Monday, February 11, 2019

කාලය අවකාශය හා ජ්‍යොතිෂය -13


වෘත්තය හා බෙදිම්

 වෘත්තය යනු ඉතා මනස්කාන්ත එමෙන්ම ගුප්ත වූ ජ්‍යාමිතික තල රූපයකි.වෘත්තයක් වටා සකල ලෝක ධාතුවම තැන්පත් කල හැකියයි කිසිවකු පැවසුවහොත් සැබවින්ම එය මානසික රෝගියකුගේ සිතුවිල්ලක් යැයි ඔබටද සිතිය හැක.නමුත් ලොව පුරා භාවිතා වන බොහෝ විද්‍යාවන් දර්ශනයන් භාවිතා කිරීමට හා පවත්වාගෙන යාමට වෘත්තයේ දායකත්වය පිළිබඳව අමුතුවෙන් විස්තර කල යුතු නැත.ලොව පුරා විහිදී ඇති විවිධාකාර ආගම් ඇදහිලි වල වාත්තයක හෝ වෘත්ත ඛන්ඩයක දැක්වුනු ඉදිරිපත් කිරීමක් අනිවාර්යෙන් දක්නට ඇත.නවීන විද්‍යාවේ සංඝටක ලෙස අනුපදයෙන් සම්මත භෞත,රසායන,ජීව විද්‍යාවන් වලද දේශපාලන,ආර්ථික ,...ආදී සමාජ විද්‍යාවන් තුල පමනක් නොව මිත්‍යා දෘෂ්ඨික යැයි සම්මත ගෝත්‍රික ඇදහිලි තුල පවා මෙම වෘත්තය හා බෙදීම් දක්නට ඇත.

Saturday, February 2, 2019

කාලය අවකාශය හා ජ්‍යොතිෂය - 11

නමෝ බුද්ධාය!
නමෝ ධම්මාය!
නමෝ සංඝාය!


ශම්හාලා (ධර්මශාලා)
    ශම්හාලා නොහොත් ධර්මශාලා යනු මේ වනවිට හිමෙන් වැසී ඇතිබවට සැකකෙරෙන පුරාණ ජනකථා, සාහිත්‍ය, පුරාවෘත්ක කතා ආදියෙන් පමණක් සාක්කි සැපයෙන් ඇතැමුන් මිත්‍යාවක් ලෙස සලකන ටිබේට් සානුව ආශිතව පිහිටි අභිරහස් දියුණු නඟරයකි.ශම්හාලා නඟරය හා බැදී ඇති පුරා වෘත්ත කිහිපයක් පහත සැකෙවින් දැක්වේ..

කාලය අවකාශය හා ජ්‍යොතිෂය 10

නමෝ බුද්ධාය!
නමෝ ධම්මාය!
නමෝ සංඝාය!

නිවනට බාධා කරන අකාලය හා අනවකාශය
1)“ම‍හණෙනි,තථාගතයන් වහන්සේ නමක් ලොව පහලවී නිවන් මඟ හෙළි කරන ධර්මය දේශනා කලත් නිවන ප්‍රාරථනා කරන බොහෝ සත්ත්වයන් එම කාලයේදී නිරයේ දුක්විඳි නම් ඔවුන්ට ක්ෂණ සම්පත්තිය අහිමි වී නිවන දුරස් කරනවා..මන්ද ඇතැම් නිරයන්වල දුක්විඳින සත්ත්වයන්ගේ ආයුෂ මනුෂ්‍ය ලොවේ ආයුෂින් කල්ප ගනනකි.එම කාලය තුල මනුෂ්‍ය ලොවේ බුදුවරුන් කිහිපදෙනෙකු පහල වුවත් නිරයේ සිටින්නා එම මුළු කාලය පුරාම නිරයේ දුක්විදියි.
Related Posts Plugin for WordPress, Blogger...