Saturday, May 21, 2011

ග්‍රහ දෘෂ්ටි

       ග්‍රහයන්ගේ දෘෂ්ටි වීම හෙවත් ග්‍රහයන්ට පෙනීම ජ්‍යෙතිෂයේ සෑම ක්‍ෂෙත්‍රයක් පුරාම වැඩි වශයෙන් භාවිතා වේ. පොරොන්දම් බැලීමේදී, නැකැත් සෑදීමේදී පලාඵල බැලීමේදී,මල්වර පරීක්‍ෂාවේදී නිමිති ශාස්ත්‍රයේදී,ලෝකායත ජ්‍යොතිෂයේදී ආදී සෑම ක්‍ෂෙත්‍රයක් තුලම ග්‍රහ දෘෂ්ථි පිළිබදව විමසෙන නිසා ජ්‍යොතිෂවේදීන් ග්‍රහ දෘෂ්ථි පිළිබදව මනා ලෙස දැන සිටිය යුතුමය.

  ග්‍රහ දෘෂ්ටි පිළිබදව පොත්පත්වල දක්වා ඇති විස්තර ප්‍රභේදාත්මකය. ජ්‍යොතිෂය ඉගෙන ගන්නා කාලයේදී ග්‍රහ දෘෂ්ථි පිළිබද මෙම ගැටළුකාරී තත්වය තිබුනු අතර පොත්පත්වල මේපිළිබදව සම්මත ක්‍රමයක් නොතිබීම එකළ මා හට තිබූ විශාල ගැටළුවක් විය.(මේ වන විට එයට විසදුමක් ලෙස සාම්ප්‍රධායික අපගේ ගුරුකුල ක්‍රමය අනුගමනය කරමි.) පොරොන්දම් පරීක්‍ෂාව ඇතුළු ජ්‍යොතිෂයේ භාවිතා වන විවිධ ක්‍ෂෙත්‍රවලදී එක් එක් ජ්‍යොතිෂවේදීන් විසින් විවිධාකාර අදහස්  ඉදිරිපත් වීමට ප්‍රධාන හේතුවක් ලෙස මෙම ග්‍රහ දෘෂ්ථි වල ඇති ප්‍රභේදාත්මක තත්ත්වය බලපා ඇත.බොහෝ වැඩිහිටි ජ්‍යොතිෂවේදීන් මේ පිළිබද වැටහීමකින් යුතු වුවත් නිහඩව සිටින්නේ එය ජ්‍යෙතිෂය කෙරෙහි සාමාන්‍ය ජනතාවගේ විශ්වාසය පළුදු වීමට හේතුකාරක විය හැකි බැවිනි.
       ග්‍රහ දෘෂ්ථි පිළිබදව පෙරදිග හා බටහිර ජ්‍යොතිෂවල දක්වා ඇති සිද්ධාන්ත දෙආකාරයකි.මෙහිදී අප සලකා බලන්නේ පෙරදිග ක්‍රමයට ග්‍රහ දෘෂ්ථි ඇතිවන ආකාරය සරල අයුරිනි.


  ග්‍රහ දෘෂ්ථි වැටෙන ආකාරය සරලව
      පූර්ණ දෘෂ්ථි  (ග්‍රහයා සිටින රාශිය අංක 1 ලෙස ගෙන ගනින විට)
                  ගුරු -        5,9 ස්ථාන වලට පූර්ණ දෘෂ්ථි වේ.
                  ශනි  -        3,7,10 ස්ථාන වලට පූර්ණ දෘෂ්ථි වේ.
                  කුජ   -        4,8 ස්ථාන වලට පූර්ණ දෘෂ්ථි වේ.
                  රවි,සදු,බුධ,සිකුරු  -  7  ස්ථානයට පූර්ණ දෘෂ්ථි වේ.
                  රාහු  -      8 ස්ථානයට පූර්ණ දෘෂ්ථිවේ.
                  කේතුට දෘෂ්ථි නැත.


 මේ ග්‍රහ දෘෂ්ථි වැටීම පිළිබද අප භවිතා කරන අයුරුයි.පැරණි පොත්පත්වල විවිධ ග්‍රහයන් එක් එක් ස්ථාන වලට කාල,අර්ධ,තුන්කාල වශයෙන් දෘෂ්ථි වීම් ගැන සදහන් කර ඇති නමුත් සාම්ප්‍රධායික වශයෙන් භාවිතා කෙරෙන්නේ ඉහත දැක්වූ පූර්ණ දෘෂ්ථි අවස්ථාවන්ය.


    

9 comments:

jijjie said...

