවා එක් කලකට පමණි නැවත පැමිණීමක් නැත.දොළුකන්දේ පිරිත් පැන් පිස්සුව ටයිටැනික් පිස්සුව එලෙස යටපත් වී ගිය පිස්සුය.තවත් සමහර පිස්සු ටීක කලක් යටපත් වී නැවත හිස ඔසවයි.විශ්ව ශක්තියෙන් ලෙඩ සුව කරන බොරු ජීවකයන් එලෙස වරින් වර ඉස්මතුවේ.එකෙක්ගේ රෙදි ගැලවෙන විට තව එකෙක් සළුපිලි දවටාගෙන කරලියට පැමිනේ.රුවන්වැල්ලේ හොර භික්‍ෂුවගේ රෙදි ගැලවුන නමුත් මුදල් හා දේශපාලන බලය අතැතිව සිටින ගාල්තැන්නේ  හොර කපුවා තවමත් කරලියේය.

කාලය අවකාශය හා ජ්‍යොතිෂය - 7

  "වෙනස්වීම" යන වචනය හරිහැටි අර්ථ දැක්වීමට මා හට නොහැකිය.මේ ලිපියේ අන්තර්ගතය වටහා ගැනීමට එය අනිවාර්ය අවශ්‍යතාවක්ද නොවේ.වෙනස්වීම පිළිබද මාහැගි අයුරින් දැක්වීමක් එදිනෙදා අසන්නට දකින්නට ලැබෙන විස්තර කරුණු කිහිපයක් ඇසුරින් පහත දක්වමි.

Wednesday, September 28, 2011

දරුවකු අරන් හදා ගැනීම හෙවත් කුල වැද්දීම

    දරුවන් නොමැති අය අනාගතය්දී තමන්ගේ ආරක්‍ෂාවට හා තමන්ට ඇප උපස්ථාන ලබා ගැනීම පිණිසත් තවත් අය දරුවන් සිටියත් අසරණ දරුවන් කෙරෙහි ඇති කරුණාව සෙනෙහස නිසාම දරුවන් අරන් හදා ගැනීම සිදු කරති."කුල වැද්දීම" ලෙස ජන වහරේ භාවිතා වන මෙය එක් අතකින් විශාල පින්කමකි.දරුවන් නොමැතිව පිටින් දරුවන් අරන් සාදාගත් අයට ඉන්පසු තමන්ගේම දරුවන් ලැබීමත් දරුවන් අරන් සාදාගත් පවුල් විශාල දියුණුවක් ලැබීමත් බහුලව දැකිය හැකිය.

Friday, September 23, 2011

ජේ.ආර්. ගහපු ගැට අපේ අය තාමත් ලිහනවා.

                                                                    
       "ජේ.ආර්. ගහපු ගැට අපේ අය තාමත් ලිහනවා." මීට වසර කිහිපයකට පෙර අපේ තාත්තා හිතවතෙකු සමඟ මෙලෙස පවසනු මා හට ඇසී ඇතත් ඒවනවිට කුඩා දරුවකුව සිටි මා හට පියා පැවසූ වදනේ අරුත හරිහැටි නොවැටහුනි.නමුත් මෑත කාලීනව සිදුවූ 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය හා 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වරින් වර සංශෝධනය වූ ආකාරය පිළදබදව දැනුවත් වූ පසු එදා තාත්තා විසින් පැවසූ "ජේ.ආර් ගේ ගැට" කතාව හොදින් වටහා ගත හැකි විය.

Monday, September 19, 2011

දොඩම්පේ ගණිතයා

හිරු බැස යමින් ඇත.රාත්‍රී ආහරය තමා විසින්ම සකසා ගත යුතු වීම හා නපුරු සතුන් තව ස්වල්ප වේලාවකින් වනය පුරා සැරීසැරීම ආරම්භ කරන බැවින් මහළු මිනිසා තමා වාසය කරන නිවහන වූ විශාල ගස් බෙනය තුලට ඇතුල් විය.රාත්‍රී ආහාරය පිළියෙල කර ගැනීමට අවශ්‍ය පල වැල සොයා වනයේ සැරිසැරීම නිසා විඩාවට පත්වී සිටි ඔහු තමා විසින් සකස් කරගත් කුඩා සයනයේ වැතිරුනේය.විවේකී සුවය විදිමින්ම ඔහුගේ සිත අතීතයට දිව ගියේය.

Thursday, September 15, 2011

"පොන්නා"

මාතෘකාව දැක්කම කට්ටියට නිකං මඤඤං වගේ ඇති නේද? මේ මොන කුනුහරුපයක් කියන්න යනවද කියලා.ඒත් කමක් නැහැ ඕන දෙයක් හිතා ගන්න.මේ ලිපිය ලියන්නේ අපේ ඉතිහාස පොත්වල සටහන් වෙලා තියෙන රාජකීය දෛවඥයන් කිහිප දෙනෙකු පිළිබද ඇති පටලැවිල්ලක් පරස්පද විරෝධී වීමකට ගවේශණාත්මක හැදින්වීමක් ඉදිරිපත් කිරීම වෙනුවෙනි.

Monday, September 12, 2011

අභාවයට යන පුස්කොළ ලිවීමේ කලාව



 ලේඛන කටයුතු සදහා කඩදාසි නොතිබූ ඉතා ඈත අතීතයේ එම අවශ්‍යතාව සපුරා ගත්තේ තල ගසේ ගොබයෙන් පිළියෙළ කරන ලද පත් ඉරු වලිනි.පුස්කොළ ලෙස කටවහරේ ඇති මෙම තල කොළ පිළිබද ඉතිහාස කතාව ඉතාමත් රසවත් මෙන්ම සාහිත්‍ය අගයකින් යුත් පුරාවෘත්ත වලින් ගහන වූවකි.

Thursday, September 8, 2011

කළු කුමාර උපත

         කළු කුමාර උපත 

"සකලකලා වල්ලභ" රජතුමා දිය කෙලියට මහත් ඇල්මක් දැක්වූවකු විය.එක් දිනක් බිසෝවරු පිරිවරාගෙනද තවත් දිනක් මැති ඇමතිවරු සමඟද දිය කෙලියේ යෙදීම රජුගේ කැමැත්ත විය.දැහැමි ගුණ ගරුක රජෙකු වූ "සකලකලා වල්ලභ" රජුට රටවැසියාද ඇළුම් කලේය.උඩුගම්පොළ රාජධානිය රජුගේ අනුග්‍රහයෙන් යහමින් පාලනය විය.

Tuesday, September 6, 2011

Taboo Subjects

   පගාවටත් නැකැත්
       "අපේ පුතා ඉස්කෝලේ යන්න ඉන්නේ මේ අවුරුද්දේ.පුතාව ඉස්කෝලෙට බාරදෙන්න සුභ නැකතක් බලන්නත් ඕන ඊට කලින් තවත් වැඩක් කරන්න වෙලා තියෙනවා.අපි පුතාව දාන්න හදන්නේ අහවල් ඉස්කෝලෙට ඒකට ළමයාව දාන්න විදුහල්පති අතට පගා මුදලක් දෙන්න වෙලා තියෙනවා.සල්ලි දෙපාරට දෙන්න තමයි අපේ අදහස.සල්ලි දෙන්න වෙන්නේ නයවෙලා.ඒත් අපිට කොහොම හරි පුතාව ඒ ඉස්කෝලෙට දා ගන්න ඕන.පුතාව ඉස්කෝලෙට භාරදෙන්න නැකත පස්සේ හදමු.ලබන සතියේ ප්‍රින්සිපල් අතට සල්ලි දෙන්න ඕන.වැඩේ සාර්ථක වෙන්න ඕන නිසා අපි හිතුවෙ සුභ නැකතකටම පගා සල්ලි ප්‍රින්සිපල් අතට දෙන්න."

Tuesday, August 30, 2011

රාවණායනය -1 (සීතාවනි ඔබෙ සෙනෙහස මට ඕනෑ නැති බව.)

   බීප්...බීප්.....බීප්...... හදිසි කාල නාදකයෙන් නිකුත්වූ ශබ්දයත් සමඟම ඉන්ද්‍රජිත්ගේ අවධානය ඒ වෙත යොමුවිය.තමා පොලොවෙන් පිටත්වන විට සතුරු කරදර වලින් ආරක්‍ෂා වීමට විමානයේ පිටත මයිකා තහඩුවල ආලේපනය කරන ලද කොහොඹ හා භූනාග සමඟ මිශ්‍රකල කළු මයිකා ද්‍රවයේ ක්‍රියාකාරිත්වය ක්‍ෂය වෙමින් පවතින බවත් විමානය "ආකාශාකාර" (අහස ලෙස පෙනෙමින් අදෘශ්‍යමාන වීම) තත්ත්වයෙන් ඉවත් වෙමින් පවතින බවත් හදිසි කාල නාදකයෙන් පිටවූ ශබ්දයෙන් දැන්වූ බව ඉන්ද්‍රජිත් වටහා ගත්තේය.

Friday, August 26, 2011

සිහින පලාඵල - 2 (මල් පළතුරු සිහිනෙන් දැකීම)

   
 1)  මල් උයනක් දුටුවොත්
             සුවිශේෂී විනෝද චාරිකාවක්

 2) මල් පොකුරක්
            ඉතා රූමත් පෙම්වතියක් හෝ පෙම්වතෙකු ලැබේ.

Wednesday, August 24, 2011

අනේ මට නම් හිතා ගන්න බැහැ.



* "චන්ද්‍රකා කුමාරතුංග කියන්නේ පච මල්ලක්.මේ පච මල්ල ගෙදර යවනකම් මේ රටටයි රටේ ජනතාවටයි අනාගතයක් නෑ මේ පචමල්ල ලංකරන් ඉන්නේ රටක් සංවර්ධනය කරන්න අවශ්‍ය ආර්ථිකය කලමණාකරණය ගැන මෙලෝ හසරක් දන්නේ නැති මැට්ටො ටිකක්.ඒකට මගේ ගාව හොද ටීම් එකක් ඉන්නවා.මේ ටීම් එක දාලා කටු අත්තක් වගේ තියෙන මේ රටේ ආර්ථිකය මල් අත්තක් වගේ පූදලා ගන්න මට පුළුවන්" අනූ ගනන්වල අගදී දී එහෙම කියලා රනිල් චන්ද්‍රකාව එළවන්න ජනතා සහය පැතුවා.එහෙම කියපු රනිල් උන්නැහේ 2001 දී හදපු ටීම් එකේ වැඩිහරියක් හිටියේ චන්ද්‍රිකාගේ මැට්ටො නේද කියලා රනිල්ටත් එදා හිටපු අයටත් තේරුනේ නැත්තේ මොකද කියලා මටනම් හිතා ගන්න බැහැ.

Saturday, August 20, 2011

භූමිකම්පා පෙරාතුව දැනගැනීමේ ක්‍රමයක් ජ්‍යොතිෂයේ තිබේද?

  මහා පරිමාන ජීවිත හා දේපළ වනසමින් හදිසි රකුසකු සේ ක්‍ෂණිකව ක්‍රියාත්මක වන භූමිකම්පා ඇතිවීම පෙරාතුව දැනගැනීමේ ක්‍රමයක් සොයා ගැනීමට ශතවර්ෂ ගණනාවක් තිස්සේ මිනිසා උත්සාහ කරමින් සිටී.

