Wednesday, January 2, 2013

ශුභ මුහුර්ථ සෑදීමේදී අත්හල යුතු දෝෂ කිහිපයක්

කල් වේලා ඇතිව සාදන මහා නක්ෂත්‍ර සුබ මුහුර්ථ සෑදීමේදී අනිවාර්යයෙන් සලකා බැලිය යුතු ශුභ කරුණුත් අත්හල යුතු අසුබ කරුණුත් මීට පෙර අවස්ථාවකදී දක්වන නමුත් මෙම ලිපියටද එම කරුනු සම්බන්ධ වන බැවින් ඒවා නැවත කෙටියෙන් සලකමු

Tuesday, January 1, 2013

වස් කවි - 2

 වස්කවි ලිවීම හා කියවීම යහපත් දෙයක් නොවේ.වස්කවි භාවිතා කරන්නේ වෙනත් අයකුට අයහපතක් කිරීමටය.මේ නිසාම වස් කවි යන වචනය පවා යමෙකුට බියක් චකිතයක් අප්‍රියතාවක් ඇති කරයි.වස් කවි වලින් සොරුන් දරුණු සතුරන් විනාශ කල ආකාර පිළිබඳව අතීත තොරතුරු වාර්තා වන අතරම ඉන් පරි බාහිරව ඉරිසියාව තරහ මත අහිංසක පුද්ගලයන්ගේ විනාශය සැලසීමටද වස්‌කවි යොදාගත් අවස්‌ථා ගැනද  තොරතුරු ඇත.

Monday, December 31, 2012

වස් කවිය

 “එලිස නැන්දේ ගුණතුංග ගෙදර ඉන්නවද?“
  කුඩා නිවසේ ගෙමිදුලට වී ඩේවිඩ් මුදලාලි දොරකඩ සිටි එලිස ආච්චීගෙන් ඇසුවේය.
 ආච්චි පිළිතුරු දීමටත් ප්‍රථම  නිවස ඇතුලේ සිටි  ගුණතුංග ඩේවිඩ් මුදලාලි ඉදිරියට ආවේය.
 “ආ....මොකක්ද දන්නේ නෑ උවමනාව“
  ගුණතුංගේ ප්‍රතිචාරය ඹහුගේ සුපුරුදු ක්‍රමයටම විය.තම ගම්මානයේ අසල්වැසි ඥාතී හිතවතුන් සමඟ නමින් අමතා කතා කිරීමක් ඔහු තුල නොවුනි.එලිස ආච්චි තරමක් එහාට මෙහාට වනතුරු සිටි ඩේවිඩ් මුදලාලි