Friday, May 13, 2011

ඉරිසියාව හා ඇස්වහ කටවහ.

" ඉරිසියාව" මෙය ජීවිතයේ කිනම් අවධියක හෝ අප සෑම කෙනෙකු තුලම ඇතිවිය හැකි මානුෂික ලක්‍ෂණයකි.මෙහිදී "මානුෂික" යන වචනය ඉරිසියාව හැදින්වීමට යොදා ගැනීම පිළිබදවඇතැම් විට ඔබ මා සමග උරණ විය හැකියි.නමුත් මෙලොව උපදින මිනිසුන් තුල පහල වන දුක සතුට ක්‍රෝධය තරම්ම පොදු තත්ත්වයෙන් සෑම අයකු තුලම ඇතිවිය හැකි ඉරිසියාව සත්‍ය ලෙසම මනුස්ස ගතියක්ම වේ.

  "අනේ මම නම් කවදාවත් කිසිවෙකුට ඉරිසියා කර නැහැ.කවදාවත් ඉරිසියාවක් දැනිලාවත් නැහැ.අනෙක් අය මට වඩා හොඳින් දියුණු වෙලා ඉන්නවට මම නම් කැමැතියි." මෙවැනි ප්‍රකාශ කරන අය අප අතරේ කොතෙකුත් සිටිති.ඔබ විසිනුත් මෙවැනි ප්‍රකාශ සමහර විට කර ඇති. ඔබගේ මේ වගන්ති වලින් කියැවෙන්නේ , ඔබ තුළ ඊර්ෂ්‍යාව නැති බව නම් නොවෙයි. ඊර්ෂ්‍යා නො කරන බවත් නොවෙයි. පෘථග්ජන කවුරුන් හෝ එසේ පවසනවානම් එය මෙලොව හොදම බොරුව වෙනුවෙන් සම්මානයට සුදුසුය.මේ වනවිට ඔබ ආගම දහම අනුව ඉරිසියාවෙන් ඇතිවන ආදීනව දැන එය පාලනය කරමින් සිටින අයකු විය හැකි වුවත් ඔබට නොදැනුවත්වම ඉරිසියාව සෑම විටම ඔබව පීඩාවට පත්කරනු ඇත.
  තමා සතුව නොමැති සැප සම්පත් වස්තුව,දේපළ,සතුට,දක්‍ෂකම හැකියාව දියුණුව අන් අයට ඇති බව පෙනෙන දකින විට ඔබේ සිතට අපහසුතාවක්, අසතුටක්, නොකැමැත්තක් දැනේද එය ඉවසා සිටීමට බැරි තත්ත්වයක් අඩු වැඩි වශයෙන් දැනේද එය ඊර්ෂියාවයි.
  ඉරිසියාව සිතට දැනෙන්නේ බොහෝ විට තමන් හදුනන අයගේ දියුණුව දක්න විටය.තමන් නොහදුනන අයකුගේ දියුණුව ඇසෙන දකින විට එය එතරම් ගනනක් නැති තරම්ය.තමා නොහදුනන ඈත පළාතක කුඩා දරුවකු පහේ ශිෂ්‍යත්වයෙන් ලංකාවෙන් පළමුවෙනියා වුනත් එතරම් ගානක් නැති වුවත් තමන් හදුනන ඥාතී හෝ අසල්වැසි ළමයකු පහේ ශිෂ්‍යත්වයෙන් සමත් වූ විට බොහෝ දෙනෙකුගේ සිතට අපහසුතාවක් අසහණයක් ඇතිවේ.විශ්ව විද්‍යාලයට තේරීම හෝ උසස් රැකියාවක් ලැබීමකදී මෙම තත්ත්වය වැඩිපුර දැක්ය හැක .තමාට හෝ තමන්ගේ දරුවෙකුට එවැනි තත්වයක් ලබා ගැනීමට නොහැකි වීම ඊට හේතුවයි.සමහර විට තමා හෝ තමන්ගේ දරුවන් හොදින් ඉගෙන ගන්නා විටත් ඇතැම් අයටත් මෙය දැකිය හැක්කේ අනිකා තමන්ට වඩා ඉහළ යාමක් සිදුවේ යැයි සිතට දැනන බැවිනි.බොහෝ විට ඉරිසියාවේ ප්‍රමාණය සන්සන්දනාත්මක අයුරින් අඩු වැඩිවේ.හදුනන කෙනෙකු වුවද තමාට වඩා තත්ත්වයෙන් දියුණුවෙන් උසස් වීමද බොහෝ දෙනාට ඉරිසියා සිතුවිලි පහළ කරවයි.ඉතා කුඩා අවධියේදී තමාගේම සොයුරු සොයුරියන්ට දෙමාපියන් දක්වන වැඩි සැලකිල්ල කෙරෙහි අසල්වැසි යහළුවන් සතුව ඇති සැප සම්පත් ආදියට දක්වන ඉරිසියාවෙන් ආරම්භ වී පාසැල් යන විට තමන්ගේම යහළුවන් තමන්ට වඩා අධ්‍යාපනයෙන්,ක්‍රීඩාවෙන්,කලාවෙන් දක්වන හැකියාවන්ට ඉරිසියා කරයි.බාල අවධියේදී ඉරිසියා සිතුවිලි සිත තුල තද කරගෙන සිටියත් වැඩිහිටියකු වූ විට ඉරිසියාවක් දැනුනු කළ ඊට ප්‍රතිචාර දක්වයි.මෙය බොහෝ විට ක්‍රියාත්මක කෙරෙන්නේ තමන් ඉරිසියා කරන තැනැත්තාගේ තැනැත්තන්ගේ දියුනුව අඩාළ කිරීමට උත්සාහ කිරීමෙනි.