Tuesday, August 16, 2011

ඒකශ්‍රැතිධර යෝගය



 යෙදෙන ආකාරය -
              තුන,පහ,නවය,එකොලහ ස්ථාන වල සියළුම ග්‍රහයන් සිටීමෙන් මෙම යෝගය උදාවේ.

 විපාක - සුභ යෝගයකි.යෝගය හැදින්වීමට යොදා ඇති නාමයේ අර්ථයෙන් කියැවෙන ආකාරයටම "එක් වරක් ඇසූ පමණින් ධාරණය කරගත හැකි" හැකියාවක් මෙම යෝගය පිහිටි අයට ලැබේ.බර වැඩ කර ජීවත් වන්නෙක් නොවේ.රැකියාව සදහාද ඥාණයම යොදාගනී.

 විශේෂ සටහන්
             මෙම යෝගයද සිංහාසණ යෝගය මෙන්ම දුර්ලභ යෝගයකි.දෙක,හය,අට,දොළහ සියළුම ග්‍රහයන් පිහිටීමෙන් ඇතිවන සිංහාසන යෝගය පිහිටි හා මෙම ඒකශ්‍රැතිධර යෝගය පිහිටි අයගේ කේන්දරවල පිහිටන පොදු ලක්‍ෂණයක් වන්නේ "හතර කේන්ද්‍රය හිස් වීමයි." යෝගදෙකේම ශ්‍රමණ යෝගය සැඟවී ඇති අතර ගුරු,කුජ ග්‍රහයන්ගේ සුභ අසුභ දෘෂ්ටි කේන්ද්‍රස්ථාන වලට වැටීම අනුව ශ්‍රමණ යෝගය ඉස්මතු වීම නොවීම බොහෝ දුරට තීරණයවේ.ලේඛකයන් මුද්‍රණ ශිල්පියන් ,භාෂා පරිවර්තකයන් බිහිකරවන යෝගයකි.මෙය ධන යෝගයක් ලෙස දක්වා නැතත් දෙක හා එකොළහ ග්‍රහ පිහිටීම යහපත් වන විට තම ඥාණය මෙහෙයවා ධනය උපයයි.නමුත් මෙම යෝගය පිහිටි අය මුදල් පසුපස හඹා යැම අඩුවෙන් කරන්නන්ය.

සිහින පලාඵල - 1 (විවිධ සතුන් සිහිනෙන් දැකීම)

සිහින පලාඵල - 1 (විවිධ සතුන් සිහිනෙන් දැකීම)

  1) කළු නයෙක් දැකීම
         ක්‍රමයෙන් අසරණවේ.

Sunday, August 14, 2011

ස්ත්‍රී ජාතක චන්ද්‍රිකා - 3

මෙහි පලමු ලිපි දෙක


5) පාද නියපොතු ලක්‍ෂණ
             * ස්නිග්ධාඃ සමුන්නතාස්තාස්තාම්‍රාවෘත්තඃ නඛාඃ ශුභාඃ
          යම් ස්ත්‍රියකගේ සිනිදු,උස්වූ තඹවන් වට පාද නිය සුභ වෙති.

Saturday, August 13, 2011

බටහිර වැරහැලි ඇදගෙන මව්බිමේ පෙරලි කරන අපේ කාලයේ කළුසුද්දෝ

   "මතක තියා ගනිල්ලා කවදා හරි සුද්දෝ මේ රට දාලා යනවා. උන් යන්නේ උන්ගේ දරුවෝ වගේ විසි තිස් දාහක් බෝකලාට පස්සෙයි.ඊට පස්සේ මේ අපේ රට පාලනය කරන්නේ මේ කළු සුද්දෝ. උන් උඹලගේ දරුවන්ට උගන්නාවි ජාති ආගම් යන බේදයක් එපා කියලා. දෙමලත් මරක්කලයත්, හම්බයත් කොච්චියත්, බෙර කාරයත් එකයි කියලා. උන් කියාවි මේ රට උන් ඔක්කොමටම අයිති කියලා. එහෙම කියලා උන් ඉංග්‍රීසියම රජ කරාවි. පන්සල් වටේ පල්ලි කෝවිල් හදාවි. උඹලා උඹලා වෙනුවෙන් දියසෙන් කුමාරයා ඉපදෙන තුරු බලා ඉන්නවා. උපදින්න ඉන්න දියසේන ලා තිඹිරි ගෙයිම මරා දමන්න මේ කළු සුද්දන්ට පුළුවන් බව මතක තියා ගනිල්ලා. අපේ හාමුදුරුවන්ට උන් එදාට ඉනා බේත් දෙනවා. ඉන් පස්සේ උඹලෑ කොල්ලෝ කෙල්ලන්‍ට ඇටි කෙහෙල් කාපු රිලව් වගේ නියෝ නියෝ ඉන්න සිද්ද වේවි."

Friday, August 12, 2011

100

                                                      
     මාතෘකාව දැක්කහම පෝස්ට් එක මොකක් ගැනද කියල හිතා ගන්න පුළුවන්නේ.100 වැනි පෝස්ට් එක වුනාට Dashboard  එකෙන් පෙනුන විදියට මේක 105 වැනි පෝස්ට් එක.කලින් පෝස්ට් කීපයක් ඉවත් කිරීම නිසා මේ ලිපිය තමයි 100 වැනි ලිපිය ලෙස බ්ලොගයේ සනිටුහන් වෙන්නේ.

Thursday, August 11, 2011

පහ වසර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින සිසුන්ට විභාගය ලිවීමට නිවසින් පිටත්ව යාමට සුභ නැකැත්



                        
                                     
   පහ වසර ශිෂ්‍යත්ව විභාගය ලංකාවේ පාසැල් සිසුන් මුහුණදෙන පලමු ප්‍රධාන ජාතික විභාගය ලෙස හැදින්විය හැක.ඉගෙනීමෙහි දක්‍ෂ කුසලතා ඇති ගම්බද දරුවන්ට නගරයේ ජාතික පාසැලකට ඇතුල් වීමට වරම් ලබා දෙන විභාගයක් වීම හා වර්තමානයේ ජනප්‍රිය පාසැල් වලට ඇතුල් වීමෙ ඇති තරඟකාරිත්වය නිසා මෙම පහ වසර ශිෂ්‍යත්ව විභාගය සමත් වීමට දරුවනුත් දෙමාපියනුත් වැඩි උනන්දුවක් දක්වයි.

Tuesday, August 9, 2011

දෑවැද්ද

  "අනේ පුතේ මම මේ ආවේ අපේ දුවගේ කේන්දරේ ග්‍රහ අපල එහෙම තියේද කියලා බලන්න.දුව ලඟදි කසාද බැන්දා.දෙන්න යාළුවෙලා බැන්දේ.දැන් ඉන්නේ බෑනගේ ගෙදර.බෑනා නම් අනේ හරි හොදයි.ඒත් නැන්දම්මා එක විදියක්,වෙනස් කමක් නොකලත් අපේ දුව ලොකු දෑවැද්දක් එක්ක නාපු එකට එච්චර හිත හොද නැහැ,සැරින් සැරේට ආඩපාලි කියනවලු.අනේ ඉතිං අපි වගේ දුප්පත් මිනිස්සු කොහොමද ලොකු දෑවැදි දෙන්නේ."

Friday, August 5, 2011

උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසු සිසුවියන්ට විභාගයට පිටත්ව යාමට සුභ නැකැත්


  අ.පො.ස.  උ/පෙළ විභාගය මෙවර 2011 අගෝස්තු 8 සදුදා දින ආරම්භවේ.මෙම කඩඉම පාසැල් දරුවන්ගේ ඉදිරි අනාගතය තීරණය සුවිශේෂී සංධිස්ථානයකි.විශ්ව විද්‍යාල ප්‍රවේශය තීරණය වෙන මෙම විභාගය සමත්වී තමන්ගේ දරුවාත් උසස් අධ්‍යාපනයට යොමුවනු දැකීම බොහෝ දෙමාපියන්ගේ සිහිනයකි.දරුවන්ගේ අධ්‍යාපන හැකියාව උපතින් හා ඔවුන්ගේ කැපවීමෙන් පිහිටන දෙයකි.විභාගය ලියන සිසු සිසුවියන්ගේ උත්සාහයෙන් මිස යාග හෝම දෙවියන්ට පුද සත්කාර කිරීමෙන් හෝ යන්ත්‍ර මන්ත්‍ර මගින් පමනක් දරුවන්ගේ අධ්‍යාපන හැකියාවන් දියුණු කිරීම විභාග සමත් වීම කළ නොහැකිය.නමුත් ඉතා හොදින් වෙහෙස මහන්සි වී විභාග සමත් වීමට තරම් හැකියාවන් ඇති දරුවන් පවා මෙම විභාගය අසමත් වන අවස්ථා එමට ඇත.

Wednesday, August 3, 2011

කාලය අවකාශය හා ජ්‍යොතිෂය 6 - (සාපේක්‍ෂතාවාදය)

              කාලය හා අවකාශය සම්බන්ධව කතා කිරීමේදී "සාපේක්‍ෂතාවාදය" පිළිබදව සදහන් නොකර බැරිය. මන්දයත් කාලය හා අවකාශය පිළිබදව අභිරහස් කරුණු රාශියක් අනාවරණය වීමට සාපේක්‍ෂතාවාදය ඉවහල් වූ බැවිනි.

Friday, July 29, 2011

"සිංහාසන යෝගය"

 "රජුගේ ආසනය" යන්න අර්ථ දීමට "සිංහාසනය" යන තනි වචනය භාවිතා වේ.මේ ආකාරයට තේරුම් බැලූ විට "සිංහාසන යෝගය" මගින් සිංහාසනයේ වාඩි ගැනීම පෙන්නුම් කරයි.රජවීමක් නැති මෙකළ සිංහාසන යෝගය "ජනාධිපති තනතුරට පත්වීම" හෙවත් "ජනපති පුටුවේ වාඩිවෙන යෝගය" ලෙස සංශෝධනය කරමින් භාවිතා කළයුතු යැයි ඇතැම් අයට සිතිය හැකියි.සිංහාසන යෝගය ගැන බොහෝ දෙනාට මෙවැනි සිතුවිලි පහළ විය හැකි වුවත් සිංහාසන යෝගයෙන් විස්තර කෙරෙන්නේ රජෙක් හා සමාන තත්වයකට පත්වීමයි.

