Saturday, June 15, 2013

සුභ නැකැත් සෑදීම - 7

සදුගේ පාප කත්‍රී දෝෂය
      චන්ද්‍රයා සිටින රාශියට දෙපස රාශි දෙකේ කුජ,රාහු,කේතු,ශනි,රවි වැනි පාප ග්‍රහයන් දෙදෙනෙකු හෝ කීප දෙනෙකු සිටින කාල සීමාවන් සුභ කටයුතු සඳහා අසුභය.

දුබල චන්ද්‍ර දෝෂය
      * අව අටවක සිට අමාවක දක්වා වූ දින අට තුල සදු බලය දුබලය.සුභ වැඩට යෝග්‍යතාව අඩුයි.
      * සදු සමඟ රාහු ,කුජ,කේතු,ශනි,රවි වැනි පාප ගුහයන් එක් රාශියක සිටින විට සදු බලය දුබලයි.(රාශි 2ක සිටියත් අංශක 15 ට වඩා ඈත් විය යුතුය.)
      * කුජ, ශනි වැනි පාප ග්‍රහ දෘෂ්ටි වලට සදු හසුවී ඇති විටද සදු බලය හීන වන බැවින් එම දිනයන්ද සුභ කටයුතු වලට අයෝග්‍යෙවේ.

ගණ්ඩාන්ත රාශි දෝෂය
   ගණ්ඩාන්ත රාශි දෝෂය ඇතිවන ස්ථාන 3ක් සදහන්ය.ලග්නයක් හා නැකතක් එකවර ගෙවී ඊලඟ ලග්නය නැකත ලබන ස්ථාන වලදී මෙය සිදුවේ.
  1) ප්‍රධාන ගණ්ඩාන්ත දෝෂය
               මීන රාශිය ගෙවී මේෂ රාශිය ආරම්භ වීම මෙන්ම රේවතී නැකත ගෙවී අස්විද නැකත ලැබීම එකවර සිදුවන ස්ථානයේ ප්‍රධාන ගණ්ඩාන්ත දෝෂය යෙදේ.

 2) දෙවන ගණ්ඩාන්ත දෝෂය
                කටක රාශිය ගෙවී සිංහ රාශිය ආරම්භ වීම මෙන්ම අස්ලිස නැකත ගෙවී මා නැකත ලැබීම එකවර සිදුවන ස්ථානයේ දෙවන ගණ්ඩාන්ත දෝෂය යෙදේ.

 3)  තෙවන ගණ්ඩාන්ත දෝෂය
   වෘශ්චික රාශිය ගෙවී ධනු රාශිය ආරම්භ වීම මෙන්ම දෙට නැකත ගෙවී මුල නැකත ලැබීම එකවර සිදුවන ස්ථානයේ තෙවන ගණ්ඩාන්ත දෝෂය යෙදේ.

 ඉහත දැක්වූ ස්ථාන තුනේදී නැකැත් හා රාශි අවසන් වීම එකවර සිදුවන නිසා මෙම ලග්න හා නැකැත් උදාවන සියුම් කාල සීමාවන් සුභ කටයුතු වලින් ඉවත් කල යුතුය.
Related Posts Plugin for WordPress, Blogger...