Showing posts with label කාලය අවකාශය හා ජ්‍යොතිෂය. Show all posts
Showing posts with label කාලය අවකාශය හා ජ්‍යොතිෂය. Show all posts

Monday, February 11, 2019

කාලය අවකාශය හා ජ්‍යොතිෂය -13


වෘත්තය හා බෙදිම්

 වෘත්තය යනු ඉතා මනස්කාන්ත එමෙන්ම ගුප්ත වූ ජ්‍යාමිතික තල රූපයකි.වෘත්තයක් වටා සකල ලෝක ධාතුවම තැන්පත් කල හැකියයි කිසිවකු පැවසුවහොත් සැබවින්ම එය මානසික රෝගියකුගේ සිතුවිල්ලක් යැයි ඔබටද සිතිය හැක.නමුත් ලොව පුරා භාවිතා වන බොහෝ විද්‍යාවන් දර්ශනයන් භාවිතා කිරීමට හා පවත්වාගෙන යාමට වෘත්තයේ දායකත්වය පිළිබඳව අමුතුවෙන් විස්තර කල යුතු නැත.ලොව පුරා විහිදී ඇති විවිධාකාර ආගම් ඇදහිලි වල වාත්තයක හෝ වෘත්ත ඛන්ඩයක දැක්වුනු ඉදිරිපත් කිරීමක් අනිවාර්යෙන් දක්නට ඇත.නවීන විද්‍යාවේ සංඝටක ලෙස අනුපදයෙන් සම්මත භෞත,රසායන,ජීව විද්‍යාවන් වලද දේශපාලන,ආර්ථික ,...ආදී සමාජ විද්‍යාවන් තුල පමනක් නොව මිත්‍යා දෘෂ්ඨික යැයි සම්මත ගෝත්‍රික ඇදහිලි තුල පවා මෙම වෘත්තය හා බෙදීම් දක්නට ඇත.

Saturday, February 2, 2019

කාලය අවකාශය හා ජ්‍යොතිෂය - 11

නමෝ බුද්ධාය!
නමෝ ධම්මාය!
නමෝ සංඝාය!


ශම්හාලා (ධර්මශාලා)
    ශම්හාලා නොහොත් ධර්මශාලා යනු මේ වනවිට හිමෙන් වැසී ඇතිබවට සැකකෙරෙන පුරාණ ජනකථා, සාහිත්‍ය, පුරාවෘත්ක කතා ආදියෙන් පමණක් සාක්කි සැපයෙන් ඇතැමුන් මිත්‍යාවක් ලෙස සලකන ටිබේට් සානුව ආශිතව පිහිටි අභිරහස් දියුණු නඟරයකි.ශම්හාලා නඟරය හා බැදී ඇති පුරා වෘත්ත කිහිපයක් පහත සැකෙවින් දැක්වේ..

කාලය අවකාශය හා ජ්‍යොතිෂය 10

නමෝ බුද්ධාය!
නමෝ ධම්මාය!
නමෝ සංඝාය!

නිවනට බාධා කරන අකාලය හා අනවකාශය
1)“ම‍හණෙනි,තථාගතයන් වහන්සේ නමක් ලොව පහලවී නිවන් මඟ හෙළි කරන ධර්මය දේශනා කලත් නිවන ප්‍රාරථනා කරන බොහෝ සත්ත්වයන් එම කාලයේදී නිරයේ දුක්විඳි නම් ඔවුන්ට ක්ෂණ සම්පත්තිය අහිමි වී නිවන දුරස් කරනවා..මන්ද ඇතැම් නිරයන්වල දුක්විඳින සත්ත්වයන්ගේ ආයුෂ මනුෂ්‍ය ලොවේ ආයුෂින් කල්ප ගනනකි.එම කාලය තුල මනුෂ්‍ය ලොවේ බුදුවරුන් කිහිපදෙනෙකු පහල වුවත් නිරයේ සිටින්නා එම මුළු කාලය පුරාම නිරයේ දුක්විදියි.

