Wednesday, October 5, 2011

ජ්‍යොතිෂය හා බැදී ඇති දුර්මත කිහිපයක්

   
  * පෙබරවාරි මාසය සුභ නැකැත් සදහා සුදුසු නැත.
       මෙය බොහෝ දෙනා අතර ඇති පදනම් විරහිත වූ මතයකි.පෙබරවාරි මාසය අඩු දින මාසයක් වීම නිසා මෙම මතය පුරාතනයේ සිටම සාමාන්‍ය ජනයා අතර පවතී. පෙබරවාරි මාසයට දින 28 ,29 ක් යෙදීම නිසා එයට අඩු දින මාසයක් ලෙස නම් කිරීම ඉංග්‍රීසි කැලැන්ඩර ක්‍රමය අනුව සලකන විට යම් වලංගුතාවයක් ඇත.නමුත් ජ්‍යොතිෂයේදී භාවිතා කෙරෙන සූර්ය හා චන්ද්‍ර මාස ක්‍රමය ඉංග්‍රීසි ක්‍රමයට වඩා යම් ක්‍රමවත් බවක් ඇත.ඉංග්‍රීසි ක්‍රමයේදී රවි සදු පාදක කිරීමක් නොමැතිව සම්මත අංකනයක් අනුව එක් එක් මාසයන්ට දින සංඛ්‍යාවක් ලබා දී ඇත.(ජනවාරී 31, පෙබරවාරි 28 හෝ 29 ,මාර්තු 31 ,අප්‍රේල් 30,..... ආදී වශයෙන්) නමුත් සූර්ය චන්ද්‍ර මාස ක්‍රමවලදී සූර්යයාගේ හා සදුගේ චලිතය සලකා ඇත.ඒ සූර්ය මාස අනුව බලන විට දළ වශයෙන් පෙබරවාරි 1 සිට පෙබරවාරි 12,13 දක්වා රවි මකර රාශියේත්(මකර රවි) පෙබරවාරි 13,14 සිට පෙබරවාරි මාසය අවසන් වනතුරුත් රවි කුම්භ රාශියේ(කුම්භ රවි) ගමන් කරයි.ජ්‍යොතිෂයේදී නිවාස විවාහ ආදී සුභ නැකැත් සදහා යෝග්‍ය නොවන කෝණ මාස ලෙස ලකුණු කොට ඇත්තේ රවි මිථුන,කන්‍යා,ධනු මින රාශි වල ගමන් කරන කාල සීමාවන්ය.( මෙම කෝණ මාස අතුරින් මීන රවිය වැඩිම අසුභ බවත් ඊලගට ධනු රවිය වැඩි අසුභ බවත් සලකයි.)ඒ අනුව පෙබරවාරි මාසයේ දිනයන් කෝණ මාසයන්ට අසුවන්නේද නැත.චන්ද්‍ර මාස ක්‍රමය අනුව බලන කල පෙබරවාරි මාසයේ වැඩි දින ප්‍රමාණයක් හසුවන්නේ නවම් චන්ද්‍ර මාසයටය.නවම් හෙවත් නැවුම් (තවත් විදියකින් කිවහොත් "අළුත්") මාසය වචනයේ අර්ථයෙන්ම සුභ මාසයකි. ඒඅනුව බලන විට නැකැත් සීහුම පංචාංග සුභවීම තත්කාල ග්‍රහ බලය සුභ වීම ආදී සුභ මුහුර්තයකට අදාළ කරුණු හොදින් ඇත්නම් පෙබරවාරි මාසය තුල ගෙවල් සෑදීම විවාහ කටයුතු ආදී සුභ කටයුතු යොදා ගැනීමේ වරදක් නැත.මෙය කෙතරම් කිව්වත් බොහෝ දෙනා වැරදි මතය තුලම රැදී සිටීම කනගාටුවට කරුණකි.

චන්ද්‍ර මංගල යෝගය

       "මංගල" යනු කුජ(අඟහරු) ග්‍රහයා හදුන්වන නමයි.ඒ අනුව "චන්ද්‍ර මංගල යෝගය" යන්න කුජ හා සදු ග්‍රහයන් සම්බන්ධ වූවක් බව වටහා ගත හැකිය."ශනි මංගල යෝගය" කියා තවත් යෝගයක් ඇත.එයද වචනයෙන් දැක්වෙන පරිදි ශනි හා කුජ සම්බන්ධවීමෙනි.නමුත් මෙම යෝගදෙකේ ප්‍රතිඵල වෙනස්ය."චන්ද්‍ර මංගල යෝගය" සුභඵල ගෙනදෙන යෝගයක් ලෙසත් "ශනි මංගල යෝගය" අසුභ(විවාහය සම්බන්ධ දෝෂයක් ලෙස) යෝගයක් ලෙසත් දක්වා ඇත.පටලැවීම් ඇති වීම වැලැක්වීමට යෝග දෙකම යෙදෙන ආකාරය මෙහි කෙටියෙන් සදහන් කරමි.ශනි මංගල යෝගය විවාහය කෙරෙහි දෝෂයක් ලෙස බලපාන අයුරු විවාහ දේෂ 2 ලිපියෙන් සවිස්තරව දක්වා ඇත.

Saturday, October 1, 2011

චීන ෆෙන්ෂුයි කලාව ධනවත්වීමේ ක්‍රමයක් නොවේ.

                                          
    අපේ රටේ අයට එක එක කාලෙට එක එක ජාතියේ පිස්සු හැදේ.කාලෙකට ක්‍රිකට් පිස්සුවය.තවත් කාලෙකට සුපර් ස්ටාර් පිස්සුවය.බාල තරුණ මහළු සෑම දෙනා අතර වයස,තත්ත්වය දැන උගත්කම වත් පොහොසත් කම් අනුව කලින් කලට විවිධාකාර පිස්සු වසංගතයන් ලෙස පැතිර යයි.මින් සමහරක් ඒවා එක් කලකට පමණි නැවත පැමිණීමක් නැත.දොළුකන්දේ පිරිත් පැන් පිස්සුව ටයිටැනික් පිස්සුව එලෙස යටපත් වී ගිය පිස්සුය.තවත් සමහර පිස්සු ටීක කලක් යටපත් වී නැවත හිස ඔසවයි.විශ්ව ශක්තියෙන් ලෙඩ සුව කරන බොරු ජීවකයන් එලෙස වරින් වර ඉස්මතුවේ.එකෙක්ගේ රෙදි ගැලවෙන විට තව එකෙක් සළුපිලි දවටාගෙන කරලියට පැමිනේ.රුවන්වැල්ලේ හොර භික්‍ෂුවගේ රෙදි ගැලවුන නමුත් මුදල් හා දේශපාලන බලය අතැතිව සිටින ගාල්තැන්නේ  හොර කපුවා තවමත් කරලියේය.

කාලය අවකාශය හා ජ්‍යොතිෂය - 7

  "වෙනස්වීම" යන වචනය හරිහැටි අර්ථ දැක්වීමට මා හට නොහැකිය.මේ ලිපියේ අන්තර්ගතය වටහා ගැනීමට එය අනිවාර්ය අවශ්‍යතාවක්ද නොවේ.වෙනස්වීම පිළිබද මාහැගි අයුරින් දැක්වීමක් එදිනෙදා අසන්නට දකින්නට ලැබෙන විස්තර කරුණු කිහිපයක් ඇසුරින් පහත දක්වමි.
Related Posts Plugin for WordPress, Blogger...