Wednesday, March 30, 2011

star gate (තාරකා දොරටුව)

  තාරකා දොරටුව පිළිබදව මා විසින් ප්‍රථමයෙන්ම කියවූයේ පැරණි ජ්‍යොතිෂ පුවත්පතකිනි.වෘත්තාකාර සටහනක විවිධ සංඛේත,රූප සංඥා ආදිය දක්වමින් පින්තුරයක්ද සමග පලව තිබූ එම ලිපියෙන් දක්වා තිබුණේ එම තාරකා දොරටුවේ සංඥා භාවිතයෙන් වෙනත් ග්‍රහලෝක සමග පණිවුඩ හුවමාරු කිරීමක් සම්බන්ධවය.පසු කලෙක මුළු නිවසම පරීක්‍ෂා කරමින් අදාළ පුවත් පත සෙවූ නමුත් එය නැවත හමුවූයේ නැත.

Saturday, March 19, 2011

වසර 18කට පසු චන්ද්‍රයා පෘථිවියට වඩාත්ම ලංවේ.





 පෘථිවිය හා එහි එකම උප ග්‍රහයා වන චන්ද්‍රයා අතර මධ්‍යන්‍ය පරතරය කිලෝ මීටර තුන් ලක්‍ෂ අසූ පන්දහසක් පමන වේ. පෘථිවියේ සූර්යයා වටා ඉලිප්සාකාර කක්‍ෂීය පරිභ්‍රමනයත් පෘථිවියේ අක්‍ෂීය භ්‍රමනයත් චන්ද්‍රයාගේ පෘථිවිය වටා පරිභ්‍රමනයත්  අක්‍ෂීය භ්‍රමනයත් හේතුකොට ගෙන පෘථිවිය හා චන්ද්‍රයා අතර පරතරය වෙනස්වේ.මේ දිනවල පෘථිවිය හා චන්ද්‍රයා අතර දුර කිලෝ මීටර තුන් ලක්‍ෂ පනස් හය දහසක් පමණවේ .1993 වසරින් පසු චන්ද්‍රයා පෘථිවියට මෙතරම් ආසන්න වූයේ මෙවරය.

Wednesday, March 16, 2011

පරිවර්තන යෝග

           ග්‍රහයන් දෙදෙනෙකු ඔවුනොවුන් අධිපතිකම් දරන රාශි හුවමාරු කර ගනිමින් පිහිටීම පරිවර්තන යෝගවේ.බ්ලොගයට ආධුනික පාඨකයන්ගේ දැන ගැනීම සදහා එක් එක් ග්‍රහයන් අධිපති කම් දරන රාශීන් පහත දක්වා ඇත.

Tuesday, March 15, 2011

"කාල කඩවර " උපත

 ඉර බැස යමින් ඇත.මරාගත් දිය කොකුන් දෙදෙනා සමග එම මිනිසා තම පැලට ගමන් කරමින් සිටියේය.ගෙට ගොඩවී දිය කොකුන්ව තම ඇඹේනිය අතට දුන්නේ රාත්‍රී ආහාරය සදහා උන් මස් කර පිළියෙළ කරන ලෙස දන්වමිනිඉන් පසු හේ මුහුණ කට සෝදා පිල උඩ ඇලවූයේ වෙහෙස නිවා ගනු පිණිසය.කුසගින්නද තදින් ඇත.තම බිරිද දිය කොකුන් මස් කර රාත්‍රි ආහාරය සකසන තෙක් ඔහු සිටියේ නොඉවසිල්ලෙනි.බිරිද වහ වහා මස් ව්‍යාංජනය පිළියෙළ කොට බත් සමග රැගෙන ආවාය.මිනිහා දියකොක් මස් සමග බත් කෑවේ මහත් කෑදර අයුරිනි.මස් නැවත නැවත ගෙන්වමින් කෑවේය.අන්තිමේදී මස් හට්ටිය ඉවර වෙන තුරුම කෑවේය.තව මස් නැද්දැයි බිරිදගෙන් ඇසීය.බිරිදට යකා නැග්ගාය .ඇය සැර පරුෂය.මේ මිනිහා කෑදර කමට මටත් ඉතිරි නොකර මස් හට්ටියම කාලා තවත් මස් ඉල්ලනවා.කේන්ති ගිය ඇය මස් හට්ටියෙන් මිනිහාට දමා ගැසුවාය.මස් හට්ටිය බිදී හට්ටියේ ගැට්ට මාලයක් මෙන් මිනිහාගේ බෙල්ලේ හිරවිය.ඒ මදිවාට ගෑනි මහා හයියෙන් බැන වදින්නටද විය.මේ කළබගෑනිය කුමක්දැයි බලන්නට අහල පහල නිවෙස් වල අයද රොක් වූහ.මිනිහගේ කරේ වලං ගැට්ට හිරවී ඇති අයුරු දුටු සෑම දෙනාම මහා හයියෙන් හිනාවෙන්නට විය.ගෑනි තවමත් බැන වදිමින් සිටියි.මිනිහාට මහත් ලැජ්ජාවක් දැනුනි. ඔහුට එය දරා ගත නොහැකි විය.හේ ලැජ්ජාවෙන්ම කැළයට ගියේය.ඔහු නැවත ගමට නොආවේය.

