Showing posts with label දේව යක්‍ෂ කතා. Show all posts
Showing posts with label දේව යක්‍ෂ කතා. Show all posts

Thursday, September 8, 2011

කළු කුමාර උපත

         කළු කුමාර උපත 

"සකලකලා වල්ලභ" රජතුමා දිය කෙලියට මහත් ඇල්මක් දැක්වූවකු විය.එක් දිනක් බිසෝවරු පිරිවරාගෙනද තවත් දිනක් මැති ඇමතිවරු සමඟද දිය කෙලියේ යෙදීම රජුගේ කැමැත්ත විය.දැහැමි ගුණ ගරුක රජෙකු වූ "සකලකලා වල්ලභ" රජුට රටවැසියාද ඇළුම් කලේය.උඩුගම්පොළ රාජධානිය රජුගේ අනුග්‍රහයෙන් යහමින් පාලනය විය.

Monday, July 11, 2011

ශක්‍රයාට නෙත් දාහක් ලැබුනේ කොහොමද?.

  බොහොම ඉස්සර කාලයේ ඉන්දියාවේ ලෞකික ධ්‍යාන බලය ප්‍රගුණ කරපු ඉසිවරු යෝගී වරු වැඩි ප්‍රමාණයක් විය.ඉන් බොහෝ දෙනා ගිහි ජීවිතයෙන් ඉවත් වී වනගතව තවුස් දම් රකිමින් දිවි ගෙවමින් ස්වකීය ධ්‍යාන බලය වැඩි දියුණු කර ගනිමින් ජීවත් වූහ.තවත් අය විවාහ වී අඹු දරුවන් සමගින් ජීවත් විය..ගෞතීය මුනිවරයා මෙලෙස ලෞකික ධ්‍යාන බලය උපදවා ස්වකීය අඹුව සමඟ හිමාලය ආශිත වනපෙදෙසක ජීවත් වූ බලසම්පන්න මුනිවරයෙකි.ගෞතීය මුනි වරයාගේ ලෞකික සෘද්ධි බලය මහත් විය.දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක වලට සෘද්ධි බලයෙන් ගමන් කිරීමේ හැකියාව ඔහුට විය.

Sunday, April 24, 2011

ලක්දිවට හදි හූනියම් ක්‍රම ලැබුණු හැටි. ( අවසාන කොටස )

  පාර දෙපස රැස්වූ ජනයා විශ්මයෙන් යුතුව බලා සිටී.ගෙලට වදමල් මාලාවක් පැලඳි අසරණ තරුණයා වධක බෙර හඩ මධ්‍යයේ දංගෙඩිය වෙත රැගෙන යන අයුරු බලා සිටීම දුක්මුසුය.රාජ්‍ය යකැදුරා වුවත් ඔහු කිසිදිනෙක දුෂ්ට ක්‍රියාවක් සිදු කරනු කිසිවකු අසා දැක නැත.ඔහුගේ පෙනුම බලා සිටින්නන්ව තවත් මුසපත් කරයි.වෙනදා දංගෙඩියට ගෙනයන දරුණු සොරෙකු අපරාධකාරයෙකු දෙස රැස්ව සිටින්නන් බලා සිටින්නේ සොරා හෝ අපරාධකරුට හොද වැඩේ යැයි සතුටු සිතිනි.සමහරු බිමට කෙළ ගසන්නේ සොරාගේ මූනට කෙළ ගසන්නාක් මෙන් තරහිනි.නමුත් අද එවැන්නක් දක්නට නැත.අනේ අසරණ ඔඩ්ඩි කාටවත් කරදරයක් තිබුනේ නැහැ.මරන්න තරම් මොකක්ද කරපු වරද?සමහරු කසු කුසු ගායි."සුරා මතින් අග බිසවට කරදර කරන්න ගිහින් කියන්නේ." පිළිතුරු වදන්ද ඇසෙති.

Thursday, April 21, 2011

ලක්දිවට හදි හූනියම් ක්‍රම ලැබුණු හැටි.

