Tuesday, December 28, 2010

Monday, December 27, 2010

Wednesday, December 22, 2010

2011 වසර ඔබේ ලග්නයට කොහොමද?

      සාමාන්‍ය ජනයා අතර ජ්‍යොතිෂය භාවිතා වීම ,ක්‍රියාත්මක වීම හා ප්‍රයෝජනයට ගැනීම සරලව විමසා බැලීමේදී පලාඵල බැලීම,නැකැත් සෑදීම,විවාහ පොරොන්දම් පරික්ෂාව යන අංග ප්‍රධාන චශයෙන් දැක්විය හැකියි.

Saturday, December 18, 2010

Wednesday, December 15, 2010

දෙසැම්බර් 21 දින චන්ද්‍ර ග්‍රහනයක්!



 2010 වසරේ සිදුවන අවසාන පූර්ණ චන්ද්‍ර ග්‍රහනය 2010.12.21 දින මිථුන රාශිය තුල සිදුවේ.මෙම චන්ද්‍ර ග්‍රහනය පිළිබදව ලෝකායත ජ්‍යොතිෂය ඇසුරින් විමසා බැලීමක් සිදු කිරීමට සිත් විය.ප්‍රථමයෙන්ම චන්ද්‍ර ග්‍රහනය පිළිබද ජ්‍යොතිෂයේ දැක්වෙන සිද්ධාන්ත විවරණය සලකා බලමු.

Sunday, December 5, 2010

2012 World end (2012 ලෝක විනාශය)

  2012 දෙසැම්බර් 21 දිනය ගැන සදහන් කරන විටම සෑම දෙනාටම සිහිවෙන්නේ ලෝක විනාශයයි.සිනමා පට අන්තර්ජාලය හා වෙනත් ජනමාධ්‍ය ඔස්සේ පසුගිය කාලයේ විශාල වශයෙන් ප්‍රචාරය වූ මෙම 2012 ලෝක විනාශය සිද්ධිය මේ වනවිට යල්පැනගිය තත්ත්වයකට පත්වී තිබේ.ලියන්න තියා කථා කරන්නවත් වටින්නැති මෝඩ මාතෘකාවක් හැටියට තමයි බොහෝ දෙනා මෙයට ප්‍රතිචාර දක්වන්නේ.

Thursday, November 25, 2010

ලෝකායත ජ්‍යොතිෂය -දෙසැම්බර් 14 ග්‍රහ යුද්ධය රටට කොහොම බලපායිද?

     
     ජ්‍යොතිෂයට සම්බන්ධ බ්ලොගයක් වුවත් මෙහි එදිනෙදා,සතිපතා ලග්න පලාඵල මෙන්ම ග්‍රහ මඩුල්ලේ සිදුවන ග්‍රහ මාරු,සංයෝග,යුද්ධ,ග්‍රහන වැනි විපරය්‍යාස මගින් රටට ජනතාවට ඇතිවන බලපෑම් ගැන විස්තර කිරීම් දක්වා නැත්තේ මන්දැයි පාඨක ඔබට ගැටළුවක් මතුවිය හැකිය.

Monday, November 22, 2010

උපතේ සිට විවාහය දක්වා බැදුනු අපේ පැරණි හෙළ චාරිත්‍ර

   පුරාණ හෙළ සිරිත් විරිත් අනුව දරුවෙකුගේ උපතේ සිට වයස වැඩෙමින් සමාජ ගත වන විට අනුපිළිවෙලින් අනුගමනය කෙරුණු වතාවත් පිලිවෙත් පද්ධතියක් විය.අතීතයේ හෙළ දරුවන් හැදුනේ මෙම වතාවත් චාරිත්‍ර වලට අනුවය.