Sunday, March 13, 2011

නාඩි වාක්‍යය ඇසුවෙමි.ඉන් කියවුනු පසුගිය විස්තර 100 % ක් නිවැරදිය. නමුත්!

    නාඩි වාක්‍ය ඇසීමට කොළඹ ගියපු කතාව කලින් බ්ලොග් එකේ දැම්මා ඔයාලට මතක ඇතිනේ.ඔන්න පටලවා ගන්න එපා.කතන්දර බ්ලොග් එක ලියන මහතාත් නාඩි වාක්‍ය අහන්න ගිය හැටි ගැන ලියල තිබුනනේ.මගේ එක බලපු නැති අය ඔන්න මෙතනින් බලලා ආපසු එන්න

Wednesday, March 9, 2011

අවුරුදු කෝණය මාර්තු 15 සිට අප්‍රේල් 14 දක්වා, විවාහයට නිවාස ඉදිකිරීමට අසුභයි.

 සූර්යයා මිථුන,කන්‍යා,ධනු,මීන යන ද්විස්වභා(උභය) රාශිවල ගමන් කරන කාලය කෝණ දෝෂයෙන් යුක්තවේ.මෙම කෝණ දෝෂ ඇති මාසවල නිවාස ඉදිකිරීම් සම්බන්ධ කටයුතු විවාහ කටයුතු ආදී ශුභ කටයුතු කිරීම අසුභ බව පුරාණ ජ්‍යොතිෂආචාර්්‍ය මතයයි.
   සාමාන්‍යයෙන් සෑම වර්ෂයකම කෝණ මාස යෙදෙන ආකරය පහත දැක්වේ සමහර විට එය දවසක් දෙකක් අඩු වැඩි විය හැක.පංචාංග ලිත් මගින් අදාල වර්ෂය තුල කෝණ මාස යෙදෙන හැටි හරියටම බලා ගත හැක.


  මිථුන රවිය -  ජුනි 15 සිට ජූලද 15 දක්වා.
  කන්‍යා රවිය - සැප්තැම්බර් 15 සිට ඔක්තේම්බර් 15 දක්වා.
  ධනු රවිය  - දෙසැම්බර් 15 සිට ජනවාරි 15 දක්වා.
  මීන රවිය  - මාර්තු 15 සිට අප්‍රේල් 15 දක්වා


 මින් සූර්යයා මිනයේ ගමන් කරන කෝණ මාසය (අවුරුදු කෝණය) වඩාත්ම අසුභ කාලය ලෙස දැක්වේ.  මෙවර (2011) අවුරුදු කෝණය මාර්තු 15 සිට අප්‍රේල් 14 දක්වා ඇත.

කවුද මේ 22 වැනි දෙර්කානාධිපති ග්‍රහයා කියන්නේ?

     ඔබ ජ්‍යොතිෂය ගැන යම් තරමින් හෝ අවබෝධයක් වැටහීමක් ඇති අයෙකු නම් හෝ අඩුම තරමින් ජ්‍යොතිෂවේදියකු ලවා හදහන පරීක්‍ෂා කළ අයෙකු නම් 22 වෙනි දෙර්කාණාධිපතියා ගැන කොතැනකදී  හෝ අසා ඇතැයි අනුමාන කළ හැක.  22 වෙනි දෙර්කාණාධිපති ග්‍රහයා ප්‍රධාන අසුභ කාරක ග්‍රහයා ලෙසයි ජ්‍යොතිෂයේදී හැදින්වෙන්නේ.විවාහයට සුදුසු කේන්ද්‍ර සෙවීමේදී(පොරොන්දම් ගැලපීමේදී) වඩාත් වැඩි වශයෙන් සලකා බැලෙන 22 වැනි දෙර්කාණාධිපති ග්‍රහයාගේ දෝෂ බලපෑම් අවම කර ගත යුතු බව පූර්වාචාරී මතයයි.
   ප්‍රථමයෙන්ම අපගේ ජන්ම කේන්ද්‍රය අනුව 22 වැනි දෙර්කාණාධිපති ග්‍රහයා හදුනා ගන්නා ආකාරය සලකා බලමු.
    දෙර්කාණයක් යනු ලග්නය තුනට බෙදූ කොටසකි.ලග්න රාශිය තුනට බෙදූ විට එක් කොටසක් දෙර්කාණයක් වන අතර ඊට නවාංශක තුනක් ඇතුලත්වේ.පළමු කොටසට ලග්නාධිපතිද දෙවන කොටසට පහ අධිපතිද තුන්වැනි කොටසට නවය අධිපතිද හිමිකම් කියයි.
  ඔබගේ ලග්නය හා නවාංශකය දන්නේ නම් ඔබගේ අපල කාරක 22 වැනි දෙර්කානාධිපතියා සොයා ගතහැකි වගුවක් පහත දැක්වේ.
 උදා-  ලග්නය ධනු වී නවාංශකය සිංහ වන විට 22 දෙර්කාණාධිපතියා අඟහරු ග්‍රහයාය
         කටක ලග්නයේ කටක නවාංශකය ඇති විට 22 දෙර්කාණාධිපතියා සෙනසුරු ග්‍රහයාය
         තුලා ලග්නය හා වෘශ්චික නවාංශකය විට 22 දෙර්කාණාධිපතියා සිකුරු ග්‍රහයාය
   මේ අකාරයට ඔබගේ ලග්නය හා නවාංශකය අනුව ඔබගේ අපල කාරක 22 වැනි දෙර්කාණාධිපතියා පහත වගුව අනුව ඔබටම සොයා ගත හැකිය.(පහත රූපය)
                               
