Wednesday, June 27, 2012

සරස්වතී යෝගය

                              සරස්වතී යෝගය

 යෝගය යෙදෙන ආකාරය
   ගුරු(බ්‍රහස්පති),ශුක්‍ර(සිකුරු) හා බුධ ග්‍රහයන් තිදෙනා ලග්නය,දෙක,හතර,පහ,හත,නවය හා දහය යන ස්ථානයක එක්ව,වෙන වෙනම හෝ දෙදෙනා බැගින් යෝගව සිටිය යුතු අතර ගුරු ග්‍රහයා උච්ච හෝ ස්වක්‍ෂෙත්‍රව සිටිය යුතුය.

 විපාක
     සහජයෙන්ම කලා හැකියාවන් පිහිටයි.සියළු ශාස්ත්‍ර වලින් නිපුනතාවක් දක්වයි.අංශ කිහිපයකින්ම කුසලතා දක්වයි.සිතුවිලි සොදුරුය.සැමගේ ප්‍රශංශාවට ලක්වේ.

 සටහන
    ගුරු ග්‍රහයා කටක රාශියට උච්ච වන අතර ධනු මින රාශි වල ස්වක්‍ෂෙත්‍රවේ.


Wednesday, June 13, 2012

ඉන්දියානු නාඩි වාක්‍ය මගින් විශ්මිතව මව්පිය නම් ගම් හා පැරණි ජිවන තොරතුරු නිවැරදිව දක්වන්නේ භූත බලවේගයකින්ද?

   දකුණු ඉන්දියානු නාඩි වාක්‍ය කියවන්නන් විසින් පවත්වාගෙන යනු ලබන ශ්‍රී ලාංකිකයන්ට ස්වකීය උපන් දිනය හා ඇඟිලි සලකුණු අනුව නාඩි වාක්‍ය අනාවැකි පැවසීම පිළිබදව මීට පෙර ලිපියකින් දක්වන ලදී.මා හට නාඩි වාක්‍ය ඇසීමට යමට ආශාවක් පහළ වූයේ මාගේ මිතුරන් දෙදෙනෙකු ඒ පිළිබදව විස්තර පැවසීමත්  නැකැත් සෑදීම ආදී ජ්‍යොතිෂ වැඩ වලට පැමිනි කිහිප දෙනෙකු තමන් නාඩි වාක්‍ය ඇසූ බවත් මව පියාගේ නම් වල සිට ඉතා විශ්මිත අයුරින් තමන්ට නාඩි වාක්‍ය පැවසූ බව මා සමඟ පැවසීමත් නිසාමය

Thursday, June 7, 2012

"බ්‍රහ්ම මුහුර්තය"

    ජ්‍යොතිෂයේ සුභ කටයුතු වලට යොදා ගත යුතු සුභ කාල හෝරාවන් ගැන මෙන්ම කිසිදු සුභ කටයුත්තකට යොදා නොගත යුතු අසුභ කාලයන් පිළිබදව විශේෂයෙන් දක්වා ඇත.රාහු කාලය ,සාගර මුහුර්තය එලෙස කිසිදු සුභ කටයුත්තකට නොගත යුතු අසුභ කාලයන් ලෙස දක්වා ඇති අතර සුභ කටයුතු සදහා විශේෂයෙන් යොදාගත යුතු කාල හෝරාවන්ද දක්වා ඇත.

"සිකුරු සංක්‍රාන්තිය"

   "සිකුරු සංක්‍රාන්තිය" ගැන පසුගිය දිනවල බොහෝ දෙනා කතාබහ කලහ.සූර්යයා පෘථිවිය හා සිකුරු ග්‍රහයා එක එල්ලේ පිහිටමින් සූර්යයා මතුපිටින් කලු තිතක් ගමන් කරන්නා ආකාරයට පෘථිවියට දිස්වන මෙම අසිරිමත් අවස්ථාව බොහෝ විට උදාවන්නේ එක් සියවසකට දෙවතාවක් පමනි.මෙම වාර දෙක බොහෝ විට වසර අටක පමණ පරතරයකින් එක ලඟ සිදුවීම නිසා අපගේ ජීවිත කාලය තුලදී සිකුරු සංක්‍රාන්තියක් දැක ගැනීම ඉතා විරලය.

Saturday, June 2, 2012

තොටගමු රාහුල හිමි ගලේ පැළ ඉණි හිටුවයි.

      තොටගමු රාහුල හිමියන් ස්වකීය ගුරු හාමුදුරුවන් වහන්සේ වූ විදාගම මෛත්‍රී හිමියන් යටතේ ඉතා හොදින් ශාස්ත්‍ර උගත්තේය.රාහුල හිමි තුල වූ අන් අයට දෙවැනි වීමට තිබූ අකැමැත්ත ඔහුට ශාස්ත්‍ර ඉගැන්වීමේ උපක්‍රමයක් ලෙස විදාගම හිමියන් යොදාගෙන ඇති බව රාහුල හිමිගේ සාමනේර අවධියේ තොරතුරු දෙස විමසිලේලෙන් බැලූ විට පෙනීයයි.ස්වකීය ගෝල නම සමඟ කුමන හෝ ශාස්ත්‍රයකට විද්‍යාවකට අදාළ කරුණකට වාද විවාදයකට පැටලී උවමනාවෙන්ම වාගේ ගෝලනමට ජයග්‍රහන ලබා දීමක් සිදුකොට රාහුල හිමිට ශාස්ත්‍ර ඉගෙනීමට කැමැත්ත ආශාව හා බුද්ධිය වැඩි කරවීමට පෙළඹවීමක් මෛත්‍රී හිමියන් විසින් සිදු කොට ඇති බවට දෛනා අතර වාද විවාද සිදුවී ඇති ආකරය දෙස බැලූ විට පෙනී යයි.(නමුත් බොහෝ අවස්ථාවල රාහුල හිමියන් ජයග්‍රහණ කරන්නේ නියම ලෙස බුද්ධි ශක්තිය පෙන්වමිනි.)

Friday, June 1, 2012

2012 ජුනි 25 දිනෙන් ශනි වක්‍රය නවතී.අගෝස්තු 4 ශනි නැවත තුලාවට......


2011 නොවැම්බර් 15 දින ශනි ග්‍රහයා තුලා රාශි ගතවීම පිළිබදව ජනමාධ්‍ය  දැඩි ප්‍රචාරණයක් ලබා දුනි.එම අවස්ථාවේදී ශනි තුලා රාශි ගතවීම පිළිබදව විවිධාකාර අයුරින් ජ්‍යොතිෂ අනාවැකි මත ඉදිරිපත් විය.ජනමාධ්‍ය ආයතනද ඒවාට විශාල ප්‍රචාරණයක් ලබා දුන්නේ ශනි මාරුව පිළිබදව මහජනතාව අතර තිබූ උනන්දුව ඔස්සේ වෙළද වාසි ලබා ගැනුම පිණිස යැයි අනුමාන කල හැක.
Related Posts Plugin for WordPress, Blogger...