රාහු සදහා 8 ගනන් බලන්නේ දක්ශිනාවර්ත දිශාවට නේද? කුජට 7ත් පූර්න දෘශ්ටියෙන් පෙනෙනවා නේද?

jhothishalanka said...

@jijjie
ඉතා හොද ප්‍රශ්ණයක්. රාහු ගමන් කිරීම පිටුපසට සිදු වන්නක්.එය එසේ වුවත් රාහුගේ දෘෂ්ටිය බැලීමේදී දක්‍ෂිනාවෘතව රාශි ගැන බැලීමක් මා අසා නැහැ.ඇතැම් පොත් වල රාහු හත්වැන්න දකින බව දක්වා ඇත.
බොහෝ පැරණි පොත්පත්වල දක්වා ඇති ආකාරයට සියළුම ග්‍රහයන්ට හත පෙනෙන බව දක්වා ඇත. ඒ අනුව බලන විට කුජට පමනක් නෙවෙයි සියළුම ග්‍රහයන්ට හත පූර්ණ වශයෙන් පෙනෙන බව කිව හැක.ඉහත ලිපියට එය නොදැක්වූයේ ග්‍රහ දෘෂ්ටි වැටීම පිළිබදව මා ඉගෙන ගත් ආකාරය ඊට වෙනස් බැවිනි.නමුත් පොරොන්දම් බැලීමේදී ලග්නයේ පිහිටි ග්‍රහයන් හත්වැන්නට බලපෑම විශේෂයෙන් සලකා බැලීම සෑම දෛවඥයකුම සිදු කරයි.පාප ග්‍රහයකු ලග්නයේ කුජ,ශනි,.. වැනි පාපී ග්‍රහයකු සිටින විට හත්වැන්නට පාපාංශක බලපෑමක් ඇති බවත් ගුරු,සිකුරු,... වැනි සෞම්‍ය ග්‍රහයකු සිටින විට පාපාංශක විෂ මැකෙන බවත් ප්‍රචලිතය.මේ අනුව සෑම ග්‍රහයන්ටම හත පෙනීමේ සිද්ධාන්තයක් නිරායාසව භාවිතවේ.
ග්‍රහයන්ගේ දෘෂ්ථි වැටීම සලකා බලා ඇත්තේ කිසියම්වූ සිද්ධාන්තයකට අනුවය.මෙහිදී ග්‍රහයාගේ කාරකත්වය,පිහිටීම, ස්වභාවය,... ආදී කරුනු රැසක් සලකා බලා ඇත.

Unknown said...

වැදගත් ලිපියක් ....................

ජෝතිෂය ගැන ලියවුන පොත් එකක් දෙකක් කියවා සරල අවබෝධයක් ලබා ඇත. නමුත් මේ ගැන් ඒ කිසිවකින් අවබෝධයක් ලබා ගන්න බැරි වුනා හරිහැටි විස්තර කිරිමක් නොමැති නිසා.

නමුත් ගැටලුනම් බොහොමයක් තිබෙනවා.
(1)
මම ග්‍රහ දෘෂ්ථි පිලිබද අවබෝධ කරගත් ආකාරය හරිද?
උදා:- කාගේ හරි කෙන්දරයක 5හි ගුරු සිටිනම් 5,9 ස්ථාන වලට පූර්ණ දෘෂ්ථි දෙන බැවින් ඒ කෙනගේ 9 වැන්නට හා 1 වැන්නට ගුරුගේ පූර්ණ දෘෂ්ථි වැටේ.

(2)මෙම ග්‍රහ දෘෂ්ථි සලකා බැලු පසු එක් එක් රාශියට එම ග්‍රහයන් දක්වන උච්ච නිච බව සලකා බැලීම කරද පලාඵල බැලීම සිදු කරන්නේ?.

(3)රාශියක සිටින ග්‍රහයන්ගේ සOයෝග (යෝග වීම්) සලකා බලන්නාසේ දෘෂ්ථි දැක්වු ග්‍රහයන්ගේත් සOයෝගවීම් සලකා බලන්නෙද?.

Anonymous said...

වැදගත් ලිපියක්

Anonymous said...

ජොතිෂය පොත් පත් එකක් දෙකක් කියවා සරල වැටහීමක් ඒ පිළිබද ලබා තිබුනත් මෙම ලිපියෙහි සදහන් කරුණු ගැන අසා ඇති නමුත් අවබෝධයක් නොතිබුනි.

වැදගත් ලිපියකි.............
නමුත් මේ ගැන ගැටලු තිබේ.

(1)මෙම ග්‍රහ දෘෂ්ථි සලකා බැලු පසු එක් එක් රාශියට එම ග්‍රහයන් දක්වන උච්ච නිච බව සලකා බැලීම කරද පලාඵල බැලීම සිදු කරන්නේ?.

