Wednesday, May 11, 2011

ජ්‍යොතිෂය හා සම්භාවිතා න්‍යාය -1

 එදින උදේ සිටම ඉතාලියේ පීසාහි සුප්‍රකට ඇලවෙන කුළුන අසල නිවෙස්වල පදිංචි කරුවෝ නිවෙස් වලින් එලියට නොබැස සිටීමට වග බලා ගත්හ.පීසා විශ්ව විද්‍යාලයේ ආචාර්්‍ය වරයකු වන "ගැලීලියෝ ගැලිලි" එදින උදේ වරුවේ සිට කුළුණ උඩට නැග සිදුකරන පරීක්‍ෂණයක් මීට හේතු විය.ගුරුත්වජ ත්වරණය පිළිබද නියමය අනුව කවර හෝ වස්තුවක් ඉහළ සිට නිදහසේ අත හරින ලද විට ගුරුත්වය යටතේ පොලොවට වැටෙන්නේ එකම මොහොතේ එකම කාලයකදී ය.ඒ අනුව විවිධ ස්කන්ධවලින් යුත් කාළතුවක්කු උන්ඩ කුළුණ උඩ සිට අතහරිමින් ගැලීලියෝ සිදු කළ ක්‍රියාව දෙස නගර වැසියෝ නිවෙස් තුලට වී ජනෙල් අස්සෙන් බලා සිටියේ එලියට ගියහොත් ගැලීලියෝ බිමට අතහරින කාල තුවක්කු උන්ඩයක් කොයි මොහොතේ හෝ තමන්ගේ හිස මතට කාඩා පාත් විය හැකි යැයි දැනුනු බිය නිසාමය.

Sunday, May 8, 2011

"විපරීත රාජ යෝගය"

ජ්‍යොතිෂයේදී යෙදෙන විවිධ ග්‍රහ යෝග සම්බන්ධව කතා කිරීමේදී "විපරීත රාජ යෝගය" ඉතා සුවිශේෂීවේ. මෙම යෝගය ලග්න වලට යෙදෙන ආකාරය හා ඒ පිලිබදව ජ්‍යොතිෂය කරන හා ඉගෙන ගන්නා මෙන්ම වෙනත් අයත් දැන සිටිය යුතු කරුණු කාරණා ගැන ලියැවුනු වටිනා ලිපියක් "කේන්දර සිංහලෙන්" අඩවියේ පලවී ඇත..එහි කතුවරයා වන  එම්. එම්. රෝහණ වසන්ත මහතාගේ අවසර ලබා  එම ලිපියට මේ අඩවියෙන්ද සබැදින් පහත දැක්වේ.එම ලිපිය කොටස් දෙකකට ලියා ඇත.දෙකම කියවන්න
           මෙතනින් යන්න.
       
       

Saturday, May 7, 2011

ශනි ඒරාශ්ඨක අපලයට ප්‍රතිකර්ම

කපුටු දානය දීම  
 සෙනසුරාදා දිනවල පාන්දර අවදිව හිස්බඩ කතා නොකර පිරිසිදුව හා නොඉදුල්ව කැකුළු සහල් හුන්ඩු 2ක් පමණ ගෙන සෝදා පිරිසිදු කර නැවුම් මුට්ටියකට දමා කිරිබත සකස් කිරීමට අවශ්‍ය පරිදි ලිප තබා දරදමා කොළ කැබැල්ලකින් ගිනි අවුලා(ලිපට කටින් පිඹින්න එපා.) අළුත් පොල් ගෙඩියක් ගෙන තමාම මිරිකා කිරි දමා (දානය දෙන තෙක් පොල් රොඩු පවා ඉදුල් නොකොට සතුන්ට නොදී ප්‍රව්ශම් කරන්න.) කිරිබත පිස ලිපෙන් බා න්න පෙර එළගිතෙල් මිශ්‍ර කොට ගුලි නවයක් සාදා ගන්න.අනතුරුව තමා පදිංචි භූමියේ ඉතා පිරිසිදු තැනක අඩි 5ක් පමණ උස මැස්සක් ලී වලින් තනා ඒ මත කෙසෙල් කොළ අතුරා සුවඳ පැන් ඉස නුග කොළ නවයක් නෙළුම් මලක ආකාරයට තබා ඒමත කිරිපිඩු 9 ය තබන්න.ගිතෙල් පහනක්ද ඒ අසලම දල්වන්න.(කිරිබත් ගුලි සෑදීමේදී ගිතෙල් වල පෙගූ පහන් තිර මැදිවනසේ ගුලි සාදා ගත හැකි නමුත් නයිලෝන් පහන්තිර යෙදීම කපුටාට මාරාන්තිකයි.) පහන් තිර 100%ක් කපු රෙදි වලින් හෝ කපු පුළුන් වලින් සකසා ගන්න.කපුටන්ට අඩගසා ගිතෙල් මිශ්‍රිත කිරිබත් දානය දී එදෙස සතුටු සිතින් බලා සිටින්න.සෙනසුරු වාහනය වු කපුටාට දෙන මෙම දානයෙන් මාහට(අපහට) ඇති ශනි අපල කරදර අඩුවේවායි ප්‍රාර්ථනා කරන්න.

Tuesday, May 3, 2011

"ශනි ඒරාශ්ඨකය"

         "ශනි ඒරාශ්ඨකය"යන්න ඇසෙත්ම බොහෝ දෙනාට ඇතිවන්නේ යම්කිසි බියකි.ජ්‍යොතිෂය ගැන විශ්වාසයක් නැති හා එවැනි තත්ත්වයන් පිටතට පෙන්වන අයද ඇතැම් විට ශනි ඒරාශ්ඨකය ගැන සැළකිළි මත්    වෙති.ඒරාශ්ඨක සමයේදී කේන්ද්‍ර හිමියා නොමරා මරන තරම් අපල තත්ත්වයක් ඇති බවට මතයක් තිබීම මීට හේතු සාධකවේ.විශ්ණු දෙවියන්ට වසර 19ක් බටකොළ කවාපු දේව කතාව මේ හා බැදී ඇති පෞරාණික කතාන්දරයකි.එමෙන්ම සිදුහත් තවුසාණන්ට සය වසරක දුෂ්කර ක්‍රියා කාලය තුල ශනි ඒරාශ්ඨකයක් තිබූ බව කියයි.බලංගොඩ ආනන්ද මෛත්‍රී හිමියන් විසින් හෙළිකල දැනට පිළිගෙන ඇති බුද්ධ කේන්ද්‍රය අනුව මෙය ප්‍රත්‍යක්‍ෂ සත්‍යයක් බව පෙනී යයි.