Sunday, October 28, 2012

"ජ්වල මුඛී" යෝගය

  තිථිය හා නැකත සංයෝග වීමෙන් යෙදෙන "ජ්වල මුඛී" නම් අසුභ යෝගය ආකාර පහකින් යෙදේ.ඒ අනුව යම් වේලාවක
  1) පෑලවිය තිථිය හා මුල නැකත
  2) විසේනිය තිථිය හා බෙරණ නැකත
  3) අටවක තිථිය හා කැති නැකත
  4) නවවක තිථිය හා රෙහෙණ නැකත
  5) දසවක තිථිය හා අස්ලිස නැකත
      යෙදී ඇති විට "ජ්වල මුඛී" යෝගය  උදාවේ.
 අසුභ යෝගයක් ලෙස සදහන්ව ඇති මෙම "ජ්වල මුඛී" යෝගයෙන් උපන් අය අල්පායුෂ ඇති බවත් ජීවත් වුවත් ශාරීරික හා මානසික දුබලතා වලින් යුක්ත වූවන් විය හැකි බව ජ්‍යොතිෂයේ සදහන්ය.

 සුබ මුහුර්ත සෑදීමේදී මෙම යෝගය අත්හල යුතු බවත් විශේෂයෙන් සදහන් කොට ඇත.
 මෙම යෝගය යෙදී තිබියදී
   * සුබ ගමන් යෑම
   * විවාහ හා නිවාස නැකැත් ගැනීම
      නොකළ යුතු බව සදහන්ය.

Wednesday, October 17, 2012

දළ ජන්ම කේන්ද්‍රයක් නිවැරදිව සාදන අයුරු උගනිමු - හතරවන කොටස

  9 වෙනි පාඩම (නවාංශකයට චන්ද්‍රයා පිහිටුවීම,නැකැත් පාද සෙවීම හා දශා අපහරණය ගැනීම.)

Monday, October 15, 2012

දළ ජන්ම කේන්ද්‍රයක් නිවැරදිව සාදන අයුරු උගනිමු- තුන්වන කොටස

    7 වෙනි පාඩම

මෙම 7,8 පාඩම් වලට අවශ්‍යවන පඤ්චාංග හා වෙනත් සටහන් පහලින් දක්වා ඇත.

Saturday, October 13, 2012

දළ ජන්ම කේන්ද්‍රයක් නිවැරදිව සාදන අයුරු උගනිමු- දෙවන කොටස

 මෙහි පලමු කොටසින් ජන්ම ලග්නය සෙවීම දක්වා (5 පාඩම දක්වා) ඉදිරිපත් කරන ලදී.6 වැනි පාඩම වෙන් වන්නේ ලග්නයේ ග්‍රහයන් පිහිටවීම සදහාය.වසර 45 කට පමන පෙර සකස් කර ඇති මෙම පාඩම් මාලාව එකල භාවිතා වූ ජනප්‍රියම පඤ්චාංග ලිත වූ "ඈපා පඤ්චාංග ලිත"  අනුව සකසා ඇත.

Friday, October 12, 2012

දළ ජන්ම කේන්ද්‍රයක් නිවැරදිව සාදන අයුරු උගනිමු- පළමු කොටස

    දළ ජන්ම කේන්ද්‍ර සටහනක් නිවැරදිව සාදා ගන්නා ආකාරය පිළිබදව මාගේ පියා විසින් මීට වසර 45 කට පමණ පෙර සාදන ලද පාඩම් මාලාවක් කොටස් කීපයක් ලෙස බ්ලොග් අඩවියේ පල කිරීමට සිතුවෙමි.වටිනා ශාස්ත්‍ර කරුණු මෙලෙස ලාබෙට දීමෙන් යම් මට්ටමකින් ශාස්ත්‍රීය අගෞරවයක් වුවත් දිගු කාලයකින් කිසිවෙකුට ප්‍රයෝජනයක් නොමැතිව දිරාපත් වී යාම ඊටත් වඩා අයහපතක් වීම හා ‍ජන්ම පත්‍රය සෑදීම සදහා ගණිතමය සිද්ධාන්ත පාදක වී ඇති ආකාරය ජ්‍යොතිෂය ගැන වැටහීමක් නැති අයට යම් තරමකින් හෝ වැටහීමක් ලබා දීමේ අරමුණින් මෙය පල කරමි.
Related Posts Plugin for WordPress, Blogger...