  කෙනෙකු තුළ පහළ වන ඉරිසියාව අඩු වැඩි වීමට පහත දක්වා ඇති කරුණු බලපෑ හෑක.
    * තමාගේ ඉරිසියාවට ලක්වන තැනැත්තා තමන් දන්නා හදුනන අයකු වීමෙන් ඉරිසියාව ක්‍රියාත්මක විම ආරම්භවේ.
    * ඇතැම් විට තමාගේ සිතට ඉරිසියාව ගෙනෙන ඥාතී හිතවත් අසල්වැසි තැනැත්තා තමා සමඟ සතුරු අමනාප කම් ඇති අයකු හෝ එවැනි පවුලක අයෙක් නම් ඉරිසියාව තරහක් ක්‍රෝධයක් දක්වා වර්ධනය වේ.
    * තමාගේ සහෝදර සහෝදරියන්ට හා ඔවුන්ගේ දරුවන් පවුලේ අයගේ දියුණුවට ඉරිසියා කරන පුද්ගලයන් අඩු නමුත් ඉතා කලාතුරකින් කිසිදු හේතුවක් නොමැතිව ඔවුන්ගේ දියුණුවට ඉරිසියා කරන අය මේ රටේ සිටිති.
    * ඇතැම් අය තම ඥාතීන්ගේ දියුනුවට ඉරිසියා නොකරන නමුත් තමා හදුනන වෙනත් අයට ඉරිසියා කරයි.
    * ඇතැම් අයට ඉරිසියාව ඉතා තදින් ඇතත් තමාට සුවිශේෂී උදවු පදවු කල අයගේ හා ඔවුන්ගේ දූ දරුවන්ගේ දියුනුව දැක සතුටුවේ.ඉරිසියා නොකරයි.
    * ඇතැම් අයට තමා ගරු කරන ප්‍රිය කරන දේශපාඥයා,ක්‍රීඩකයා,කලාකරුවා,ආගමික පූජකතුමා වැන්නවුන්ගේ දියුනුවට ඉරිසියා නැත.ඔවුන්ගේ දියුණුව සිතට සතුටක් ගෙනදේ.


   ගැහැණුන්ට පිරිමින්ට වඩා ඉරිසියාව වැඩි යැයි කතාවක් ඇත.මෙහි ඇත්ත නැත්ත පැවසීමට මා හට ලොකු අත්දැකීම් නැතත් විශ්ව විද්‍යාලයේ ඉගනුම ලබන කාලයේදී කෙල්ලන් එකිනෙකා අතර ඉරිසියාව පැවති ආකාරය කිහිප අවස්ථාවකදීම දැක ඇත.කෙල්ලන් අතර මා දැක ඇති විශාලම ඉරිසියාව නම් හැකියාවෙන් දක්‍ෂකමින් හැඩරුවෙන් වත් පොහොසත් කමින් වැඩි කොල්ලන් තමාගෙන් ආදරය නොඉල්ලා තම මිතුරියගෙන් ආදරය ඉල්ලීමත් තමාගේ පම්වතාට වඩා තමා හදුනන තම මිතුරියගේ මිතුරියන්ගේ පෙම්වතුන් ඉහත දැක්වූ අංග වලින් පරිපූර්ණ වූ විට ඔවුන් දක්වන ඉරිසියාවය.

