නිබ්රූ සෙන්පතියතු වූ “සුවාර්‘ ගේ නායකත්වයෙන් පස් දෙනෙතුගෙන් සමන්විතව ඉරණවිලට ගොඩබෑ නිබෘෘ යානය ප්‍රමානයෙන් බස් රථයක් පමණ විය.මෙවැනිම තවත් නිබෘෘ යානා දෙකක් පෘථිවියේ තවත් ස්ථාන දෙකකට ගොඩ බාන ලද්දේ පෘථිවිය විනාශ කිරීමට නිබෘෘවරුන් සිදු කරන මෙහෙයුමේ නිරීක්ෂණ කටයුතු වෙනුවෙනි.
නිබෘෘ තාක්ෂණය යොදා තම යානාව අදෘෂ්‍යමාන තත්ත්වයට පත් කල සුවාර් තම අත රැදි උපකරණය දෙස මද වෙලාවක් බලා සිටියේය.එහි දර්ශන තිරයෙන් ග්‍රාහකය පෘථිවියේ ගැටීමේදී සිදුවන විනාශයේ පැතිරීම සුවාර්ට අවබෝධ විය.දිගු හුස්මක් හෙලමින් තමා අවට පරිසරය දෙස බැලූ සුවාර්ට පෘථිවියේ චමත්කාරය පිළිබඳ අමුතු ආකාරයේ ලෙන්ගතු බවක් දැනුනි.තමාගේ උරහිසේ දැවටුනු තුරුලතාවක් ඉතා ආදරයෙන් පිරිමැද එදෙස සානුකම්පිත බැල්මක් හෙලීය.