Wednesday, July 27, 2011

හතර කේන්ද්‍රය පාළු වීම

     "හතර කේන්ද්‍රය පාළු වීම" යන්න පිළිබදව ජනසමාජය තුල මුල්බැස ඇති විවිධාකාර වූ මතිමනාන්දර අනුව බොහෝ දෙනා තුල ඇත්තේ එවැනි ජන්ම කේන්ද්‍ර පිහිටන්නන් පිළිබද සෘණාත්මක අගය කිරීමකි.හතර කේන්ද්‍රය හිස්වූවන් ගිහි ජීවිතයට වඩා පැවිදි ජීවිතයට සුදුසු යැයි ප්‍රබල මතයක් මුල් බැස ඇති නිසා තමන්ගේ දරුවෙකුගේ ජන්ම කේන්ද්‍රයේ එවැනි පිහිටීමක් ඇති බව දැනගත් විට බොහෝ දෙමාපියන් කලබලවේ.වර්තමාන තරඟකාරී ජනසමාජ රටාව අනුව බොහෝ දෙමාපිය වැඩිහිටියන් කැමති තමන්ගේ දරුවන් හොදින් ඉගෙන ගෙන ඉහළ රැකියා තනතුරු ලබමින් විවාහ වී දරු මල්ලන් ලැබ සුඛෝපබෝගී දිවි පෙවතක් ගත කරනු දැකීමය.ඒ නිසාම එවැනි යෝග තම දරුවන්ගේ ජන්ම කේන්ද්‍රවල සටහන් වී තිබීම පවා ඔවුන්ට හිසරදයකි.හතර කේන්ද්‍රය හිස් වූ පමනින් එය මහණ යෝගයක් හෝ ලෞකික දිවියට බාධා යෝගයක් වන්නේ නැත.මෙහිදී සම්පූර්ණ ජන්ම කේන්ද්‍රයම සලකා බලමින් ඔහුගේ ඉදිරිය විමසා බැලිය යුතුය.එසේ නොමැතිව හතර කේන්ද්‍රය හිස්වූ පමණින් දරුවෙකුගේ කේන්ද්‍රය දෙස බලා "මෙම දරුවාට ශ්‍රමණ යෝගයක් ඇත" යනුවෙන් පැවසීම ජ්‍යොතිෂ්‍යාණුකූලව වැරදි අර්ථ කථනයක්මය.මෙම ලිපියෙන් ඉදිරිපත් කිරීමට අදහස් කලේ එවැනි ග්‍රහ පිහිටීම් ඇති කේන්ද්‍ර හදුනා ගැනීම හා ජන්ම කේන්ද්‍රයේ වෙනත් සියුම් ග්‍රහ පිහිටීම් දෙස බලමින් එම යෝගවල ඵල විපාක ඉස්මතු වීම නොවීම පිළිබදව අදහසක් ලබා ගැනීමට ජ්‍යොතිෂ දැනුම් ප්‍රමාණයක් පාඨකයන්ට ලබා දීමයි.

Tuesday, July 26, 2011

කාලය අවකාශය හා ජ්‍යොතිෂය 5

 ගණිතයේ මහිමයෙන් සොයාගත් ග්‍රහයා
     
   ක්‍රි.ව.1612 දෙසැම්බර් 21 දින රාත්‍රී අහස නිරීක්‍ෂණය කරමින් සිටි ගැලීලියෝ ගැලිලීට හදිසියේම ඈත අහසේ බ්‍රහස්පති ග්‍රහයා ආසන්නයේමවූ තවත් ග්‍රහ වස්තුවක් නිරීක්‍ෂණය කිරීමට හැකි විය.ඉන්පසු නැවත 1643 ජනවාරි 27 දිනයේද බ්‍රහස්පති ග්‍රහයා අසලින්ම මෙම ග්‍රහ වස්තුව නිරීක්‍ෂණය විය.ගැලීලියෝට එදා ප්‍රභල දුරේක්‍ෂයක් තිබුණි නම් මේ කථාව වෙනස් ස්වරූපයක් දැරීමට තිබූ නමුත් ගැලීලියෝගේ දුරේක්‍ෂයේ ප්‍රභලතාව අඩුවීම හා පසු කලෙක අනාවරණය වූ කරුණු අනුව ග්‍රහයන්ගේ වක්‍ර ගමන පිළිබද එකළ වැටහීමක් නොතිබීම නිසාම තමා දුටු ග්‍රහ වස්තුව "ස්ථාවර තාරකාවක්" ලෙස ගැලීලියෝ අතින් සටහන් විය.

Tuesday, July 19, 2011

කාලය අවකාශය හා ජ්‍යොතිෂය 4

  "හිරු පොලොව වටා ගමන් කරන්නේ යැයි සිතා සිටින මුග්ධයන් පිරිසක්"
  " මෝඩයන් රවටමින් අන්දවමින් ඔවුන්ගේ මුදල් ගසා කන කපටියන් පිරිසක්"

Sunday, July 17, 2011

Sound Horoscope

 අපගේ ජීවිතයේ වටිනා සුන්දර මෙන්ම සුවිශේෂී සිද්ධි සිහිවටන ලෙස තබා ගැනීමට අපි ඡායාරූප භාවිතා කරයි.එමෙන්ම පුවත්පත් සඟරා ආදිය පුවත් වාර්තාකරණයේදී අදාළ සිද්ධිය හුවා දැක්වීමටද ඡායරූප භාවිතා කරයි.(මීට අමතර අවස්ථාද ඇත.)ජ්‍යොතිෂයේදී භාවිතා කෙරෙන පුද්ගල ජන්ම කේන්ද්‍ර සටහනද එක්තරා අයුරකින් ඡායාරූපයක් වැනිය.එය අප ඉපදුනු මොහොතේ අහස්තලයේ ඡායාරූපයකට අනුරූපවේ.

Thursday, July 14, 2011

Solar Return Year

    අළුත් අවුරුදු උදාව සමඟ බැදී ඇති ජ්‍යොතිෂ සංකල්පය වන්නේ සූර්යයා(රවි) මින රාශියේ සිට මේෂ රාශියට සංක්‍රමනය වීම (මේෂ රාශියේ මුල් අංශකයට පිවිසීම) බව අපි සැවොම දනිමු.මීට අනුරූප සංසිද්ධියක් බටහිර ජ්‍යොතිෂයේද ඇත.  solar return year  ලෙස හැදින්වෙන මෙය අපගේ අළුත් අවුරුදු සංක්‍රාන්ති ක්‍රමයට අනුරූප සමාන කමක් ඇතත්  solar return year ක්‍රමයේ හා අපගේ අළුත් අවුරුදු ක්‍රමයේ ප්‍රධාන වෙනසක් දැකිය හැක.පෙරදිග අළුත් අවුරුදු සංක්‍රාන්තියේදී අහස් තලයේ සිදුවන සාපේක්‍ෂ සංසිද්ධියක් මූලික වන අතර බටහිර ජ්‍යොතිෂ  solar return year ක්‍රමය අර්ථ දැක්වෙන්ගේ එක් එක් පුද්ගලයාට අනන්‍ය ආකාරයෙනි.පුද්ගලයකු උපතේදී රවි පිහිටි ස්ථානයටම නැවත රවි පැමිනීම අනුව එක් එක් පුද්ගලයාට අනන්‍ය වූ solar return year  වර්ෂය අර්ථ දැක්වේ.

Monday, July 11, 2011

ශක්‍රයාට නෙත් දාහක් ලැබුනේ කොහොමද?.

  බොහොම ඉස්සර කාලයේ ඉන්දියාවේ ලෞකික ධ්‍යාන බලය ප්‍රගුණ කරපු ඉසිවරු යෝගී වරු වැඩි ප්‍රමාණයක් විය.ඉන් බොහෝ දෙනා ගිහි ජීවිතයෙන් ඉවත් වී වනගතව තවුස් දම් රකිමින් දිවි ගෙවමින් ස්වකීය ධ්‍යාන බලය වැඩි දියුණු කර ගනිමින් ජීවත් වූහ.තවත් අය විවාහ වී අඹු දරුවන් සමගින් ජීවත් විය..ගෞතීය මුනිවරයා මෙලෙස ලෞකික ධ්‍යාන බලය උපදවා ස්වකීය අඹුව සමඟ හිමාලය ආශිත වනපෙදෙසක ජීවත් වූ බලසම්පන්න මුනිවරයෙකි.ගෞතීය මුනි වරයාගේ ලෞකික සෘද්ධි බලය මහත් විය.දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක වලට සෘද්ධි බලයෙන් ගමන් කිරීමේ හැකියාව ඔහුට විය.

Sunday, July 10, 2011

කාලය අවකාශය හා ජ්‍යොතිෂය 3


   කාලය අවකාශය හා ජ්‍යොතිෂය සම්බන්ධව ලියැවුනු පසුගිය ලිපිවල අන්තර්ගත කරුනු තේරුම් ගැනීමට අපහසු වීමටහේතුව කාලය හා අවකාශය පිළිබද විද්‍යාත්මක සිද්ධාන්ත මෙන්ම තවමත් හෙළිනොවූ අභිරහස් එහි ඇති බැවිනි.මෙතෙක් විසදාගැනීමට නොලැබුනු පිළිතුරු නොලැබුනු ගැටළු රාශියක් බැදී ඇත්තේ අභිරහස් විශ්වය සම්බන්ධයෙනි.අපගේ ලිපියේ මාතෘකාවට අදාළව මෙන්ම(මාතෘකාවෙන් පරිබාහිර තත්ත්ව කිහිපයක්ද ඇතුළුව) ෙසෙද්ධාන්තික විසදුම් නොලැබුනු ප්‍රධාන ගැටළු 10ක් පහත දක්වා ඇත.මෙම ගැටළු තුල අවකාශ කාල සංසිද්ධියේ ක්‍රියාකාරිත්වය තම තම දැනුම තරමින් විමසා බැලීම පාඨක ඔබට භාර කරමි.

Saturday, July 2, 2011

කාලය අවකාශය හා ජ්‍යොතිෂය 2

       " ඉමස්මිංයේව ඛ්‍යාම මත්තේ කලේබරේ සසඤ්ඤිම්හි සමනකේ ලෝකඤ්ච පඤ්ඤපේමි ලෝක සමුදයං ච ලෝක නිරෝධංච ලෝක නිරෝධ ගාමිණී පටිපදංච"

 ඉහත සදහන් බුද්ධ දේශනාව අනුව අවකාශය නැත්නම් ලෝකය හා එහි ආරම්භය මෙන්ම අවසානයද වන්නේ බඹයක් පමන වූ සංඥා මනස සහිත ශරීරයම බවයි.මේ අනුව සමස්ත අවකාශය හුදකලා පුද්ගලයා වෙතම විතැන් කර එහි ක්‍රියාකාරිත්වය හෙවත් පැවැත්ම නැවැත්වීමේ වැදගත්කම තිලෝගුරු බුදු රජානන් වහන්සේ දේශනා කොට ඇත.

Sunday, June 26, 2011

කාලය අවකාශය හා ජ්‍යොතිෂය - 1

 විද්‍යාවේදී කාලය හා අවකාශය වෙන වෙනම නොසලකා එකම ප්‍රස්තූතයක් ලෙස ගොඩ නගා ඇත.කාලය හා අවකාශය ගැන වෙනවෙනම කතා කල හැකි වුවත් ඒ දෙක අතර ඇති සම්බන්ධය අමතක කල නොහැක.

Saturday, June 18, 2011

සුභ නැකැත් සෑදීම 4

     ඉතා ඈත අතීතයේදී වැඩි වශයෙන් භාවිතා කෙරුණු චූල ජ්‍යොතිෂ ක්‍රම මේ වනවිට අභාවයට යාමේ ප්‍රවනතාවක් ඇත.වර්තමානයේ "තත්කාල නිමිති" ශාස්ත්‍රය ඉතා දරුණු ලෙස පසුබෑමකට ලක්වී තිබීමත් තමන් වෙතට සේවය ලබා එන්නන් වැඩි පිරිසක් විවාහ මංගල,ගෙවල් සෑදීම,කුඩා දරුවන්ගේ අකුරු කියවීම,කන් විදීම,බත් කැවීම.. ආදී මහා නක්‍ෂත්‍ර ක්‍රම භාවිතා කරමින් සෑදෙන නැකැත් බලාපොරොත්වන්නන් වීම චූල නක්‍ෂත්‍ර ක්‍රම භාවිතය අඩු වීමට ප්‍රධාන වශයෙන් බලපා ඇත.

