Tuesday, August 16, 2011

ඒකශ්‍රැතිධර යෝගය



 යෙදෙන ආකාරය -
              තුන,පහ,නවය,එකොලහ ස්ථාන වල සියළුම ග්‍රහයන් සිටීමෙන් මෙම යෝගය උදාවේ.

 විපාක - සුභ යෝගයකි.යෝගය හැදින්වීමට යොදා ඇති නාමයේ අර්ථයෙන් කියැවෙන ආකාරයටම "එක් වරක් ඇසූ පමණින් ධාරණය කරගත හැකි" හැකියාවක් මෙම යෝගය පිහිටි අයට ලැබේ.බර වැඩ කර ජීවත් වන්නෙක් නොවේ.රැකියාව සදහාද ඥාණයම යොදාගනී.

 විශේෂ සටහන්
             මෙම යෝගයද සිංහාසණ යෝගය මෙන්ම දුර්ලභ යෝගයකි.දෙක,හය,අට,දොළහ සියළුම ග්‍රහයන් පිහිටීමෙන් ඇතිවන සිංහාසන යෝගය පිහිටි හා මෙම ඒකශ්‍රැතිධර යෝගය පිහිටි අයගේ කේන්දරවල පිහිටන පොදු ලක්‍ෂණයක් වන්නේ "හතර කේන්ද්‍රය හිස් වීමයි." යෝගදෙකේම ශ්‍රමණ යෝගය සැඟවී ඇති අතර ගුරු,කුජ ග්‍රහයන්ගේ සුභ අසුභ දෘෂ්ටි කේන්ද්‍රස්ථාන වලට වැටීම අනුව ශ්‍රමණ යෝගය ඉස්මතු වීම නොවීම බොහෝ දුරට තීරණයවේ.ලේඛකයන් මුද්‍රණ ශිල්පියන් ,භාෂා පරිවර්තකයන් බිහිකරවන යෝගයකි.මෙය ධන යෝගයක් ලෙස දක්වා නැතත් දෙක හා එකොළහ ග්‍රහ පිහිටීම යහපත් වන විට තම ඥාණය මෙහෙයවා ධනය උපයයි.නමුත් මෙම යෝගය පිහිටි අය මුදල් පසුපස හඹා යැම අඩුවෙන් කරන්නන්ය.

සිහින පලාඵල - 1 (විවිධ සතුන් සිහිනෙන් දැකීම)

සිහින පලාඵල - 1 (විවිධ සතුන් සිහිනෙන් දැකීම)

  1) කළු නයෙක් දැකීම
         ක්‍රමයෙන් අසරණවේ.

Sunday, August 14, 2011

ස්ත්‍රී ජාතක චන්ද්‍රිකා - 3

මෙහි පලමු ලිපි දෙක


5) පාද නියපොතු ලක්‍ෂණ
             * ස්නිග්ධාඃ සමුන්නතාස්තාස්තාම්‍රාවෘත්තඃ නඛාඃ ශුභාඃ
          යම් ස්ත්‍රියකගේ සිනිදු,උස්වූ තඹවන් වට පාද නිය සුභ වෙති.

Saturday, August 13, 2011

බටහිර වැරහැලි ඇදගෙන මව්බිමේ පෙරලි කරන අපේ කාලයේ කළුසුද්දෝ

   "මතක තියා ගනිල්ලා කවදා හරි සුද්දෝ මේ රට දාලා යනවා. උන් යන්නේ උන්ගේ දරුවෝ වගේ විසි තිස් දාහක් බෝකලාට පස්සෙයි.ඊට පස්සේ මේ අපේ රට පාලනය කරන්නේ මේ කළු සුද්දෝ. උන් උඹලගේ දරුවන්ට උගන්නාවි ජාති ආගම් යන බේදයක් එපා කියලා. දෙමලත් මරක්කලයත්, හම්බයත් කොච්චියත්, බෙර කාරයත් එකයි කියලා. උන් කියාවි මේ රට උන් ඔක්කොමටම අයිති කියලා. එහෙම කියලා උන් ඉංග්‍රීසියම රජ කරාවි. පන්සල් වටේ පල්ලි කෝවිල් හදාවි. උඹලා උඹලා වෙනුවෙන් දියසෙන් කුමාරයා ඉපදෙන තුරු බලා ඉන්නවා. උපදින්න ඉන්න දියසේන ලා තිඹිරි ගෙයිම මරා දමන්න මේ කළු සුද්දන්ට පුළුවන් බව මතක තියා ගනිල්ලා. අපේ හාමුදුරුවන්ට උන් එදාට ඉනා බේත් දෙනවා. ඉන් පස්සේ උඹලෑ කොල්ලෝ කෙල්ලන්‍ට ඇටි කෙහෙල් කාපු රිලව් වගේ නියෝ නියෝ ඉන්න සිද්ද වේවි."