(2)රාශියක සිටින ග්‍රහයන්ගේ සOයෝග (යෝග වීම්) සලකා බලන්නාසේ දෘෂ්ථි දැක්වු ග්‍රහයන්ගේත් සOයෝගවීම් සලකා බලන්නෙද?.

jhothishalanka said...

@Gura
1) හරි
2) පලාඵල බැලීමේදී ග්‍රහයන්ගේ දෘෂ්ථි වැටීම හා ග්‍රහයන්ගේ උච්ච නීච ස්වභාවයන් සලකා බැලෙනවා.මීට අමතරව සලකා බැලෙන වෙනත් අංගද ඇත.නමුත් ඒව වෙන් වෙන් වශයෙන් සලකා බැලීමට වඩා පලාඵල බැලීමේදී කෙරෙන්නේ ඒවා සුසංයෝග කරමිනි.එක් අංශයකට යොමු වීමක් නොවේ.විශාල බිල්ඩිමක ආරක්‍ෂණ කැමරා පද්ධතිය ඇටවූ කාමරයේ සිටින ආරක්‍ෂක නිලධාරියකු කැමරා සියල්ල දෙස බලමින් ගොඩනැගිල්ලේ ආරක්‍ෂාව විමසන ආකාරය මෙනහි කරන්න.
3) ග්‍රහයකුගේ දෘෂ්ථිය රාශියකට එල්ල වන විට එම රාශියේ සිටින වෙනත් ග්‍රහයන්ටද අදාළ ග්‍රහයාගේ දෘෂ්ථිය වැටේ.ග්‍රහ දෘෂ්ථි වැටීමේදී ග්‍රහයන් අතර ඇති බලපෑම බලන්නේ මෙවැනි ආකාරයකටය.මල්වර පරීක්‍ෂාවේදී සලකා බැලෙන ප්‍රධාන සිද්ධාන්ත කීපයෙන් එකක් පහත දැක්වේ.
*අනුපචය ස්ථාන වූ 1,2,4,5,7,8,9,12ස්ථානයක් නර(මනුෂ්‍ය) රාශියක් (මිථුන,කන්‍යා,තුලා ධනු පූර්වාර්ග ගා කුම්භ) වූකල සදු සිටීද ඒ සදු කුජ විසින් දක්නා ලද්දේද එය මල්වර යෝගයකි.
මෙය ග්‍රහයන් අතර දෘෂ්ථි ජ්‍යොතිෂයේ යෙදී ඇති ආකරයට උදාහරණයකි.

Anonymous said...

කදිම ලිපියක්,
මට ඔබව සම්බන්ද කර ගත හෑකි ලිපිනය මෙහි සදහන් කරනවද? මීට කලින් මා ලග එය තිබුනා.දෑන් එය නෑති වෙලා.

-Nathan-

Anonymous said...

ලිපිනය කිව්වේ email එකට

දසුන් සමීර වීරසිංහ said...

බ්‍රිහත් පරාශ්‍රරයේ "කලියුගයේදී ජෝතිෂය මිය යයි. නමුත් අන්දව යලි ඉපදෙයි" යන වැකිය මුලින්ම සඳහන්වෙයි. මා හිතන්නේ මෙයින් අදහස් කරන්නට ඇත්තේ කලියුගයේදී ජෝතිෂයේ මූලධර්ම වැනසී, එහි ප්‍රතිඵල පමණක් අන්දව භාවිතාක රන්නට පෙළඹෙන බවයි. ග්‍රහයන් තමන් සිටින රාශිය අනුවද දෘෂිටියක් හෙළනබවද අමතක නොකළ යුතුයි. ග්‍රහ දෘශ්ටි ගැනද ලිපියක් ලියන්නේනම් හොඳයි. මපේ පුද්ගලික මතයට අනුව ග්‍රහ දෘෂ්ටි මෙසේය.

කුජ - 4,8
ගුරු, - 5, 9 (මේවාට සෙනෙහස් දෘෂ්ටි කියාද කියයි)
ශනි - 3, 10 (ශනි 3වැන්න දකින්නේ අර්ධවූ සෙනහසකිනි, නමුත් 10 වැන්නට හෙලන්නේ රළු දෘෂ්ටියකි)
කේතු හැර අනෙකුත් සියලු ග්‍රහයන් 7 දකී(කේතු මෝකෂ කාරක බැවින් දෘෂිටි නැත, අනෙකුත් සියලු ග්‍රහයන් 7 දකින්නේ ඒවාට ඇත්තේ ලෞකික අරමුනු බැවිනි)

Related Posts Plugin for WordPress, Blogger...