කේන්ද්‍ර සෑදීම සඳහා ලංකාවේ බොහෝ ජ්‍යොතිෂවේදින් භාවිතා කරන්නේ වගු සටහන් ආකාරයෙන් පංචාංග ලිත්වල දක්වා ඇති තොරතුරුය.මෙහිදී දෛවඥයා විසින් සිදු කරන්නේ කේන්ද්‍රය අතරමඟ සිට සෑදීමක්ය.උදාහරණයකට යම් ස්ථානයක උපන් වේලාවකට අනුරූප ලග්නය සෑදීම සැලකුවහොත් දිනට අදාල ලග්න ශේෂය ,නක්ෂත්‍ර කාලය ලිතෙන් බලා එතැන් සිට ගනන් සාදා ලග්නය ගනනය කරයි.ලග්නය පමනක් නොව එහි මූලික කොටස්(රාශ්‍යාර්ධය,දෙර්කාණය,නවාංශකය,...) මෙන්ම ග්‍රහ පිහිටීම නැකත,මහ දශාවන් ගතවන ආකාරය ගනනය කිරීමද මේ ආකාරය වේ.පංචාංග ලිත් භාවිතා නොකල අතීත කාලයේ දෛවඥයන් විසින් අහස නිරීක්ෂණය හා පාරම්පරිකව පවත්වාගෙන ආ නක්ෂත්‍ර ගණිත වගු ආදිය භාවිතා කරමින් කේන්ද්‍ර සෑදීම නිවැරදිව සිදු කලත් අද එවැන්නකු සොයා ගැනීමටවත් බැරිය.