විවාහ සහකාරියක් තෝරා ගැනීමේදී ගැටවර වියේ සිටින අවිවාහක තරුණයෙකු බොහෝ විට සැලකිල්ල දක්වන්නේ හැඩකාර යෞවණියක් තෝරා ගැනීමට වුවත් වයසින් මුහුකුරා ගිය පිරිමියකු සිය අනාගත සහකාරියගේ නැණ ගුණවත් කම පිළිබඳවත් වැඩි සැලකිල්ලක් දක්වයි.
ජ්‍යොතිෂය පිලිබඳ වැටහීමක් ඇති හා නැති සියළු ලාංකීය හා විදේශීය සිංහල ජනයා වෙනුවෙන් සකසන ලද මෙම බ්ලොග් අඩවියේ සැරිසැරීමට ඔබ සැමට සුහද ආරාධනා.
Friday, March 29, 2013
විවාහය අතරමඟ බිඳ දමන යෝග හා බහු විවාහ යෝග
විවාහ දිවිය අතරමඟදී බිඳ දමන හා විවාහ කීපයක් (බහු විවාහ) සිදු කරවන ජන්ම කේන්ද්‍රෙය් පිහිටා ඇති යෝග පිළිබඳව ජ්‍යොතිෂ පොත්පත්වල සඳහන්ය මෙවැනි යෝග කේන්ද්‍රවල පිහිටන ආකාරයත් ඒවා බල පැවැත්වෙන ආකාරය,යෝගයේ දෝෂ භංග වන ආකාරයත් ජ්‍යොත්ෂ මූල ග්‍රන්ථවල විස්තරාත්මකව සඳහන්ව ඇත.මෙවැනි යෝග පිහිටා ඇති කේන්ද්‍ර දුටු පමනින් ජන්මියාට ඒ පිළිබඳව දැන්වීමට පෙර හොදින් පරීක්ෂා කල යුතුය.ස්වාමි පුරුෂයා හෝ භාර්්‍යාවගේ උපන් කේන්ද්‍ර ග්‍රහ පිහිටීම අනුවද මෙම දෝෂ යෝග භංග වන අවස්ථා ඇත.එමෙන්ම මෙම දෝෂ ඉස්මතු වන කාලසීමාවන් ගැනද අවබෝධයක් වැටහීමක් ඇතිව ප්‍රකාශ කිරීමටද ජ්‍යොතිෂවේදියා ප්‍රෙව්ශම් විය යුතුය.
Sunday, March 24, 2013
අඩමානෙට කේන්ද්‍ර හැදීම හෙවත් ජ්‍යොතිෂය විනාශ කිරීම
අඩමානෙට කේන්ද්‍ර හැදීම හෙවත් ජ්‍යොතිෂය විනාශ කිරීම
තමන්ගේ උපන් කේන්දු සටහන හදිසියේ නැතිවීම, ජන්ම කේන්‍දුයක් සාදා නොතිබීම ජන්ම වේලාව නිවැරදිව දැන නොසිටීම ආදී අවස්ථාවලදී නැවත ජන්ම කේන්‍ද්‍රයක් සාදා ගැනීමේ ගැටළු ඉස්මතුවූවන් නිතර නිතර අප වැනි ජ්‍යොතිෂ වැඩ කරන්නන් සොයා පැමිනේ.මංගල කටයුත්තකදී අනෙකුත් පාර්ශ්වයෙන් පොරොන්දම් පරීක්ෂාව සඳහා ජන්ම කේන්ද්‍රය ඉල්ලා සිටීම,ගෙයක් සෑදීම සඳහා සුභ නැකැතක් තෝරා ගැනීම ආදී අවස්ථාවලදී එවැන්නන්ට මෙම ගැටළුවට මුහුණ දීමට සිදුවේ.
Tuesday, February 26, 2013
තොටගමු ගුරු හිමියනි මා මූසිලයකු නොවෙමි -වෑත්තෑවේ හිමි
පුරාණ ලංකාවේ සත්කෝරළේ දිසාවේ කටුගම්පළ හත්පත්තුවේ මැදපත්තු කෝරළේ වෑත්තෑව නම් ගමකි.මේ ගමෙහි දුග්ගන්නා වලව්වේ දුග්ගන්නා රාළට දරුවන් කිහිප දෙනෙකි.පවුලේ බාල දරුවා වූ "අප්පුහාමි"කුඩා කල සිටම වැඩි කලබලයක් නැති කීකරු දරුවෙක් විය.ඉගෙනීමටද දක්ෂකම් පෑ අප්පුහාමි පුතුගේ වැඩිදුර ඉගෙනුමට වඩාත් සුදුසු ස්ථානය එකල රටේ පමනක් නොව වෙනත් දේශ වලද ජාත්‍යන්තර සරසවියක් මෙන් ප්‍රසිද්ධ "විජයබා" පිරිවෙන බව වටහා ගත් දුග්ගන්නා රාල තම පුතුව තොටගමුවේ ශ්‍රී රාහුල හිමිගේ පරිවෙණාධිපතිත්වයෙන් යුක්ත වූ "විජයබා"පිරිවෙනට ඇතුලත් කලේය.
ඉගෙනුමෙහි අති දක්ෂයෙකු වූ අප්පුහාම් වැඩි කල් නොගොස් රාහුල හිමියන්ගේ ප්‍රධානම ගිහි ගෝලයන් කිහිප දෙනා අතරට එක් විය.අනතුරුව රාහුල හිමිගේ ගුරු තත්ත්වයෙන් පැවිදි විය.පැවිදි වීමෙන් පසු "වෑත්තෑවේ හිමි" නාමය ලැබ රාහුල ගුරු හිමිගේ සමීපතම ගෝලයා බවට පත් විය.
Subscribe to:
Posts (Atom)