Sunday, May 22, 2011

"සුභ වේලාවට සීසර් කිරීම" හෙවත් "බඩේ ඉන්න ළමයට කේන්දර හැදීම"

 මේ කතාව බ්ලොග් එකට දාන්න ඉස්සෙල්ල දෙපාරක් හිතුවා.මොකද බැරිවෙලාවත් ඉදල හිටලා බ්ලොග් එකේ දාන මගේ වෘත්තීය අත්දැකීම් වලට සම්බන්ධ කෙනෙක් මේ විස්තර දැක්කොත් ඒක හරි නැති හින්දා.කොහොමත් දෛවඥයො වෙච්චි අපි වගේ අය තමන් ලගට එන අයගේ පෞද්ගලිකත්වය රකින්න ඕන.නැත්නම් ඒක අපේ වෘත්තියට අයහපත් බලපෑම් ඇති කරනවා.බ්ලොග් එකේ ලියන්නේ ඉතා තදින් දිගු කාලීන මතකයට කා වැදුනු දේවල් විතරයි.ඒවයිනුත් වැල්වටාරම් අයින් කරලා මේක කියවන අයට ඉදිරියේදී ප්‍රයෝජනවත් විය හැකි වැදගත් දේවල් තමයි ලියන්නේ.ජ්‍යොතිෂයට සම්බන්ධ බ්ලොගයක් නිසා පීලි පැනලා ලියන්නත් බෑනේ.

Saturday, May 21, 2011

ග්‍රහ දෘෂ්ටි

       ග්‍රහයන්ගේ දෘෂ්ටි වීම හෙවත් ග්‍රහයන්ට පෙනීම ජ්‍යෙතිෂයේ සෑම ක්‍ෂෙත්‍රයක් පුරාම වැඩි වශයෙන් භාවිතා වේ. පොරොන්දම් බැලීමේදී, නැකැත් සෑදීමේදී පලාඵල බැලීමේදී,මල්වර පරීක්‍ෂාවේදී නිමිති ශාස්ත්‍රයේදී,ලෝකායත ජ්‍යොතිෂයේදී ආදී සෑම ක්‍ෂෙත්‍රයක් තුලම ග්‍රහ දෘෂ්ථි පිළිබදව විමසෙන නිසා ජ්‍යොතිෂවේදීන් ග්‍රහ දෘෂ්ථි පිළිබදව මනා ලෙස දැන සිටිය යුතුමය.

Monday, May 16, 2011

නිවැරදි ශ්‍රී සම්බුද්ධ ජන්ම කේන්ද්‍රය කුමක්ද?

 ක්‍රි.ව 1956 වසරේදී බුද්ධ ජයන්තියක් ලෝකයේ බෞද්ධ රටවල් සියල්ල වාගේ එකතුව මහා ඉහලින් සැමරූ බවත් එය 2500 වැනි බුද්ධ ජයන්තිය ලෙස සැමරූ බවත් මගේ වැඩිහිටියන් විසින් පවසා ඇත.1956 වසරේදී 2500 වැනි බුද්ධ ජයන්තිය සැමරුම තිබුණි නම් 2011 වසරේදී යෙදෙන්නේ 2550 වැනි සැමරුම විය යුතු වුවත් 2600 වැනි සම්බුද්ධජයන්තිය ලෙස ලේබල් කර ඇත්තේ මන්දැයි අයකුට ගැටළුවක් පැන නැගිය හැක.2011 වසරේ වෙසක් පෝ දිනට බුදු රදුන් බුදුවී වසර 2600කි.පිරිනිවන් පා වසර  2550 කි.මෙම සැමරුම් දෙකේ වෙනස දැන් වැටහේ යැයි සිතමි.ඒ පිළිබදව ඊට වැඩි විස්තරයක් අනවශ්‍යය.

Friday, May 13, 2011

ඉරිසියාව හා ඇස්වහ කටවහ.

" ඉරිසියාව" මෙය ජීවිතයේ කිනම් අවධියක හෝ අප සෑම කෙනෙකු තුලම ඇතිවිය හැකි මානුෂික ලක්‍ෂණයකි.මෙහිදී "මානුෂික" යන වචනය ඉරිසියාව හැදින්වීමට යොදා ගැනීම පිළිබදවඇතැම් විට ඔබ මා සමග උරණ විය හැකියි.නමුත් මෙලොව උපදින මිනිසුන් තුල පහල වන දුක සතුට ක්‍රෝධය තරම්ම පොදු තත්ත්වයෙන් සෑම අයකු තුලම ඇතිවිය හැකි ඉරිසියාව සත්‍ය ලෙසම මනුස්ස ගතියක්ම වේ.

Wednesday, May 11, 2011

ජ්‍යොතිෂය හා සම්භාවිතා න්‍යාය -1

 එදින උදේ සිටම ඉතාලියේ පීසාහි සුප්‍රකට ඇලවෙන කුළුන අසල නිවෙස්වල පදිංචි කරුවෝ නිවෙස් වලින් එලියට නොබැස සිටීමට වග බලා ගත්හ.පීසා විශ්ව විද්‍යාලයේ ආචාර්්‍ය වරයකු වන "ගැලීලියෝ ගැලිලි" එදින උදේ වරුවේ සිට කුළුණ උඩට නැග සිදුකරන පරීක්‍ෂණයක් මීට හේතු විය.ගුරුත්වජ ත්වරණය පිළිබද නියමය අනුව කවර හෝ වස්තුවක් ඉහළ සිට නිදහසේ අත හරින ලද විට ගුරුත්වය යටතේ පොලොවට වැටෙන්නේ එකම මොහොතේ එකම කාලයකදී ය.ඒ අනුව විවිධ ස්කන්ධවලින් යුත් කාළතුවක්කු උන්ඩ කුළුණ උඩ සිට අතහරිමින් ගැලීලියෝ සිදු කළ ක්‍රියාව දෙස නගර වැසියෝ නිවෙස් තුලට වී ජනෙල් අස්සෙන් බලා සිටියේ එලියට ගියහොත් ගැලීලියෝ බිමට අතහරින කාල තුවක්කු උන්ඩයක් කොයි මොහොතේ හෝ තමන්ගේ හිස මතට කාඩා පාත් විය හැකි යැයි දැනුනු බිය නිසාමය.

