Friday, December 30, 2011

හත අධිපති සිටින ස්ථානය අනුව සහකරු සහකාරියගේ ස්වභාවය

  යම් අයකුගේ ජන්ම කේන්ද්‍රයේ හත්වැන්න ඔහුගේ හෝ ඇයගේ විවාහයට වැඩිම බලපෑමක් ඇති කරන ස්ථානයයි.මෙම හත්වැන්නට අධිපති ග්‍රහයාගේ පිහිටීම හා එම ග්‍රහයා සම්බන්ධවන යෝග සංයෝග දෘෂ්ඨි හා කාරක අනුව විවාහය සිදුවන ආකරය හා විවාහ සහකරුගේ ස්වභාවය ඔහු සිටින දිශාව තත්ත්වය හා වෙනත් ලක්‍ෂණ ජ්‍යොතිෂ ආචාරීන් දක්වා ඇත.මෙම ලිපියෙන් හත අධිපති ග්‍රහයා සිටින ස්ථානය අනුව සහකරු හා සහකාරියගේ ස්වභාවය දක්වා ඇති ආකරය ඉදිරිපත් කර ඇත.මෙම විස්තර බොහෝ දුරට නිවැරදි නමුත් ග්‍රහයන්ගේ බල දුබලතා සංයෝග දෘෂ්ඨි හා කාරකත්වය අනුව තරමක් වෙනස් වන අවස්ථ්ද ඇත.

  ප්‍රථමයෙන්ම තමන්ගේ කේන්ද්‍රයො හත අධිපති ග්‍රහයා කවුරුන්ද යන්න දැන ගනිමු.ඔබගේ ලග්නය අනුව හත අධිපති ග්‍රහයා කවුරුන්ද යන්න පහතින් බලා ගන්න.

2012 ජනවාරි 15, 16 දිනවල කලාතුරකින් යෙදෙන වීණා යෝගයක්..

        ඉතා කලාතුරකින් උදාවන යෝගයක් වන වීණා(වල්ලකී) යෝගයක් 2012 ජනවාරි 14 ,  15 හා 16  තෙදින තුල උදාවේ.බොහෝ ජ්‍යොතිෂ පුවත්පත් වල මෙය ඒකාවලී යෝගය ලෙස වරදවා දක්වා තිබුණත් මෙදින උදාවන්නේ වීණා යෝගය මිස ඒකාවලී යෝගය නොවේ.ඒකාවලී යෝගයේදී රාහු කේතු හැර අනිත් ප්‍රධාන ග්‍රහයන් හත්දෙනා අනුයාත රාශී හතක එක රාශියක එක් ග්‍රහයා බැගින් තැන්පත් වීම විශේෂ වේ.නමුත් වීණා යෝගයේදී මෙම ග්‍රහයන් හත්දෙනා ඕනෑම රාශි හතක(අනුයාත රාශී වීමක් නැතිව වුවත්) තැන්පත් වීම සලකයි.ඒ අනුව ඒකාවලී යෝගය ඇති අයට අනිවාර්යෙන් වීණා යෝගය පිහිටන නමුත් වීණා යෝගය සමඟ ඒකාවලී යෝගයද යෙදීමට ග්‍රහයන් අනුයාත රාශි හතක පිහිටිය යුතුය(එක් රාශියක එක ග්‍රහයා බැගින්.මෙම ඒකාවලී හා වීණා යෝගය ගැන තවත් විස්තර දැන ගැනීමට පහත ලිපිය බලන්න.



    වීණා යෝගයෙන් උපදින දරුවන් ඉතා ධෛර්ය හා උත්සාහ ඇත්තන් වන බව ජ්‍යොතිෂයේ සදහන්ය.එඩිතරය.පරෝපකාරීය.මිය ගියද නම රැදෙන බව කියති.