Wednesday, June 15, 2011

සුභ නැකැත් සෑදීම 3

                      කේවල සිද්ධි යෝග 7     
 කේවල සිද්ධි යෝග 7 චූල නක්‍ෂත්‍ර ක්‍රමයේදී භාවිතා කරන සුභ නක්‍ෂත්‍ර ක්‍රමයකි.හදිසියේ කළ යුතු නමුත් පඤ්චාංගය සුභවී තමන්ට සුභ අයුරින් ඇති විශේෂී සුභ නැකතක් ආසන්නයේ නොමැති විට යොදා ගැනෙන මෙම නැකැත් ක්‍රමය ගැන වැටහීමක් ලබා ගෙන තිබීම ජ්‍යොතිෂවේදීන්ට මෙන්ම අන් අයටත් ප්‍රයෝජනවත්ය.නමුත් එදිනට නියමිත නැකත කුමක්දැයි දැන සිටීම අවශ්‍ය නිසා මෙම චූල නක්‍ෂත්‍ර ක්‍රමය භාවිතා කිරීමට පඤ්චාංග ලිතකින් එදිනට නියමිත නැකත කුමක්දැයි බැලීමට හැකියාවක් තිබිය යුතුය.(බොහෝ පරිඝණක ජ්‍යොතිෂ මෘදුකාංග වලින් යම් වේලාවක යෙදී ඇති නැකත ලබා ගත හැකි වුවත් දිනයක් පුරා නැකත් ලබන ගෙවෙන වේලාවන් දැන ගැනීමට පඤ්චාංග ලිතකින් පඤ්චාංගය බැලීමේ හැකියාව අවශ්‍යවේ.) 

Monday, June 13, 2011

සුභ නැකැත් සෑදීම 2

  විවාහ මංගල අවස්ථා, ගෙවල් සෑදීම කුඩා දරුවන්ට ඉදුල් කට ගෑම අකුරු කියවීම වැනි ජීවිතයේ වැදගත් අවස්ථාවලදී නැකැත් සෑදීමේදී කාල වේලා ඇතිව අසුභ තත්ත්ව මඟහරිමින් විශේෂ සැලකිල්ලෙන් යුතුව නැකැත් සෑදීමේදී "මහා නක්‍ෂත්‍ර ක්‍රමය"ත් හදිසියේ යෙදෙන අනිවාර්යයෙන් කළ යුතු සුභ කටයුතු සදහා "චූල නක්‍ෂත්‍ර ක්‍රමයත් උපයෝගී කරගන්නා බව මෙම ලිපියේ පලමු කොටසින් දැක්වූයෙමි.

Saturday, June 11, 2011

සුභ නැකැත් සෑදීම 1

              සුභ මුහුර්ත හෙවත් "සුභ නැකැත්" පිළිබදව විස්තර කිරීම එක් ලිපියකින් කළ හැකි කාර්්‍යයක් නොවේ.නමුත් සුභ නැකැත් පිළිබදව වැටහීම ජ්‍යොතිෂවේදියාට පමනක් සීමා විය යුතුද නැත.සුභ නැකැත් තේරීම පළපුරුදු ජ්‍යොතිෂවේදියකු ලවා කල යුතු වුවත් සුභ නැකැත් සෑදීමේදී ජ්‍යොතිෂයේදී භාවිතා කරන අනුගමනය කෙරෙන ක්‍රම පිළිවෙත් ගැන සරල වශයෙන් හෝ අවබෝධයක් ලබාගෙන සිටීම කවදා හෝ ප්‍රයෝජනවත් වනු ඇත.

Monday, June 6, 2011

ජ්‍යොතිෂය හා සම්භාවිතා න්‍යාය -3

   * උපතින් ඇමෙරිකානු ජාතිකයකු වුවද ඉපැරණි භාරතීය ජ්‍යොතිෂය මැනවින් උගත් බියුවෙල් හියුජන්ස් විසින් the Astrological magazine සඟරාවේ 1970 ජනවාරි කලාපයට ලියූ ලිපියකින් යම් පුද්ගලයකුගේ ජන්ම කේන්ද්‍රය හා මරණය සිදුවන දිනය හා වේලාව අතර සම්බන්ධයක් තිබේද යන්න  සොයා බැලීම සදහා ඔහු විසින් කරනු ලැබූ පර්යේෂණයක ප්‍රතිඵල දක්වා ඇත.ඔහුගේ මෙම පරීක්‍ෂණයට භාවිතා කර ඇත්තේ උපන් වේලාව හා මියගිය වේලාව නිභ්චිතව දන්නා ප්‍රසිද්ධ පුද්ගලයන් 80 දෙනකි.මෙම නියැදියට අයත් වූවන් අතර ලෝක ප්‍රසිද්ධ පුද්ගලයන්(මාටිං ලුතර් කිං,මාක්ට්වේන්,වින්ස්ටන් චර්චිල්,මහත්මා ගාන්ධි,...) රාශියක් විය.

Saturday, June 4, 2011

ජ්‍යොතිෂය හා සම්භාවිතා න්‍යාය -2



              මෙහි පලමු ලිපිය මෙතනින් බලන්න
 කණුව වටා පමනක් ගමනේ යෙදෙන ආගමික මූලධර්ම මෙන්ම ජ්‍යොතිෂයද එහි ආරම්භක අවදියේ පැවති තත්ත්වයේම තිබෙමින් දියුණුවට පත්නොවන ශාස්ත්‍රයක් බව ජ්‍යොතිෂය ප්‍රතික්ෂේප කරන්නන් මතු කරන තර්කයකි.මෙහි ආරම්භක ලිපියේදී දැක්වූ පරිදි ජ්‍යොතිෂය යනු අතීත සිද්ධාන්ත මතම එල්බී සිටිය යුතු ඊනියා ශාස්ත්‍රයක් නොවන බව නැවත අවධාරණය කළ යුතුය.ජ්‍යොතිෂය යනු හුදෙක් එක් ශාස්තෘවරයකුගේ දායකත්වයෙන් බිහිවුවක් නොවේ.එහි ප්‍රධාන සංඝටක වූ

Sunday, May 22, 2011

"සුභ වේලාවට සීසර් කිරීම" හෙවත් "බඩේ ඉන්න ළමයට කේන්දර හැදීම"

 මේ කතාව බ්ලොග් එකට දාන්න ඉස්සෙල්ල දෙපාරක් හිතුවා.මොකද බැරිවෙලාවත් ඉදල හිටලා බ්ලොග් එකේ දාන මගේ වෘත්තීය අත්දැකීම් වලට සම්බන්ධ කෙනෙක් මේ විස්තර දැක්කොත් ඒක හරි නැති හින්දා.කොහොමත් දෛවඥයො වෙච්චි අපි වගේ අය තමන් ලගට එන අයගේ පෞද්ගලිකත්වය රකින්න ඕන.නැත්නම් ඒක අපේ වෘත්තියට අයහපත් බලපෑම් ඇති කරනවා.බ්ලොග් එකේ ලියන්නේ ඉතා තදින් දිගු කාලීන මතකයට කා වැදුනු දේවල් විතරයි.ඒවයිනුත් වැල්වටාරම් අයින් කරලා මේක කියවන අයට ඉදිරියේදී ප්‍රයෝජනවත් විය හැකි වැදගත් දේවල් තමයි ලියන්නේ.ජ්‍යොතිෂයට සම්බන්ධ බ්ලොගයක් නිසා පීලි පැනලා ලියන්නත් බෑනේ.

Saturday, May 21, 2011

ග්‍රහ දෘෂ්ටි

       ග්‍රහයන්ගේ දෘෂ්ටි වීම හෙවත් ග්‍රහයන්ට පෙනීම ජ්‍යෙතිෂයේ සෑම ක්‍ෂෙත්‍රයක් පුරාම වැඩි වශයෙන් භාවිතා වේ. පොරොන්දම් බැලීමේදී, නැකැත් සෑදීමේදී පලාඵල බැලීමේදී,මල්වර පරීක්‍ෂාවේදී නිමිති ශාස්ත්‍රයේදී,ලෝකායත ජ්‍යොතිෂයේදී ආදී සෑම ක්‍ෂෙත්‍රයක් තුලම ග්‍රහ දෘෂ්ථි පිළිබදව විමසෙන නිසා ජ්‍යොතිෂවේදීන් ග්‍රහ දෘෂ්ථි පිළිබදව මනා ලෙස දැන සිටිය යුතුමය.

Monday, May 16, 2011

නිවැරදි ශ්‍රී සම්බුද්ධ ජන්ම කේන්ද්‍රය කුමක්ද?

 ක්‍රි.ව 1956 වසරේදී බුද්ධ ජයන්තියක් ලෝකයේ බෞද්ධ රටවල් සියල්ල වාගේ එකතුව මහා ඉහලින් සැමරූ බවත් එය 2500 වැනි බුද්ධ ජයන්තිය ලෙස සැමරූ බවත් මගේ වැඩිහිටියන් විසින් පවසා ඇත.1956 වසරේදී 2500 වැනි බුද්ධ ජයන්තිය සැමරුම තිබුණි නම් 2011 වසරේදී යෙදෙන්නේ 2550 වැනි සැමරුම විය යුතු වුවත් 2600 වැනි සම්බුද්ධජයන්තිය ලෙස ලේබල් කර ඇත්තේ මන්දැයි අයකුට ගැටළුවක් පැන නැගිය හැක.2011 වසරේ වෙසක් පෝ දිනට බුදු රදුන් බුදුවී වසර 2600කි.පිරිනිවන් පා වසර  2550 කි.මෙම සැමරුම් දෙකේ වෙනස දැන් වැටහේ යැයි සිතමි.ඒ පිළිබදව ඊට වැඩි විස්තරයක් අනවශ්‍යය.

Friday, May 13, 2011

ඉරිසියාව හා ඇස්වහ කටවහ.

" ඉරිසියාව" මෙය ජීවිතයේ කිනම් අවධියක හෝ අප සෑම කෙනෙකු තුලම ඇතිවිය හැකි මානුෂික ලක්‍ෂණයකි.මෙහිදී "මානුෂික" යන වචනය ඉරිසියාව හැදින්වීමට යොදා ගැනීම පිළිබදවඇතැම් විට ඔබ මා සමග උරණ විය හැකියි.නමුත් මෙලොව උපදින මිනිසුන් තුල පහල වන දුක සතුට ක්‍රෝධය තරම්ම පොදු තත්ත්වයෙන් සෑම අයකු තුලම ඇතිවිය හැකි ඉරිසියාව සත්‍ය ලෙසම මනුස්ස ගතියක්ම වේ.

