Showing posts with label ජන්ම කේන්ද්‍රය සෑදීම. Show all posts
Showing posts with label ජන්ම කේන්ද්‍රය සෑදීම. Show all posts

Sunday, December 9, 2018

Astrology Manually Calculation (ලිත් භාවිතයක් නැතිව කේන්ද්‍ර සෑදීම )

කේන්ද්‍ර සෑදීම සඳහා ලංකාවේ බොහෝ ජ්‍යොතිෂවේදින් භාවිතා කරන්නේ වගු සටහන් ආකාරයෙන් පංචාංග ලිත්වල දක්වා ඇති තොරතුරුය.මෙහිදී දෛවඥයා විසින් සිදු කරන්නේ කේන්ද්‍රය අතරමඟ සිට සෑදීමක්ය.උදාහරණයකට යම් ස්ථානයක උපන් වේලාවකට අනුරූප ලග්නය සෑදීම සැලකුවහොත් දිනට අදාල ලග්න ශේෂය ,නක්ෂත්‍ර කාලය ලිතෙන් බලා එතැන් සිට ගනන් සාදා ලග්නය ගනනය කරයි.ලග්නය පමනක් නොව එහි මූලික කොටස්(රාශ්‍යාර්ධය,දෙර්කාණය,නවාංශකය,...) මෙන්ම ග්‍රහ පිහිටීම නැකත,මහ දශාවන් ගතවන ආකාරය ගනනය කිරීමද මේ ආකාරය වේ.පංචාංග ලිත් භාවිතා නොකල අතීත කාලයේ දෛවඥයන් විසින් අහස නිරීක්ෂණය හා පාරම්පරිකව පවත්වාගෙන ආ නක්ෂත්‍ර ගණිත වගු ආදිය භාවිතා කරමින් කේන්ද්‍ර සෑදීම නිවැරදිව සිදු කලත් අද එවැන්නකු සොයා ගැනීමටවත් බැරිය.

Wednesday, October 17, 2012

දළ ජන්ම කේන්ද්‍රයක් නිවැරදිව සාදන අයුරු උගනිමු - හතරවන කොටස

  9 වෙනි පාඩම (නවාංශකයට චන්ද්‍රයා පිහිටුවීම,නැකැත් පාද සෙවීම හා දශා අපහරණය ගැනීම.)

Monday, October 15, 2012

Saturday, October 13, 2012

දළ ජන්ම කේන්ද්‍රයක් නිවැරදිව සාදන අයුරු උගනිමු- දෙවන කොටස

 මෙහි පලමු කොටසින් ජන්ම ලග්නය සෙවීම දක්වා (5 පාඩම දක්වා) ඉදිරිපත් කරන ලදී.6 වැනි පාඩම වෙන් වන්නේ ලග්නයේ ග්‍රහයන් පිහිටවීම සදහාය.වසර 45 කට පමන පෙර සකස් කර ඇති මෙම පාඩම් මාලාව එකල භාවිතා වූ ජනප්‍රියම පඤ්චාංග ලිත වූ "ඈපා පඤ්චාංග ලිත"  අනුව සකසා ඇත.

Friday, October 12, 2012

දළ ජන්ම කේන්ද්‍රයක් නිවැරදිව සාදන අයුරු උගනිමු- පළමු කොටස

    දළ ජන්ම කේන්ද්‍ර සටහනක් නිවැරදිව සාදා ගන්නා ආකාරය පිළිබදව මාගේ පියා විසින් මීට වසර 45 කට පමණ පෙර සාදන ලද පාඩම් මාලාවක් කොටස් කීපයක් ලෙස බ්ලොග් අඩවියේ පල කිරීමට සිතුවෙමි.වටිනා ශාස්ත්‍ර කරුණු මෙලෙස ලාබෙට දීමෙන් යම් මට්ටමකින් ශාස්ත්‍රීය අගෞරවයක් වුවත් දිගු කාලයකින් කිසිවෙකුට ප්‍රයෝජනයක් නොමැතිව දිරාපත් වී යාම ඊටත් වඩා අයහපතක් වීම හා ‍ජන්ම පත්‍රය සෑදීම සදහා ගණිතමය සිද්ධාන්ත පාදක වී ඇති ආකාරය ජ්‍යොතිෂය ගැන වැටහීමක් නැති අයට යම් තරමකින් හෝ වැටහීමක් ලබා දීමේ අරමුණින් මෙය පල කරමි.