Sunday, May 8, 2011

"විපරීත රාජ යෝගය"

ජ්‍යොතිෂයේදී යෙදෙන විවිධ ග්‍රහ යෝග සම්බන්ධව කතා කිරීමේදී "විපරීත රාජ යෝගය" ඉතා සුවිශේෂීවේ. මෙම යෝගය ලග්න වලට යෙදෙන ආකාරය හා ඒ පිලිබදව ජ්‍යොතිෂය කරන හා ඉගෙන ගන්නා මෙන්ම වෙනත් අයත් දැන සිටිය යුතු කරුණු කාරණා ගැන ලියැවුනු වටිනා ලිපියක් "කේන්දර සිංහලෙන්" අඩවියේ පලවී ඇත..එහි කතුවරයා වන  එම්. එම්. රෝහණ වසන්ත මහතාගේ අවසර ලබා  එම ලිපියට මේ අඩවියෙන්ද සබැදින් පහත දැක්වේ.එම ලිපිය කොටස් දෙකකට ලියා ඇත.දෙකම කියවන්න
           මෙතනින් යන්න.
       
       

Saturday, May 7, 2011

ශනි ඒරාශ්ඨක අපලයට ප්‍රතිකර්ම

කපුටු දානය දීම  
 සෙනසුරාදා දිනවල පාන්දර අවදිව හිස්බඩ කතා නොකර පිරිසිදුව හා නොඉදුල්ව කැකුළු සහල් හුන්ඩු 2ක් පමණ ගෙන සෝදා පිරිසිදු කර නැවුම් මුට්ටියකට දමා කිරිබත සකස් කිරීමට අවශ්‍ය පරිදි ලිප තබා දරදමා කොළ කැබැල්ලකින් ගිනි අවුලා(ලිපට කටින් පිඹින්න එපා.) අළුත් පොල් ගෙඩියක් ගෙන තමාම මිරිකා කිරි දමා (දානය දෙන තෙක් පොල් රොඩු පවා ඉදුල් නොකොට සතුන්ට නොදී ප්‍රව්ශම් කරන්න.) කිරිබත පිස ලිපෙන් බා න්න පෙර එළගිතෙල් මිශ්‍ර කොට ගුලි නවයක් සාදා ගන්න.අනතුරුව තමා පදිංචි භූමියේ ඉතා පිරිසිදු තැනක අඩි 5ක් පමණ උස මැස්සක් ලී වලින් තනා ඒ මත කෙසෙල් කොළ අතුරා සුවඳ පැන් ඉස නුග කොළ නවයක් නෙළුම් මලක ආකාරයට තබා ඒමත කිරිපිඩු 9 ය තබන්න.ගිතෙල් පහනක්ද ඒ අසලම දල්වන්න.(කිරිබත් ගුලි සෑදීමේදී ගිතෙල් වල පෙගූ පහන් තිර මැදිවනසේ ගුලි සාදා ගත හැකි නමුත් නයිලෝන් පහන්තිර යෙදීම කපුටාට මාරාන්තිකයි.) පහන් තිර 100%ක් කපු රෙදි වලින් හෝ කපු පුළුන් වලින් සකසා ගන්න.කපුටන්ට අඩගසා ගිතෙල් මිශ්‍රිත කිරිබත් දානය දී එදෙස සතුටු සිතින් බලා සිටින්න.සෙනසුරු වාහනය වු කපුටාට දෙන මෙම දානයෙන් මාහට(අපහට) ඇති ශනි අපල කරදර අඩුවේවායි ප්‍රාර්ථනා කරන්න.

Tuesday, May 3, 2011

"ශනි ඒරාශ්ඨකය"

         "ශනි ඒරාශ්ඨකය"යන්න ඇසෙත්ම බොහෝ දෙනාට ඇතිවන්නේ යම්කිසි බියකි.ජ්‍යොතිෂය ගැන විශ්වාසයක් නැති හා එවැනි තත්ත්වයන් පිටතට පෙන්වන අයද ඇතැම් විට ශනි ඒරාශ්ඨකය ගැන සැළකිළි මත්    වෙති.ඒරාශ්ඨක සමයේදී කේන්ද්‍ර හිමියා නොමරා මරන තරම් අපල තත්ත්වයක් ඇති බවට මතයක් තිබීම මීට හේතු සාධකවේ.විශ්ණු දෙවියන්ට වසර 19ක් බටකොළ කවාපු දේව කතාව මේ හා බැදී ඇති පෞරාණික කතාන්දරයකි.එමෙන්ම සිදුහත් තවුසාණන්ට සය වසරක දුෂ්කර ක්‍රියා කාලය තුල ශනි ඒරාශ්ඨකයක් තිබූ බව කියයි.බලංගොඩ ආනන්ද මෛත්‍රී හිමියන් විසින් හෙළිකල දැනට පිළිගෙන ඇති බුද්ධ කේන්ද්‍රය අනුව මෙය ප්‍රත්‍යක්‍ෂ සත්‍යයක් බව පෙනී යයි.
Related Posts Plugin for WordPress, Blogger...