   2012 ජනවාරි 14 රාත්‍රී (15 දාට එළිවෙන) 12.58 ට පමණ රවිගේ මකර රාශි ගත විමත් සමඟ යෙදෙන මෙම වීණා යෝගය ජනවාරි 16 වැනි දින දවල් 11 54 ට පමණ සිදුවන සදුගේ තුලා රාශි ගත වීමත් සමඟ අවසන් වේ.මෙම කාලසීමාව අතරතුර උපදින දරුවන්ට මෙම බලවත් වීණා යෝගය උදාවේ. 
   මෙම කාල සීමාවේ උපදින දරුවන් සෑම දෙනාටම වීණා යෝගය යෙදීම නිසා මේ දිනවල උපදින සියළුම කොල්ලන් කෙල්ලන් හා බල්ලන් සෑම දෙනාටම මෙම වීණා යෝගයෙන් දක්වා ඇති සුභඵල උදාවිය  යුතු බවට ජ්‍යොතිෂය ප්‍රතික්ෂේප කරන්නන් තර්ක මතු කල හැකිය.දරුවා ජාතියෙන් කුලයෙන් තත්ත්වයෙන් කුමන තත්ත්වයක සිටියත් මෙම වීණා යෝගයේ සුභඵල යම් තරමින් හෝ ඉස්මතුවේ.උපන් ලග්නය හා ග්‍රහයන් පිහිටන අංශක අනුව සුභඵල උදවීම අඩුවැඩි විය හැකිය.වීණා යෝගය යෙදුණා කියා මෙම දින දෙකේ උපදින ළමයින් අතර ශාරීරික හා මානසික ආබාධ මෙන්ම වෙනත් දුර්වලතා පිහිටි අය සිටිය හැකිය.මේ දින දෙක තුල ධනවත් දෙමාපියන්ට මෙන්ම හිඟන පවුල් වලද දරුවන් ඉපදිය හැකිය.නමුත් මොන අයුරකින් හෝ එවැන්නන්ටද වීණා යෝගයේ ඵල උදාවේ.මේෂ,වෘෂභ ,මිථුන කටක ලග්න හතරට වීණා යෝගයට අමතරව තවත දුලභ යෝගයක් වන ලග්න අධි යෝගයක්ද යෙදෙන නිසා එම ලග්න වල උපන් දරුවන්ට වැඩි සුභදායක ඵල යෙදේ.

Thursday, December 29, 2011

"2012 වසර ඔබේ ලග්නයට කොහොමද?"


  2011 වසර අවසන් විමට ඇත්තේ තවත් දින කිහිපයක් පමණි.බොහෝ දෙනා තව දින කිහිපයකින් උදාවන 2012 වසරට මුහුණ දීමට දැන් සිටම සූදානම් වෙති.වසර ආරම්භයේ සිටම සුභවාදී උද්‍යාගයෙන් නව වසර තමන් වෙත ලඟාකර ගැනීමට සෑම දෙනාම වැඩි කැමැත්තක් දක්වන අතර ඉදිරියට ලබන 2012 වසර ජ්‍යොතිෂමය වශයෙන් තමන්ට බලපාන්නේ කෙසේදැයි දැන ගැනීමට උනන්දුවක් දක්වති.

Wednesday, December 28, 2011

රාවණායනය -2 (හෙළ රජවරු)



"ඩුං..... ඩුං .....ඩුං....."

 "අසවු ..අසවු....අපගේ හෙළ රාජ්‍යය පාලනය කිරීමට සමතෙක් තෝරා ගැනීමට හෙළයන් වන අප රටවැසියන් සාකඡ්චා කිරීමකින් තීරණය කොට ඇත.එබැවන් සියළු ආකරයේ "අංගම්" හා වෙනත් සටන් ආරක්‍ෂා ක්‍රම උගත් ආයුර්වේදය ජ්‍යොතිෂය ..ආදී ශාස්ත්‍රද උගත් සියළු කරදර වලින් අපගේ හෙළ රට බේරා ගත හැකි ධෛර්යයෙන් දැහැමින් බලයෙන් රාජ්‍ය කිරීමට හැකි අයෙක් ඉන්නවානම් වරෙල්ලා....."

Thursday, December 22, 2011

මහ දශා පද්ධති 2 ( මහ දශාවෙන් අතුරු දශාවට )


විංශෝත්තරී මහ දශා ක්‍රමය පිළිබද මූලික හැදින්වීමක් පෙර ලිපියෙන් සිදු කරන ලදී.එම ලිපියෙන් දැක්වූ ආකාරයට අවු 120 පරමායුෂ කාල සීමාව ග්‍රහයන් නව දෙනාට කාල සීමා නවයක් වෙන් කොට ඇත.පෙර ලිපියෙන් දැක්වූ එම ග්‍රහයන්ට වෙන් කල කාල සීමාවන් නැවත මතක් කල විට

Tuesday, December 20, 2011

මහ දශා පද්ධති -1 (විංශෝත්තරී මහා දශා ක්‍රමය)

 ජ්‍යොතිෂය ගැන අසා ඇති ඔබ මහ දශාව ගැනද අසා ඇතැයි සිතමි.විංශෝත්තරී දශාව,අශ්ටෝත්තරී දශාව,යෝගිණී දශාව,කාලචක්‍ර දශාව,පංචෝත්තරී දශාව,......ආදී ලෙස පෙරදිග ජ්‍යොතිෂයේදී මහදශා ක්‍රම 43 ක් ගැන සදහන්ය.