    සුභ කටයුතු සදහා දින තේරීමේදී 22 වැනි දෙර්කාණාධිපතියාට අයත් දින ඉවත් කළ යුතු බවට ඇතැම් ජ්‍යොතිෂවේදීන් තර්ක ඉදිරිපත් කළත්(උදා- 22 වැනි දෙර්කාණාධිපති බ්‍රහස්පති වන විට බ්‍රහස්පතින්දා දිනය සුභ කටයුතු වලට අසුභ බව) සුභ නැකැත් සෑදීම පිළිබද ලියැවී ඇති සිංහල පොත් පත් වල හෝ ඉපැරණි ඉන්දීය පොත් පත්වල විශේෂ ලෙස දක්වා නැත.නමුත් විවාහ පොරොන්දම් ගැලපීමේදී 22 වැනි දෙර්කාණාධිපති ගැන සැලකීම විශේෂයෙන් දක්වා ඇත.
  විවාහයේදී 22 වැනි දෙර්කාණාධිපතියා ගැන විශේෂයෙන් සැලකිය යුතු අවස්ථා
    * ජන්ම කේන්ද්‍රයක 22 වැනි දෙර්කානාධිපති හත් වැන්නේ පිහිටන විට හෝ හත අධිපති ග්‍රහයා 22 වැනි දෙර්කාණාධිපති වන විට එවැනිම පිහිටීම ඇති අයෙක් විවාහයට වඩාත් සුදුසුය.
    * පුරුෂයාගේ සිකුරුත් ස්ත්‍රියගේ කුජත් 22 වැනි දෙර්කාණාධිපති වීම විවාහයට අගුණය.
    * විවාහයේ මුල් වසර දෙකේදී දෙදෙනාටම තම තමන්ගේ 22වැනි දෙර්කාණාධිපති ග්‍රහයාගේ මහ දශාවන් ගතවන පරිදි විවාහය යෙදීම අගුණය.


අඟගරු කේන්ද්‍රයේ සටහන් කරන්නේ කුජ කියල "කු" අකුර තමයි ලියන්නේ මේ විදියට අනිත් ග්‍රහයන්ට
ඉරු(රවි) -ර
සදු(චන්ද්‍ර) -ච
අඟහරු(කුජ) -කු
බුධ - බු
බ්‍රහස්පති(ගුරු) - ගු
සිකුරු(ශුක්‍ර) - ශු
සෙනසුරු(ශනි) - ශ
රාහු - රා
කේතු - කේ

Tuesday, March 8, 2011

මෙන්න විශ්මිත නාඩි වාක්‍ය අනාවැකි ගැන නොදන්නා අයට පොඩි හැදින්වීමක්

 භාරතයේ විසූ පැරණි සෘෂිවරුන්ගෙන් ගුරුකුල ක්‍රමයට උරුම වූ පෙරදිග ජ්‍යොතිෂයේ වඩාත්ම ප්‍රචලිත වූ ජ්‍යොතිෂ ක්‍රම 5ක් දක්නට ලැබේ.

Friday, March 4, 2011

උපතේ සිට විවාහය දක්වා බැදුනු අපේ පැරණි හෙළ චාරිත්‍ර

      මෙහි පළමු ලිපිය මෙතනින් කියවන්න 
මල්වර වූ දැරිය නිවසේ කාමරයක තබා දොරට බැස්වීම කළ යුත්තේද සුභ නැකැත් දිනයකට අනුවය.ජ්‍යොතිෂවේදියා විසින් දැරියගේ උපන් නැකත ,මල්වර නැකත හා ජන්ම කේන්ද්‍රයේ වෙනත් විශේෂයන් සලකා බලා.මෙම දොරට බැසීමේ නැකැත් දිනය තේරිය යුතුය.
Related Posts Plugin for WordPress, Blogger...