Saturday, November 20, 2010

Astronomy Vs Astrology (තාරකා විද්‍යාව Vs ජ්‍යොතිෂය)



"ජ්‍යොතිෂයේදී සලකා බලන රාශි දොලහට අයත් තරු රටා පද්ධතිය නිකම්ම නිකන් දෘෂ්ථි මායාවක් විතරයි.එම තරු රටාවන්ට අයත් තරු අතර ඇති පරතරය සලකා බලන විට මෙය වටහා ගැනීමට පුළුවනි.(මිථුන රාශියට අයත් "බීටා පොලක්ස්" හා "එප්සයිලෝන් මෙබ්සුවා"  තරුවලට පෘථිවියේ සිට ඇති දුර ප්‍රමාන පිලිවෙලින් ආලෝක වර්ෂ 35 හා 1081 කි)

Monday, November 15, 2010

ජ්‍යොතිෂයට නිගරු කරන මාධ්‍ය ජ්‍යොතිෂවේදියෝ

        දැන් දැන් රට වටේම ජ්‍යොතිෂවේදියෝ වැහි වැහැලා. පත්තරයක් බැලුවත් ටී.වී එක බැලුවත් රේඩියෝ එක දැම්මත් ජ්‍යොතිෂය සම්බන්ධ ලිපිලේඛන,වැඩසටහන් වෙනදාටත් වඩා වැඩි වැඩියෙන් දකින්න අහන්න ලැබෙනවා.ජනතාවත් ඒවා ගැන වෙනදාට වඩා වැඩි උනන්දුවක් කැමැත්තක් දක්වනවා.

Monday, November 8, 2010

"ගුරුත්වාකර්ශනය" නිව්ටන් පෙරදිගින් සොරා ගත්තාද?

මෙහි පළමු ලිපි දෙක පහතින් කියවන්න
        "නවීන විද්‍යාවටත් ගුරු හරුකම් ලැබුනේ පැරණි ජ්‍යොතිෂයෙනි" යනුවෙන් ඉදිරිපත් කෙරෙන බ්ලොග් සටහන් පෙළෙහි දෙවන සටහනින්(ඉහත දක්වා ඇති) දැක්වූයේ මහා විද්‍යාඥයකුගේ පාසැල් අවදිය දක්වා වූ විශේෂ සංසිද්ධි කිහිපයකි.

Sunday, October 31, 2010

නවීන විද්‍යාවටත් ගුරු හරුකම් ලැබුණේ පැරණි ජ්‍යොතිෂයෙනි - 2

    ඒ 1642 වසරයි.රාජකීය දෛවඥයන් එම වසරේ දෙසැම්බර් මස අවසන් දින කීපය රජුට මාරක අපල බව දැන්වීම නිසා බියට පත් එංගලන්තයේ 1වන චාලස් රජු දෙසැම්බර් මාසයේ අවසන් දින කීපය කැළැන්ඩරයෙන් ඉවත් කලේය.

ගොවිතැන් සදහා කරණ

        අපේ හිතවත් ගොවි මහත්වරුන්ට නිතර නිතර මුහුණදෙන්න වෙන ගැටළුවක් තමයි තමන්ගේ ගොවිතැන් වගාවන්ට සතුන්ගෙන් කරදර හානි සිදුවීම.

Tuesday, October 26, 2010

පුර පසලොස්වක පොහොය දිනය ලෞකික කටයුතු සදහා සුභ නැත.

පුර පසලොස්වක පොහොය දිනය බෞද්ධ අපිට ඉතා පූජනීය දිනයක් වන්නේ එම දිනය ගෞතම බුදුරජාණන් වහන්සේගේ බුද්ධ චරිතය සමඟ තදින් බැදී ඇති දිනයක් වන බැවිනි.බුදුන් වහන්සේගේ දිවියේ වැදගත් සිදුවීම් රාශියක් සිදුවී ඇත්තේ පුර පසලොස්වක දිනවල නිසා බෞද්ධයන් එදින සුභ දිනයක් ලෙස සලකා සුභ කටයුතු සදහා යොදා ගැනීම බහුලව දක්නට ඇත.එම දිනය නිවාඩු දිනයක් වීම නිසා එම තත්ත්වය තවත් වැඩිවී ඇත.