Saturday, December 17, 2011

වෙශි,වොශි හා උභයචාරී යෝග (රවිගෙන් දෙපස ග්‍රහ පිහිටීම)

 යෝග ගැන දැක්වුනු පසුගිය ලිපියෙන් සදුගෙන් දෙපස රාශී වල ග්‍රහ පිහිටීම අනුව යෙදෙන සුනඵා,අනඵා,ධුරාධුර හා කේමද්‍රැම යෝග පිළිබදව දක්වන ලදී.මීට අනුරූප අයුරින් රවිගෙන් දෙපස රාශීවල ග්‍රහ පිහිටීම අනුව යෙදෙන "වෙශි,වොශි හා උභයචාරී යෝග පිළිබදව මෙම ලිපියෙන් දැන ගනිමු.

Thursday, December 15, 2011

මේ කවුද මොනවද කරන්නේ.....

  මා හට මතක අයුරින් එය 1990 වසර පමන විය .එකල "ගම්උදාව" නම් වූ වැඩසටහන යටතේ නිවාස නොමැතිව සිටි අසරණ පවුල් සදහා නිවාස සාදා දීම රටපුරා සිදුවිය.එකළ රටේ ජනාධිපතිව සිටි ආර්.ප්‍රේමදාස මහතාගේ අනුග්‍රහයෙන් සිදුවූ මෙහි එක් පියවරක් ලෙස අප ගමට ආසන්න කොස්ගොඩ ප්‍රදේශයේ විශේෂ ගමක නිවාස සෑදීමේ වැඩපිළිවෙලකි.ප්‍රේමදාස මහතාගේ පියාගේ ගම වූ නිසා "පියගම" ලෙස අළුතින් නම්කල එම ගමේ නිවාස වැඩි ප්‍රමානයක් "ගම්උදාව" යටතේ ඉදිකළ නිවාස විය.මගේ පාසැල් මිතුරකුගේ පවුලටත් එලෙස නිවසක් හිමි විය.දිනක් තවත් මිතුරන් කිහිප දෙනෙකු සමඟ එම මිතුරාගේ නිවසට ගිය විට එහි තිබූ අරුම පුදුම වෙනසක් දැක ඒ පිළිබදව ඔහුගෙන් විමසීය.එම නිවසේ බිත්තියේ සවි කර තිබූ බුදු පිළිමයට ඉහළ මට්ටමින් ප්‍රේමදාස මහතාගේ විශාල ඡායා රුවක් එල්ලා තිබුනි.හය වසරේ පමණ සිටි කුඩා දරුවන් වුවත් බුදු පිළිමයට ඉහළින් ප්‍රේමදාස රුව එල්ලා තිබීම අපගේද පිළිකුලට ලක් විය.ඒ පිළදබදව මිතුරාගෙන් විමසූ විට

Wednesday, December 14, 2011

කාලය අවකාශය හා ජ්‍යොතිෂය - 9

                  
කාලය අවකාශය පිළිබද විද්‍යා සංකල්ප 
කාලය හා අවකාශය පිළිබද පෞරාණික නිව්ටෝනියානු යාන්ත්‍ර විද්‍යාවේ සංකල්පය
  *නිව්ටන් විසින් කාලය හා අවකාශය දෙකම නිරපේක්‍ෂ නිරපේක්‍ෂ රාශීන් ලෙස දක්වන ලදී.මිනිසාගෙන් හා වස්තූන්ගෙන "ස්වායක්ත හිස් අවකාශයක්" හා ස්වාධීන  කාලයක් පැවතීම විස්තර කෙරෙන නිසා මෙම සංකල්පය අධිභෞතික ස්වරූපයක් දරයි.නිව්ටන් මතය කාලය හා අවකාශය පරම රාශීන් වන වගයි.මෙම සංකල්පය සරලව දැක්වූ විට

