Tuesday, January 7, 2014

ග්‍රහ අපල සදහා ප්‍රතිකර්ම - සදු අපලයට

  ජ්‍යොතිෂයේදී සදු ග්‍රහලොව මව් ලෙස සලකයි.ස්ථිර තත්ත්වයට මෙන්ම චංචල තත්ත්වයටද බලපෑම ඇති කරන සදුට අන් ග්‍රහයන්ට වඩා වේගවත් ගමනක් ඇත.පලාඵල කථනයේදී සදු ගැන පරීක්ෂාව ඉතා ප්‍රෙව්ශමෙන් කල යුතුය.නැතහොත් පලාඵල වරදී.
     සදු දුබල වීමෙන් වැඩිපුරම බලපෑම් ඇති කරන්නේ සෞඛ්‍ය හා මානසික තත්ත්වයටය.උපතේදී හා ගෝචර ගමනේදී ඇතිවන සදු දුබලතාවෙන් බලපාන අපල කරදර වලින් ආරක්ෂා වීමට හා එම අපල අඩු කර ගැනීමට පුරාතනයේ සිටම ජ්‍යොතිෂ පිළිවෙත් නියම කොට ඇත.ඉන් කිහිපයක් පහත දැක්වේ.

  * පුර පසලොස්වක දිනට පෙර හා පසු සතියක කාලය තුල සුදු මල් පූජා කොට බෝධි පූජා කිරීම
  * සමන් හා පත්තිනි දෙවියන්ට බාර හාර පුද පූජා කිරීම,සෙත් කවි කියවා සෙත් පැතීම කිරි මව් දානය දීම
  * දිඹුල් වෘක්ෂයට සාත්තු නිරීම ස්පර්ෂ කිරීම සෙවනේ සිටීම
  * සුදු වස්ත්‍ර දන්දීම
  * උණ,සෙම්ප්‍රතිශ්‍යාව වැනි ආසාදනහකට ලක්ව නැති අවස්ථාවක කිරි,දී කිරි,ගෝ මුත්‍ර,ගොම ඇත් දත්,සක් බෙල්ලන් තම්බා වතුර ස්නානය කිරීම.
  * ශාන්න මංගල බලිය ඇරීම
  * ස්කන්ධය ,පෘෂ්ථිය ඡේදනය,විශාලත්වය හා පිහිටුවීම නිසි ලෙස වූ මුතු, දියමන්ති ඇල්ලූ ආභරණ පැලදීම
  * රතන යන්ත්‍රය පැලදීම
Related Posts Plugin for WordPress, Blogger...