පහ වසර ශිෂ්‍යත්ව විභාගය ලංකාවේ පාසැල් සිසුන් මුහුණදෙන පලමු ප්‍රධාන ජාතික විභාගය ලෙස හැදින්විය හැක.ඉගෙනීමෙහි දක්‍ෂ කුසලතා ඇති ගම්බද දරුවන්ට නගරයේ ජාතික පාසැලකට ඇතුල් වීමට වරම් ලබා දෙන විභාගයක් වීම හා වර්තමානයේ ජනප්‍රිය පාසැල් වලට ඇතුල් වීමෙ ඇති තරඟකාරිත්වය නිසා මෙම පහ වසර ශිෂ්‍යත්ව විභාගය සමත් වීමට දරුවනුත් දෙමාපියනුත් වැඩි උනන්දුවක් දක්වයි.
ජ්‍යොතිෂය පිලිබඳ වැටහීමක් ඇති හා නැති සියළු ලාංකීය හා විදේශීය සිංහල ජනයා වෙනුවෙන් සකසන ලද මෙම බ්ලොග් අඩවියේ සැරිසැරීමට ඔබ සැමට සුහද ආරාධනා.
Thursday, August 11, 2011
Tuesday, August 9, 2011
දෑවැද්ද
"අනේ පුතේ මම මේ ආවේ අපේ දුවගේ කේන්දරේ ග්‍රහ අපල එහෙම තියේද කියලා බලන්න.දුව ලඟදි කසාද බැන්දා.දෙන්න යාළුවෙලා බැන්දේ.දැන් ඉන්නේ බෑනගේ ගෙදර.බෑනා නම් අනේ හරි හොදයි.ඒත් නැන්දම්මා එක විදියක්,වෙනස් කමක් නොකලත් අපේ දුව ලොකු දෑවැද්දක් එක්ක නාපු එකට එච්චර හිත හොද නැහැ,සැරින් සැරේට ආඩපාලි කියනවලු.අනේ ඉතිං අපි වගේ දුප්පත් මිනිස්සු කොහොමද ලොකු දෑවැදි දෙන්නේ."
Friday, August 5, 2011
උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසු සිසුවියන්ට විභාගයට පිටත්ව යාමට සුභ නැකැත්
අ.පො.ස. උ/පෙළ විභාගය මෙවර 2011 අගෝස්තු 8 සදුදා දින ආරම්භවේ.මෙම කඩඉම පාසැල් දරුවන්ගේ ඉදිරි අනාගතය තීරණය සුවිශේෂී සංධිස්ථානයකි.විශ්ව විද්‍යාල ප්‍රවේශය තීරණය වෙන මෙම විභාගය සමත්වී තමන්ගේ දරුවාත් උසස් අධ්‍යාපනයට යොමුවනු දැකීම බොහෝ දෙමාපියන්ගේ සිහිනයකි.දරුවන්ගේ අධ්‍යාපන හැකියාව උපතින් හා ඔවුන්ගේ කැපවීමෙන් පිහිටන දෙයකි.විභාගය ලියන සිසු සිසුවියන්ගේ උත්සාහයෙන් මිස යාග හෝම දෙවියන්ට පුද සත්කාර කිරීමෙන් හෝ යන්ත්‍ර මන්ත්‍ර මගින් පමනක් දරුවන්ගේ අධ්‍යාපන හැකියාවන් දියුණු කිරීම විභාග සමත් වීම කළ නොහැකිය.නමුත් ඉතා හොදින් වෙහෙස මහන්සි වී විභාග සමත් වීමට තරම් හැකියාවන් ඇති දරුවන් පවා මෙම විභාගය අසමත් වන අවස්ථා එමට ඇත.
Wednesday, August 3, 2011
කාලය අවකාශය හා ජ්‍යොතිෂය 6 - (සාපේක්‍ෂතාවාදය)
කාලය හා අවකාශය සම්බන්ධව කතා කිරීමේදී "සාපේක්‍ෂතාවාදය" පිළිබදව සදහන් නොකර බැරිය. මන්දයත් කාලය හා අවකාශය පිළිබදව අභිරහස් කරුණු රාශියක් අනාවරණය වීමට සාපේක්‍ෂතාවාදය ඉවහල් වූ බැවිනි.
Subscribe to:
Posts (Atom)