Tuesday, December 13, 2011

කාලය අවකාශය හා ජ්‍යොතිෂය - 8

    කාලය සාපේක්‍ෂද එසේත් නැත්නම් නිරපේක්‍ෂද කාලය චක්‍රීයද රේඛීයද යන්න උභතෝකෝටික ගැටළුවක්ව තිබුනි.20 වැනි සියවස මුල් කාලය වනතුරුම කාලය නිරපේක්‍ෂ රාශියක් ලෙස භාවිතා විය.එනම් එතෙක් භාවිතා කල නිව්ටෝනියානු යාන්ත්‍රිකය අනුව කාලය යනු ඉදිරියට ගමන් කරන ඊතලයක් බදු විය.එය එකිනෙකට වෙනස් සමුද්දේශ රාමු තුලදි එක සමාන අයුරින් භාවිතාවේ.නමුත් 1905 දී ඇල්බට් අයින්ස්ටයින් විසින් "විශේෂ සාපේක්‍ෂතාවාදය" හදුන්වා දෙමින් කාලය සාපේක්‍ෂ බව පෙන්වා දුන්නේය.කිසියම් මොහොතකදී ඈත අවකාශයේ සිදුවන තාරුකාවක පිපිරී විනාශ වීමක් සෞර ග්‍රහ මණ්ඩල දෙකක වූ ග්‍රහලෝක දෙකකට දර්ශනය වීම සිදුවීම අනුව කාලයේ නිරපේක්‍ෂ බව පෙන්වා දුන්නේය.මේ මොහොතේ (2011 දෙසැම්බර් 13 යැයි සිතන්න) සිදුවන තාරුකාවේ පිපිරීම ඊට ආලෝක වර්ෂ 10 ක් ඈතින් ඇති ග්‍රහ ලොවකට පෙනෙන්නේ 2021 වසරේ දෙසැම්බර් මසදීය.නමුත් පිපිරුම වූ තැනට ආලෝක වර්ෂ 25ක් ඈතින් පිහිටි ග්‍රහ ලොවකට දර්ශනය වන්නේ 2036 වසරේ දෙසැම්බර් මස දිනකදීය.

Saturday, December 10, 2011

සුනඵා,අනඵා,ධුරාධුර,කේමද්‍රැම යෝග (සදුගෙන් දෙපස රාශිවල ග්‍රහ පිහිටීම)

 සදුගෙන් දෙපස රාශීන් වල ග්‍රහ පිහිටීම අනුව යෙදෙන සුභ අසුභ යෝග කිහිපයක් මෙම ලිපියෙන් දැක්වේ.යෝග ගැන උනන්දුවක් දක්වන පාඨකයන්ට මතක තබා ගැනීම හා වටහා ගැනීම පහසු වීම පිණිස මෙම යෝග එක් ලිපියකින් දැක්වීමට අදහස් කර ඇත.

Thursday, December 8, 2011

"භරණ ගණිතයා "

         හමිබන්තොට දිස්ත්‍රික්කයේ බටහිර ගිරිවාපත්තුවේ පල්ලත්තර නම් ග්‍රාමයේ සාමාන්‍ය ගොවි පවුලක උපන් ඔහුගේ මුල් නාමය "සේදා" නම් විය.පවුලේ අනිත් පිරිමි දරුවන්ට වඩා බුද්ධිමත් ක්‍රියාශ්‍රීලී ගතියක් සේදාගෙන් කුඩා කල සිටම දිස් විය.ලක්දිව විසූ ශේෂ්ඨ පඩිරුවනක් වූ සිටිනාමළුවේ ධම්මජෝති හිමියන් සේදාට මව් පාර්ශ්වයෙන් මාමා කෙනෙකු විය.මෙම ඥාතී සම්බන්ධය නිසාම කුඩා කල සිටම ධම්මජෝති හිමියන්ගේ ප්‍රධාන ගෝලයකු ලෙස ශාස්ත්‍ර ඉගෙනීමට සේදාට වාසනාව උදා විය.ශාස්ත්‍ර ඉගෙනීමෙහි මහත් දක්‍ෂයකු වීම නිසාම සේදා මහනාහිමිගේ විශේෂ අවධානයට ලක්ව තිබුණි.සේදාගේ ජන්ම කේන්දයය පරීක්‍ෂා කිරීමේදී දුටු විශේෂ කරුණක් නිසා ඔහුව ගුප්ත ශ්‍රාස්ත්‍ර ඉගෙනීමෙන් ඉවත් කොට සාමාන්‍ය ධර්ම හා ආයුර්වේද ශාස්ත්‍රීය කරුණු පමනක් ඉගැන්වීමට ධම්මජෝති හිමියන් ප්‍රවේශම් විය.නමුත් කොළුවාගේ සිත ගුප්ත විද්‍යා ශාස්ත්‍ර අධ්‍යාපනයට වැඩි කැමැත්තක් දැක්වීය.

