මාතෘකාව දැක්කම පෝස්ට් එක මොකක් ගැනද කියන එක කාටත් තේරෙනවා ඇතිනේ...ඔව් මටත් නොදැනීම මගේ බ්ලොග් එකේ ලිපි දෙසීයක්(200) මම ලියලා.....හරිම සතුටුයි...ඉතින් අන්න ඒ සතුට භුක්ති විදින්නත් එක්ක පොඩි සද්දයක් එහෙම දාලා ඒ වගේම හිතේ සතුට අකුරු කරලා පෙන්නන්න තමයි මේක ලියන්නේ...
ජ්‍යොතිෂය පිලිබඳ වැටහීමක් ඇති හා නැති සියළු ලාංකීය හා විදේශීය සිංහල ජනයා වෙනුවෙන් සකසන ලද මෙම බ්ලොග් අඩවියේ සැරිසැරීමට ඔබ සැමට සුහද ආරාධනා.
Sunday, August 26, 2012
සර්ප යෝගය
සර්ප යෝගය
නාභස යෝග යටතේ වූ දළ යෝග දෙකෙන් එක් යෝගයක් වූ සර්ප යෝගය පිළිබදව සිංහල ජ්‍යොතිෂ පොත් පත් වල වැරදි අර්ථ දැක්වීම් දක්වා ඇත.ඇතැම් සිංහල ජ්‍යොතිෂ පොත් පත් වල හා සිංහලයට පරිවර්තිත පොත් වල සර්ප යෝගය අර්ථ දක්වා ඇත්තේ
"සියළු පාප ග්‍රහයන් පමනක් කේන්ද්‍රස්ථාන ගතව සිටීම" ලෙසයි.

Saturday, August 25, 2012
පංචාංග ලිත් වල දක්වා ඇති පංචාංග ශුද්ධිය සලකා ඇති ආකාරය පිළිබදව ජ්‍යොතිෂවේදීන් දැන සිටිය යුතුමය.
සුභ නැකැත් දින තේරීමේදී එකිනෙකට වෙනස් පඤ්චාංග ලිත් භාවිතා කරන දෛවඥයන් එකිනෙකට වෙනස් සුභ නැකැත් දින තේරීමත් එක් අයෙකු තේරූ සුභ නැකැත් දිනයක් අනෙකා අසුභ දිනයක් ලෙසදැක්වීමත් නිසා ජ්‍යොතිෂය ගැන උනන්දුවක් ඇති නමුත් ලොකු අවබෝධයක් නැති සාමාන්‍ය ජනයා මින් විශාල අසීරුතාවකට පත්වන අතර ජ්‍යොතිෂය ගැන ඔවුන් අතර ඇති විශ්වාසය පළුදු වීමටද මෙය හේතුවක් වී ඇත.
Monday, August 20, 2012
"පඤ්ච විධි භූමි ශුද්ධිය"
මිනිස් වාසයෙන් තොරව වැඩි කාලයක් තිබූ ඉඩම් වල,සොහොන් පිට්ටනි වල මුඩු ඉඩම් වල පවත්නා දෝෂ සහිත බව මූසල බව අමුතුවෙන් හැදින්විය යුතු නැත.යම් භූමියක් මිනිසා වාසයට උචිත ලෙස නිරන්තරයෙන් පිරිසිදු කිරීමේ ක්‍රම හා චාරිත්‍ර විදි පැරැන්නෝ භාවිතා කලහ.
භූමිය ශුද්ධ කිරීම පිණිස වූ "පඤ්ච විධි භූමි ශුද්ධිය" නම්වූ විධි ක්‍රම 5ක් ඉපැරණි වාස්තු විද්‍යා පොත්පත් වල සදහන්ය.
"සම්මාජිනෙනාකූජනෙන
ශෙකනොලෙලඛනෙනච
චවාංච සන්තිවාසේන
භූමි ශිධ්‍යති පඤචභිඃ
විවිධ ක්‍රම වලින් භූමිය ඇමදීම,ඖෂධ පැළ සිටුවීම ඖෂධ ගැල්වීම,ඖෂධ ජලය ඉසීම,ගවයන් වාසය කරවීම මෙම පඤච විධ භූමි ශිද්ධියයි.