Wednesday, May 11, 2011

ජ්‍යොතිෂය හා සම්භාවිතා න්‍යාය -1

 එදින උදේ සිටම ඉතාලියේ පීසාහි සුප්‍රකට ඇලවෙන කුළුන අසල නිවෙස්වල පදිංචි කරුවෝ නිවෙස් වලින් එලියට නොබැස සිටීමට වග බලා ගත්හ.පීසා විශ්ව විද්‍යාලයේ ආචාර්්‍ය වරයකු වන "ගැලීලියෝ ගැලිලි" එදින උදේ වරුවේ සිට කුළුණ උඩට නැග සිදුකරන පරීක්‍ෂණයක් මීට හේතු විය.ගුරුත්වජ ත්වරණය පිළිබද නියමය අනුව කවර හෝ වස්තුවක් ඉහළ සිට නිදහසේ අත හරින ලද විට ගුරුත්වය යටතේ පොලොවට වැටෙන්නේ එකම මොහොතේ එකම කාලයකදී ය.ඒ අනුව විවිධ ස්කන්ධවලින් යුත් කාළතුවක්කු උන්ඩ කුළුණ උඩ සිට අතහරිමින් ගැලීලියෝ සිදු කළ ක්‍රියාව දෙස නගර වැසියෝ නිවෙස් තුලට වී ජනෙල් අස්සෙන් බලා සිටියේ එලියට ගියහොත් ගැලීලියෝ බිමට අතහරින කාල තුවක්කු උන්ඩයක් කොයි මොහොතේ හෝ තමන්ගේ හිස මතට කාඩා පාත් විය හැකි යැයි දැනුනු බිය නිසාමය.

Sunday, May 8, 2011

"විපරීත රාජ යෝගය"

ජ්‍යොතිෂයේදී යෙදෙන විවිධ ග්‍රහ යෝග සම්බන්ධව කතා කිරීමේදී "විපරීත රාජ යෝගය" ඉතා සුවිශේෂීවේ. මෙම යෝගය ලග්න වලට යෙදෙන ආකාරය හා ඒ පිලිබදව ජ්‍යොතිෂය කරන හා ඉගෙන ගන්නා මෙන්ම වෙනත් අයත් දැන සිටිය යුතු කරුණු කාරණා ගැන ලියැවුනු වටිනා ලිපියක් "කේන්දර සිංහලෙන්" අඩවියේ පලවී ඇත..එහි කතුවරයා වන  එම්. එම්. රෝහණ වසන්ත මහතාගේ අවසර ලබා  එම ලිපියට මේ අඩවියෙන්ද සබැදින් පහත දැක්වේ.එම ලිපිය කොටස් දෙකකට ලියා ඇත.දෙකම කියවන්න
           මෙතනින් යන්න.
       
       

Saturday, May 7, 2011

ශනි ඒරාශ්ඨක අපලයට ප්‍රතිකර්ම

කපුටු දානය දීම  
 සෙනසුරාදා දිනවල පාන්දර අවදිව හිස්බඩ කතා නොකර පිරිසිදුව හා නොඉදුල්ව කැකුළු සහල් හුන්ඩු 2ක් පමණ ගෙන සෝදා පිරිසිදු කර නැවුම් මුට්ටියකට දමා කිරිබත සකස් කිරීමට අවශ්‍ය පරිදි ලිප තබා දරදමා කොළ කැබැල්ලකින් ගිනි අවුලා(ලිපට කටින් පිඹින්න එපා.) අළුත් පොල් ගෙඩියක් ගෙන තමාම මිරිකා කිරි දමා (දානය දෙන තෙක් පොල් රොඩු පවා ඉදුල් නොකොට සතුන්ට නොදී ප්‍රව්ශම් කරන්න.) කිරිබත පිස ලිපෙන් බා න්න පෙර එළගිතෙල් මිශ්‍ර කොට ගුලි නවයක් සාදා ගන්න.අනතුරුව තමා පදිංචි භූමියේ ඉතා පිරිසිදු තැනක අඩි 5ක් පමණ උස මැස්සක් ලී වලින් තනා ඒ මත කෙසෙල් කොළ අතුරා සුවඳ පැන් ඉස නුග කොළ නවයක් නෙළුම් මලක ආකාරයට තබා ඒමත කිරිපිඩු 9 ය තබන්න.ගිතෙල් පහනක්ද ඒ අසලම දල්වන්න.(කිරිබත් ගුලි සෑදීමේදී ගිතෙල් වල පෙගූ පහන් තිර මැදිවනසේ ගුලි සාදා ගත හැකි නමුත් නයිලෝන් පහන්තිර යෙදීම කපුටාට මාරාන්තිකයි.) පහන් තිර 100%ක් කපු රෙදි වලින් හෝ කපු පුළුන් වලින් සකසා ගන්න.කපුටන්ට අඩගසා ගිතෙල් මිශ්‍රිත කිරිබත් දානය දී එදෙස සතුටු සිතින් බලා සිටින්න.සෙනසුරු වාහනය වු කපුටාට දෙන මෙම දානයෙන් මාහට(අපහට) ඇති ශනි අපල කරදර අඩුවේවායි ප්‍රාර්ථනා කරන්න.

Tuesday, May 3, 2011

"ශනි ඒරාශ්ඨකය"

         "ශනි ඒරාශ්ඨකය"යන්න ඇසෙත්ම බොහෝ දෙනාට ඇතිවන්නේ යම්කිසි බියකි.ජ්‍යොතිෂය ගැන විශ්වාසයක් නැති හා එවැනි තත්ත්වයන් පිටතට පෙන්වන අයද ඇතැම් විට ශනි ඒරාශ්ඨකය ගැන සැළකිළි මත්    වෙති.ඒරාශ්ඨක සමයේදී කේන්ද්‍ර හිමියා නොමරා මරන තරම් අපල තත්ත්වයක් ඇති බවට මතයක් තිබීම මීට හේතු සාධකවේ.විශ්ණු දෙවියන්ට වසර 19ක් බටකොළ කවාපු දේව කතාව මේ හා බැදී ඇති පෞරාණික කතාන්දරයකි.එමෙන්ම සිදුහත් තවුසාණන්ට සය වසරක දුෂ්කර ක්‍රියා කාලය තුල ශනි ඒරාශ්ඨකයක් තිබූ බව කියයි.බලංගොඩ ආනන්ද මෛත්‍රී හිමියන් විසින් හෙළිකල දැනට පිළිගෙන ඇති බුද්ධ කේන්ද්‍රය අනුව මෙය ප්‍රත්‍යක්‍ෂ සත්‍යයක් බව පෙනී යයි.

Wednesday, April 27, 2011

නීච භංග රාජ යෝගය

    විවිධ ග්‍රහ සංයෝග වලින් සෑදෙන "යෝග" පිළිබදව ලියැවෙන ලිපි වලට වැඩි ප්‍රතිචාර දැක්වීමක් දිස්වූ නිසා ඒ පිළිබදව වැඩිපුර ලිවීමට සිතුවෙමි.ඇත්තෙන්ම ජන්ම කේන්ද්‍රයක බලය සැඟවී ඇත්තේ යෝග තුල බව අවධාරණය කළ යුතු වෙයි.

Monday, April 25, 2011

පංච මහා පුරුෂ යෝග

  පංච මහා පුරුෂ යෝග ජ්‍යොතිෂයේ දැක්වෙන්නේ සුභ ග්‍රහ යෝගයන් ලෙසය.කුජ,බුධ,ගුරු,ශුක්‍ර හා ශනි ග්‍රහයන් උච්ච හෝ ස්වක්‍ෂෙත්‍ර බලයෙන් යුතුව කේන්ද්‍රස්ථානයක(1,4,7,10 ස්ථානවල) පිහිටීමෙන් උදාවන මෙම මහා පුරුෂ යෝග පහ පිළිවෙලින් රුචක,භද්‍ර,හංස(ගුරු හංස),මාලවී හා ශශ නම්වේ.

Sunday, April 24, 2011

ලක්දිවට හදි හූනියම් ක්‍රම ලැබුණු හැටි. ( අවසාන කොටස )

  පාර දෙපස රැස්වූ ජනයා විශ්මයෙන් යුතුව බලා සිටී.ගෙලට වදමල් මාලාවක් පැලඳි අසරණ තරුණයා වධක බෙර හඩ මධ්‍යයේ දංගෙඩිය වෙත රැගෙන යන අයුරු බලා සිටීම දුක්මුසුය.රාජ්‍ය යකැදුරා වුවත් ඔහු කිසිදිනෙක දුෂ්ට ක්‍රියාවක් සිදු කරනු කිසිවකු අසා දැක නැත.ඔහුගේ පෙනුම බලා සිටින්නන්ව තවත් මුසපත් කරයි.වෙනදා දංගෙඩියට ගෙනයන දරුණු සොරෙකු අපරාධකාරයෙකු දෙස රැස්ව සිටින්නන් බලා සිටින්නේ සොරා හෝ අපරාධකරුට හොද වැඩේ යැයි සතුටු සිතිනි.සමහරු බිමට කෙළ ගසන්නේ සොරාගේ මූනට කෙළ ගසන්නාක් මෙන් තරහිනි.නමුත් අද එවැන්නක් දක්නට නැත.අනේ අසරණ ඔඩ්ඩි කාටවත් කරදරයක් තිබුනේ නැහැ.මරන්න තරම් මොකක්ද කරපු වරද?සමහරු කසු කුසු ගායි."සුරා මතින් අග බිසවට කරදර කරන්න ගිහින් කියන්නේ." පිළිතුරු වදන්ද ඇසෙති.

Thursday, April 21, 2011

ලක්දිවට හදි හූනියම් ක්‍රම ලැබුණු හැටි.

 ඒ මහා සම්මත රජුගේ රාජ මාලිගාවයි.මහ රජු සේනාව සමඟ අසුර යුද්ධයකට පිටත්ව ගොසිනි.මාළිගාවේ ආරක්‍ෂාවට සිටි භට පිරිස රජ බිසෝවරු හා කුඩා රාජ කුමර කුමරියන් හැරුණු විට මාලිගය තුල වැඩි පිරිසක් නොවීය.මැණික්පාල බිසව රාජ බිසෝවරුන් අතර අග බිසව විය.මනා රූ සපුවකින් යුත් මැණික්පාල විශ්ණු දෙවියන්ගේ නැගණියකි.හදිසියේම මාලිගාවේ සිට පිරිස පුදුමයට පත්කරමින් මහා සම්මත රජු මාලිගාවට නැවත පැමිණියේය.ඔහුගේ පෙනුම වෙනදාට වැඩිය වෙනසකි.භට පිරිසද වෙහෙසට පත්වූ ස්වභාවයකි.

Sunday, April 17, 2011

සුභ දිශාව ඔබම දැන ගන්න.

  සතියේ දින හතට සුභ දිශාවන් වෙන් වෙන් වශයෙන් ජ්‍යොතිෂයේ පෙන්වා දී ඇත.මෙහිදී අදාළ දිනයේ මරු සිටින දිශාවට ප්‍රතිවිරුද්ධ දිශාව සලකා ඇත.

Saturday, April 16, 2011

මළවුන්ට නැකැත්

 "මවුන්ට නැකැත්" ලිපියේ මාතෘකාව දකින විටම ඇතැමුන්ට යම් කුකුසක් පහළ වනු නියතය.මියගිය නොහොත් මලවුන්ට නැකැත් කුමකටද?බොහෝ දෙනාට එලෙස සිතුනත් එදිනෙදා ජීවිතයේ දී අප නිතර අසා පුරුදු "අඟහරුවාදා,සිකුරාදා මරණ අස් නොකරයි" වැනි මති මතාන්දර පිළිබදව මදක් සිතා බලන්න.අපේ පැරැන්නන් මෙවැනි මතවාද අනුව වැඩ කටයුතු කිරීමට පුරුදුව සිටියේ කුමන හේතු නිසාදැයි විමසා බැලීමටවත් ඔබ උත්සාහ කර තිබේද?

