කේන්ද්‍ර සෑදීම සඳහා ලංකාවේ බොහෝ ජ්‍යොතිෂවේදින් භාවිතා කරන්නේ වගු සටහන් ආකාරයෙන් පංචාංග ලිත්වල දක්වා ඇති තොරතුරුය.මෙහිදී දෛවඥයා විසින් සිදු කරන්නේ කේන්ද්‍රය අතරමඟ සිට සෑදීමක්ය.උදාහරණයකට යම් ස්ථානයක උපන් වේලාවකට අනුරූප ලග්නය සෑදීම සැලකුවහොත් දිනට අදාල ලග්න ශේෂය ,නක්ෂත්‍ර කාලය ලිතෙන් බලා එතැන් සිට ගනන් සාදා ලග්නය ගනනය කරයි.ලග්නය පමනක් නොව එහි මූලික කොටස්(රාශ්‍යාර්ධය,දෙර්කාණය,නවාංශකය,...) මෙන්ම ග්‍රහ පිහිටීම නැකත,මහ දශාවන් ගතවන ආකාරය ගනනය කිරීමද මේ ආකාරය වේ.පංචාංග ලිත් භාවිතා නොකල අතීත කාලයේ දෛවඥයන් විසින් අහස නිරීක්ෂණය හා පාරම්පරිකව පවත්වාගෙන ආ නක්ෂත්‍ර ගණිත වගු ආදිය භාවිතා කරමින් කේන්ද්‍ර සෑදීම නිවැරදිව සිදු කලත් අද එවැන්නකු සොයා ගැනීමටවත් බැරිය.
ජ්‍යොතිෂය පිලිබඳ වැටහීමක් ඇති හා නැති සියළු ලාංකීය හා විදේශීය සිංහල ජනයා වෙනුවෙන් සකසන ලද මෙම බ්ලොග් අඩවියේ සැරිසැරීමට ඔබ සැමට සුහද ආරාධනා.
Showing posts with label පරිගණක ජ්‍යොතිෂ මෘදුකාංග. Show all posts
Showing posts with label පරිගණක ජ්‍යොතිෂ මෘදුකාංග. Show all posts
Sunday, December 9, 2018
Sunday, November 20, 2011
Mathematical Background of computer astrology - part 7( නැකත, නැකැත් පාදය ,විංශෝත්තරී මහ දශාව හා එම මහ දශා ශේෂය සෙවීම)
7 නැකත, නැකැත් පාදය ,විංශෝත්තරී මහ දශාව හා එම මහ දශා ශේෂය සෙවීම.
මීට පෙර ලිපියෙන් යම් වේලාවක චන්ද්‍ර,රාහු කේතු ග්‍රහස්ඵුථ හා එම ග්‍රහයන් පිහිටන රාශින් සෙවීමට ගණිත සිද්ධාන්ත ඉදිරිපත් කරන ලදී.
මීට පෙර ලිපියෙන් යම් වේලාවක චන්ද්‍ර,රාහු කේතු ග්‍රහස්ඵුථ හා එම ග්‍රහයන් පිහිටන රාශින් සෙවීමට ගණිත සිද්ධාන්ත ඉදිරිපත් කරන ලදී.
Mathematical Background of computer astrology - part 6 ( චන්ද්‍ර ස්ඵුථය හා රාහු කේතු ග්‍රහස්ථුට ගනනය සදහා සමීකරණ)
මීට පෙර ලිපි මගින් චන්ද්‍රයාගේ පිහිටීම ගනනය සදහා සිද්ධාන්ත පද්ධතිය විස්තර කරන ලදී.මෙම ලිපියෙන් චන්ද්‍රයාගේ හා රාහු කේතු ග්‍රහයන්ගේ ග්‍රහස්ඵුට හා එමගින් එම ග්‍රහයන් පිහිටි රාශීන් සෙවීමට අදාළ සමීකරණ ඉදිරිපත් කෙරේ.