 මේ අනුව බලන විට ඉරිසියාව යනු බාල තරුණ,මහළු මෙන්ම ගැහැණු,පිරිමි උගත් නූගත්,දුප්පත් පොහොසත්,ග්‍රාමීය නාගරික ආදී සෑම අතකටම විහිදී ගිය එමෙන්ම ජාති කුල ආගම් භේදයකින් තොරව එකසේ සෑම අයකුගේම මනසේ පහළ විය හැකි පීඩාකාරී තත්වයකි.අප සියලු දෙනා තුළ ම ඊර්ෂ්‍යාව තිබේ. වෙනසකට ඇත්තේ, එය ඉදිරිපත් වන ආකාරයයි. උදාහරණයක් ලෙස සියලු සැප සම්පත් වලින් ආඪ්‍ය ජීවිතයක් ගත කරන කෙනෙක් දුප්පත් අයට ඊර්ෂ්‍යා කරන්නේ නැත. නමුත් සමාජ මට්ටම අතින් තමන් හා සමාන අයට යමක් ලැබෙන විට ඒ අයට ඊර්ෂ්‍යා කරයි. උගත්කම අතින්, වත් පොහොසත්කම් අතින්, හැකියාව අතින් සමාන අය අතර ඔවුනොවුන් කෙරෙහි තමන් අභිබවා අනෙකා ඉස්මතු වේයැයි යන බිය නිසා ඊර්ෂ්‍යාව ඇති වෙයි. හිඟන්නකුට හිඟමන් ලැබෙන විට තවත් හිඟන්නෙක් ඊට අකැමැති වෙයි. එසේ අකමැති වන්නේ, ඊර්ෂ්‍යාව නිසයි.


‘මම’ නමැති හැඟීමේ ස්වභාවය විමසා බලමු.


‘මම’ කැමැති සම්පතක් ඔබට ලැබෙනවා නම්, මට කළ නොහැකි දේ ඔබට කළ හැකි නම්, මට හිමි කර ගත නොහැකි දේ ඔබට හිමි වන්නේ නම්, ‘මම’ ඔබට වැඩි වැඩියෙන් ඊර්ෂ්‍යා කරමි. මමත් සමඟ විඳීය යුතු සැපත ඔබ වෙනත් කෙනකු සමඟ විඳින්නේ නම්, ‘මම’ ඔබ දෙදෙනාටම ඊර්ෂ්‍යා කරමි. ‘මම’ දුර්වල කෙනකු නම්, මගේ ඊර්ෂ්‍යාව වෛරයක් තරමට වැඩි වෙයි. මක්නිසාද මගේ දුර්වලකම නිසා ඔබට විරුද්ධව යමක් කළ නොහැකි නිසාය. ධනය, බලය, කුලය , උගත්කම , ගුණවත්කම ආදී කාරණාවලින් ඔබ මා ඉක්මවා නො යන්නේ නම්, ‘මම’ ඔබට ඊර්ෂ්‍යා නො කරමි. මට වඩා ඉහළින් වැජඹෙන්නට උත්සාහ දරන සියල්ලන්ට ම ‘මම’ ඊර්ෂ්‍යා කරමි. වෛර කරමි. මේ, ඔබ තුළ සිටින මම නමැති පුද්ගලයාගේ ස්වභාවයයි.


   ඊර්ෂ්‍යාව ඇති වූ විට සිත ස්වභාවයෙන්ම නරක් වෙයි. සිත අපිරිසුදු වෙයි. මේ නිසා ශරීරයේ ලේ ධාතුව ද දූෂණය වෙයි. ලේ ධාතුව දූෂණය වීම නිසා සිතත්, කයත් දෙකම රෝගාතුර වෙයි. ජීවිතයට උරුම විය යුතු සතුට, සැනසිල්ල නැති වෙයි. මේ නිසා ඔබගේ හදවතේ ලැගුම් ගෙන සිටින ඊර්ෂ්‍යාව නමැති මේ විසකුරු සර්පයා බැහැර කර , සැනසීම ළඟා කර ගැනීමට වහ වහා යුහුසුළු විය යුතු ය. මේ සඳහා ඇති එකම විසඳුම, මෛත්‍රි භාවනාව පුරුදු කිරීමයි. සියලු සත්වයන් වෙත මෙත් සිත පැතිරවීම මෛත්‍රී භාවනාවයි.