Sunday, October 24, 2010

නැකැත් පාගා යන ගමන යමු.ජය සතුට ගෙන යළි ගෙදර එමු

   අද උදේ කාමරේ අස් කරන කොට පරණ කොළයක් හම්භ වුනා ඒකේ තිබෙන්නේ සුභ ගමනක් සාර්ථක කර ගැනීමට නිවසින් පිටත්වීමට කලින් අනුගමනය කරන්න සුදුසු ක්‍රමයක්.හරියට කෙමක් වගේ තමයි.මේක මගේ නිර්මාණයක්වත් මම කියවපු පැරණි පොතක තිබුනු දෙයක්වත් නෙවෙයි.කවුරුදෝ දුන් එකක්.මේකේ  උඩින්ම "කිසිවෙකුට දෙන්න එපා" කියල ලියල තිබුනට කාටවත් කරදරයක් නරකක් කරන්න හදපු දෙයක් නොවන නිසා බ්ලොග් එකට දමන්න හිතුනා.

Friday, October 22, 2010

පරිගණකයෙන් කේන්දරේ බලන්න ඉස්සෙල්ල මේ සටහන කියවන්න

          පරිඝනකයෙන් කේන්ද්‍ර බැලීම ගැන කියනකොටම මතක් වෙන්නේ කාලෙකට ඉස්සර වෙචිච පොඩි සිද්ධියක්.කතාව එතනින්ම පටන් ගත්තාම අපේ මාතෘකාවට කෙලින්ම ඇතුල් වෙන්න පුළුවන්.මේකයි සිද්ධිය,ඔයගොල්ලන්ට මතක ඇතිනේ මීට අවු 10 කට විතර කලින් ජංගම පරිගණක ජ්‍යොතිෂ සේවයක්(හෝ කිහිපයක්)මුළු ලංකාව පුරාම නගරයෙන් නගරයට සංචාරය කලා,මගේ අම්මේ බලන්න එපැයි ඒව පටන් ගත්තු මුල් දවස්වල හිටපු සෙනඟ.මට මතක විදියට පිටකොටුව ස්ටේෂම ඉස්සරහ දාපු එකේ හෙනපෝලිමක් තිබුනා.කොම්පියුටරෙන් කේන්ද්‍ර බලන්න,අත්රේඛා ස්කෑන් කොරෝලා පෙර ආත්මේ විස්තර බලන්න කට්ටිය පොර කනවා.කොහොමින් කොහොම හරි මේ ජංගම ජ්‍යොතිෂ සේවෙ අපිට කිට්ටු නගරෙටත් ආවා.මමත් ඉතින් දවසක් මොකාද එකා වගේ ගියා බලන්න.

Tuesday, October 19, 2010

මොකක්ද මේ රාහු කාලය කියන්නේ?

   රාහු කාලය කිවිවම අපේ අයට ඒක හාල් පොල් තරම්ම අත්‍යාවශ්‍ය ද්‍රව්‍යයක් බවට පත්වෙලා.ඇත්තම කිව්වොත් පත්වෙලා නෙවෙයි පත්කරලා,හැමෝම වගේ තමතමන්ගේ සුභ කටයුතු රාහු කාලය අත්හැරලා කරන්න තමයි බලන්නේ.හුඟක් උදවිය මගුල් තුලාවලදි දරුවෙකුගේ අකුරු කියවීම,සුභ ගමනක් යෑම වගේ විශේෂ අවස්ථාවලදි පමනක් රාහු කාලය මඟ හැරියත් තවත් ඉතාම සුළු පිරිසක් රාහු කාලයට දක්වන්නේ හරි මෝඩ බියක්.විශේෂ සුභ කටයුතු වලදී විතරක් නොවේ වැසිකිලි යන්න වතුර ටිකක් නාගන්න වගේ එදිනෙදා කටයුතු කරන්නත් රාහු කාලය බලන උදවිය අපි අතර ඉන්නවයි කියල ආරංචි තියෙනවා.