ස්ත්‍රී ජාතක චන්ද්‍රිකා - 2



 4) පා ඇගිලි ලක්‍ෂණ
         * මෘදවො ඩ්ගුලයඃ ශස්තා ඝනා වෘත්තාඃ සමුන්නතාඃ


           මොලොක්,ගන,වටවූ උස්වූ ඇඟිලි ඇති ස්ත්‍රිය උතුම්වේ.
-----------------------------------------------------------------------------

අතිශයින්ම පිරිමින්ට(අවිවාහක) පමණයි. - ස්ත්‍රී ජාතක චන්ද්‍රිකා

  
 *****************************************************


    "ආපාදතල චාරභ්‍යයාවන් මෞලිරුහං ක්‍රමාත්
     ශුභාශභානි වක්ෂ්‍යාමි ලක්‍ෂණානි මුනෙ ශෘණු"


    පාදතලයෙන් පටන්ගෙන සිරස දක්වා ක්‍රමයෙන් සුභ අසුභ ලක්‍ෂණයන් කියමි.මුනිවරයෙනි! අසනු මැනවි.

Thursday, April 14, 2011

අළුත් අවුරුද්ද තියෙන්නේ විමර්ශන විග්‍රහ කරන්නම නෙවෙයි අසිරිය විදින්නයි.

 "ඔබ සැමට ලබන්නාවූ අළුත් අවුරුද්ද බලාපොරොත්තු සඵල වන සුභ අළුත් අවුරුද්දක්ම වේවා!"
   අද විශේෂ පෝස්ට් එකක් දාන්න වෙලාවක් නැහැ.මුළු දවසම ටීවී එක ලගට වෙලා ඉන්නෙ නැතිව අවුරුදු අසිරිය විදින්න.ඇත්තටම අළුත් අවුරුද්ද තියෙන්නේ අපි වගේ අයට විග්‍රහ විමර්ශන කර කර ඉන්නම නෙවෙයි.අළුත් අවුරුද්ද තියෙන්නේ විදින්න.මේ කතාව කවුදෝ කොතැනකදෝ ලියා තිබුනා යාන්තමට මතකය.එනිසා අපි හැමෝම අළුත් අවුරුදු අසිරිය විදීමට සූදානම් වෙමු.

Monday, April 11, 2011

අළුත් අවුරුද්ද ඔබේ ලග්නයට කොහොමද?

                            මේෂ 
         අවුරුදු උදාව සිදුවන සෑම විටම මේෂ ලග්න හිමියාගේ ලග්නයේ රවි සිටියි. මෙවර රවි වෙනත් කිසිම ග්‍රහයෙකු සමග යෝග නොවී තනිව උච්ච බලයෙන් ලග්නයේ සිටීම තමාගෙ නාමය ප්‍රසිද්ධ වන අභිමානය සුරැකෙන වසරක් වනු ඇත.මැයි 03 දින ලග්නාධිපති කුජ ලග්නයේ ක්‍ෂෙත්‍ර බල වීම සුභඵල හොදින් ඉස්මතු කරයි.මැයි 08 ගුරු ලග්න ගත වීම හා නොවැම්බර් 15 ශනි හතේ දිග්බල වීම සුභ ග්‍රහමාරු වන අතර ජුනි 6 රාහු කේතු මාරුව සෞඛ්‍ය තත්තවයට අහිතකර ග්‍රහ මාරුවකි.මෙම තත්ත්ව බලපාන අයුරු සවිස්තරව පහත දැක්වේ.

Friday, April 8, 2011

අභාවයට යන අපේ ඉපැරණි ජනක්‍රීඩා රැක ගනිමු.

    බොහෝ දෙනාට සිංහල ජන ක්‍රීඩා ගැන සරල අවබෝධයක් ඇතත් ඒවා නිර්මාණය වීමට හේතුවූ මූලාශ්‍ර කරුණු මොනවාද ඒවා නිවැරදිව භාවිතා කරන්නේ කොහොමද කියන එක වගේම ඒවා ඉදිරියට පවත්වාගෙන යාමේ වැදගත්කම කුමක්ද යන්න පිළිබදව පැහැදිළි අවබෝධයක් නැති බව වගකීමෙන් කිව හැක.මේ ලිපියේ ප්‍රධාන අරමුන වන්නේද එම නොදැනුවත් පාර්ශ්වයන් ඒ පිලිබදව දැනුවත් කිරීමයි.

Thursday, April 7, 2011

2011 සංවත්සර පලාඵල

 මෙවර අළුත් අවුරුදු උදාව 2011 අප්‍රේල් 14 වැනි බ්‍රහස්පතින්දා ප.ව. 1.01 ට උදාවේ.මේ අසිරිමත් අවස්ථාවේ සදු හිමි කටක ලග්නයත් සිකුරු හිමි තුලා නවාංශකයත් මා නැකත හා එහි දෙවන පාදයත් යෙදී ඇත.

Wednesday, April 6, 2011

අළුත් අවුරුදු චාරිත්‍ර

 නව සද බැලීම
     මෙය අපේ ඉතා පැරණි චාරිත්‍රයකි.අද වන විට මෙම චාරිත්‍රය අභාවයට යමින් ඇතත් අතීතයේ මෙය ඉතා ඉහලින් පිලිපදින ලද අවුරුදු චාරිත්‍රයකි.අභිනව චන්ද්‍ර මාස හා සූර්ය මාස වෙනුවෙන් අවස්ථා දෙකකදී නවසද බැලීම කරන අතර මින් බලාපොරොත්තු වන්නේ ලබන්නාවූ අළුත් අවුරුද්දට නව ආලෝකයක් ලබා ගැනීම ,ඇස් පෙනීම ලේ ගමන ආදිය යහපත් වීමයි.

අළුත් අවුරුද්ද ගැන කතා කිරීමේදී මාධ්‍යවලින් සිදුවන වැරදි(විද්වතුන්,ලේඛකයන් සිදුකල බරපතළ වැරදි කීපයක්)

   අළුත් අවුරුදු උදාව ආසන්න වන විට අවුරුදු උදාව හෙළ සංස්කෘතික අංග සිරිත් විරිත් පිළිබදව කෙරෙන විග්‍රහ විමර්ශණ මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය ඔස්සේ අපට නිරතුරුව අසන්නට දකින්නට ලැබේ.

Tuesday, April 5, 2011

අළුත් අවුරුදු නැකැත් මුළු රටම එකවර සමරන්නේ කිනම් වර්ෂයේ සිටදැයි ඔබ දන්නවාද?

      අළුත් අවුරුද්ද නිසාම සිංහල අපේ අනන්‍යතාව(සිංහලකම) නොනැසී ඉදිරියට පැමිණ ඇත.අළුත් අවුරුද්ද සිංහල අපට වැදගත් වන්නේ මෙම කරුණ හේතුවෙනි.මක් නිසාද යත් අළුත් අවුරුද්ද නොතිබෙන්නට අපේ පැරණි ජාතික සිරිත් විරිත් ,චාරිත්‍ර වාරිත්‍ර,ඇදහිළි,ක්‍රියාකාරකම් ජනක්‍රීඩා බොහොමයක් සමහර විට අද වන විට අපෙන් ඈත් වීමට ඉඩ තිබූ බැවිනි.

අළුත් අවුරුදු උදාව ජ්‍යොතිෂ හා තාරකා විද්‍යා ඇසින්

 අළුත් අවුරුදු උදාවට තව ඇත්තේ දින කීපයකි.අළුත් අවුරුද්ද ජ්‍යොතිෂයට සෘජුවම සම්බන්ධ වන සංසිද්ධදයක් බැවින් ඒ හා සම්බන්ධ වැඩි ලිපි ප්‍රමාණයක් එළි දැක්වීමට බලාපොරොත්තුවේ.

ජ්‍යොතිෂය හා නවීන විද්‍යාව - 4

  මෙහි මුල් ලිපි තුන පහතින් කියවන්න.
       පළමු ලිපිය
       දෙවන ලිපිය
       තෙවන ලිපිය 


ක්‍රි.ව.1879 මාර්තු 14 දින ජර්මනියේ උල්ම්හිදී යුදෙව් ජාතික පවුලක පවුලේ දෙවන දරුවා ලෙස අපේ කතාවේ දෙවන කතා නායකයා උපත ලැබීය.ඔහුට මාජා නමින් අක්කා කෙනෙක් විය.

Wednesday, March 30, 2011

star gate (තාරකා දොරටුව)

  තාරකා දොරටුව පිළිබදව මා විසින් ප්‍රථමයෙන්ම කියවූයේ පැරණි ජ්‍යොතිෂ පුවත්පතකිනි.වෘත්තාකාර සටහනක විවිධ සංඛේත,රූප සංඥා ආදිය දක්වමින් පින්තුරයක්ද සමග පලව තිබූ එම ලිපියෙන් දක්වා තිබුණේ එම තාරකා දොරටුවේ සංඥා භාවිතයෙන් වෙනත් ග්‍රහලෝක සමග පණිවුඩ හුවමාරු කිරීමක් සම්බන්ධවය.පසු කලෙක මුළු නිවසම පරීක්‍ෂා කරමින් අදාළ පුවත් පත සෙවූ නමුත් එය නැවත හමුවූයේ නැත.

Saturday, March 19, 2011

වසර 18කට පසු චන්ද්‍රයා පෘථිවියට වඩාත්ම ලංවේ.





 පෘථිවිය හා එහි එකම උප ග්‍රහයා වන චන්ද්‍රයා අතර මධ්‍යන්‍ය පරතරය කිලෝ මීටර තුන් ලක්‍ෂ අසූ පන්දහසක් පමන වේ. පෘථිවියේ සූර්යයා වටා ඉලිප්සාකාර කක්‍ෂීය පරිභ්‍රමනයත් පෘථිවියේ අක්‍ෂීය භ්‍රමනයත් චන්ද්‍රයාගේ පෘථිවිය වටා පරිභ්‍රමනයත්  අක්‍ෂීය භ්‍රමනයත් හේතුකොට ගෙන පෘථිවිය හා චන්ද්‍රයා අතර පරතරය වෙනස්වේ.මේ දිනවල පෘථිවිය හා චන්ද්‍රයා අතර දුර කිලෝ මීටර තුන් ලක්‍ෂ පනස් හය දහසක් පමණවේ .1993 වසරින් පසු චන්ද්‍රයා පෘථිවියට මෙතරම් ආසන්න වූයේ මෙවරය.

Wednesday, March 16, 2011

පරිවර්තන යෝග

           ග්‍රහයන් දෙදෙනෙකු ඔවුනොවුන් අධිපතිකම් දරන රාශි හුවමාරු කර ගනිමින් පිහිටීම පරිවර්තන යෝගවේ.බ්ලොගයට ආධුනික පාඨකයන්ගේ දැන ගැනීම සදහා එක් එක් ග්‍රහයන් අධිපති කම් දරන රාශීන් පහත දක්වා ඇත.