න වාක්කරණමත්තේන
වණ්ණපොක්ඛරතාය වා
සාධුරූපෝ නරෝ හෝති
ඉස්සුකී මච්ඡරී සඨෝ


අනුන්ට ඊර්ෂ්‍යා කරන, මසුරුකම් කරන කපටි පුද්ගලයා මිහිරි වචන කථා කළ පමණින් වත්, ශරීර ශෝභාව ඇති පමණින් වත්, හොඳ යහපත් මිනිසකු නො වන්නේ ය.


 ඇස්වහ කටවහ 
    ඇස්වහ කටවහ යනු ඉරිසියාව පහල වූ තැනැත්තා එමගින් තම සිතට දැනෙන පීඩාව පිට කිරීමට උත්සාහ කිරීමේදී ඇතිවන තත්වයකි.ඇස්වහ කටවහ යනු මනඃකල්පිතයක් බවත් ඉන් කිසිවෙකුට බලපෑමක් ඇති කළ නොහැකි බවත් එය හුදෙක් තමන්ගේ අවාසනාවට පිට අයට බැන වැදීමට සාදාගත් දෙයක් බවට ඇතැම්හු තර්ක කරති.නමුත් ඇස්වහ කටවහ යනු කෙනෙකුගේ දියුණුවට බලපෑම් කළ හැකි දෙයකි.මෙය විමසා බැලීමට ප්‍රථම ඉරිසියාවක් සිතේ පහළ වූ තැනැත්තකු ක්‍රියා කරන ආකරයන් පිළිබදව සලකා බලමු.
   * යම් කෙනෙකුට තවත් අයකු ගැන ඉරිසියාවක් දැනෙන අන්දමේ ආරංචියක් ලැබුණු විට ( උදාඃ ලොතරැයියක් ඇදීම,ළමයෙකු නොසිතු විරූ අයුරින් විභාගයක් මහා ඉහළින් සමත් වීම,විශාල දේපළක් ලැබීම,උසස් රැකියාවක් ලැබීම,......) ක්‍ෂණික වික්ෂිප්තයක් ඇතිවේ.එවැනි මොහොතක මුහුනේ ඉරියව් දෙස බලා සිටින අයකුට එය පැහැදිලිව පෙනේ.කෙතරම් පිටට නොපෙන්වීමට උත්සාහ කලත් එය මුහුනෙන් දිස්වේ.කම්මුල් වල මාංශ පේශීන් සංකෝචනය විස්තාරණය වීම ආවර්තීය ලෙස සිදුවේ.තදබල මානසික පීඩාවක් සමඟ ඇතිවන මෙම වෙනස්කම් පිටට නොපෙන්වා වෙනස් ස්වරූපයක් දැරීම දක්‍ෂ චරිතාංග නළුවෙකුට පවා කළ නොහැකි දෙයකි.එසේ කලත් ඒ ස්වල්ප වේලාවක් හෝ ඉහත දැක්වූ ක්‍ෂණික පීඩාකාරී ගතිය අත්විදීමෙන් පසුවය.
   * එලෙස ඇතිවූ මානසික පීඩා තත්වයට පුද්ගලයන් ප්‍රතිචාර දක්වන්නේ විවිධාකාරයෙනි.එවැනි ආකාර කිහිපයක් පහත දැක්වේ.
      * සිතට මහා නොසන්සුන්තාවක් ඇති වුවත් සමහරු එය පිටට නොපෙන්වයි.මුකුත් කියන්න යන්නේද නැත.කරන්නේද නැත.අනේ මේ දේ මට නෑනේ යනුවෙන් ඉරිසියා සිත නැවත නැවත ඇතිකරගනිමින් සිත තැවුල් කරයි.
      * ඉරිසියාව දැනුනත් එය පිටට නොපෙන්වයි.අනේ හරි හොදයි. මටත් සතුටුයි යනුවෙන් බොරු කියයි.
      * ඉරිසියාව පිටට නොපෙන්වයි.නමුත් දියුනුව ලද කෙනාගේ දියුණුව අඩාළ කිරීම පිළිබදව සිතයි.පෙත්සමක් ගසා හෝ වෙනත් ක්‍රමයකින් හෝඊට පිළියම් සැළසුම් කරයි.
      * සිතේ ඉරිසියාව පිටට පෙනේ.ඉරිසියාවට හේතුව වෙනත් පවුලක දරුවෙකුගේ අධ්‍යාපන ජයග්‍රහණයක් වැන්නක් නම් තමන්ගේ පවුලේ දරුවන්ට "උබලට බැරි වුනානේ අර ළමයා වගේ වැඩ කරන්න" යනුවෙන් බැන හඩ ගායි.දක්‍ෂකම කළ දරුවාට හා ඔහුගේ ඇයගේ දෙමාපියන් වෙත ගොස් බොරුවට සුභ පතයි.සමහර විට තෑගි බෝගද දේ(සුභ පතන,තෑගි දෙන සෑම දෙනාම ඉරිසියාකාරයන් වන්නේද නැත.නොවන්නේද නැත.)
      * සිතේ ඉරිසියාව පිටට පෙනේ.ඉරිසියාවට හේතුව කෙනෙකුගේ හදිසි දියුණුවක් දරුවෙකුගේ විභාග ජයග්‍රහණයක් නම් කරන්න දෙයක් ඇත්තේම නැත්නම් අපහාස කිරීමක්වත් කරති.
        "ආපෝ ඕකුන් දැන් මහ ඉහළින් ගියාට ඕකුන්ගේ සීයා අපේ වතුවල කුලී වැඩ වැඩ කරපු කෙනෙක්."
        "කොල්ල විභාගෙ පාස් වුනාට සිරිපාලය මලපොතේ අකුරක් බැරි මෝඩයෙක්.ගෑනි ඉස්සර දොස්තර ගෙදරක වැඩ කරලා තියෙනවා.කොල්ල ඒ ගෙදර දොස්තරගේ කියන්නේ."
        "ඔය තට්ටු දෙකට ගෙවල් හැදුවට ඕව සුද්දන්ගේ සල්ලි.සුද්දගෙන් සල්ලි ගන්න ඕකා ගෑනිවත් සුද්දට දෙනවා කියන්නේ"