Friday, October 15, 2010

ලෝකායත ජ්‍යොතිර් විද්‍යාව ගැන නොදන්නා අයට කෙටි හැදින්වීමක්

      කෙනෙකුගේ ජන්ම කේන්ද්‍රය අනුව ඔහුගේ ජීවිත පලාඵල  විස්තර පැවසීම කල හැකි වීම මෙන්ම ප්‍රදේශයක,රටක  ඇතිවන ආර්ථික සමාජ හා දේශපාලන තත්ත්වයන් ස්වභාවික සංසිද්ධි,ජන ජීවිතය වැනි දෑ පිළිබඳව අනාවැකි පවසන ක්‍රමයක්ද ජ්‍යොතිර් විද්‍යාවේ ඇත."ලෝකායත ජ්‍යොතිර් විද්‍යාව" ලෙස හැදින්වෙන මෙම කෙෂත්‍රය ඉගෙනීම,ගවේශණය හා භාවිතා කිරීම කල යුත්තේ මනා පුහුණුවකින් හා අවබෝධයකින් යුක්තවය.දැලි පිහියෙන් කිරි කෑම උපමා කල හැකි ලෝකායත අනාවැකි පැවසීමේ ක්‍රියාව අනවබෝධයෙන් සිදුකරන ජ්‍යොතිෂවේදීන්ට අත්වූ හා අත්වෙමින් පවතින අලකලංචි පිළිබද අපහට නිතර අසන්නට හා දකින්නට ලැබේ.

Thursday, October 14, 2010

පඤචාංග ලිත්වල ඇති වෙනස්කම් ගැටළු ජ්‍යොතිෂ කටයුතු වලට ලොකු අවහිරයක්.

  මීට වසර 155 කට පමන පෙර එනම් ලංකාවේ පඤචාංග ලිත් භාවිතයක් නොමැති කාල වකවානුවේ අපේ රටේ විසූ පැරණි දෛවඥයන් ඔවුනොවුන්ගේ ගුරු කුල අනුව පැවත ආ හෝ තමන් නිර්මාණය කරගත් ගණිත ක්‍රම අනුව ජන්ම කේන්ද්‍ර සැදීම නිවැරදිව සිදුකල බවට කොත්මලේ ගණිතයා වැන්නන්ගේ පැරණි ලිඛිත විස්තර අනුව  පැහැදිලි සාක්‍ෂි ඇත. නමුත් කල්ගත වීමේදී අහුන්ගල්ලේ ගුරුතුමා ,දොන් පිලිප් ද සිල්වා ඈපා අප්පුහාමි වැනි පැරණි ජ්‍යොතිෂ පඩුවන් විසින් පඤචාංග ලිත් මුද්‍රණය කොට ප්‍රසිද්ධ කිරීමත් සමඟ අතීතයේ ඉතා දිගු කාලයක් වැය කොට සිදුකල ජ්‍යොතිෂ කටයුතු කෙටි කාලයක් තුල පහසුවෙන් කිරීමේ හැකියාව දෛවඥයන්ට ලැබුණි.
      

Tuesday, October 12, 2010

පිටරට උපන් දරුවෙකුට මෙරට වේලාවට කේන්ද්‍රය සෑදීම වැරදියි.

විදෙස් රටක උපන් දරුවෙකුගේ ජන්ම කේන්ද්‍රය සෑදීමේදී ලංකාවේ බොහෝ දෛවඥයන් විසින් අනුගමණය කරන්නේ දරුවා උපන්රටේ හා ලංකාවේ වේලාවන් අතර වෙනස සොයා දැනගෙන එම වේලාව අඩු වැඩි කොට ශ්‍රී ලංකාවේ වේලාවට හරවා ලංකාවේ භාවිතා කරන පඤචාංග ලිතක් ඇසුරින් ජන්ම කේන්ද්‍රය සෑදීමයි. බොහෝ දෙනා සිතන්නේ හා පිළිගන්නේ මෙම ක්‍රමය නිවැරදි බවයි. නමුත් මෙය ඉතා වැරදි ක්‍රමයක් බව අවධාරණය කළ යුතුය.පහත දැක්වෙන කෙටි හැදින්වීම මගින් ඕනෑම අයකුට මෙහි ඇති බරපතල වැරද්ද අවබෝධ කර ගත හැකියි.
      
Related Posts Plugin for WordPress, Blogger...