Wednesday, December 14, 2011

කාලය අවකාශය හා ජ්‍යොතිෂය - 9

                  
කාලය අවකාශය පිළිබද විද්‍යා සංකල්ප 
කාලය හා අවකාශය පිළිබද පෞරාණික නිව්ටෝනියානු යාන්ත්‍ර විද්‍යාවේ සංකල්පය
  *නිව්ටන් විසින් කාලය හා අවකාශය දෙකම නිරපේක්‍ෂ නිරපේක්‍ෂ රාශීන් ලෙස දක්වන ලදී.මිනිසාගෙන් හා වස්තූන්ගෙන "ස්වායක්ත හිස් අවකාශයක්" හා ස්වාධීන  කාලයක් පැවතීම විස්තර කෙරෙන නිසා මෙම සංකල්පය අධිභෞතික ස්වරූපයක් දරයි.නිව්ටන් මතය කාලය හා අවකාශය පරම රාශීන් වන වගයි.මෙම සංකල්පය සරලව දැක්වූ විට

Tuesday, December 13, 2011

කාලය අවකාශය හා ජ්‍යොතිෂය - 8

    කාලය සාපේක්‍ෂද එසේත් නැත්නම් නිරපේක්‍ෂද කාලය චක්‍රීයද රේඛීයද යන්න උභතෝකෝටික ගැටළුවක්ව තිබුනි.20 වැනි සියවස මුල් කාලය වනතුරුම කාලය නිරපේක්‍ෂ රාශියක් ලෙස භාවිතා විය.එනම් එතෙක් භාවිතා කල නිව්ටෝනියානු යාන්ත්‍රිකය අනුව කාලය යනු ඉදිරියට ගමන් කරන ඊතලයක් බදු විය.එය එකිනෙකට වෙනස් සමුද්දේශ රාමු තුලදි එක සමාන අයුරින් භාවිතාවේ.නමුත් 1905 දී ඇල්බට් අයින්ස්ටයින් විසින් "විශේෂ සාපේක්‍ෂතාවාදය" හදුන්වා දෙමින් කාලය සාපේක්‍ෂ බව පෙන්වා දුන්නේය.කිසියම් මොහොතකදී ඈත අවකාශයේ සිදුවන තාරුකාවක පිපිරී විනාශ වීමක් සෞර ග්‍රහ මණ්ඩල දෙකක වූ ග්‍රහලෝක දෙකකට දර්ශනය වීම සිදුවීම අනුව කාලයේ නිරපේක්‍ෂ බව පෙන්වා දුන්නේය.මේ මොහොතේ (2011 දෙසැම්බර් 13 යැයි සිතන්න) සිදුවන තාරුකාවේ පිපිරීම ඊට ආලෝක වර්ෂ 10 ක් ඈතින් ඇති ග්‍රහ ලොවකට පෙනෙන්නේ 2021 වසරේ දෙසැම්බර් මසදීය.නමුත් පිපිරුම වූ තැනට ආලෝක වර්ෂ 25ක් ඈතින් පිහිටි ග්‍රහ ලොවකට දර්ශනය වන්නේ 2036 වසරේ දෙසැම්බර් මස දිනකදීය.

Saturday, October 1, 2011

කාලය අවකාශය හා ජ්‍යොතිෂය - 7

  "වෙනස්වීම" යන වචනය හරිහැටි අර්ථ දැක්වීමට මා හට නොහැකිය.මේ ලිපියේ අන්තර්ගතය වටහා ගැනීමට එය අනිවාර්ය අවශ්‍යතාවක්ද නොවේ.වෙනස්වීම පිළිබද මාහැගි අයුරින් දැක්වීමක් එදිනෙදා අසන්නට දකින්නට ලැබෙන විස්තර කරුණු කිහිපයක් ඇසුරින් පහත දක්වමි.

Wednesday, August 3, 2011

කාලය අවකාශය හා ජ්‍යොතිෂය 6 - (සාපේක්‍ෂතාවාදය)

              කාලය හා අවකාශය සම්බන්ධව කතා කිරීමේදී "සාපේක්‍ෂතාවාදය" පිළිබදව සදහන් නොකර බැරිය. මන්දයත් කාලය හා අවකාශය පිළිබදව අභිරහස් කරුණු රාශියක් අනාවරණය වීමට සාපේක්‍ෂතාවාදය ඉවහල් වූ බැවිනි.