 ඉහත දැක්වූයේ ඉරිසියාව සිතට දැනුන විට මිනිසුන් ක්‍රියා කරන ආකාර කිහිපයකි.මීට අමතරව වෙනත් විවිධාකාර අයුරින් ඉරිසියාවේ ප්‍රති ක්‍රියාකාරකම් ඇත.මෙලෙස තමාට නැති දෙයක් අන්අයට ලැබීම පිළිබදව මිනිසුන් ඇසින් කටින් මනසින් ක්‍රියාත්මක කෙරෙන අසරනකාරී අදෝනාත්මක ක්‍රියාකරකම් හේතුවන් අදෘෂ්‍ය අයහපත් තරංගමය බලවේගයක් ක්‍රියාත්මකවේ.එක් පුද්ගලයෙක් වෙත මෙවැනි බලපෑම් වැඩි වැඩියෙන් එල්ල වන විට ඉන් ඔහුට අයහපත් බලපෑමක් ලැබේ.
  ඇස්වහ කටවහ යනු ඉරිසියාව නිසාම පමනක් ඇති වන්නක්ම නොවේ.ඉරිසියාවක් තරහවක් නැතිව වුවත් කෙනකු හෝ වැඩි පිරිසක් කෙනෙකුගේ හැකියාව දක්‍ෂතාව ගැන වැඩිපුර කතා බහ කරන විටද ඉන් අදාළ පුද්ගලයාට අයහපත් බලපෑමක් ඇතිවේ. නමුත් කෙනෙකු වෙනුවෙන් තවත් අයකු හෝ පිරිසක් සුභ පැතීම සෙත් පැතීමෙන් ඇස්වහක් කටවහක් නැති බව විශේෂයෙන් කිව යුතුය.


  * ඉරිසියාව වැඩි හා ඇස්වහ කටවහ ඇති අයගේ කේන්දර වලත් අන් අයගේ ඉරිසියාව ඇස්වහ කටවහ බලපෑම වැඩි අයගේ කේන්දරවල ග්‍රහ පිහිටීම් පිළිබදවත් ඉදිරි ලිපියෙකින් සලකා බළමු.

