Showing posts with label ඉඩා පිංගල ශාස්ත්‍රය. Show all posts
Showing posts with label ඉඩා පිංගල ශාස්ත්‍රය. Show all posts

Sunday, August 12, 2012

ඉඩා පිංගල ශාස්ත්‍රය - 6(ආයු පරීක්ෂණය)

  ඉඩා (වම් ) හා පිංගල(දකුණු) නල වැටීමේ සීඝ්‍රතාව හා ඒ අනුව එම නල ගමන් කරන දුර අනුව පුද්ගලයකුගේ ඉදිරි ආයුෂ නිගමනය කිරීමේ සංකීර්ණ ක්‍රමයක් ඉඩා පිංගල ශාස්ත්‍රයේ ඇත.මෙම නල පරීක්‍ෂාව  මනා පුහුණුවකින් යුක්තව කළ යුතු බව ශාස්ත්‍රීය මතයයි.(වෛද්‍යවරුන් විසින් ශරීරයේ හෘද ස්පන්දනයට අනුරූපව අත අල්ලා නාඩි ස්පන්ධනය අනුව ආයුෂ,සාධ්‍ය අසාධ්‍ය බව තීරණය කිරීමේ තවත් ක්‍රමයක් ඉඩා පිංගල ශාස්ත්‍රයට බද්ධව ඇත.මෙහි දක්වා ඇත්තේ නල හෙවත් හුස්ම වැටීම අනුව තීරණයයි.)

Saturday, August 4, 2012

ඉඩා පිංගල ශාස්ත්‍රය - 5

  ජන්ම කාලයේ සිට අසූ අවුරුද්ද දක්වා නාඩි වැටීම

 *උපතේ සිට අවුරුද්ද තෙක් -විනාඩියට 52 වාරයයි.

 *අවුරුද්දේ සිට දෑඅවුරුද්ද තෙක් -විනාඩියට 44 වාරයයි.

 *දෑ අවුරුද්දේ සිට තුන් අවුරුද්දේ අවසන තෙක් - විනාඩියට 40 වාරයයි.

 *තුන් අවුරුද්දේ සිට සත් අවුරුද්දේ අවසන තෙක් -විනාඩියට 30 වාරයයි.

 *සත් අවුරුද්දේ සිට දහහතර අවුරුද්දේ අවසන තෙක් -විනාඩියට 34 වාරයයි.

 *දහහතර අවුරුද්දේ සිට තිස් අවුරුද්දේ අවසන තෙක්  -විනාඩියට 32 වාරයයි.

 *තිස් අවුරුද්දේ සිට පනස් අවුරුද්දේ අවසන තෙක් - විනාඩියට 30 වාරයයි.

 *පනස් අවුරුද්දේ සිට අසූ අවුරුද්ද තෙක් - විනාඩියට 24 වාරයයි.

Wednesday, May 23, 2012

ඉඩා පිංගල ශාස්ත්‍රය - 4

                                   ඉඩා පිංගල ශාස්ත්‍රය -1
                                   ඉඩා පිංගල ශාස්ත්‍රය -2
                                   ඉඩා පිංගල ශාස්ත්‍රය -3

මිනිස් සිරුර ආශ්‍රිතව ක්‍රියා කරන චක්‍ර හයක් පිළිබදව යෝග ශාස්ත්‍රයේ සදහන්ය.යාම,නියාම,,ආසන,ප්‍රාණයාම,...ආදී යෝග කර්ම මගින් මෙම චක්‍ර හය පුබුදුවා ගෙන මිනිසා හට පුදුමාකාර දේවල් කල හැකිය.මෙම චක්‍ර හය පිළිවෙලින්

Thursday, May 17, 2012

ඉඩා පිංගල ශාස්ත්‍රය - 3

නාඩි වැටීමේ ප්‍රතිඵල
     සදුට හිමි වම් නාස් පුඩුවෙන් පිටවන ඉඩා නාඩිය වෑටෙන විට යහපත් සෞම්‍ය කටයුතුත් රවි හිමි දකුනු නාස් පුඩුවෙන් පිටවන පිංගලා නාඩිය වැටෙන විට බලවත් ක්‍රෑර කටයුතුද වායු අධිපති දෙනාස් පුඩුවෙන් සමසේ වැටෙන සුෂුම්නා නාඩිය වැටෙන විට කිසිම සුභ කටයුත්තක් නොකල යුතු බව ශාස්ත්‍රීය මතයයි.

Thursday, May 10, 2012

ඉඩා පිංගල ශාස්ත්‍රය - 2

නාඩි සදහා වෙන්වූ දින හෝරා හා තිථි

    * සදුට හිමි වම් නාස් පුඩුවෙන් පිටවන ඉඩා නාඩිය
       සදු,බුධ,ශුක්‍ර දිනවල හා එම හෝරාවලද රාත්‍රී කාලයේද පුර පක්‍ෂයේද සදුට හිමි ඉඩා නාඩිය බලවත්වේ.

Wednesday, May 9, 2012

ඉඩා පිංගල ශාස්ත්‍රය -1

 ඔබ විවේකයෙන් සිටින අවස්ථාවක ඔබගේ එක් අතක් මිට මොලවා එහි පිටි අල්ල ඔබගේ නාස්පුඩු වලට ලංකොට නාස් පුඩු වලින් හුස්ම වැටෙන ආකාරය පිටි අල්ලට දැනෙන ආකාරය හොදින් විමසා බලන්න.විවිධ අවස්ථාවලදී ඔබ මෙම ක්‍රියාකාරකම කල විට ඔබගේ නාස් පුඩු වලින් හුස්ම වැටෙන ආකාරයේ විවිධත්වයක් දැකිය හැකිය.විටෙක වම් නාස් පුඩුවෙන් පමනක් හුස්ම වැටෙන බවත් තවත් අවස්ථාවලදී දකුණු නාස් පුඩුවෙන් පමනක් හුස්ම වැටෙන බවත් ඇතැම් අවස්ථාවල නාස් පුඩු දෙකෙන්ම හුස්ම වැටෙන බවත් ඔබට නිරීක්‍ෂණය කළ හැකිය.මෙලෙස හුස්ම හෙවත් නළ වැටෙන ආකාරය වෙනස් වීමට හේතුව කුමක්ද?