Monday, December 5, 2011

සාමාන්‍ය පෙළ විභාගයේ ආරම්භක දින නිවසින් පිටත්වීමට සුභ නැකතක්

      මෙවර අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය 2011 දෙසැම්බර් 12 වෙනි සදුදා උදේ 8.30 ට ආගම විෂයෙන් ආරම්භවේ.
  විභාගයේ මුල් දවසේ පිළිතුරු හොදින් ලියා සාර්ථක ආරම්භයක් ලැබුණ හොත් එය ඉදිරි විෂයයන් වලටද යහපත් අයුරින් බලපායි.ඒ ගැන සලකා විභාගය ආරම්භ වන මුල් දිනයේ නිවසින් පිටත්ව යාමට සුභ වේලාවන් කිහිපයක් පහත දක්වා ඇත.

Sunday, December 4, 2011

Saturday, December 3, 2011

සරත් ෆොන්සේකා හා 2013

    මේ දිනවල බොහෝ දෙදෙනක් ජනරාල් සරත් ෆොන්සේකා මහතා පිළිබදව කතාබහ කරති.ෆොන්සේකා මහතාගේ ජන්ම කේන්ද්‍රය අනුව ඉදිරියේදී එතුමා මුහුණ දිය හැකි යැයි අනුමාන කල හැකි දේවල් කුමක්දැයි බොහෝ දෙනා මාගෙන්ද විමසා ඇත.ප්‍රථමයෙන්ම කිව යුත්තේ බ්ලොග් එකක් ලිව්වත් මා ප්‍රවීනම ජ්‍යොතිෂවේදියකු නොවන බවය.වයසින් මුහුකුරා යන විට විවිධාකාර අත්දැකීම් හා බලවේග අනුව ජ්‍යොතිෂවේදියාගේ හැකියාවන් වර්ධනය විය හැකි වුවත් ජ්‍යොතිෂය යනු ප්‍රමාණවත් අයුරින් මිස අනිවාර්ය අයුරින් භාවිතා කල යුතු ශාස්ත්‍රයක් නොවේ.ඇත්තටම මා දන්න අයුරින් ජ්‍යොතිෂයෙන් 100% ක් සාර්ථක අනාවැකි පල කල හැකි නමුත් ජ්‍යොතිෂවේදියකුට 100% ක් සාර්ථකව අනාවැකි පල කල නොහැකිය.ජ්‍යොතිෂවේදියාගේ වරදින් බොහෝ අනාවැකි වරදී.බොහෝ ජ්‍යොතිෂවේදීන් මෙම සත්‍ය සඟවා තමන් වැඩකරු බව පෙන්වීමට ගොස් තමාවත් ජ්‍යොතිෂයත් දෙකම අගෞරවයට පත් කරති.අනුන්ට මාරක අපල කරදර ගැන කියන බොහෝ ජ්‍යොතිෂවේදීන්ට තමුන්ට හෙට දිනයේ කුමක් සිදුවේද යන්න පවා දැන ගත නොහැකි බව කිව යුතුය.

Thursday, December 1, 2011

සිරිපාලව කඩේ යැවීම(පොරොන්දම් බැලීමට යැවීම)

 සිරිපාලව කඩේ යැවීම(පොරොන්දම් බැලීමට යැවීම)  
    "මම අහවල් මහත්තයාලගේ ගෙදර වැඩ කරන්නේ මහත්තයාගේ නෝනා මේ කේන්දර දෙකේ පොරොන්දම් බලාගෙන එන්න කියලා මට දුන්නා"
  සරමකින් හා කමිසයකින් සැරසුණු බයාදු පෙනුමැති මැදිවයසේ මාමා කෙනෙක් දිනක් මා හමුවට පැමිණ කේන්ද්‍ර දෙකක් මා වෙත දැක්වීය.
 කේන්ද්‍ර දෙක අතට ගෙන මදක් පරීක්‍ෂා කර බලා
  " මේ පොරොන්දම බලන්නේ නෝනලගේ කාට හරිද?"
  " මම හරියටම දන්නේ නැහැ.නෝනගේ දුවට මනමාලයෝ සොයනවා.එයාට වෙන්න ඇති පොරොන්දම බලන්නේ.

අධි යෝගය

  අධි යෝගය පිහිටීම පිළිබදව ජ්‍යොතිෂ ආචාරී මත හා මූල ග්‍රන්ථ වල විවිධාකාර මත ඇතත් එම විවිධතා වැඩි වශයෙන් මතුවන්නේ යෝගයේ බල අඩු වැඩි වීම පිළිබදවය.භාරතීය ජ්‍යොතිෂයේ අධි යෝගය
                1) සුභ අධි යෝගය
                2) පාපාධියෝගය
                3) මිශ්‍රම අධි යෝගය
Related Posts Plugin for WordPress, Blogger...