Wednesday, August 27, 2014

ශනි කුජ යුද්ධයෙන් ශනිට ජය ...මඟතොට අනතුරු බහුල සතියක්....

 
  2014 අගෝස්තු 26 වෙනි අඟහරුවාදා හවස 1.01 ට පමණ ශනි කුජ ග්‍රහයන් දෙදෙනා තුලා රාශියේ එකම අංශකය හරහා  (අංශක 23 කලා 40 ) පිහිටි අතර එම මොහොතේදී ශනි ග්‍රහයා කුජට වඩා මධ්‍යහ්න රේඛාවේ උතුරින් පිහිටීම නිසා කුජ පරදා ශනිට ජය අත්විය.ග්‍රහලොව සෙන්පති කුජ ග්‍රහයා නීච ග්‍රහයෙකු වන ශනිට පරාජය වීම ලොකායත ජ්‍යොතිෂය අනුව ජන ජීවිතයට බලපෑම් ඇති කරවයි.
   ලංකා කුම්භ කේන්ද්‍රයට අධිපති ශනි ග්‍රහයා බැවින් මෙම ග්‍රහ යුද්ධයේ ප්‍රතිඵල අප රටට සෘජුවම බලපායි.උගතුන් ශක්තිවන්තයන් ගුණගරුක වූවන්ගේ බලය යටපත් කරමින් දුබලයන් නීචයන්ගේ බලය ඉස්මතු කරයි.දූෂිත දේශපාලකයන් හා  ඔවුන්ගේ හෙංචයියන්ගේ ක්‍රියාකාරකම් නිසා ගුණවත් මිනිසුන් පීඩාවට පත්වේ.නොසැලකිල්ලෙන් හා මුරණ්ඩු ලෙස කටයුත් කරන්නන්(රියදුරන්,කම්කරුවන්,.......) නිසා මාරක අනතුරු සිදුවිය හැකි අතර අසරණයන්ගේ ජීවිත හානි සිදු වෙමින් වැරදිකරුටම ආරක්ෂාව ලබාදේ...
      ලෝකායත ජ්‍යොතිෂය අනුව ග්‍රහ යුද්ධයක බලපෑම වැඩි පුරම සිදු වන්නේ ග්‍රහ යුද්ධය සිදුවී ගතවන ඉදිරි දින කීපයක කාලයයි.එබැවින් ඉදිරි දින කීපයේ ප්‍රවේශමෙන් ආරක්ෂාවෙන් ගමන් බිමන් යාම ,රිය පැදවීම් කිරීම වඩාත් යහපත්ය.
   කෙසේ වුවත් අප රටට අධිපති ශනිට ජය ලැබීම රටේ රජුට(ජනාධිපතිට) සුභදායකය

Related Posts Plugin for WordPress, Blogger...