Tuesday, November 15, 2011
Mathematical Background of computer astrology - part 5( චන්ද්‍රයාගේ පිහිටීමට සූර්ය ගුරුත්වයේ බලපෑම සෙවීම )
චන්ද්‍රයාගේ භූ කේන්ද්‍රීය පිහිටීම සොයන අයුරු පසුගිය ලිපියෙන් දැක්වීය.එහිදී අපගේ ගනනයෙන් ලත් අගයත් චන්ද්‍රිකා දත්ත අනුව ලැබෙන අගයත් අතර වෙනසක් ඇති වූයේ සූර්යයාගේ ගුරුත්ව බලපෑම එහිදී සැලකීම නොකළ බැවිනි. චන්ද්‍රයා මත සූර්ය හා වෙනත් ගුරුත්වාකර්ෂණ කැලැඹීම (Perturbations) නිසා එහි පිහිටීම දැක්වෙන දෛශිකයේ සංරචක වලට එකතු විය යුතු අගයයන් ගනණය කිරීම මෙම ලිපියෙන් දැක්වේ.
Wednesday, November 9, 2011
Mathematical Background of computer astrology - part 4 ( චන්ද්‍රයාගේ භූකේන්ද්‍රීය පිහිටීම සෙවීම )
චන්ද්‍රයාගේ භූකේන්ද්‍රීය පිහිටීම සෙවීම
සූර්යයා= Sපෘථිවිය= Eචන්ද්‍රයා= Mලෙස අංකනය කල විට චන්ද්‍රයාගේ පෘථිවිය වටා කක්‍ෂීය චලිතය පහත දැක්වෙන රූපයේ පරිදි දැක්විය හැකිය.
Thursday, November 3, 2011
Mathematical Background of computer astrology - part 3 (ලග්න ස්ඵුථය හා ලග්නය සෙවීම )
ලග්නය සෙවීම
මේ සදහා ප්‍රධාන වශයෙන්
*උපන් දිනය
*උපන් වේලාව
*උපන් ස්ථානය (අක්‍ෂාංශය හා දේශාංශය)
මේ සදහා ප්‍රධාන වශයෙන්
*උපන් දිනය
*උපන් වේලාව
*උපන් ස්ථානය (අක්‍ෂාංශය හා දේශාංශය)
Wednesday, November 2, 2011
Mathematical Background of computer astrology - part 2
Planetary Position (ග්‍රහ පිහිටීම)
කෙප්ලර් නියම
1) පලමු නියමය -
සෑම ග්‍රහ ලෝකයක්ම සූර්යයා එක් නාභියක් වූ ඉලිප්සාකාර පථයක ගමන් කරයි.
2)දෙවන නියමය
සූර්යයා කෙරෙන් ග්‍රහයකු කරා අඳින ලද දෛශික අරය සෑම සමාන කාල ප්‍රාන්තරයකදීම සමාන ක්‍ෂෙත්‍රඵල ගෙවයි.
Mathematical Background of computer astrology - part 1
Julian Day Number
කාලය සම්බන්ධ ගනනය කිරීම් වලදී පරිගනක වැඩසටහන් ක්‍රියාත්මක වීම ජූලියන් දිනය නම්වූ මූලික සංකල්පය මත ගොඩ නැංවී ඇත.
අන්තර් ජාතික අර්ථ දැක්වීම අනුව "ජූලියන් දින අංකය" අර්ථ දක්වා ඇත්තේ කි.පූ 4713 ජනවාරි 1 දින ග්‍රිනිච් මධ්‍යාහ්න දවල් 12.00 සිට ඇති දින ගනනින්ය.
ඒ අනුව කි.පූ 4801 මාර්තු 1 ග්‍රිනිච් 12.00 වේලාවේ සිට පසුවට ඕනෑම කාලයක් සදහා වලංගු වන පරිදි පහත දැක්වෙන සමීකරණ පද්ධතියෙන් වර්තමානයේ භාවිතාවන සම්මත ජෝර්ජියන් කැලැන්ඩර දිනයක් සදහා ජූලියන් දින අංකය අර්ථ දැක්වේ.ඒ අනුව
කාලය සම්බන්ධ ගනනය කිරීම් වලදී පරිගනක වැඩසටහන් ක්‍රියාත්මක වීම ජූලියන් දිනය නම්වූ මූලික සංකල්පය මත ගොඩ නැංවී ඇත.
අන්තර් ජාතික අර්ථ දැක්වීම අනුව "ජූලියන් දින අංකය" අර්ථ දක්වා ඇත්තේ කි.පූ 4713 ජනවාරි 1 දින ග්‍රිනිච් මධ්‍යාහ්න දවල් 12.00 සිට ඇති දින ගනනින්ය.