16 comments:

jhothishalanka said...

බ්ලොගර් සයිට් එකේ කචල් එක නිසා කමෙන්ටු ගොඩක් මැකිලා.ඊයේ කමෙන්ට් කරපු අයට ප්‍රතිචාර දැක්විය නොහැක.

නදී said...

හොද පෝස්ට් එකක් අය්ය.පෘතජ්ජන අපි හැමෝටම ඊරිසියාව අඩුවැඩි වසයෙන් තියනවනේ.ඊරිසියාවක් ආව වෙලාවකට ඒක පාලනය කරගන්න මනස සකස් කරගන්න පුලුවනම්,කොච්චර ලොකු දෙයක්ද?ඒත් ඒක සෑහෙන්න අමාරුයි.

- නිල් අහස - said...

ඉරිසියාව පාලනය කර ගන්න මමත් හුගක් උත්සාහ කරනවා. ඇත්තටම අනිත් අයගේ දේවල් දැකලා නම් මට ඉරිසියාවක් දැනෙන්නේ ම නෑ.
ඒත් මම ආදරය කරන අය එක්ක නම් ඒ වගේ වෙන වෙලාවල් තියෙනවා. මොනවා කරන්න ද මන් දා...පුහුදුන් ජීවිතේනේ..

හිස් අහස said...

ඉරිසියාවනම් මගේ ලඟත් තියනවා ඉහටත් උඩින් . මම උත්සහ කරනවා කොහොම හරි ඒක අඩුකරගන්න ඒත් කොහෙන් හරි කොයි මොහොතක හරි ඉරිසියාව නැගිටිනවා ..

jhothishalanka said...

@-Nathan- ඔයාගේ උපන් දිනය වේලාව එහාට මෙහාට වී ඇත.නැවත උපන් දිනය වේලාව ස්ථානය කමෙන්ට් කරනවාද?

jhothishalanka said...

@-Nathan-
කෙනෙක්ගේ ආයුෂ ප්‍රමානය ඉලක්කමෙන් නිවැරදිව කීමට ක්‍රමයක් මම නම් තවම ඉගෙන ගෙන නැහැ.එහෙම ක්‍රමයක් තියෙනවනම් මම සේරම වැඩ නවත්තල බලන්නේ මට තියෙන ආයුෂ ප්‍රමානය.බොහෝ ජ්‍යොතිෂවේදීන් කෙනෙකු තමන්ගේ ආයුෂ ගැන ඇසූ විට තමන්ගේ නොදන්න බව පෙන්වීමට ඇති නොකැමැත්ත නිසාම කටට එන දේවල් කියනවා.අල්පායුෂ යෝග ගැන පොත් පත්වල සදහන්ව ඇතත් කේන්ද්‍ර බලන්නන් ඒවා ගැන සදහන් කරන්නේ මානුෂ අයුරින්.හැබැයි කවුරු හරි ඒ ගැන තදින් ඇසුවොත් සාස්ත්‍රාණුකුලව පිළිතුරු දෙනවා.ඔයාගේ කේන්ද්‍රයේ අල්පායුෂ යෝග නැත.(මම මෙය පැවසුවේ සත්‍යලෙසමය.) වයස අවු 74 දී පමණ අට අධිපතිගේ මහා දශාව වන බුධ මහ දශාව ලබනවා.ඔයාගේ 22 වන දෙර්කාණාධිපතිත් බුධ ග්‍රහයාම තමයි.අවු 74 දක්වා ලොකු සෞඛ්‍ය පීඩා නැතිව ඉන්න පුළුවන් කේන්ද්‍රයක් විදියට තමයි පෙනෙන්නේ.74 න් පසු ලෙඩ වැඩියි.(ඒක වයස ගැන සලකලා කිව්වා නෙවෙයි.)ඇබ්බැහිවීම් වලින් ප්‍රවේශම් වන්න.

APW said...
This comment has been removed by the author.
jhothishalanka said...