Tuesday, March 15, 2011

"කාල කඩවර " උපත

 ඉර බැස යමින් ඇත.මරාගත් දිය කොකුන් දෙදෙනා සමග එම මිනිසා තම පැලට ගමන් කරමින් සිටියේය.ගෙට ගොඩවී දිය කොකුන්ව තම ඇඹේනිය අතට දුන්නේ රාත්‍රී ආහාරය සදහා උන් මස් කර පිළියෙළ කරන ලෙස දන්වමිනිඉන් පසු හේ මුහුණ කට සෝදා පිල උඩ ඇලවූයේ වෙහෙස නිවා ගනු පිණිසය.කුසගින්නද තදින් ඇත.තම බිරිද දිය කොකුන් මස් කර රාත්‍රි ආහාරය සකසන තෙක් ඔහු සිටියේ නොඉවසිල්ලෙනි.බිරිද වහ වහා මස් ව්‍යාංජනය පිළියෙළ කොට බත් සමග රැගෙන ආවාය.මිනිහා දියකොක් මස් සමග බත් කෑවේ මහත් කෑදර අයුරිනි.මස් නැවත නැවත ගෙන්වමින් කෑවේය.අන්තිමේදී මස් හට්ටිය ඉවර වෙන තුරුම කෑවේය.තව මස් නැද්දැයි බිරිදගෙන් ඇසීය.බිරිදට යකා නැග්ගාය .ඇය සැර පරුෂය.මේ මිනිහා කෑදර කමට මටත් ඉතිරි නොකර මස් හට්ටියම කාලා තවත් මස් ඉල්ලනවා.කේන්ති ගිය ඇය මස් හට්ටියෙන් මිනිහාට දමා ගැසුවාය.මස් හට්ටිය බිදී හට්ටියේ ගැට්ට මාලයක් මෙන් මිනිහාගේ බෙල්ලේ හිරවිය.ඒ මදිවාට ගෑනි මහා හයියෙන් බැන වදින්නටද විය.මේ කළබගෑනිය කුමක්දැයි බලන්නට අහල පහල නිවෙස් වල අයද රොක් වූහ.මිනිහගේ කරේ වලං ගැට්ට හිරවී ඇති අයුරු දුටු සෑම දෙනාම මහා හයියෙන් හිනාවෙන්නට විය.ගෑනි තවමත් බැන වදිමින් සිටියි.මිනිහාට මහත් ලැජ්ජාවක් දැනුනි. ඔහුට එය දරා ගත නොහැකි විය.හේ ලැජ්ජාවෙන්ම කැළයට ගියේය.ඔහු නැවත ගමට නොආවේය.

Sunday, March 13, 2011

නාඩි වාක්‍යය ඇසුවෙමි.ඉන් කියවුනු පසුගිය විස්තර 100 % ක් නිවැරදිය. නමුත්!

    නාඩි වාක්‍ය ඇසීමට කොළඹ ගියපු කතාව කලින් බ්ලොග් එකේ දැම්මා ඔයාලට මතක ඇතිනේ.ඔන්න පටලවා ගන්න එපා.කතන්දර බ්ලොග් එක ලියන මහතාත් නාඩි වාක්‍ය අහන්න ගිය හැටි ගැන ලියල තිබුනනේ.මගේ එක බලපු නැති අය ඔන්න මෙතනින් බලලා ආපසු එන්න

Wednesday, March 9, 2011

අවුරුදු කෝණය මාර්තු 15 සිට අප්‍රේල් 14 දක්වා, විවාහයට නිවාස ඉදිකිරීමට අසුභයි.

 සූර්යයා මිථුන,කන්‍යා,ධනු,මීන යන ද්විස්වභා(උභය) රාශිවල ගමන් කරන කාලය කෝණ දෝෂයෙන් යුක්තවේ.මෙම කෝණ දෝෂ ඇති මාසවල නිවාස ඉදිකිරීම් සම්බන්ධ කටයුතු විවාහ කටයුතු ආදී ශුභ කටයුතු කිරීම අසුභ බව පුරාණ ජ්‍යොතිෂආචාර්්‍ය මතයයි.
   සාමාන්‍යයෙන් සෑම වර්ෂයකම කෝණ මාස යෙදෙන ආකරය පහත දැක්වේ සමහර විට එය දවසක් දෙකක් අඩු වැඩි විය හැක.පංචාංග ලිත් මගින් අදාල වර්ෂය තුල කෝණ මාස යෙදෙන හැටි හරියටම බලා ගත හැක.


  මිථුන රවිය -  ජුනි 15 සිට ජූලද 15 දක්වා.
  කන්‍යා රවිය - සැප්තැම්බර් 15 සිට ඔක්තේම්බර් 15 දක්වා.
  ධනු රවිය  - දෙසැම්බර් 15 සිට ජනවාරි 15 දක්වා.
  මීන රවිය  - මාර්තු 15 සිට අප්‍රේල් 15 දක්වා


 මින් සූර්යයා මිනයේ ගමන් කරන කෝණ මාසය (අවුරුදු කෝණය) වඩාත්ම අසුභ කාලය ලෙස දැක්වේ.  මෙවර (2011) අවුරුදු කෝණය මාර්තු 15 සිට අප්‍රේල් 14 දක්වා ඇත.

කවුද මේ 22 වැනි දෙර්කානාධිපති ග්‍රහයා කියන්නේ?

     ඔබ ජ්‍යොතිෂය ගැන යම් තරමින් හෝ අවබෝධයක් වැටහීමක් ඇති අයෙකු නම් හෝ අඩුම තරමින් ජ්‍යොතිෂවේදියකු ලවා හදහන පරීක්‍ෂා කළ අයෙකු නම් 22 වෙනි දෙර්කාණාධිපතියා ගැන කොතැනකදී  හෝ අසා ඇතැයි අනුමාන කළ හැක.  22 වෙනි දෙර්කාණාධිපති ග්‍රහයා ප්‍රධාන අසුභ කාරක ග්‍රහයා ලෙසයි ජ්‍යොතිෂයේදී හැදින්වෙන්නේ.විවාහයට සුදුසු කේන්ද්‍ර සෙවීමේදී(පොරොන්දම් ගැලපීමේදී) වඩාත් වැඩි වශයෙන් සලකා බැලෙන 22 වැනි දෙර්කාණාධිපති ග්‍රහයාගේ දෝෂ බලපෑම් අවම කර ගත යුතු බව පූර්වාචාරී මතයයි.
   ප්‍රථමයෙන්ම අපගේ ජන්ම කේන්ද්‍රය අනුව 22 වැනි දෙර්කාණාධිපති ග්‍රහයා හදුනා ගන්නා ආකාරය සලකා බලමු.
    දෙර්කාණයක් යනු ලග්නය තුනට බෙදූ කොටසකි.ලග්න රාශිය තුනට බෙදූ විට එක් කොටසක් දෙර්කාණයක් වන අතර ඊට නවාංශක තුනක් ඇතුලත්වේ.පළමු කොටසට ලග්නාධිපතිද දෙවන කොටසට පහ අධිපතිද තුන්වැනි කොටසට නවය අධිපතිද හිමිකම් කියයි.
  ඔබගේ ලග්නය හා නවාංශකය දන්නේ නම් ඔබගේ අපල කාරක 22 වැනි දෙර්කානාධිපතියා සොයා ගතහැකි වගුවක් පහත දැක්වේ.
 උදා-  ලග්නය ධනු වී නවාංශකය සිංහ වන විට 22 දෙර්කාණාධිපතියා අඟහරු ග්‍රහයාය
         කටක ලග්නයේ කටක නවාංශකය ඇති විට 22 දෙර්කාණාධිපතියා සෙනසුරු ග්‍රහයාය
         තුලා ලග්නය හා වෘශ්චික නවාංශකය විට 22 දෙර්කාණාධිපතියා සිකුරු ග්‍රහයාය
   මේ අකාරයට ඔබගේ ලග්නය හා නවාංශකය අනුව ඔබගේ අපල කාරක 22 වැනි දෙර්කාණාධිපතියා පහත වගුව අනුව ඔබටම සොයා ගත හැකිය.(පහත රූපය)
                               
    සුභ කටයුතු සදහා දින තේරීමේදී 22 වැනි දෙර්කාණාධිපතියාට අයත් දින ඉවත් කළ යුතු බවට ඇතැම් ජ්‍යොතිෂවේදීන් තර්ක ඉදිරිපත් කළත්(උදා- 22 වැනි දෙර්කාණාධිපති බ්‍රහස්පති වන විට බ්‍රහස්පතින්දා දිනය සුභ කටයුතු වලට අසුභ බව) සුභ නැකැත් සෑදීම පිළිබද ලියැවී ඇති සිංහල පොත් පත් වල හෝ ඉපැරණි ඉන්දීය පොත් පත්වල විශේෂ ලෙස දක්වා නැත.නමුත් විවාහ පොරොන්දම් ගැලපීමේදී 22 වැනි දෙර්කාණාධිපති ගැන සැලකීම විශේෂයෙන් දක්වා ඇත.
  විවාහයේදී 22 වැනි දෙර්කාණාධිපතියා ගැන විශේෂයෙන් සැලකිය යුතු අවස්ථා
    * ජන්ම කේන්ද්‍රයක 22 වැනි දෙර්කානාධිපති හත් වැන්නේ පිහිටන විට හෝ හත අධිපති ග්‍රහයා 22 වැනි දෙර්කාණාධිපති වන විට එවැනිම පිහිටීම ඇති අයෙක් විවාහයට වඩාත් සුදුසුය.
    * පුරුෂයාගේ සිකුරුත් ස්ත්‍රියගේ කුජත් 22 වැනි දෙර්කාණාධිපති වීම විවාහයට අගුණය.
    * විවාහයේ මුල් වසර දෙකේදී දෙදෙනාටම තම තමන්ගේ 22වැනි දෙර්කාණාධිපති ග්‍රහයාගේ මහ දශාවන් ගතවන පරිදි විවාහය යෙදීම අගුණය.


අඟගරු කේන්ද්‍රයේ සටහන් කරන්නේ කුජ කියල "කු" අකුර තමයි ලියන්නේ මේ විදියට අනිත් ග්‍රහයන්ට
ඉරු(රවි) -ර
සදු(චන්ද්‍ර) -ච
අඟහරු(කුජ) -කු
බුධ - බු
බ්‍රහස්පති(ගුරු) - ගු
සිකුරු(ශුක්‍ර) - ශු
සෙනසුරු(ශනි) - ශ
රාහු - රා
කේතු - කේ

Tuesday, March 8, 2011

මෙන්න විශ්මිත නාඩි වාක්‍ය අනාවැකි ගැන නොදන්නා අයට පොඩි හැදින්වීමක්

 භාරතයේ විසූ පැරණි සෘෂිවරුන්ගෙන් ගුරුකුල ක්‍රමයට උරුම වූ පෙරදිග ජ්‍යොතිෂයේ වඩාත්ම ප්‍රචලිත වූ ජ්‍යොතිෂ ක්‍රම 5ක් දක්නට ලැබේ.

Friday, March 4, 2011

උපතේ සිට විවාහය දක්වා බැදුනු අපේ පැරණි හෙළ චාරිත්‍ර

      මෙහි පළමු ලිපිය මෙතනින් කියවන්න 
මල්වර වූ දැරිය නිවසේ කාමරයක තබා දොරට බැස්වීම කළ යුත්තේද සුභ නැකැත් දිනයකට අනුවය.ජ්‍යොතිෂවේදියා විසින් දැරියගේ උපන් නැකත ,මල්වර නැකත හා ජන්ම කේන්ද්‍රයේ වෙනත් විශේෂයන් සලකා බලා.මෙම දොරට බැසීමේ නැකැත් දිනය තේරිය යුතුය.