Sunday, August 19, 2012
ස්ත්‍රී පුරුෂ දෙදෙනාම පවුලේ වැඩිමල් දරුවන් වීම විවාහයට අසුභද?
විවාහපේක්‍ෂිත ස්ත්‍රී පුරුෂ දෙදෙනාම පවුලේ වැඩිමහල් අය වීම විවාහයට අසුභ බවට මතයක් පුරාතනයේ සිටම අප අතර ඇත.තුන් කුළුදුල් දෝෂය ලෙස වචන දක්වා ඇති මෙහි ජ්‍යොතිෂමය පදනමක් තිබේදැයි සලකා බැලීම වටී.
කටවහරේ ඇති ආකාරයට තුන් කුළුදුල් වීම සලකා ඇති අයුරු විමසා බලමු.
* දරුවා පියා හා පියාගේ පියා යන තිදෙනාම පවුලේ වැඩිමලා වීම( මෙහිදී තුන් කුළුදුල් බවට පත්වන්නේ දරුවායි.පිය පාර්ශ්වයෙන් මෙම තුන් කුළුදුල් විම දක්වා ඇත.
* පියා,මව, හා දරුවා යන තිදෙනාම පවුලේ වැඩිමලා වීම(වර්තමානයේ මුල්බැස ඇති තුන් කුළුදුල් ක්‍රමය මෙයයි.)
Wednesday, August 15, 2012
"ශකට" හා "සකට" යෝග
ජ්‍යොතිෂයේ භාවිතා වන විවිධ යෝග අතරින් "ශකට" හා "සකට" යනුවෙන් යෝග දෙකක් පවතී.එකම ආකාරයකින් ශබ්ද වුවත් මෙම යෝග දෙක පිහිටන ආකාරය හා එහි ප්‍රතිඵල එකිනෙකට හාත්පසින්ම වෙනස්ය.
Tuesday, August 14, 2012
පහන් දැල්වීම කල යුතු හා නොකල යුතු හෝරා කාලයන්
බුදු පහන දැල්වීම
බුදුන් වහන්සේ උදෙසා පහන් දැල්වීමේ සුදුසුම වේලාව ලෙස දක්වා ඇත්තේ හවස 5.24 -5.48 වේලාවයි.උදේ හිරු උදාවේ සිට හවස හය දක්වා කාලය තුල බුදු පහන දැල්වීම යෝග්‍ය බව දක්වා ඇත.
පහන් දැල්වීම නොකළ යුතු වේලාවන්
පස්වරු 6.00 -10.00 අතර කාලය යක්‍ෂ දිෂ්ටි හෙලන කාලයයි.එම වේලාවන් තුල පහන් දැල්වීම නොකළ යුතුය.හවස 6.00 සිට රාත්‍රී 10.00 දක්වා පහන් වලට යක්‍ෂා දිෂ්ටි වැටෙන ආකාරය පහත දක්වා ඇත.