ඒ අනුව කි.පූ 4801 මාර්තු 1 ග්‍රිනිච් 12.00 වේලාවේ සිට පසුවට ඕනෑම කාලයක් සදහා වලංගු වන පරිදි පහත දැක්වෙන සමීකරණ පද්ධතියෙන් වර්තමානයේ භාවිතාවන සම්මත ජෝර්ජියන් කැලැන්ඩර දිනයක් සදහා ජූලියන් දින අංකය අර්ථ දැක්වේ.ඒ අනුව
Tuesday, January 4, 2011
Free Astrology Software (නිදහස් ජ්‍යොතිෂ මෘදුකාංග)
පරිඝණක ජ්‍යොතිෂ මෘදුකාංග රාශියක් අන්තර්ජාලය තුල දක්නට ඇත.මින් නිදහස් මෘදුකාංග ඇත්තේ අතලොස්සකි."ජගන්නාත් හෝරා" හා "කුන්ඩ්ලි" නොමිලේ භාගත පහසුකම් සලසා ඇති නිවැරදි ජනප්‍රිය ජ්‍යොතිෂ මෘදුකාංග දෙකකි.පහතින් බාගත කොට බලන්න
Friday, October 22, 2010
පරිගණකයෙන් කේන්දරේ බලන්න ඉස්සෙල්ල මේ සටහන කියවන්න
පරිඝනකයෙන් කේන්ද්‍ර බැලීම ගැන කියනකොටම මතක් වෙන්නේ කාලෙකට ඉස්සර වෙචිච පොඩි සිද්ධියක්.කතාව එතනින්ම පටන් ගත්තාම අපේ මාතෘකාවට කෙලින්ම ඇතුල් වෙන්න පුළුවන්.මේකයි සිද්ධිය,ඔයගොල්ලන්ට මතක ඇතිනේ මීට අවු 10 කට විතර කලින් ජංගම පරිගණක ජ්‍යොතිෂ සේවයක්(හෝ කිහිපයක්)මුළු ලංකාව පුරාම නගරයෙන් නගරයට සංචාරය කලා,මගේ අම්මේ බලන්න එපැයි ඒව පටන් ගත්තු මුල් දවස්වල හිටපු සෙනඟ.මට මතක විදියට පිටකොටුව ස්ටේෂම ඉස්සරහ දාපු එකේ හෙනපෝලිමක් තිබුනා.කොම්පියුටරෙන් කේන්ද්‍ර බලන්න,අත්රේඛා ස්කෑන් කොරෝලා පෙර ආත්මේ විස්තර බලන්න කට්ටිය පොර කනවා.කොහොමින් කොහොම හරි මේ ජංගම ජ්‍යොතිෂ සේවෙ අපිට කිට්ටු නගරෙටත් ආවා.මමත් ඉතින් දවසක් මොකාද එකා වගේ ගියා බලන්න.
Tuesday, October 12, 2010
පිටරට උපන් දරුවෙකුට මෙරට වේලාවට කේන්ද්‍රය සෑදීම වැරදියි.
විදෙස් රටක උපන් දරුවෙකුගේ ජන්ම කේන්ද්‍රය සෑදීමේදී ලංකාවේ බොහෝ දෛවඥයන් විසින් අනුගමණය කරන්නේ දරුවා උපන්රටේ හා ලංකාවේ වේලාවන් අතර වෙනස සොයා දැනගෙන එම වේලාව අඩු වැඩි කොට ශ්‍රී ලංකාවේ වේලාවට හරවා ලංකාවේ භාවිතා කරන පඤචාංග ලිතක් ඇසුරින් ජන්ම කේන්ද්‍රය සෑදීමයි. බොහෝ දෙනා සිතන්නේ හා පිළිගන්නේ මෙම ක්‍රමය නිවැරදි බවයි. නමුත් මෙය ඉතා වැරදි ක්‍රමයක් බව අවධාරණය කළ යුතුය.පහත දැක්වෙන කෙටි හැදින්වීම මගින් ඕනෑම අයකුට මෙහි ඇති බරපතල වැරද්ද අවබෝධ කර ගත හැකියි.
Subscribe to:
Posts (Atom)


