Showing posts with label අභාවයට යන අපේ පැරණි ශාස්ත්‍රීය අංග. Show all posts
Showing posts with label අභාවයට යන අපේ පැරණි ශාස්ත්‍රීය අංග. Show all posts

Tuesday, January 1, 2013

වස් කවි - 2

 වස්කවි ලිවීම හා කියවීම යහපත් දෙයක් නොවේ.වස්කවි භාවිතා කරන්නේ වෙනත් අයකුට අයහපතක් කිරීමටය.මේ නිසාම වස් කවි යන වචනය පවා යමෙකුට බියක් චකිතයක් අප්‍රියතාවක් ඇති කරයි.වස් කවි වලින් සොරුන් දරුණු සතුරන් විනාශ කල ආකාර පිළිබඳව අතීත තොරතුරු වාර්තා වන අතරම ඉන් පරි බාහිරව ඉරිසියාව තරහ මත අහිංසක පුද්ගලයන්ගේ විනාශය සැලසීමටද වස්‌කවි යොදාගත් අවස්‌ථා ගැනද  තොරතුරු ඇත.

Saturday, March 31, 2012

අභාවයට යන "පෝරුවේ චාරිත්‍ර විධි" - 2

      
               මෙහි පළමු ලිපිය මෙතනින් බලන්න

මනාලියගේ මවට තෑගි බුලත් දීමෙන් පසු පිළිවෙලින් පියාට  ,මාමලාට,සහෝදර සහෝදරියන්ට ඥාතීවරුන්ට බුලත් දී රෙදි නැන්දාට බුලත් පඩුරු දීමෙන් අවසන් කරයි.

Tuesday, February 28, 2012

අභාවයට යන "පෝරුවේ චාරිත්‍ර විධි" - 1

                                    
   පෝරුවේ චාරිත්‍ර යනු සිංහල බෞද්ධ අපට අමුතුවෙන් හදුන්වා දිය යුතු දෙයක් නොවේ.පැරණි පොත්පත් වල සදහන්ව ඇති ආකාරයට පෝරුව හා එහි චාරිත්‍ර වලට දිගු ඉතිහාසයක් ඇත.එහි ආරම්භය පිළිබදව නිභ්චිත සදහනක් නැතත් චිරාත් කාලයක් මුඛ පරම්පරාවෙන් පැමිණ ඇත.

Tuesday, February 7, 2012

අභාවයට යන ලාංකීය බලි ශාන්තිකර්ම කලාව - 2

     

 * බලි ඇඹීම
         බලි යාගය පවත්වන දින උදේ සිට බලි ඇඹීම සිදු කරයි.මෙම බලි ඇඹීමේදී එක් එක් සම්ප්‍රධායන්ට සුවිශේෂී වූ ක්‍රම පවතී.නුවරකලාවියේ වර්ණ සදහා යොදා ගන්නේ දේශීය කොළ,ඵල පොතු ඇට ආදියයි.
   බලි ඇඹීමේදී වඩාත් විචිත්‍රවත් හා ජීවමාන අයුරින් බලි ඇඹීම සැලකූ විට පහත රට සම්ප්‍රධාය ප්‍රමුඛ තැනක් ගනී.

Friday, January 13, 2012

අභාවයට යන ලාංකීය බලි ශාන්තිකර්ම කලාව


                                          
  "අලි බැලිල්ල හා  බලි බැලිල්ල කොච්ර කලත් එපා වෙන්නේ නෑ "  යනුවෙන් වචන මෙන්ම අදහසද විකෘති කරන ලද කතාවක් අප අතර ඇත.ඇත්තෙන්ම මින් අලි බැලීම හා බලි බැලීම ඇසට ප්‍රිය දසුනක් යන්න අදහස් කිරීමක් නිරූපනයවේ.සාහිත්‍ය විචිත්‍රභාවය අනුව සලකන විට මෙහි සත්‍යතාවක් ඇතත් නියම වචනය "අලි බැලිල්ල හා බලි ඇරිල්ල ප්‍රවේශමෙන් කල යුතුය." යන්නයි.ඇත් ගොව්වකු විසින් අලියා බලා කියා ගැනීම හෙවත් අලි බැලීම හා  බලි ඇදුරකු විසින් කඩතුරාවෙන් වසන ලද බලි රූපයේ කඩතිරය විවෘත කිරීම හෙවත් "බලි ඇරීම"  ප්‍රවේශමෙන් කල යුතු බව මින් අදහස් කෙරේ.දස්‌කොන් අදිකාරම හා රාජ දේය අතර පැවතුන ප්‍රේම සම්බන්ධය පිළිබඳ පුවත ද සෙංකඩගල බලියාගය පිළිබඳ තොරතුරු සපයයි. රජ කුමරිය වෙනුවෙන් කෙරුණු බලි ශාන්තිකර්මයක්‌ සඳහා තනන ලද ප්‍රතිරූප බලි රුවෙහි කිසියම් අඩුපාඩුවක්‌((( (උපන්ලපයක්) පෙන්වීම නිසා රාජ උදහසට ලක්‌ වූ අදිකාරම රජු වෙතින් මැරුම් කෑමේ සිද්ධියත් සමඟ මෙම කියමන මිනිසුන් අතර ප්‍රචලිත වූ බව ඉතිහාසයේ සදහන්ය. 

Monday, September 12, 2011

අභාවයට යන පුස්කොළ ලිවීමේ කලාව



 ලේඛන කටයුතු සදහා කඩදාසි නොතිබූ ඉතා ඈත අතීතයේ එම අවශ්‍යතාව සපුරා ගත්තේ තල ගසේ ගොබයෙන් පිළියෙළ කරන ලද පත් ඉරු වලිනි.පුස්කොළ ලෙස කටවහරේ ඇති මෙම තල කොළ පිළිබද ඉතිහාස කතාව ඉතාමත් රසවත් මෙන්ම සාහිත්‍ය අගයකින් යුත් පුරාවෘත්ත වලින් ගහන වූවකි.