 ඒ මහා සම්මත රජුගේ රාජ මාලිගාවයි.මහ රජු සේනාව සමඟ අසුර යුද්ධයකට පිටත්ව ගොසිනි.මාළිගාවේ ආරක්‍ෂාවට සිටි භට පිරිස රජ බිසෝවරු හා කුඩා රාජ කුමර කුමරියන් හැරුණු විට මාලිගය තුල වැඩි පිරිසක් නොවීය.මැණික්පාල බිසව රාජ බිසෝවරුන් අතර අග බිසව විය.මනා රූ සපුවකින් යුත් මැණික්පාල විශ්ණු දෙවියන්ගේ නැගණියකි.හදිසියේම මාලිගාවේ සිට පිරිස පුදුමයට පත්කරමින් මහා සම්මත රජු මාලිගාවට නැවත පැමිණියේය.ඔහුගේ පෙනුම වෙනදාට වැඩිය වෙනසකි.භට පිරිසද වෙහෙසට පත්වූ ස්වභාවයකි.

Tuesday, March 15, 2011

"කාල කඩවර " උපත

 ඉර බැස යමින් ඇත.මරාගත් දිය කොකුන් දෙදෙනා සමග එම මිනිසා තම පැලට ගමන් කරමින් සිටියේය.ගෙට ගොඩවී දිය කොකුන්ව තම ඇඹේනිය අතට දුන්නේ රාත්‍රී ආහාරය සදහා උන් මස් කර පිළියෙළ කරන ලෙස දන්වමිනිඉන් පසු හේ මුහුණ කට සෝදා පිල උඩ ඇලවූයේ වෙහෙස නිවා ගනු පිණිසය.කුසගින්නද තදින් ඇත.තම බිරිද දිය කොකුන් මස් කර රාත්‍රි ආහාරය සකසන තෙක් ඔහු සිටියේ නොඉවසිල්ලෙනි.බිරිද වහ වහා මස් ව්‍යාංජනය පිළියෙළ කොට බත් සමග රැගෙන ආවාය.මිනිහා දියකොක් මස් සමග බත් කෑවේ මහත් කෑදර අයුරිනි.මස් නැවත නැවත ගෙන්වමින් කෑවේය.අන්තිමේදී මස් හට්ටිය ඉවර වෙන තුරුම කෑවේය.තව මස් නැද්දැයි බිරිදගෙන් ඇසීය.බිරිදට යකා නැග්ගාය .ඇය සැර පරුෂය.මේ මිනිහා කෑදර කමට මටත් ඉතිරි නොකර මස් හට්ටියම කාලා තවත් මස් ඉල්ලනවා.කේන්ති ගිය ඇය මස් හට්ටියෙන් මිනිහාට දමා ගැසුවාය.මස් හට්ටිය බිදී හට්ටියේ ගැට්ට මාලයක් මෙන් මිනිහාගේ බෙල්ලේ හිරවිය.ඒ මදිවාට ගෑනි මහා හයියෙන් බැන වදින්නටද විය.මේ කළබගෑනිය කුමක්දැයි බලන්නට අහල පහල නිවෙස් වල අයද රොක් වූහ.මිනිහගේ කරේ වලං ගැට්ට හිරවී ඇති අයුරු දුටු සෑම දෙනාම මහා හයියෙන් හිනාවෙන්නට විය.ගෑනි තවමත් බැන වදිමින් සිටියි.මිනිහාට මහත් ලැජ්ජාවක් දැනුනි. ඔහුට එය දරා ගත නොහැකි විය.හේ ලැජ්ජාවෙන්ම කැළයට ගියේය.ඔහු නැවත ගමට නොආවේය.

Thursday, January 20, 2011

දෙයියන්ගේ ලෙඩ

 කතරගම දෙවි -  "ආ ගරා යකා කොහොමද ඉතින්,අප්පා උබව දැක්ක   
                             කල්,කොහෙද යකෝ පහුගිය දවස් ටිකේ ගිහින් 
                             හිටියේ.."