Sunday, February 27, 2011

මෙලොව ඉපදී මියගිය,දැනට ජීවත්වන හා ඉපදීමට නියමිත සියළු දෙනාගේ ජිවන තොරතුරු නාඩි තල්පත් තීරු මත ලියවි ඇති බව ඔබ දන්නවාද? -(අසිරිමත් නාඩි ජ්‍යොතිෂය)

      නාඩි ජ්‍යොතිෂය පිළිබදව මා ප්‍රථමයෙන්ම ඇසුවේ හෝ කියවූයේ කොතනදීදැයි හරියටම නිච්චියක් නැත.සමහර විට එය පැරණි ජ්‍යොතිෂ පුවත්පතකින් සගරාවකින් විය හැක.නාඩි ජ්‍යොතිෂය යනු සත්‍ය වශයෙන්ම අරුම පුදුම ශාස්ත්‍රයකි.

Wednesday, February 23, 2011

ගඳ පැළෑටිය

      එය මනාව සැකසුණු රුක් ගොමුවකි.විවිධාකාරයේ වෘක්‍ෂලතා වලින් සමන්විත එහි පෙනුම මනස්කාන්තය.මහා විශාලව වැඩුණු වෘක්‍ෂ මෙන්ම මධ්‍යම ප්‍රමාණයේ ගස්වැල් හා කුඩා පැලෑටි වලින් ගහණය.සුවදවත් මල් පිපුණු ගස්වැල්,එලවළු,පළතුරු ගස් මෙන්ම වටිනා බෙහෙත් පැළෑටිද එහි විය.

Saturday, February 19, 2011

පෙර නිමිති

 පෙර නිමිති යන වදන ඇසෙත්ම බෞද්ධ අපට එකවරම සිහිපත් වන්නේ සිදුහත් කුමරු දුටු මහල්ලෙක්,ලෙඩෙක්,මලමිණියක්,පැවිදි රුවක් යන සතර පෙර නිමිතිය.

Thursday, February 17, 2011

ක්‍රිකට් තරග වැනි තරග වල ජය පරාජය පිළිබද අනාවැකි පැවසීමේ ක්‍රමයක් ජ්‍යොතිෂයේ තිබේද?

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියත් අත ලගටම ඇවිල්ලා.ලංකාවේ අයටත් දැන් දැන් ක්‍රිකට් උනුසුම දැනෙන්න පටන් අරන්,(තරගවල ප්‍රවේශපත්‍ර වලට ඇති ඉල්ලුම ගැන පුවත්පත් වල පලවන සටහන් වලින්ම මෙය පැහැදිලිවේ.)

Saturday, February 12, 2011

පෙබරවාරි 21 දා ග්‍රහ යුද්ධ තුනක්!රට තුල විපත් කරදර වැඩිවේ.

 පෙබරවාරි 21 දින ග්‍රහ යුද්ධ තුනකි.මෙම ග්‍රහ යුද්ධ ගැන විස්තර කිරීමට පෙර ග්‍රහ යුද්ධයක් යනු කුමක්දැයි පාඨකයන් දැනුවත් කළ යුතුය.(මෙය මීට පෙර අවස්ථාවක දක්වා ඇති නමුත් නැවත මතක් කිරීම හොදයැයි සිතුවෙමි.)

Thursday, February 10, 2011

ග්‍රහ චලිතය පිළිබදව ජ්‍යොතිෂයේදී භාවිතා වන විශේෂ ග්‍රහ ගති

   ජ්‍යොතිෂයේදී සලකා බලන ප්‍රධාන ග්‍රහයන් නවදෙනෙකි.රවි,චන්ද්‍ර,කුජ,බුධ,ගුරු,ශුක්‍ර,ශනි,රාහු,කේතු එම ග්‍රහයන් නවදෙනායි.

Tuesday, February 8, 2011

මේවත් කියවල බලන්න....මොනවද හිතෙන්නෙ 2

********************************************************************
"මේ සිද්ධිය වුනෙත් තාත්තා අසනීප වෙලා මට තනිවම හදහන් බැලිල්ල කරන්න සිදු වූ මුල්ම අවදියේ.ඔන්න දවසක් අම්මා කෙනෙකුයි ලාබාල වයසෙ උන්නු එයාගෙ දුවයි මගේ ලගට ආවා.

Sunday, February 6, 2011

ගෙට ගෙවදීමේදී අනුගමනය කලයුතු වත් පිළිවෙත්

ගෙට ගෙවදීමට නැකැත් සෑදීමට එන බොහෝ දෙනා මතුකරන ප්‍රශ්න කිහිපයකි.

Saturday, February 5, 2011

යටලී තැබීමේදී හා උළුවහු පැනීමේදී සිදුකළ යුතු වත් පිළිවෙත්


වහළ ගැසීමේදී(යටලීය තැබීමේදී)
  මෙහිදී දෛවඥයා ලබාදුන් නැකැත් වේලාවට අනුව පෙර සූදානම සකසා ගත යුතුය.නැකත පෙරවරුවේ යෙදී ඇති නිසා යට ලී පිරිද්දීමට ඇත්නම් ඒ සදහා කටයුතු නැකැත් වේලාවට ප්‍රථම ලෑස්ති කළ යුතුය.

Monday, January 31, 2011

අපල සදහා නිවැරදිව මැණික් පලදින්නේ කොහොමද?

      මැණික් ඇල්ලූ ආභරණ පැළදීම බොහෝ දෙනා අලංකාරයට හා විලාසිතාවට කළත් ග්‍රහ අපල අඩු කිරීමේ පිළිවෙතක් ලෙස මැණික් පැළදීමේ ක්‍රමයක්ද ජ්‍යොතිෂයේ දැක්වේ.අද ලිපියෙන් අවධානය යොමු කෙරෙන්නේ ග්‍රහ අපල වලට මැණික් පැලදීම සම්බන්ධව බැදී ඇති විද්‍යාත්මක පසුතලය පිළිබදවත් මැණික් පැළදීම ඵලදායි අයුරින් ක්‍රමවත්ව සිදුකල යුතු ආකාරයත් විස්තර කිරීමටයි.

Wednesday, January 26, 2011

2011 ජනවාරි 26 දින ශනි වක්‍ර වීමක්...

 2011 ජනවාරි 26 වෙනි බදදා(අද) දවල් 11.41 ට පමන ග්‍රහ මඩුල්ලේ ප්‍රධාන ග්‍රහයකු වන ශනි වක්‍රවේ.ග්‍රහ මඩුල්ලේ ග්‍රහයකු වක්‍ර වීම යනු ඉදිරියට යන ග්‍රහයා ආපසු පසුපසට හැරීම ලෙස ඉතා කෙටියෙන් දැක්විය හැකිය.

Tuesday, January 25, 2011

මේවත් කියවල බලන්න....මොනවද හිතෙන්නෙ.

මේ පෝස්ට් එක දාන්න අදහස දුන්නේ අපේ මාර උන්නැහේ තමයි.ජ්‍යොතිෂ සිද්ධාන්ත වලට අමතරව වෘත්තීය මට්ටමේ අත්දැකීම් ගැනත් ලියන්න කියල තමයි උන්නැහේ කියල තිබුනේ.ඇත්තටම බ්ලොග් ලියන කියවන හා අන්තර්ජාලයේ සැරිසරන බොහෝ දෙනා තරුණ තරුණියන් නිසා මාරයාගේ අදහස ඉතා වටිනවා.

Saturday, January 22, 2011

පක්‍ෂියා රජ වෙලාද?

  
 ජ්‍යොතිෂයේදී පඤ්ච පක්‍ෂි ක්‍රමය භාවිතා කරන අවස්ථා

Thursday, January 20, 2011

දෙයියන්ගේ ලෙඩ

 කතරගම දෙවි -  "ආ ගරා යකා කොහොමද ඉතින්,අප්පා උබව දැක්ක   
                             කල්,කොහෙද යකෝ පහුගිය දවස් ටිකේ ගිහින් 
                             හිටියේ.."

Tuesday, January 18, 2011

අහෝ "Etisalat" නොදුටි මොක්පුර.

  රූපවාහිනී,ගුවන් විදුලිය හා පුවත්පත් හරහා විවිධ පුද්ගලයන් හා ආයතන වරින් වර ජ්‍යොතිෂය විකුණන වවාගෙන කන අවස්ථා පසුගිය කාලයේ  දක්නට විය.

"කාල සර්ප යෝගය"

 "කාල සර්ප යෝගය"  යනු ජ්‍යොතිෂයේදී වැඩිපුරම කතාබහට ලක්වන යෝගයකි. සුභඵල වලට වඩා අසුභඵල උදා කරන යෝගයක් ලෙස පොත්පත් වල දක්වා ඇති විස්තරත් යෝගය හදුන්වා ඇති බියකරු නාමය නිසාත් බොහෝ දෙනා කාලසර්ප යෝගයට ශනි ඒරාශ්ඨක අපලයට දක්වන තත්ත්වයේ බියක් සැළකිල්ලක් දක්වති.

Thursday, January 13, 2011

විවාහ දෝෂ 2

    පොරොන්දම් පරීක්ෂාවේදී 20 පොරොන්දම් හා වෙනත් පොරොන්දම් ක්‍රම වලට අමතරව විශේෂයෙන් සලකා බැලිය යුතු විවාහ දෝෂ කීපයක් පහත දැක්වේ.

Monday, January 10, 2011

විවාහ දෝෂ

    විවාහ දෝෂ 
       විවාහපේක්‍ෂිත යුවලකගේ පොරොන්දම් පරීක්‍ෂා කිරීමේදී 20 පොරොන්දම් පරීක්‍ෂාවට අමතරව විමසා බැලිය යුතු තවත් කරුණු කාරණා බොහෝය.බොහෝ දෛවඥයන් අතින් මෙම කටයුත්ත නිසිලෙස ඉටුනොවේ.

Friday, January 7, 2011

ජනවාරි 08 අඟහරු මාරුව රටට ඔබට කොහොමද?

 ග්‍රහලොව සෙන්පති සටන්කාමී කුජ(අඟහරු) ග්‍රහයා 2011 ජනවාරි 08 වැනි සෙනසූරාදා දවල් 12.02 ට පමන ස්වකීය උච්ච රාශිය වූ මකර රාශියට පිවිසේ.

Tuesday, January 4, 2011

Free Astrology Software (නිදහස් ජ්‍යොතිෂ මෘදුකාංග)

 පරිඝණක ජ්‍යොතිෂ මෘදුකාංග රාශියක් අන්තර්ජාලය තුල දක්නට ඇත.මින් නිදහස් මෘදුකාංග ඇත්තේ අතලොස්සකි."ජගන්නාත් හෝරා"  හා  "කුන්ඩ්ලි"     නොමිලේ භාගත පහසුකම් සලසා ඇති නිවැරදි ජනප්‍රිය ජ්‍යොතිෂ මෘදුකාංග දෙකකි.පහතින් බාගත කොට බලන්න

Sunday, January 2, 2011

හදි හූනියම්.....

   හුගක් අයට තියන ප්‍රශ්ණයක් තමයි ඉස්සර උදවිය තමන්ගේ උපන් වේලාව රහසිගතව තබාගැනීමට හේතුව මොකක්ද කියන එක,

ජ්‍යොතිෂයේ විද්‍යාත්මක පදනමක් තිබේද?

   ජ්‍යොතිෂයේ විද්‍යාත්මක පදනමක් තිබේද?මෙය බොහෝ දෙනාට මතුවන ප්‍රධාන ගැටළුවක්.
Related Posts Plugin for WordPress, Blogger...