@APW
දුවගේ ලග්නය මේෂ ලග්නය නේද?දුවගේ කේන්ද්‍රයේ පහ අධිපති රවි අටේ සිටීමත් වයස අවු 10 සිට රාහු මහ දශ්ව ලැබීමත් සිකුරු ක්‍ෂෙත්‍රව හත් වැන්නේ තනිවීමත් නිසා අධ්‍යාපනයට කලින් කලට යම් යම් බාධා ඇති වුවත් දුවට අධ්‍යාපනයෙන් උසස් තත්ත්වයක් ලබා ගැනීමේ වාසනාව ඇත.වැඩිහිටියන් දරුවාගේ අධ්‍යාපනය ගැන උනන්දු සෙවිල්ල වැඩියෙන් තැබීම වඩාත් හොදයි.ගුරු ග්‍රහයා උපතේදී ක්‍ෂෙත්‍ර බලයෙන් සිටීන අයට අධ්‍යාපන හැකියාව ඇත.

APW said...

Duwage lagnaya mesha thama. Me deval pawasuwata obathumata godak stuthie.

Thanks 4 ur comment.

APW said...

Obathuma kiyanawa vage sikuru 7 wenne thaniyama thibeema asubada? duwa hithuwakkara daruwek wei da? eyage vivahaya kohoma ekak weida.vivahaya ikmanda?eyata malavee yogaya thiyanawada?daruwa gena visthara tikak kiyanna.daruwata thawa sahodara pala thiyanawada? comment ekakin me wage wedagath blog ekakin poudgalika prashnayak ahuwata sama wenna.podi wistharayak karanna.

APW said...

Thavada daruwa music /kala adyapanayata yomukirima hoda bavath pavasa thibuna. Mein thavathavath adyapanaya epa veida ?

jhothishalanka said...

@APW
දුවට මාලවී යෝගය ඇත.කලාවට දක්‍ෂවේ.විනෝදයට විලාසිතා වලට වැඩි ප්‍රියයි.වයසට වඩා මුහුකුරා ගිය වැඩ කරයි.සිකුරු සම්බන්ධ හොර වැඩ(ප්‍රේම සම්බන්ධකම්) වලින් ආරක්‍ෂා කරන්න.දරුවාව ඇයට වඩා වැඩිමල් හා බාල දරුවන් සමඟ තබන්න එපා.සම වයසේ දරුවන් සමඟ තබන්න.

APW said...

thanks 4 ur comments,obata godak pin,aththa pavasuwata.

Anonymous said...

අහම්බෙන් මේ බ්ලොග් එක දැක්කේ..පහුගිය දවස් ටිකේම හුගක් වෙලාවට මේකේ ලිපි කියෙව්වා.මම හුගක් ජෝතිෂ්‍ය විශ්වාස කරන පුද්ගලයෙක් නෙවයි.නමුත් මාගේ යාලුවන් මුහුන පෑ දේවල් සහ ඔවුන් මේ හා කටයුතු කරන විට මාද ඒ වෙතට යම් ලෙසක නැඹුරුවීමක් දැක්වූවා.මෙහිදී මා හට පැණ නගින ගැටලුව වන්නේ අප මේ සම්බන්ධව කටයුතු කිරීමේදී ඒ සදහා නිවරදි දැනුමක් තිබෙන පුද්ගලයන් හදුනා ගැනීමට තිබෙන අපහසුතාවයයි. මාගේ මිතුරෙකු පසුගිය මාස කිහිපයක් තුල මුහුණ දී තිබෙන ප්‍රශ්ණයෙන් මුහුණ දීමට ජෝතිෂ්‍ය්යේ පිහිට පැතුවත් එහි සාර්ථකත්වය යම් දුරට ප්‍රශ්ණයක්.
කෙසේ වෙතත් මේ කේෂ්ත්‍රය පිළිබදව යම් තාක් අවබෝධයක් මා මෙම බ්ලොගය මගින් ලබා ගත්තා. එයට තුති..
අදාල නැති උනත් මූණ දැකල පුරුදු නිසා අහන්නේ..ඔබතුමා පේරාදෙණිය විශ්විද්‍යාලයෙන් උපාධිය ලබා ගත් කෙනෙක්ද :)


jhothishalanka said...

නෑ නෑ මං රුහුණෙ සයන්ස් කරපු කෙනෙක්

Noah Diaz said...

ඔබ හොඳ නිරීක්ෂකයෙක් ඒ වාගේම ඒ නිරීක්ෂණ හරියට තේරුම ගන්නා කෙනෙක් බව මට හැඟේ. ඔබේ ලිපි ඉතා අගය කරමි.

Related Posts Plugin for WordPress, Blogger...