Showing posts with label ග්‍රහ අපල සදහා ප්‍රතිකර්ම. Show all posts
Showing posts with label ග්‍රහ අපල සදහා ප්‍රතිකර්ම. Show all posts

Tuesday, March 11, 2014

ග්‍රහ අපල සදහා ප්‍රතිකර්ම - කුජ(අඟහරු) අපලයට

                        ග්‍රහලොව සෙන්පති ලෙස හැදින්වෙන කුජ හෙවත් අඟහරු ග්‍රහයා ධෛර්ය,ශක්තිය,ඹරොත්තු දීම,නිර්භීතකම,සටන්කාමීබව නියෝජනය කරයි.
     කුජ අපල වන විට හදිසි අනතුරු,උෂ්ණ රෝග,ලේ රෝග,කලකෝලහල,ලේ සෙලවීම් නීති ප්‍රශ්ණ සතුරු කරදර වැඩි වන බව සදහන්ය.
    කුජ ග්‍රහයාගෙන් ඇතිවන අපල කරදර වලින් ආරක්ෂා වීමට අපල අඩු වීමට ජ්‍යොතිෂ,ආයුර්වේද හා ආගමික වත් පිළිවෙත් කීපයක් පහත දැක්වේ.

* සුදු මල් සමඟ රත්මල්,කනේරු මල් පූජා කොට බෝධි පූජා කිරීම
* කතරගම දෙවියන්ට බාරහාර පුදපූජා කිරීම සෙත්කවි කියවා සෙත් පැතීම
* කොලොන් වෘක්ෂයට සාත්තු නිරීම ස්පර්ෂ කිරීම සෙවනේ සිටීම
* රතු වස්ත්‍ර පූජා කිරීම දන් දීම
* ස්කන්ධය ,පෘෂ්ථිය ඡේදනය,විශාලත්වය හා පිහිටුවීම නිසි ලෙස වූ රතු, කොරල් ගල් ඇල්ලූ ආභරණ පැලදීම
* කන්ද කුමාර හෝ සීලම්බර යන්ත්‍ර නිසි ලෙස ලියා සකස් කොට ජීවම් කර පැලදීම
* භූමි නාග බලිය ඇරීම 

Tuesday, January 7, 2014

ග්‍රහ අපල සදහා ප්‍රතිකර්ම - සදු අපලයට

  ජ්‍යොතිෂයේදී සදු ග්‍රහලොව මව් ලෙස සලකයි.ස්ථිර තත්ත්වයට මෙන්ම චංචල තත්ත්වයටද බලපෑම ඇති කරන සදුට අන් ග්‍රහයන්ට වඩා වේගවත් ගමනක් ඇත.පලාඵල කථනයේදී සදු ගැන පරීක්ෂාව ඉතා ප්‍රෙව්ශමෙන් කල යුතුය.නැතහොත් පලාඵල වරදී.
     සදු දුබල වීමෙන් වැඩිපුරම බලපෑම් ඇති කරන්නේ සෞඛ්‍ය හා මානසික තත්ත්වයටය.උපතේදී හා ගෝචර ගමනේදී ඇතිවන සදු දුබලතාවෙන් බලපාන අපල කරදර වලින් ආරක්ෂා වීමට හා එම අපල අඩු කර ගැනීමට පුරාතනයේ සිටම ජ්‍යොතිෂ පිළිවෙත් නියම කොට ඇත.ඉන් කිහිපයක් පහත දැක්වේ.

