වෘත්තය හා
බෙදිම්
වෘත්තය යනු ඉතා මනස්කාන්ත එමෙන්ම ගුප්ත වූ ජ්‍යාමිතික
තල රූපයකි.වෘත්තයක් වටා සකල ලෝක ධාතුවම තැන්පත් කල හැකියයි කිසිවකු පැවසුවහොත්
සැබවින්ම එය මානසික රෝගියකුගේ සිතුවිල්ලක් යැයි ඔබටද සිතිය හැක.නමුත් ලොව පුරා
භාවිතා වන බොහෝ විද්‍යාවන් දර්ශනයන් භාවිතා කිරීමට හා පවත්වාගෙන යාමට වෘත්තයේ
දායකත්වය පිළිබඳව අමුතුවෙන් විස්තර කල යුතු නැත.ලොව පුරා විහිදී ඇති විවිධාකාර
ආගම් ඇදහිලි වල වාත්තයක හෝ වෘත්ත ඛන්ඩයක දැක්වුනු ඉදිරිපත් කිරීමක් අනිවාර්යෙන්
දක්නට ඇත.නවීන විද්‍යාවේ සංඝටක ලෙස අනුපදයෙන් සම්මත භෞත,රසායන,ජීව විද්‍යාවන් වලද දේශපාලන,ආර්ථික
,...ආදී සමාජ විද්‍යාවන් තුල පමනක් නොව මිත්‍යා දෘෂ්ඨික යැයි සම්මත ගෝත්‍රික
ඇදහිලි තුල පවා මෙම වෘත්තය හා බෙදීම් දක්නට ඇත.