Monday, August 13, 2012
අපල කාලෙට රට ගියාම අපල අඩු වෙනවා කියන්නේ ඇත්තද?
රටින් පිටුවහල් කිරීම යනු අතීතයේදී යම් පුද්ගලයකුට මරණීය දණ්ඩණය ලබා දීම තරමේ දරුණු දඩුවමක් විය.මෙය අතීතයට අදාලව වධයක් ලෙස සැලකිය හැකි වුවත් වර්තමානයේ ශ්‍රී ලංකාව වැනි රටක ජීවත් වන්නකුට දඩුවමක තත්ත්වය කෙසේ වුවත් මෙය එක්තරා අයුරකින් භාග්‍යයක් උදාවීමක් වැනි දෙයකි.පිටුවහල් කරන්නේ යුරෝපා රටකට නම් සියල්ලෝ සියළු වැඩ අත්හැර වැරදි කරමින් රටින් පිටුවහල් වීමේ දඩුවම භුක්ති විදීමට සූදානම් වනු නිසැකය.
Sunday, August 12, 2012
ඉඩා පිංගල ශාස්ත්‍රය - 6(ආයු පරීක්ෂණය)
ඉඩා (වම් ) හා පිංගල(දකුණු) නල වැටීමේ සීඝ්‍රතාව හා ඒ අනුව එම නල ගමන් කරන දුර අනුව පුද්ගලයකුගේ ඉදිරි ආයුෂ නිගමනය කිරීමේ සංකීර්ණ ක්‍රමයක් ඉඩා පිංගල ශාස්ත්‍රයේ ඇත.මෙම නල පරීක්‍ෂාව මනා පුහුණුවකින් යුක්තව කළ යුතු බව ශාස්ත්‍රීය මතයයි.(වෛද්‍යවරුන් විසින් ශරීරයේ හෘද ස්පන්දනයට අනුරූපව අත අල්ලා නාඩි ස්පන්ධනය අනුව ආයුෂ,සාධ්‍ය අසාධ්‍ය බව තීරණය කිරීමේ තවත් ක්‍රමයක් ඉඩා පිංගල ශාස්ත්‍රයට බද්ධව ඇත.මෙහි දක්වා ඇත්තේ නල හෙවත් හුස්ම වැටීම අනුව තීරණයයි.)
Sunday, August 5, 2012
පහ වසර ශිෂ්‍යත්ව විභාගයට පිටත්ව යාමට සුභ නැකැත්
පහ වසර ශිෂ්‍යත්ව විභාගය ලංකාවේ පාසැල් සිසුන් මුහුණදෙන පලමු ප්‍රධාන ජාතික විභාගය ලෙස හැදින්විය හැක.ඉගෙනීමෙහි දක්‍ෂ කුසලතා ඇති ගම්බද දරුවන්ට නගරයේ ජාතික පාසැලකට ඇතුල් වීමට වරම් ලබා දෙන විභාගයක් වීම හා වර්තමානයේ ජනප්‍රිය පාසැල් වලට ඇතුල් වීමෙ ඇති තරඟකාරිත්වය නිසා මෙම පහ වසර ශිෂ්‍යත්ව විභාගය සමත් වීමට දරුවනුත් දෙමාපියනුත් වැඩි උනන්දුවක් දක්වයි.
Saturday, August 4, 2012
ඉඩා පිංගල ශාස්ත්‍රය - 5
ජන්ම කාලයේ සිට අසූ අවුරුද්ද දක්වා නාඩි වැටීම
*උපතේ සිට අවුරුද්ද තෙක් -විනාඩියට 52 වාරයයි.
*අවුරුද්දේ සිට දෑඅවුරුද්ද තෙක් -විනාඩියට 44 වාරයයි.
*දෑ අවුරුද්දේ සිට තුන් අවුරුද්දේ අවසන තෙක් - විනාඩියට 40 වාරයයි.
*තුන් අවුරුද්දේ සිට සත් අවුරුද්දේ අවසන තෙක් -විනාඩියට 30 වාරයයි.
*සත් අවුරුද්දේ සිට දහහතර අවුරුද්දේ අවසන තෙක් -විනාඩියට 34 වාරයයි.
*දහහතර අවුරුද්දේ සිට තිස් අවුරුද්දේ අවසන තෙක් -විනාඩියට 32 වාරයයි.
*තිස් අවුරුද්දේ සිට පනස් අවුරුද්දේ අවසන තෙක් - විනාඩියට 30 වාරයයි.
*පනස් අවුරුද්දේ සිට අසූ අවුරුද්ද තෙක් - විනාඩියට 24 වාරයයි.

නිවෙසක කාමර බෙදිය යුතු දිශා පිළිවෙළ
නිවෙසක කාමර බෙදිය යුතු දිශා පිළිවෙළ
උතුරු දිශාව - වටිනා වස්තු ගබඩා කාමරය,නිදන කාමර
නැගෙනහිර දිශාව - නාන කාමරය
ගිණිකොණ දිශාව - මුළුතැන්ගෙය
දකුනු දිශාව - නිදන කාමර
බටහිර දිශාව - ශාස්ත්‍රීය කටයුතු කාමරය,කෑමකන කාමරය
ඊශාන දිශාව - ආගමික කටයුතු සිදු කරන ස්ථානය කාමරය
වයඹ දිශාව- ධාන්‍ය ගබඩා කාමරය
නිරිත දිශාව - වැසිකිළි කැසිකිළි ආදිය සහ ආයුධ ගබඩාව

Subscribe to:
Posts (Atom)