  * පුර පසලොස්වක දිනට පෙර හා පසු සතියක කාලය තුල සුදු මල් පූජා කොට බෝධි පූජා කිරීම
  * සමන් හා පත්තිනි දෙවියන්ට බාර හාර පුද පූජා කිරීම,සෙත් කවි කියවා සෙත් පැතීම කිරි මව් දානය දීම
  * දිඹුල් වෘක්ෂයට සාත්තු නිරීම ස්පර්ෂ කිරීම සෙවනේ සිටීම
  * සුදු වස්ත්‍ර දන්දීම
  * උණ,සෙම්ප්‍රතිශ්‍යාව වැනි ආසාදනහකට ලක්ව නැති අවස්ථාවක කිරි,දී කිරි,ගෝ මුත්‍ර,ගොම ඇත් දත්,සක් බෙල්ලන් තම්බා වතුර ස්නානය කිරීම.
  * ශාන්න මංගල බලිය ඇරීම
  * ස්කන්ධය ,පෘෂ්ථිය ඡේදනය,විශාලත්වය හා පිහිටුවීම නිසි ලෙස වූ මුතු, දියමන්ති ඇල්ලූ ආභරණ පැලදීම
  * රතන යන්ත්‍රය පැලදීම

Saturday, March 30, 2013

ග්‍රහ අපල සදහා ප්‍රතිකර්ම - රවි අපලයට

   ග්‍රහ ලොව පීතෘ ලෙස හැදින්වෙන රවි පෘථිවිය ඇතුළු සියළු ග්‍රහලෝක වල ජීවනාලියවේ.උනුසුම ආලෝකය,ආකර්ෂණය,ජීවය ලබාදේ.ජ්‍යොතිෂ ශාස්ත්‍රයේ සියළු කටයුතු රවි මුල්කොට ගෙනම සිදුවේ.ජීව බලය හා රෝග නාශක බලය පමනක් නොව දීර්ඝායුෂ,ප්‍රසිද්ධිය,බලය,ක්‍රියාසූරත්වය,ගෞරවය,අවබෝධ ඥානය ආදී සියළු උසස් ගති හිරුගෙන්ම ලැබේ.

Saturday, May 7, 2011

ශනි ඒරාශ්ඨක අපලයට ප්‍රතිකර්ම

කපුටු දානය දීම  
 සෙනසුරාදා දිනවල පාන්දර අවදිව හිස්බඩ කතා නොකර පිරිසිදුව හා නොඉදුල්ව කැකුළු සහල් හුන්ඩු 2ක් පමණ ගෙන සෝදා පිරිසිදු කර නැවුම් මුට්ටියකට දමා කිරිබත සකස් කිරීමට අවශ්‍ය පරිදි ලිප තබා දරදමා කොළ කැබැල්ලකින් ගිනි අවුලා(ලිපට කටින් පිඹින්න එපා.) අළුත් පොල් ගෙඩියක් ගෙන තමාම මිරිකා කිරි දමා (දානය දෙන තෙක් පොල් රොඩු පවා ඉදුල් නොකොට සතුන්ට නොදී ප්‍රව්ශම් කරන්න.) කිරිබත පිස ලිපෙන් බා න්න පෙර එළගිතෙල් මිශ්‍ර කොට ගුලි නවයක් සාදා ගන්න.අනතුරුව තමා පදිංචි භූමියේ ඉතා පිරිසිදු තැනක අඩි 5ක් පමණ උස මැස්සක් ලී වලින් තනා ඒ මත කෙසෙල් කොළ අතුරා සුවඳ පැන් ඉස නුග කොළ නවයක් නෙළුම් මලක ආකාරයට තබා ඒමත කිරිපිඩු 9 ය තබන්න.ගිතෙල් පහනක්ද ඒ අසලම දල්වන්න.(කිරිබත් ගුලි සෑදීමේදී ගිතෙල් වල පෙගූ පහන් තිර මැදිවනසේ ගුලි සාදා ගත හැකි නමුත් නයිලෝන් පහන්තිර යෙදීම කපුටාට මාරාන්තිකයි.) පහන් තිර 100%ක් කපු රෙදි වලින් හෝ කපු පුළුන් වලින් සකසා ගන්න.කපුටන්ට අඩගසා ගිතෙල් මිශ්‍රිත කිරිබත් දානය දී එදෙස සතුටු සිතින් බලා සිටින්න.සෙනසුරු වාහනය වු කපුටාට දෙන මෙම දානයෙන් මාහට(අපහට) ඇති ශනි අපල කරදර අඩුවේවායි ප්‍රාර්ථනා කරන්න.