පෝරුවේ චාරිත්‍ර යනු සිංහල බෞද්ධ අපට අමුතුවෙන් හදුන්වා දිය යුතු දෙයක් නොවේ.පැරණි පොත්පත් වල සදහන්ව ඇති ආකාරයට පෝරුව හා එහි චාරිත්‍ර වලට දිගු ඉතිහාසයක් ඇත.එහි ආරම්භය පිළිබදව නිභ්චිත සදහනක් නැතත් චිරාත් කාලයක් මුඛ පරම්පරාවෙන් පැමිණ ඇත.
ජ්‍යොතිෂය පිලිබඳ වැටහීමක් ඇති හා නැති සියළු ලාංකීය හා විදේශීය සිංහල ජනයා වෙනුවෙන් සකසන ලද මෙම බ්ලොග් අඩවියේ සැරිසැරීමට ඔබ සැමට සුහද ආරාධනා.
Tuesday, February 28, 2012
Tuesday, February 7, 2012
අභාවයට යන ලාංකීය බලි ශාන්තිකර්ම කලාව - 2
* බලි ඇඹීම
බලි යාගය පවත්වන දින උදේ සිට බලි ඇඹීම සිදු කරයි.මෙම බලි ඇඹීමේදී එක් එක් සම්ප්‍රධායන්ට සුවිශේෂී වූ ක්‍රම පවතී.නුවරකලාවියේ වර්ණ සදහා යොදා ගන්නේ දේශීය කොළ,ඵල පොතු ඇට ආදියයි.
බලි ඇඹීමේදී වඩාත් විචිත්‍රවත් හා ජීවමාන අයුරින් බලි ඇඹීම සැලකූ විට පහත රට සම්ප්‍රධාය ප්‍රමුඛ තැනක් ගනී.
Friday, January 13, 2012
අභාවයට යන ලාංකීය බලි ශාන්තිකර්ම කලාව
"අලි බැලිල්ල හා බලි බැලිල්ල කොච්ර කලත් එපා වෙන්නේ නෑ " යනුවෙන් වචන මෙන්ම අදහසද විකෘති කරන ලද කතාවක් අප අතර ඇත.ඇත්තෙන්ම මින් අලි බැලීම හා බලි බැලීම ඇසට ප්‍රිය දසුනක් යන්න අදහස් කිරීමක් නිරූපනයවේ.සාහිත්‍ය විචිත්‍රභාවය අනුව සලකන විට මෙහි සත්‍යතාවක් ඇතත් නියම වචනය "අලි බැලිල්ල හා බලි ඇරිල්ල ප්‍රවේශමෙන් කල යුතුය." යන්නයි.ඇත් ගොව්වකු විසින් අලියා බලා කියා ගැනීම හෙවත් අලි බැලීම හා බලි ඇදුරකු විසින් කඩතුරාවෙන් වසන ලද බලි රූපයේ කඩතිරය විවෘත කිරීම හෙවත් "බලි ඇරීම" ප්‍රවේශමෙන් කල යුතු බව මින් අදහස් කෙරේ.දස්‌කොන් අදිකාරම හා රාජ දේය අතර පැවතුන ප්‍රේම සම්බන්ධය පිළිබඳ පුවත ද සෙංකඩගල බලියාගය පිළිබඳ තොරතුරු සපයයි. රජ කුමරිය වෙනුවෙන් කෙරුණු බලි ශාන්තිකර්මයක් සඳහා තනන ලද ප්‍රතිරූප බලි රුවෙහි කිසියම් අඩුපාඩුවක්((( (උපන්ලපයක්) පෙන්වීම නිසා රාජ උදහසට ලක් වූ අදිකාරම රජු වෙතින් මැරුම් කෑමේ සිද්ධියත් සමඟ මෙම කියමන මිනිසුන් අතර ප්‍රචලිත වූ බව ඉතිහාසයේ සදහන්ය.
Monday, January 2, 2012
සංඛ්‍යා යෝග
රාහු කේතු හැර අනිත් ග්‍රහයන් හත් දෙනා (රවි,චන්ද්‍ර,කුජ,බුධ,ගුරු,ශූක්‍ර,ශනි) එකම රාශියක,රාශී දෙකක,තුනක ආදී ලෙස රාශීන් වල එක් රැස් වී පිහිටීම අනුව යෝග හතක් යෙදේ.මෙම යෝග හත එක් ලිපියකින් දැක්වූ විට පාඨකයාට අවබෝධ කර ගැනීමට හා වටහා ගැනීමට පහසු නිසා මෙම යෝග හත පිළිබදව මෙම ලිපියෙන් දැක්වේ.
Subscribe to:
Posts (Atom)
