Sunday, June 15, 2014

ඛඩ්ග යෝගය

   කඩු ශිල්ප ආදියෙහි හැකියාවක් ඇත්තන්ට පිහිටන සුවිශේෂී යෝගයක්  ගෙස මෙම ඛඩ්ග යෝගය දක්වා ඇත.

යෝගය යෙදෙන ආකාරය
   නවය හා දෙක අධිපතීන් පරිවර්තනය වී(නවය අධිපති දෙකේත් දෙක අධිපති නවයේත් සිටීම)සිටියදී ලග්නාධිපතියා කේන්ද්‍රස්ථානයක(1,4,7,10) හෝ ත්‍රිකෝණස්ථානයක(5,9)  සිටීමෙන් මෙම යෝගය යෙදේ.මෙම යෝගය වඩාත් ප්‍රබලව යෙදෙන්නේ යෝගය උදා කරවන ග්‍රහයන් (1,2,9 අධිපතීන් ) උච්ච හා කේෂෙතුව සිටින විටය.


යෝගයේ ඵල 
      කඩු කිණිසි ආදීය ලෙස යෝගයේ අක්වා ඇතත් නියම යෙදීම ආයුධ භාවිතය නිසා තුවක්කු බෝම්ම හා වෙනත් නවීන ආයුධ සදහා මෙම යෝගය වර්තමාන භාවිතයට ගත යුතුය.මලලව පොර කරාටේ හා වෙනත් සටන් ක්‍රම ඉගෙනුමට සුදුසු යෝගයකි.නිර්භීතය.නීරොගීය.ශක්තිමත්ය

Wednesday, June 11, 2014

ජුනි 19 ගුරු මාරුව ඔබට රටට කොහොමද?


  ග්‍රහ ලොව පුරෝහිත හෙවත් ගුරුන්නාන්සේ ලෙස විරුදාවලී ලත් බ්‍රහස්පති හෙවත් ගුරු ග්‍රහයා 2014 ජුනි මස 19 දින ස්වකීය උච්ච ස්ථානය වූ කටක රාශියට පිවිසේ.වසර 12 කට පසු සිදුවන ගුරුගේ උච්ච වීම පැහැදිලිවම යහපත උදා කරවන තත්තවයකි.“උච්ච ගුරු කොතනටත් හොඳයි“ යන පඩි වදනේ හැටියටම ස්ථාන දුබලවීමද පරයමින් මෙවර ගුරු මාරුවෙන් ලග්න දොලහටම සුභඵල උදා කරන අතර උපන් බලය මහ දශාවන් හා වෙනත සුභ අසුභ ග්‍රහ දෘෂ්ටි මෙන්ම  මෙම වසරේ සිදුවන අනිකුත් ප්‍රධාන ග්‍රහ ඉගිලීම් වන ජූලි 12 රාහු කේතු මාරුව නොවැම්බර් 02 ශනි මාරුවේ බලපෑම් අනුව යම් යම් විචලතා ඇතිවේ.
Related Posts Plugin for WordPress, Blogger...