Tuesday, July 26, 2011

කාලය අවකාශය හා ජ්‍යොතිෂය 5

 ගණිතයේ මහිමයෙන් සොයාගත් ග්‍රහයා
     
   ක්‍රි.ව.1612 දෙසැම්බර් 21 දින රාත්‍රී අහස නිරීක්‍ෂණය කරමින් සිටි ගැලීලියෝ ගැලිලීට හදිසියේම ඈත අහසේ බ්‍රහස්පති ග්‍රහයා ආසන්නයේමවූ තවත් ග්‍රහ වස්තුවක් නිරීක්‍ෂණය කිරීමට හැකි විය.ඉන්පසු නැවත 1643 ජනවාරි 27 දිනයේද බ්‍රහස්පති ග්‍රහයා අසලින්ම මෙම ග්‍රහ වස්තුව නිරීක්‍ෂණය විය.ගැලීලියෝට එදා ප්‍රභල දුරේක්‍ෂයක් තිබුණි නම් මේ කථාව වෙනස් ස්වරූපයක් දැරීමට තිබූ නමුත් ගැලීලියෝගේ දුරේක්‍ෂයේ ප්‍රභලතාව අඩුවීම හා පසු කලෙක අනාවරණය වූ කරුණු අනුව ග්‍රහයන්ගේ වක්‍ර ගමන පිළිබද එකළ වැටහීමක් නොතිබීම නිසාම තමා දුටු ග්‍රහ වස්තුව "ස්ථාවර තාරකාවක්" ලෙස ගැලීලියෝ අතින් සටහන් විය.

Tuesday, July 19, 2011

කාලය අවකාශය හා ජ්‍යොතිෂය 4

  "හිරු පොලොව වටා ගමන් කරන්නේ යැයි සිතා සිටින මුග්ධයන් පිරිසක්"
  " මෝඩයන් රවටමින් අන්දවමින් ඔවුන්ගේ මුදල් ගසා කන කපටියන් පිරිසක්"

Sunday, July 10, 2011

කාලය අවකාශය හා ජ්‍යොතිෂය 3


   කාලය අවකාශය හා ජ්‍යොතිෂය සම්බන්ධව ලියැවුනු පසුගිය ලිපිවල අන්තර්ගත කරුනු තේරුම් ගැනීමට අපහසු වීමටහේතුව කාලය හා අවකාශය පිළිබද විද්‍යාත්මක සිද්ධාන්ත මෙන්ම තවමත් හෙළිනොවූ අභිරහස් එහි ඇති බැවිනි.මෙතෙක් විසදාගැනීමට නොලැබුනු පිළිතුරු නොලැබුනු ගැටළු රාශියක් බැදී ඇත්තේ අභිරහස් විශ්වය සම්බන්ධයෙනි.අපගේ ලිපියේ මාතෘකාවට අදාළව මෙන්ම(මාතෘකාවෙන් පරිබාහිර තත්ත්ව කිහිපයක්ද ඇතුළුව) ෙසෙද්ධාන්තික විසදුම් නොලැබුනු ප්‍රධාන ගැටළු 10ක් පහත දක්වා ඇත.මෙම ගැටළු තුල අවකාශ කාල සංසිද්ධියේ ක්‍රියාකාරිත්වය තම තම දැනුම තරමින් විමසා බැලීම පාඨක ඔබට භාර කරමි.

Saturday, July 2, 2011

කාලය අවකාශය හා ජ්‍යොතිෂය 2

       " ඉමස්මිංයේව ඛ්‍යාම මත්තේ කලේබරේ සසඤ්ඤිම්හි සමනකේ ලෝකඤ්ච පඤ්ඤපේමි ලෝක සමුදයං ච ලෝක නිරෝධංච ලෝක නිරෝධ ගාමිණී පටිපදංච"

 ඉහත සදහන් බුද්ධ දේශනාව අනුව අවකාශය නැත්නම් ලෝකය හා එහි ආරම්භය මෙන්ම අවසානයද වන්නේ බඹයක් පමන වූ සංඥා මනස සහිත ශරීරයම බවයි.මේ අනුව සමස්ත අවකාශය හුදකලා පුද්ගලයා වෙතම විතැන් කර එහි ක්‍රියාකාරිත්වය හෙවත් පැවැත්ම නැවැත්වීමේ වැදගත්කම තිලෝගුරු බුදු රජානන් වහන්සේ දේශනා කොට ඇත.

Sunday, June 26, 2011

කාලය අවකාශය හා ජ්‍යොතිෂය - 1

 විද්‍යාවේදී කාලය හා අවකාශය වෙන වෙනම නොසලකා එකම ප්‍රස්තූතයක් ලෙස ගොඩ නගා ඇත.කාලය හා අවකාශය ගැන වෙනවෙනම කතා කල හැකි වුවත් ඒ දෙක අතර ඇති සම්බන්ධය අමතක කල නොහැක.