Sunday, August 26, 2012

සර්ප යෝගය

  සර්ප යෝගය
        නාභස යෝග යටතේ වූ දළ යෝග දෙකෙන් එක් යෝගයක් වූ සර්ප යෝගය පිළිබදව සිංහල ජ්‍යොතිෂ පොත් පත් වල වැරදි අර්ථ දැක්වීම් දක්වා ඇත.ඇතැම් සිංහල ජ්‍යොතිෂ පොත් පත් වල හා සිංහලයට පරිවර්තිත පොත් වල සර්ප යෝගය අර්ථ දක්වා ඇත්තේ
  "සියළු පාප ග්‍රහයන් පමනක් කේන්ද්‍රස්ථාන ගතව සිටීම" ලෙසයි.

Saturday, August 25, 2012

පංචාංග ලිත් වල දක්වා ඇති පංචාංග ශුද්ධිය සලකා ඇති ආකාරය පිළිබදව ජ්‍යොතිෂවේදීන් දැන සිටිය යුතුමය.

      සුභ නැකැත් දින තේරීමේදී එකිනෙකට වෙනස් පඤ්චාංග ලිත් භාවිතා කරන දෛවඥයන් එකිනෙකට වෙනස් සුභ නැකැත් දින තේරීමත් එක් අයෙකු තේරූ සුභ නැකැත් දිනයක් අනෙකා අසුභ දිනයක් ලෙසදැක්වීමත් නිසා ජ්‍යොතිෂය ගැන උනන්දුවක් ඇති නමුත් ලොකු අවබෝධයක් නැති සාමාන්‍ය ජනයා මින් විශාල අසීරුතාවකට පත්වන අතර ජ්‍යොතිෂය ගැන ඔවුන් අතර ඇති විශ්වාසය පළුදු වීමටද මෙය හේතුවක් වී ඇත.